January, 20, 2023
අග්නිදිග ආසියාවේ ප්රමුඛතම දේපළ වෙළෙඳාම් සමාගමක් වන PropertyGuru Group (NYSE: PGRU) විසින් පවත්වනු ලබන ප්රමුඛතම වැඩසටහන වන PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව ජාත්යන්තර ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය.
2020 සහ 2021 වසර වෙනුවෙන් පැවැත්වුණු PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව තායිලන්ත සම්මුති හා ප්රදර්ශන කාර්යාංශයේ (TCEB) අනුග්රහයෙන් පැවැත්වුණු අතර, වසංගත සමයෙන් පසුව මෙවර සමුළුව 'අනුවර්තන ප්රතිනිර්මාණ වැඩසටහන' යන තේමාව යටතේ පැවැත්විණි. මෙහි දී විටින් විට මුහුණ දීමට සිදු වන විවිධ දේශගුණික හා අනෙකුත් අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් දේපළ වෙළෙඳාම් හා ඒ ආශ්රිත තාක්ෂණික අංශ ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් පුළුල් කෙස අවධානය යොමු කෙරිණි.
PropertyGuru සමූහයේ 15 වන් සංවත්සරය යෙදී තිබූ 2022 දෙසැම්බර් 8 වන දිනයේ දී මෙවර PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව පැවැත්වුණු අතර, එහි දී ව්යවසාය සන්නාමයක් වන 'PropertyGuru For Business' විවෘත කෙරිණි.
PropertyGuru සමූහ ව්යාපාරයේ ප්රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්යක්ෂ හරි වී. ක්රිෂ්ණන් මහතා පැවසුවේ, "අද, PropertyGuru සමූහය වසර පහළොවක් සම්පූර්ණ කරන අවස්ථාවේ දී ම අපගේ ව්යවසාය විසඳුම් සන්නාමය වන 'PropertyGuru For Business' ආරම්භ කිරීමට හැකි වීම සතුටට කරුණක්. කිරීමත් සමඟ සනිටුහන් කරමු. දේපළ සංවර්ධකයින්, නියෝජිතායතන, බැංකු, තක්සේරුකරුවන්, නගර සැලසුම්කරුවන් සහ ප්රතිපත්ති සම්පාදකයින් වැනි සේවාදායකයින් සමඟ ඒකාබද්ධ වෙමින්, විනිවිදභාවය සහ විශ්වසනීයත්වය පදනම් වූ සේවාවක් ලබා දීමට අප සමත් වෙලා තිබෙනවා. එම ගුණාත්මක සේවාව අඛණ්ඩව ඉදිරියටත් ලබා දීම අපගේ අරමුණ යි. ඒ වගේ ම අප සතු දත්ත, තාක්ෂණය සහ පිරිස් බලය උපයෝගී කර ගැනීමෙන්, සුවිශේෂී වැඩසටහන් ක්රියාත්මක කිරීම සඳහා අපගේ ව්යාපාරික හවුල්කරුවන් සහ ගනුදෙනුකරුවන් සවි බල ගැන්වීමට අපි බලාපොරොත්තු වෙනවා." යනුවෙනි.
PropertyGuru සමූහ ව්යාපාරයේ වෙළෙඳපොළ පිළිබඳ කළමනාකාර අධ්යක්ෂ ජෙරමි විලියම්ස් මහතා මෙසේ පැවසුවේ ය. "අටවන වරටත් PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව ලොව පුරා සිටින විශිෂ්ටයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වුණා. PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව හරහා අධ්යාපනය, නව්යකරණය හා ප්රබෝධවත් කිරීම, අදහස් බෙදා ගැනීම, නවෝත්පාදන දිරිමත් කිරීම සහ අපගේ වර්ධනයට බලපාන ප්රායෝගික විසඳුම් සංවර්ධනය කිරීම වැනි අංශ කෙරෙහි අපි දැඩි අවධානය යොමු කරනවා."
8 වැනි PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව තේමාත්මක ව පුනර්ජීවනය, නැවත ආරම්භ කිරීම, නැවත සිතීම සහ නැවත සැකසීම ආදී වශයෙන් කොටස් හතරකට බෙදා ඇත.
