• Ada Derana BIZ Sinhala
  • Hilton
  • Insurance Corporation
  • restructure
  • sri lanka
  • Telecom
  • Water's Edge

ශ්‍රීලංකන්, ටෙලිකොම්, හිල්ටන්, වෝටර්ස් එජ් සහ රක්ෂණ සංස්ථාව මුලින්ම ප්‍රතිව්‍යූහගතකරණය කිරීමට යෝජනාවක්

November, 14, 2022

ශ්‍රීලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස් එජ් හෝටලය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංථාව සහ ඒවායේ පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ප්‍රථමයෙන්ම පියවර ගනු ඇති අතර, එමඟින් ලැබෙන ආදායම රටේ විදේශ විනිමය සංචිත වැඩිකර ගැනීමටත් රුපියල ශක්තිමත් කිරීමටත් යොදා ගනු ඇති බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී අද (14) දින කියා සිටියේය.

පසුගිය මාස හය තුළ කිහිපවතාවක් රාජ්‍ය මූල්‍ය වශයෙන් ඉතා වැදගත් රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ කඩිනම් අවශ්‍යතාවයක් ඇතිවිය. අතුරු අයවැය මගින් පොරොන්දු වූ පරිදි රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීමේ සුවිශේෂී කාර්යය භාරය සඳහා මේ වන විට මුදල් අමාත්‍යාංශයේ වෙනම ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.

ශ්‍රීලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස් එජ් හෝටලය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංථාව සහ ඒවායේ පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ප්‍රථමයෙන්ම පියවර ගනු ඇති අතර, එමඟින් ලැබෙන ආදායම රටේ විදේශ විනිමය සංචිත වැඩිකර ගැනීමටත් රුපියල ශක්තිමත් කිරීමටත් යොදා ගනු ඇත.

 

  • Ada Derana BIZ Sinhala
  • creditors
  • Japan
  • restructure
  • sri lanka
  • Sri Lanka's debt

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමියන් සමඟ ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කිරීමට ජපාන රජය සූදානම්

September, 27, 2022

ජපාන විදේශ අමාත්‍යවරයාගෙන් ජනපතිට සහතිකයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා  (Yoshimasa Hayashi) අතර අද (27)  පෙරවරුවේ ටෝකියෝ නුවරදී සාකච්ඡාවක් පැවැත්විණි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධව අවධානය යොමු කළ අතර, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමඟ කරන සාකච්ඡාවලදී ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කිරීමට තම රජය සූදානම්  බව ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය.

පැවැති රජය විසින් ජපාන ආයෝජන කිහිපයක් අවලංගු කිරීම සමඟ බිඳ වැටුණු ජපන් ශ්‍රී ලංකා සබඳතා පිළිබඳ කණගාටුව පළ කරන බව මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එමෙන්ම එලෙස අවලංගු වූ ලංකාවට වඩාත් අත්‍යාවශ්‍ය එම ව්‍යාපෘති නැවත වතාවක් ආරම්භ කිරීමට තම රජය අපෙක්ෂා කරන  බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේ,ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ජපාන ආයෝජන බලාපොරොත්තු වන බවය.

මෙහිදී ජපාන විදේශ අමාත්‍යවරයා පවසා සිටියේ, ජපානය පුනර්ජනනීය බලශක්තිය සඳහා වැඩි නැඹුරුතාවයක් දක්වමින්  ශ්‍රී ලංකාවේ අනාගත අයෝජන අවස්ථා සලකා බැලීමට කැමැත්තෙන් සිටින බවයි.

2023 වර්ෂයට ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් සඳහා ජපානයේ වැඩි රැකියා අවස්ථාවක් සැලසීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බවද විදේශ අමාත්‍යවරයා කරුණු දක්වමින් කියා සිටියේය.

ජාත්‍යන්තර කටයුතුවලදී ජපානය ලබාදෙන සහාය අගය කළ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ  නිත්‍ය සාමාජිකත්වය දැරීමට ජපානය හා ඉන්දියාව ගෙනයන උත්සාහයට සහයෝගය දැක්වීමට අපේක්ෂා කරන බවත් පැවසීය.

ජනාපධිපතිවරයගේ එම ප්‍රකාශය පිළිබඳ ප්‍රශංසා කළ ජපාන විදේශ අමාත්‍යවරයා ලෝක වේදිකාවේ ආසියාවේ නියෝජනය පුළුල් කළ යුතු බව තවදුරටත් අවධාරණය කර සිටියේය.