• Ada Derana BIZ Sinhala
  • Diamond
  • Raja Jewellers
  • Sapphire
  • sri lanka

රාජා ජුවලර්ස් හි Diamond Emporium එළිදකී

November, 28, 2022

රන් ලොව ප්‍රමුඛතම ආයතනයක්  වන රාජා ජුවලර්ස් විසින්, Diamond  Emporium නමින් සිය නව දියමන්ති ප්‍රදර්ශනාගාරය මෑතක දී ප්‍රතිස්ථාපනය කෙරිණි. පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන, ජාත්‍යන්තර මට්ටමේ   ස්වර්ණාභරණ නිර්මාණයෙහි නිරත වන මෙම සුව්ශේෂී මධ්‍යස්ථානය අපූර්ව දියමන්ති සහ ශ්‍රී ලංකාවට පමණක් ම ආවේණික වූ මැණික් ගල් එකතුවකින් ද සමන්විත වේ. Diamond  Emporium විවෘත කිරීම  මෙරට ස්වර්ණාභරණ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ පාරිභෝගික භවතුන් රැසකගේ සහභාගීත්වයෙන් ආලෝකමත් විය.

ආරම්භයේ සිට ම, රාජා ජුවලර්ස් සිය ශ්‍රී ලාංකේය අනන්‍යතාවය මූර්තිමත් කිරීමට සමත් වූ අතර, එම ආයතනය ගුණාත්මක භාවයෙන් හා වටිනාකමින් ඉහළ ලෝක ප්‍රකට ස්වර්ණාභරණ නිෂ්පාදනයෙහි නිරත විය. මෙම සාර්ථක  ගමන් මගේ දී දියමන්ති සහ ස්වර්ණාභරණ   කර්මාන්තය තුළ වසර 95ක් පුරා ලද අත්දැකීම් ඇසිරින් ආරම්භ කළ මෙම Diamond  Emporium ප්‍රදර්ශනාගාරය අසමසම ප්‍රවීණතාවෙන් සහ ශිල්පීයත්වයෙන් ශක්තිමත් වේ.  බම්බලපිටිය  පිහිටා ඇති රාජා ජුවෙලර්ස් ප්‍රධාන ප්‍රදර්ශනාගාරය තුල පිහිටි මෙම Diamond Emporium ප්‍රදර්ශනාගාරය  මගින්  Diamond  Emporium හි අති විශිෂ්ට නිර්මාණ ලබාගත හැකි වීම පාරිභෝගික ජනතාවට ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයකි. නව නිර්මාණ රැසකින් මෙන් ම අභ්‍යන්තර නිපුණ නිෂ්පාදන කාර්ය මණ්ඩලයකින් සමන්විත Diamond  Emporium පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන පරිදි සිය නිෂ්පාදන කටයුතු සිදු කරයි. එම නිසා ම මෙම නව නිෂ්පාදනායතනය මගින් පාරිභෝගිකයාට අවශ්‍ය මෝස්තර ඒ අයුරින් ම නිපදවාගැනීමේ හැකියාව සුවිශේෂී වේ.

රාජා ජුවලර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අතුල එළියපුර මහතා මෙම සුවිශේෂී අවස්ථාවේ දී අදහස් දක්වමින්, " අප සතු දශක ගණනාවක විශේෂඥ දැනුම තුළින්  අපගේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට වැඩි වටිනාකමකින් යුතු නිෂ්පාදන ලබා දීමට හැකි වීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා.  Diamond  Emporium හරහා අපි අපගේ අද්විතීය ශ්‍රී ලාංකේය අනන්‍යතාව සහ දශක නවයක විශිෂ්ටත්වය පිළිබිඹුවන, ජාත්‍යන්තරයට සරිලන වගේ ම ලෝ ප්‍රකට නිර්මාණ ගෙන එනවා.  මෙම නව මධ්‍යස්ථානය මගින් අපගේ ගනුදෙනුකරුවන් මෙතෙක් අත් නොවිඳි නිර්මාණ රැසක් අත් ව්ඳීමේ හැකියාව ලබා දීමට අපි අරමුණු කරනවා." යනුවෙන් ප්‍රකාශ කළේය.

දශක ගණනාවක් පුරා නිර්මාණය කළ අසම සම නිර්මාණ නිෂ්පාදන පෙළක් සමඟින්, රාජා ජුවලර්ස් ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ ක්ෂේත්‍රය තුළ වඩාත් ම කීර්තිමත් නාමයක් ලෙස ස්ථාපිත වී ඇත.  එහි අසමසම ගුණාත්මක භාවය සහ වසර ගණනාවක් පුරා ගොඩනැගුණු විශ්වාසයේ පදනම තුළින්, රාජා ජුවලර්ස් සිය  ගනුදෙනුකරුවනට නිරන්තරයෙන් අද්විතීය අත්දැකීමක් ලබා දීමට උත්සාහ කරයි.

රාජා ජුවලර්ස් අනුගමනය කරන උසස් තත්ත්වයේ ප්‍රමිතීන් වෙනුවෙන්  සම්මාන රැසක් හිමිකරගැනීමට සමත් වී ඇත. එම සම්මාන ගොන්න අතරට එක් වූ නවතම සම්මානය වන්නේ 2021 වසරේ දී හිමි කර ගත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයයි. එමෙන් ම ශ්‍රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින්  පිරිනමන ලද ජනාධිපති රන් සම්මාන හතර සමඟින්, මෙරට හොඳ ම ස්වර්ණාභරණ නිෂ්පාදකයා ලෙස රාජා ජුවෙලර්ස් පිළිගැනීමට ලක් වූ අතර, එමගින් රන් ලොව රජු ලෙස රාජා ජුවෙලර්ස් ලබා තිබූ විරුදාවලිය යළිත් තහවුරු විය.