සීමාසහිත Quantum Thailand සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සහ Burj Khalifa Dubai සමාගමේ හිටපු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ස්ටෙෆෙන් ඔහ්මේගේ නාගරික වෙනසක් පිළිබඳ ක්රියාමාර්ග පිළිබඳ දේශනයෙන් වැඩසටහන ආරම්භ විය. වැඩසටහනේ පළමු කොටසට එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ (UN-Habitat) නගර ආයෝජන පහසුකම් සඳහා වැඩසටහන් කළමනාකරු එරස්ටස් න්ජුක් න්ඩුගිරේ මහතා විසින් සිදු කළ තිරසාරභාවය පිළිබඳ ප්රධාන දේශනයකින් සහ ඉකොනොමිස්ට් බුද්ධි අංශයේ ආසියා විශ්ලේෂක ස්යෙටර්න් හන්සකුල් මහතා විසින් සිදු කළ ආසියාවේ වත්මන් සාර්ව ආර්ථික ප්රවණතා පිළිබඳ ප්රධාන දේශනයකින් සමන්විත විය. .
සමුළුවේ දෙවන අදියරට ජාත්යන්තර මූල්ය සංස්ථාවේ (IFC)/ලෝක බැංකු සමූහයේ නැගෙනහිර ආසියාවේ සහ පැසිෆික් කලාපයේ කලාපීය අධ්යක්ෂ කිම්-සී ලිම් විසින් දේපළ වෙළෙඳාම් ව්යාපාර සඳහා මූල්ය උපකරණ සහ දේශගුණික ආයෝජන පිළිබඳ ප්රධාන දේශනයක් ඇතුළත් විය. Liter of Light පදනමේ නිර්මාතෘ සහ PropertyGuru විසින් පිරිනමන Visionary of the Year සම්මානයේ 2020 වසරේ ජයග්රාහකයා වන ඉලැක් ඩියාස් මහතා විසින් මානුෂීය තාක්ෂණය පිළිබඳ ප්රධාන දේශනයක් සිදු කළ අතර, 2021 PropertyGuru Tech Innovation සම්මානයේ ජයග්රාහකයා වන Tech ව්යවසායක ඩස්ටින් ජෙෆර්සන් ඔන්ගෑන්ග්සෙන් මහතා විසින් විස්තීරණ වායු සංවේදක පිළිබඳ uHoo හි ප්රදර්ශනයක් ඉදිරිපත් කරන ලදී.
සමුළුවේ තෙවන අදියර, PropertyGuru සමූහයේ දේපළ බුද්ධි අංශ ප්රධානී ආචාර්ය නායි ජියා ලී මහතා සහ CFA, MRICS පර්යේෂණ අධ්යක්ෂ හා හොංකොං පදනමේ ඉඩම් හා නිවාස ප්රධානී ර්යාන් අයි පී උප පරිපාලක ටෑන් ශ්රී ඩටුක් එඩී චෙන් ලොක් ලොයි, REHDA ආයතනයේ භාරකරු සහ සමූහ කළමනාකාර අධ්යක්ෂ් එම් කේ එච් බෙර්හාඩ් යන මහත්වරු සහ දත්ත මත පදනම් වූ තිරසාර නිවාස විසඳුම් පැනලය (REHDA ආයතනය විසින් සම-ඉදිරිපත් කිරීම ඇතුළුව) අතර සිදු කෙරුණු සාකච්ඡාවකින් සමන්විත විය. ජාත්යන්තර විකාශක මනීෂා ටෑන්ක් විසින් පහත සඳහන් සාකච්ඡාවට නායකත්වය දුන් අතර, එහි දී HLB Mann Judd මෑන් ජූඩ් හි හවුල්කරු / බදු ප්රධානී සහ ඕස්ට්රේලියාවේ දේපළ අරමුදල් සංගමයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික හා භාණ්ඩාගාරික ජෝෂ් චයි, SPARK Architects හි ආරම්භක හවුල්කරු සහ අධ්යක්ෂ ස්ටීවන් පිම්බ්ලි, PropertyGuru සමූහයේ විශේෂ ව්යාපෘති අධ්යක්ෂ විස්ටන් ලී, සහ Perunding ZAB Sdn Bhd හි කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය සුල්කිප්ලේ ඒ. බාකර් යන මණ්ඩල සමාජිකයින්ගේ සහයෝගයෙන් පශ්චාත් කොවිඩ් සංවර්ධන උපාය මාර්ග කෙරෙහි අවධානය යොමු කෙරිණි.
