• Ada Derana BIZ Sinhala
  • Port Authority
  • Profit
  • sri lanka

වරාය අධිකාරියට බිලියන 16ක මෙහෙයුම් ලාභයක්

November, 23, 2022

ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2022 වසරේ පළමු මාස නවය තුළ 1,494,883 ක බහලු මෙහෙයුම් ප්‍රමාණයක් සහ භාණ්ඩ මෙට්‍රික් ටොන් 6,397,640 ක් හසුරුවා ඇත.

2022 වසරේ පළමු මාස හත තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්ත ආදායම රු. බිලියන 36.7 ක් සහ සමස්ත වියදම රු. බිලියන 20.6 ක් වූ අතර, රු. බිලියන 16.1 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර ඇත.

2022 වසරේ පළමු මාස හත සඳහා ඇස්තමේන්තුගත ලාභය වූ රු. බිලියන 19.3 ට සාපේක්ෂව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රු. බිලියන 31.2 ක ලාභයක් වාර්තා කර ඇත.

තවද, ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2022 වසරේ පළමු මාස හත තුළ රු. බිලියන 4.3 ක විදේශ විනිමය ලාභයක් ද වාර්තා කර ඇත.

මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වාර්තාවක මේ බව සඳහන් වේ.

  • Ada Derana BIZ Sinhala
  • Lanka IOC
  • Profit
  • sri lanka

ලංකා IOC බිලියන 12 ක දැවැන්ත ලාභයක් වාර්තා කරයි

October, 25, 2022

මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC  පීඑල්සී 2022 ජූලි - සැප්තැම්බර් කාර්තුව සඳහා රු. බිලියන 12.35 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර තිබේ.

මෙම කාර්තුව තුළ සමාගමේ ආදායම රු. බිලියන 87.96 ක් ලෙසින් සටහන් වේ. මෙහිදී සමාගමේ දළ ලාභය රු. බිලියන 16.29 ක් හා මෙහෙයුම් ලාභය රු. බිලියන 14.19 ක් ලෙසින් සටහන්ව තිබේ.

මේ අනුව 2022/23 මූල්‍ය වර්ෂයේ පළමු භාගය එනම් 2022 අප්‍රේල් - සැප්තැම්බර් මාස 06 ක කාලපරිච්ඡේදය සඳහා රු. බිලියන 22.28 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට ලංකා IOC පීඑල්සී සමත්ව ඇත.

මෙය ලංකා IOC සමාගම මෙතෙක් ඉතිහාසයේ වාර්ත්ා කර ඇති ඉහළම ශුද්ධ ලාභ අගය වේ.

ලංකා IOC සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 75.12% ක් හෙවත් කොටස් මිලියන 400 ක හිමිකාරීත්වය ඇත්තේ එහි මව් සමාගම වන ඉන්දියාවේ Indian Oil Corporation Limited සතුවය.