  • 2022 Commonwealth Games
  • Nethmi Ahinsa
  • Raja Jewellers

රාජා ජුවලර්ස් විසින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දක්ෂකම් පෑ නෙත්මි අහිංසා අගයයි

August, 29, 2022

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා රාජා ජුවලර්ස් විසින් 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන්, මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා දැරිය අගයමින් පසුගියදා උත්සවයක් සංවිධානය කර තිබුණි.  පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගත් පළමු කාන්තා මල්ලවපොර පදක්කම ජයග්‍රහණය කරමින් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ නව වාර්තාවක් තැබූ නෙත්මි අහිංසා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පදක්කමක් දිනාගත් ලාබාලතම ලාංකික ක්‍රීඩිකාව ලෙස ඉතිහාස ගත විය.

'You are a Diamond' තේමාව යටතේ රාජා ජුවලර්ස් විසින් මෑතකදී දියත් කරන ලද සුවිශේෂී වැඩසටහන යටතේ රුපියල් 750,000 වටිනා ඩයමන්ඩ් පෙන්ඩන්ට් සහ කරාබු කට්ටලයක් නෙත්මි අහිංසා දැරිය වෙත තිලිණ කිරීම මෙම අවස්ථාවේදී සිදුවිය. නෙත්මිගේ ජයග්‍රහණ වලට මූලික වූ ඇයගේ පුහුණුකරු වන සුරංග කුමාර මහතා දැක්වූ දායකත්වය අගයමින් ඔහුට මූල්‍ය තිළිණයක් සිදු කිරීමටද රාජා ජුවලර්ස් ක්‍රියා කරන ලදී.

ස්වර්ණාභරණ ලොව කිරුළු පැලඳි රාජා ජුවලර්ස් විසින් 2022 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ” You are a Diamond' යන තේමාව රැගත් දියමන්ති ආභරණ එළිදැක්වීම සිදු කෙරිණි. මෙම තේමාව තව දුරටත් දීර්ඝ කරමින්, නෙත්මි අහිංසා වැනි සැබෑ ශ්‍රී ලාංකේය දියමන්ති හඳුනා ගනිමින් ඔවුන්ගේ දක්ෂතා ඉහළ නැංවීමට අවශ්‍ය සහය ලබා දීමට රාජා ජුවලර්ස් කැපවී ක්‍රියා කරයි.

මෙම ඉතිහාසගත අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ අතුල එළියපුර මහතා මෙලෙස පවසා සිටියි.  " ශ්‍රී ලාංකේය සන්නාමයක් ලෙස  දේශීය කුසලතා සංවර්ධනයට අවශ්‍ය දායකත්වය ලබාදෙමින් ප්‍රජාවගේ අනාගතය සවිමත් කිරීම වෙනුවෙන් කැපවී සිටින සන්නාමයක් ලෙස මම රාජා ජුවලර්ස් හඳුන්වා දෙන්න කැමතියි.  විශේෂයෙන්ම නෙත්මි දැරියත්, ඇයගේ පුහුණුකරු වන සුරංග මහතාත් පසුගියදා අවසන් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ලබාගත් සාර්ථකත්වය මුලු රටම ලැබූ ජයග්‍රහණයක්. මේ ආකාරයෙන්ම තම හැකියාවන් සංවර්ධනය කර ගනිමින් ඉදිරි ගමන සාර්ථක කර ගැනීමට වෙර දරණ හැකියාවන්ගෙන් සන්නද්ධ දක්ෂ ශ්‍රී ලාංකිකයින් ඕනෑ තරම් ඉන්නවා. මොවුන් හඳුනා ගනිමින් ඔවුන්ට දියමන්තියක් සේ වැජඹීමට අවශ්‍ය ශක්තිය ලබාදීමට අප ඉදිරියේදී කටයුතු කරනවා."

රාජා ජුවලර්ස් හි ස්වර්ණාභරණ නිර්මාණකරුවන්ට මනා පළපුරුද්දක් ඇති අතර ඔවුන්ගේ ගනුදෙනුකරුවන් සඳහා කලාත්මක හා ආකර්ශනීය ආභරණ නිර්මාණය කිරීමට ඉහළ හැකියාවක් ඇත.  දියමන්ති, වටිනා ලෝහ, මැණික් ගල් සහ ස්ඵටික භාවිතා කර නව තාක්ෂණය යොදා ගනිමින්  ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට ද රාජා ජුවලර්ස් කටයුතු කරයි. දශක ගණනාවක් පුරා රාජා ජුවලර්ස් ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කර්මාන්තයේ වඩාත්ම සාර්ථක ආයතනයක් බවට පත් වී තිබේ. විශිෂ්ට අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිර්මාණය කරන ලද  ස්වර්ණාභරණ  දේශීයව මෙන්ම  විදේශීයවද අලෙවි වේ. තවද ගුණාත්මක  පාරිභෝගික සේවාවත් අකර්ශනිය මෝස්‌තර නිර්මාණත් සමගින් ඉතා විශිෂ්ට, දිගු කාලීන පාරිභෝගික සබඳතාවක් ගොඩ නගා ගැනීමට සමත් වී ඇත.

රාජා ජුවලර්ස්හි අති විශාල අනර්ඝ රන් අභරණ එකතුව පිළිබඳ වැඩි විස්තර සඳහා www.rajajewellers.com වෙත පිවිසෙන්න.