නව්ය, විවෘත සහ තිරසාර අවකාශයන් නිර්මාණය කිරීම සඳහා ජලය සමඟ ක්රියා කරන කෝපන්හේගන් පදනම් වූ ගෘහ නිර්මාණ චිත්රාගාරය වන MAST හි ආරම්භක හවුල්කරු මාෂල් බ්ලෙචර් මහතා විසින් ඉදිරිපත් කරන ලද නිර්මාණ ප්රධාන දේශනයට සමගාමීව තුන්වන අදියරේ දී ඉදිරිපත් කෙරිණි. මාධ්ය විශ්ලේෂක සහ වාර්තාකරු හයිඩි චුන්ග් විසින් මෙහෙයවන ලද තිරසාරත්වයේ ප්රමුඛතාව නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින් තවත් කමිටු සාකච්ඡාවක්, ආසියාවේ සංවර්ධකයින්, ආයෝජකයින් සහ පාරිභෝගිකයින් වන සීමාසහිත සේන සංවර්ධන පොදු සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය කේසර තන්යාලක්පාක්, APAC West, IWG හි හවුල්කාරිත්ව වර්ධනයේ කලාපීය ප්රධානී ක්රිස්ටින් තෝර්ස්ටේන්ස්, Rachanee Chanawatr, ජාත්යන්තර මූල්ය සංස්ථාවේ /ලෝක බැංකු සමූහයේ ආසියා-පැසිෆික් ප්රධානී ස්ටීවන් ඔහ්මේ සහ GroupGSA හි වියට්නාමයේ සාමාන්ය අධ්යක්ෂ තියෙන් ඩොන්ග් යන මහත්වරුන් සමඟින් පැවැත්විණි.
එම අදියර අවසන් වූයේ බලවත් කාන්තා නායිකාවන් අතර පැවති සාකච්ඡාවකින් වන් අතර, APAC හි ප්රධාන ප්රාදේශීය නිලධාරිණී කොකෝ ලියු, ESCA Incorporated හි ප්රධාන විධායක නිලධාරිණී ජීන් ජැක්ලින් ද කැස්ත්රෝ, Asiana Group හි සභාපති අධ්යක්ෂිකා ලොමොන්ගා හවොමාසන් සහ PropertyGuru Group හි දත්ත සහ මෘදුකාංග විසඳුම් පිළිබඳ කළමනාකාර අධ්යක්ෂිකා ෂින් යේ හෝ-ස්ට්රෑන්ගස් යන මහ්ත්මීහු එම සාකච්ඡාවට එක් වූහ.
මෙවර PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුවේ අවසාන අදියරේ දී දේපළ සොයන්නන්ට නව මාධ්යවල බලපෑම් සාකච්ඡා කිරීම සඳහා වර්තමානයේ වඩාත් බලවත් අන්තර්ගත නිර්මාපකයින් හා පුද්ගලයින් කිහිප දෙනෙකු සඟින් සාකච්ඡා කෙරිණි.
අවසාන අදියරේ දී ක්ෂේත්රය වෙනස් කරන්නන්ට සහ නවෝත්පාදකයින් ඇගයීම සිදු කෙරුණු අතර, එහි දී තීරණාත්මක නව නිෂ්පාදන සහ ප්රොප්ටෙක් හි නවෝත්පාදන සහිත ආරම්භක සහ කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර සඳහා විශිෂ්ටත්වයේ මිණුම් ලකුණක් වන PropertyGuru Tech Innovation සම්මානය, අපද්රව්ය ප්රයෝජනවත් ගොඩනැගිලි ද්රව්ය බවට පරිවර්තනය කරන ඉන්දුනීසියානු සමාගමක් වන Rebricks වෙත පිරිනමන ලදී. PropertyGuru Asia Property Awards & Events හි සාමාන්යාධිකාරී ජූල්ස් කේ, Rebricks හි නිර්මාතෘ නොවිටා ටෑන් යන මහත්වරු ඔවි සබ්රිනා සමඟ පරිසර හිතකාමී ගඩොල් නිෂ්පාදනයට කුණු කසළ යොදා ගත හැකි ආකාරය පිළිබඳව සංවාදයක නිරත වූහ.
PropertyGuru සමූහයේ ප්රධාන තාක්ෂණ නිලධාරි මානව් කාම්බෝජ් මහතා අතින් 'PropertyGuru Hackathon 2022: Selling Sunsets' වෙළෙඳපොළ තීක්ෂ්ණ බුද්ධිය සහ ප්රචාරක වැඩසටහනෙහි ජයග්රාහකයාට Developer's Choice සම්මානය පිරිනැමීම සිදු කෙරුණු අතර, කාම්බෝජ් මහතා විසින් ප්රධාන දේශනය ද ඉදිරිපත් කෙරිණි.
