• Ada Derana BIZ Sinhala
  • Port Authority
  • Profit
  • sri lanka

වරාය අධිකාරියට බිලියන 16ක මෙහෙයුම් ලාභයක්

November, 23, 2022

ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2022 වසරේ පළමු මාස නවය තුළ 1,494,883 ක බහලු මෙහෙයුම් ප්‍රමාණයක් සහ භාණ්ඩ මෙට්‍රික් ටොන් 6,397,640 ක් හසුරුවා ඇත.

2022 වසරේ පළමු මාස හත තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්ත ආදායම රු. බිලියන 36.7 ක් සහ සමස්ත වියදම රු. බිලියන 20.6 ක් වූ අතර, රු. බිලියන 16.1 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර ඇත.

2022 වසරේ පළමු මාස හත සඳහා ඇස්තමේන්තුගත ලාභය වූ රු. බිලියන 19.3 ට සාපේක්ෂව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රු. බිලියන 31.2 ක ලාභයක් වාර්තා කර ඇත.

තවද, ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2022 වසරේ පළමු මාස හත තුළ රු. බිලියන 4.3 ක විදේශ විනිමය ලාභයක් ද වාර්තා කර ඇත.

මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වාර්තාවක මේ බව සඳහන් වේ.

Video Story

Stock Market

Exchange Rates