November, 14, 2022
ශ්‍රීලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස් එජ් හෝටලය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංථාව සහ ඒවායේ පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ප්‍රථමයෙන්ම පියවර ගනු ඇති අතර, එමඟින් ලැබෙන ආදායම රටේ විදේශ විනිමය සංචිත වැඩිකර ගැනීමටත් රුපියල ශක්තිමත් කිරීමටත් යොදා ගනු ඇති බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී අද (14) දින කියා සිටියේය.
පසුගිය මාස හය තුළ කිහිපවතාවක් රාජ්‍ය මූල්‍ය වශයෙන් ඉතා වැදගත් රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ කඩිනම් අවශ්‍යතාවයක් ඇතිවිය. අතුරු අයවැය මගින් පොරොන්දු වූ පරිදි රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීමේ සුවිශේෂී කාර්යය භාරය සඳහා මේ වන විට මුදල් අමාත්‍යාංශයේ වෙනම ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.
ශ්‍රීලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස් එජ් හෝටලය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංථාව සහ ඒවායේ පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ප්‍රථමයෙන්ම පියවර ගනු ඇති අතර, එමඟින් ලැබෙන ආදායම රටේ විදේශ විනිමය සංචිත වැඩිකර ගැනීමටත් රුපියල ශක්තිමත් කිරීමටත් යොදා ගනු ඇත.
Video Story