2022 වසරේ Visionary of the Year සම්මානය Never Too Small ජනප්රිය වෙබ් කතා මාලාවේ නිර්මාතෘ කොලින් චී වෙත පිරිනමන නැමුණු අතර, ඔහුගේ අද්විතීය, සුවිශේෂී කථා කීමේ කුසලතාව සහ ගෘහ නිර්මාණ ශිල්පයට සහ සැලසුම් කටයුතු සඳහා ඇති කැමැත්ත ගෝලීය ව්යාපාරයක් ගොඩනැංවීම දක්වා වර්ධනය වී ඇති අතර, එහි දී චී මහතා විසින් ප්රතිනිර්මාණය කරන ලද ව්යුහයන් පිළිබඳ සිද්ධි අධ්යයනයක් ද ඉදිරිපත් කළේය.
වැඩි විස්තර සඳහා, AsiaRealEstateSummit.com වෙත පිවිසෙන්න. නැතිනම් ares@propertyguru.com විද්යුත් තැපෑල වෙත පණිවුඩයක් යොමු කරන්න.
January, 4, 2023
PropertyGuru සමූහය (NYSE: PGRU), අග්නිදිග ආසියාවේ ප්රමුඛතම දේපළ තාක්ෂණික සමාගමක් වන Kohler ඇතුළු ලොව ප්රමුඛ පෙළේ දේපළ වෙළෙඳාම් සමාගම්වල සහාය ඇති ව 17 වැනි වරටත් සංවිධානය කළ වාර්ෂික 'PropertyGuru Asia Property Awards' සම්මාන උළෙලෙහි අවසාන මහා තරඟයෙහි දී ආසියානු කලාපයේ ජයග්රාහකයින් නිවේදනය කෙරිණි.
New World Development Company Limited, චීනය (හොංකොං සහ මකාවූ) නියෝජනය කරමින් හොඳ ම සංවර්ධකයා (ආසියාව) ට හිමි සම්මානය දිනා ගත්තේය. Lead8 ප්රායෝගික සැලසුම්කරණය සමඟින්, SKIES 11 සඳහා හොඳ ම මහා පරිමාණ මිශ්ර භාවිත සංවර්ධන (ආසියාව) සම්මානය ද එම සමාගමට හිමි විය.
චීනයේ මේන්ලන්ඩ් නියෝජනය කළ Lead8, නිර්මාණය කළ Shougang Park හොඳ ම සිල්ලර වාස්තු විද්යාත්මක නිර්මාණයට (ආසියාව) හිමි සම්මානය ද දිනා ගැනීමට සමත් විය. Benoy Limited විසින් CRL MixC Qianhai සඳහා හොඳ ම මිශ්ර භාවිත වාස්තු විද්යාත්මක නිර්මාණයට (ආසියාව) හිමි සම්මානය දිනාගත් අතර, Mainland China සඳහා තවත් කලාපීය ජයග්රහණයක් හිමි විය.
මෙවර සම්මාන උළෙලෙහි දී Aboitiz InfraCapital Economic Estates සඳහා හොඳ කර්මාන්ත සකංවර්ධකයාට (ආසියාව) හිමි සම්මානය සහ Global-Estate Resorts, Inc. (GERI) සඳහා හොඳ ම ජීවන රටා සංවර්ධකයාට (ආසියාව) හිමි සම්මානය ඇතුළුව පිලිපීනය කලාපීය ජයග්රහණ 7ක් ලබා ගැනීමට සමත් වූ අතර, Aboitiz InfraCapital Economic Estates සතු LIMA වතුයාය සඳහා හොඳ ම කාර්මික සංවර්ධනයට (ආසියාව) සහ හොඳ ම හරිත සංවර්ධනයට (ආසියාව) හිමි සම්මානය යන සම්මාන ද්විත්වය ම හිමි විය.
AppleOne Mactan, Inc. Sheraton Cebu Mactan Resort හි Residences සඳහා හොඳ ම සන්නාමගත නිවාස සංවර්ධකයාට (ආසියාව) ප්රදානය කළ සම්මානය හිමි වූ අතර, Cebu Landmasters, Inc. Sofitel Cebu City සඳහා හොඳ ම සත්කාරක ගෘහ නිර්මාණ සැලසුමට (ආසියාව) හිමි සම්මානය පුද කෙරිණි. එමෙන් ම Arquitectonica Mega Tower සඳහා හොඳ ම කාර්යාල ගෘහ නිර්මාණ සැලසුම් (ආසියාව) සම්මානය හිමි විය.
Frasers Property Holdings (Thailand) Co., Ltd. (FPHT) හි One Bangkok සඳහා හිමි වූ හොඳ ම බිම් සලකුණු මිශ්ර භාවිත සංවර්ධනයට (Asia) ලබා දුන් සම්මානය ඇතුළුව තායිලන්තය ද කලාපීය ජයග්රහණ 7තක් ලබා ගත්තේය. Magnolia Quality Development Corporation Limited හි The Aspen Tree at The Forestias හොඳ ම කොන්ඩො සංවර්ධනයට (ආසියාව) හිමි සම්මානය සහ හොඳ ම සෞඛ්ය හා සනීපාරක්ෂාවට (ආසියාව) හිමි සම්මානය යන සම්මාන දෙකෙ ම දිනා ගත් අතර, PMT Property Co., Ltd. හි Sathorn 125 හොඳ ම හොන්ඩො අභ්යන්තර අලංකරණයට (ආසියාව) හිමි සම්මානය සහ හොඳ ම කොන්ඩො ගෙවතු අලංකරණයට (ආසියාව) හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. ඊට අමතරව මෙවර සම්මාන උළෙලෙහි දී Lake Legend Bangna-Suvarnabhumi හි Hongkong Land and Property Perfect PCL හොඳ ම Best ජල මුහුණත් නිවාස / ඉඩම් සංවර්ධකයා (ආසියාව) ලෙස නම් කෙරුණු අතර, Jaytiya Property Co., Ltd හි Jaytiya 2 Private Pool Villas Residence හොඳ ම නිවාස / ඉඩම් නිර්මාණකරු (Archied Landscapal) ලෙස සම්මානයට පාත්ර විය.
සිංගප්පූරුව මෙවර අවසන් මහා තරගයේ දී කලාපීය ජයග්රහණ 6ක් ලබා ගත් අතර, GuocoLand හොඳ ම සුඛෝපභෝගී සංවර්ධකයා (ආසියාව) සහ හොඳ ම තිරසාර සංවර්ධකයා (ආසියාව) ලෙසත්, UOL Group Limited හොඳ ම සත්කාරක සංවර්ධකයා (ආසියාව) ලෙසත් සම්මානයට පාත්ර විය. එමෙන් ම එහි දී UOL Group Limited Pan Pacific Orchard සඳහා හොඳ ම හෝටල් සංවර්ධකයා සඳහා (ආසියාව) ලබා දුන් සම්මානය හිමි විය.
Shun Tak Holdings හි Park Nova විසින් හොඳ ම කොන්ඩො ගෘහ නිර්මාණ මෝස්තරයට (ආසියාව) හිමි සම්මානය දිනා ගත් අතර, සිංගප්පූරුවේ Artyzen Hospitality Group හි Artyzen හොඳ ම සත්කාරක ගෘහ අභ්යන්තර නිර්මාණයට (ආසියාව) හිමි සම්මානය දිනා ගත්තේය.
එහි දී ඉන්දුනීසියාව හොඳ ම නගර සංවර්ධනයට (ආසියාව) හිමි සම්මානය ඇතුළු කලාපීය ජයග්රහණ 6ක් දිනා ගැනීමට සමත් විය.
මෙවර Kota Baru Parahyangan සම්මානය PT. Belaputera Intiland දිනා ගත් අතර, හොඳ ම නගර සැලසුම් නිර්මාණයට හිමි සම්මානය Salim Group සහ Belaputera Intiland හි PIK2 Sedayu Indo City දිනා ගත්තේය.
එමෙන් ම Galeon සමූහ ව්යාපාරයේ සාමාජිකයෙකු වන PT Putragaya Wahana ට අයත් Thamrin Nine Complex හි Autograph Tower හොඳ ම කාර්යාල සංවර්ධකයාට (ආසියාව) හිමි සම්මානය දිනාගත් අතර, LRT City Jatibening හි KSO PT Adhi Commuter Properti Tbk. සහ PT Urban Jakarta Propertindo Tbk. විසින් හොඳ ම සම්බන්ධතා කොන්ඩෝ සංවර්ධකයාට (ආසියාව) හිමි සම්මානය දිනා ගන්නා ලදී. PT Metropolitan Land Tbk සමාගමට අනුබද්ධිත PT Fajarputera Dinasti හි Metland Cibitung හොඳ ම නිවාස / ඉඩම් සංවර්ධන සම්බන්ධක (ආසියාව) සම්මානය දිනාගත් අතර, LOGOS ඉන්දුනීසියා හි LOGOS Cikarang ලොජිස්ටික් උද්යානය, හොඳ ම හරිත කාර්මික සංවර්ධකයා (ආසියාව) ලෙස සම්මානයට පාත්ර විය.
Spacious Group දිනා ගත් හොඳ ම වෙළෙඳසැල් සංවර්ධකයාට (ආසියාව) හිමි සම්මානය ඇතුළුව ඕස්ට්රේලියාව කලාපීය ජයග්රහණ 5ක් ලබා ගැනීමට සමත් විය. එහි දී SPG Land සිය Paradiso Place සඳහා හොඳ ම ස්මාර්ට් ගොඩනැඟිලි සංවර්ධකයාට (ආසියාව) හිමි සම්මානය සහ නිවාස සංවර්ධනය ආශ්රිත හොඳ ම ඒකාබද්ධ කාර්යය (ආසියාව) ට හිමි සම්මානය යන සම්මාන දෙක ම දිනා ගැනීමට සමත් විය. Dare Property Group හි Zero Gipps හොඳ ම පරිසර හිතකාමී වාණිජ සංවර්ධකයා (ආසියාව) ලෙසත්, Mayrin සමූහයේ The Archwood Residences හොඳ ම නිවාස / ඉඩම් ගෘහ නිර්මාණ සැලසුම්කරු (ආසියාව) ලෙසත් සම්මාන හිමි කර ගත්හ.
වියට්නාමය Keppel Land දිනා ගත් හොඳ ම මිශ්ර භාවිත සංවර්ධකයාට (ආසියාව) හිමි සම්මානය ඇතුළුව කලාපීය ජයග්රහණ 4ක් දිනා ගැනීමට සමත් විය. එහි දී Sycamore by CapitalLand Development (Vietnam) හොඳ ම නිවාස / ඉඩම් සංවර්ධකයා (ආසියාව) සහ හොඳ ම පරිසර හිතකාමී නිවාස / ඉඩම් සංවර්ධකයා (ආසියාව) ලෙස සම්මාන දිනූ අතර, Artisan Park හි Gamuda Land විසින් හොඳ ම සිල්ලර සංවර්ධකයා (ආසියාව) ලෙස නම් කෙරිණි.
Blue Waves සමූහයේ Greater Niseko, Andaru Collection Niseko විසින් හොඳ ම පූර්ණ කරන ලද නිවාස / ඉඩම් සංවර්ධකයාට (ආසියාව) සහ හොඳ ම නිවාස / ඉඩම් අභ්යන්තර සැලසුම් නිර්මාණ කරුවාට (ආසියාව) හිමි සම්මාන දෙක ම දිනා ගත් අතර, H2 සමූහයේ HakuVillas හොඳ ම සම්පූර්ණ කරන ලද කොන්ඩො සංවර්ධකයාට (ආසියාව) හිමි සම්මානය දිනා ගත්තේය.
මෙහි දී කාම්බෝජය සහ මැලේසියාව කලාපීය ජයග්රහණ දෙක බැගින් ලබා ගත් අතර, හොඳ ම ඉදිරි ගමන් සංවර්ධකයාට (ආසියාව) හිමි සම්මානය Kambujaya Development Co., Ltd වෙත හිමි විය. එමෙන් ම එහි දී හොඳ ම ජලාශ්රිත කොන්ඩෝ සංවර්ධකයාට (ආසියාව) හිමි සම්මානය The Peninsula Capital Co., Ltd හි Vue Aston දිනා ගැනිණි. Infinity සමූහය, Infinity8 Reserve JBCC සමඟ එක් ව හොඳ ම මිශ්ර භාවිත සංවර්ධකයාට (ආසියාව) සහ හොඳ ම සහ-වැඩ අවකාශයට (ආසියාව) හිමි සම්මාන දිනා ගන්නා ලදී.
තානාපති කාර්යාලයේ ටෙක්විලේජ් - සෙන්ට්රල් උද්යානය සඳහා වූ හොඳ ම වාණිජ භූ දර්ශන වාස්තු විද්යාත්මක නිර්මාණයට (ආසියාව) හිමි සම්මානය තානාපති කාර්යාලයේ REIT දිනා ගැනීමෙන් ඉන්දියාව ද සම්මාන ලාභී විශිෂ්ටයින් අතරට එක් විය.
එමෙන් ම Ciputra සමූහයේ ප්රධාන විධායක නිලධාරී සහ PT Ciputra Development Tbk හි සභාපති / අධ්යක්ෂ කැන්ඩ්රා සිපුට්රා, PropertyGuru Icon සම්මානයෙන් පිදුම් ලැබීය.
PropertyGuru Asia Property Awards & Events සමාගමේ සාමාන්යාධිකාරී ජූල්ස් කේ මහතා පැවසුවේ, “PropertyGuru Asia Property Awards අවසාන මහා තරඟයෙහි දී ජයග්රාහකයින්ගේ දේපළ වෙළෙඳපොළවල විවිධත්වය, ප්රගතිය සහ ඔරොත්තු දීමේ හැකියාව ඇගයීමට ලක් කෙරෙනවා. ව්යාපාරික හා නේවාසික සංවර්ධනවල සිට මහා පරිමාණ ඒකාබද්ධ ව්යාපෘති අගයන මෙම සම්මාන මගින් මෙම ක්ෂේත්රය ආශ්රිතව ආසියාවේ විශිෂ්ටත්වය ඉතා හිඳින් පිළිබිඹු කරනවා. අපගේ උත්සව අවස්ථාවන්හි දී වේදිකාවේ සමරනු ලැබුවත්, අන්තර්ජාලය හරහා ලොවට ඉදිරිපත් කළත් මෙම සම්මානලාභීන් කලාපයේ දේපළ වෙළඳාම් ක්ෂේත්රය තුළ රන් අකුරින් බැබළෙනවා කිව්වොත් මා නිවැරදියි. අපගේ කලාපීය අවසන් මහා තරඟයේ දී සම්මාන දිනා ගත් සියලු ම ජයග්රාහකයින් වෙත අපගේ උණුසුම් සුබ පැතුම් එක් කිරීමට කැමතියි." යනුවෙනි.
ප්රමුඛ පෙළේ ජාත්යන්තර ගිණුම්කරණ සහ උපදේශන සමාගමක් වන HLB, HLB International Real Estate Group හි පෝල් ඈෂ්බර්න් මහතාගේ නායකත්වය යටතේ, මෙම සම්මාන සඳහා ජයග්රාහකයින් තෝරා ගැනීම සිදු කෙරුණු අතර, එම සමස්ත ක්රියාවලිය තුළ සාධාරණත්වය, විනිවිදභාවය සහ විශ්වසනීයත්වය තහවුරු වූ බව පැවසිය යුතු ම ය.
2005 වසරේ තායිලන්තයේ දී ආරම්භ වූ PropertyGuru Asia Property Awards වැඩසටහන වසර ගණනාවක් පුරා දේපළ වෙළෙඳාම් වෙළෙඳපොළ 18 ක් පමණ ආවරණය කරයි. එහි PropertyGuru Asia Property Awards වැඩසටහන මගින් ආසියා පැසිෆික් කලාපය පුරා සිටින විශිෂ්ට දේපළ සංවර්ධකයින්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ අභ්යන්තර නිර්මාණකරුවන් සඳහා ජාත්යන්තර වේදිකාවක් සපයා ඇත.
වැඩි විස්තර සඳහා AsiaPropertyAwards.com නිල වෙබ් අඩවියට පිවිසෙන්න.
July, 4, 2022
PropertyGuru සමාගම විසින් සංවිධානය කරනු ලබන ආසියානු කලාපයේ විශාලතම සහ කීර්තිමත්ම දේපළ වෙළඳාම් සම්මාන උළෙලේ අයදුම්පත් බාර ගැනීම නිල වශයෙන් ආරම්භ කර ඇති අතර, අයදුම්පත් භාර ගැනීම සැප්තැම්බර් මස 2 වනදායින් අවසන් වන බව දන්වා සිටියි. පස්වන වරටත් වාර්ෂික පැවැත්වෙන PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙල (ශ්රී ලංකාව) වසරේ විශිෂ්ටතම දේපළ සංවර්ධනකරුවන්, ව්යාපෘති සහ සැලසුම්කරුවන් ඇගයුමට ලක්කරයි. 2022 වසරේ මෙම සම්මාන උළෙලට සම්බන්ධ වැදගත් දින අතරට 2022 සැප්තැම්බර් 2 – අයදුම්පත් බාරගැනීමේ අවසාන දිනය , 19-22 සැප්තැම්බර් - පරිශ්ර නිරීක්ෂණය , 26 සැප්තැම්බර්– අවසාන විනිශ්චය ,14 ඔක්තෝම්බර් – සම්මාන ප්රධානෝත්සවය , 09 දෙසැම්බර් 2022 – කලාපීය සම්මාන ප්රධානෝත්සවය වේ.
මෙවර 2022 සම්මාන උළෙල සඳහා කාණ්ඩ 57ක් යටතේ සුදුසුකම් ලබන සමාගම් හට තරඟ කළ හැකි අතර, ශ්රී ලංකාව නියෝජනය කරමින් ESG සහ තිරසාර සැලසුම් සහ ඉදිකිරීම් සඳහා විශේෂ පිළිගැනීම් මෙන්ම වාණිජ ව්යාපෘති සඳහා විවිධ ගෞරව පිළිගැනීම් හිමිකර ගැනීමට අදාළ සමාගම් හට හැකියාව හිමිවේ. මීට අමතරව දකුණු ආසියානු කලාපය තුල සිදුවන විශාල සංවර්ධනය මූලික කොට ගනිමින් මාලදිවයින් සංවර්ධන ව්යාපෘති ඇගයීමද මෙවර සම්මාන උළෙලිදී සිදු වේ. මෙහිදී මාලදිවයින තුල හොඳම නේවාසික ව්යාපෘතිය සහ මාලේ නගරය තුල හොඳම නේවාසික ව්යාපෘතිය සඳහා සම්මාන පිරිනැමීමට කටයුතු යොදා ඇත.
https://www.asiapropertyawards.com/en/nominations වෙබ් අඩවිය හරහා මේ සඳහා අයදුම් කළ හැකි අතර මෙය කර්මාන්ත සහ මහජනතාව සඳහා ද විවෘත සම්මාන උළෙලකි. මෙහි සියලුම තරඟකරුවන් අතරින් ජයග්රහකයින් තෝරා ගනු ලබන්නේ විද්වත් විනිශ්චය මණ්ඩලයක් විසින් සිදුකරන දිගු තෝරා ගැනීම් ක්රියාපටිපාටියකට පසුව වීම සුවිශේෂී වේ. HLB Sri Lanka, මෙවර සම්මාන උළෙලේ නිල අධීක්ෂක වශයෙන් කටයුතු කරන අතර, සම්පුර්ණ සම්මාන උළෙල ඉහළ විනිවිදබාවයකින් සහ උපරිම සාධාරණත්වයකින් සිදුකිරීම සඳහා ඔවුන් කැපවී ක්රියා කරයි.
2022 වසරේ ශ්රී ලංකාව නියෝජනය කරමින් ජයග්රහණය කරන ප්රධාන ජයග්රහකයින් සඳහා දෙසැම්බර් මස 9 වන දින තායිලන්තයේ බැංකොක් හි පැවැත්වෙන 17වන PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙලේ ජාත්යන්තර මට්ටමේ තරඟාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිවේ.
පසුගිය වසරේ පැවැත්වුණු සම්මාන උළෙලේදී, ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ Home Lands Skyline (Pvt) Ltd විසින්, Best Developer සම්මානය ඇතුලු සුවිශේෂී සම්මාන හතක් හිමිකර ගන්නා ලදී. 2005 දී ආරම්භ කරන ලද PropertyGuru Asia Property Awards, දේපල සංවර්ධන, ඉදිකිරීම්, ගෘහ නිර්මාණ ශිල්පය, අභ්යන්තර සැලසුම් සහ තිරසාර ගොඩනැගිලි සංවර්ධන ක්ෂේත්රයන් තුළ විශිෂ්ට දෑ සොයමින් ඒවා අගය කරමින්, අන්තර්ජාතික තලයට එම නිර්මාණ සහ අදාළ නිර්මාණ සැළසුම්කරුවන් රැගෙන යාමට කැපවී ක්රියා කරයි. දැනට මෙම සම්මාන උළෙල, ඕස්ට්රේලියාව, චීනය, හොංකොං, මැකා සහ ජපානය ඇතුළු කලාපයේ ගතික දේපල වෙලඳපොලවල් රැසක් ආවරණය කරමින් වාර්ෂිකව පවත්වයි. තවද, 2020 සහ 2021 වර්ෂ තුළ මෙම සම්මාන උළෙල ඔන්ලයින් ආකාරයට ප්රජාවට නැරඹිය හැකි ආකාරයෙන් ක්රියාත්මක කළ අතර, එය මිලියනයකට අධික පිරිසක් විසින් නරඹා ඇත.
පස්වැනි PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙලේ, නිල cable TV හවුල්කරු ලෙස History Channel ද, PropertyGuru දේපළ වාර්තා සඟරාව නිල සඟරා සහකරු ලෙස ද, නිල මහජන සම්බන්ධතා සහකරු ලෙස PR WIRE, නිල ESG සහකරු ලෙස Baan Dek Foundation, සහ නිල අධීක්ෂණ සහකරු ලෙස HLB Sri Lanka ක්රියාත්මක වනු ඇත. වැඩිදුර විස්තර awards@propertyguru.com වෙත ඉ-මේල් පණිවිඩයක් යොමු කිරීමෙන් හෝ AsiaPropertyAwards.com නිල වෙබ්අඩවියට පිවිසීමෙන් හෝ ලබාගත හැකිය.
Video Story