October, 19, 2022
ශ්රී ලාංකික ජනතාවගේ ප්රියතම චොක්ලට් සන්නාමය වන සිලෝන් බිස්කට් සමාගමේ ' රිට්ස්බරි' අනුග්රහකත්වයෙන් පවත්වනු ලැබූ 33 වන ‘රිට්ස්බරි ජාතික කනිෂ්ඨ ස්කොෂ් (squash) ශුරතාවලිය’ පසුගියදා (squash) නිමාවට පත් විය.
මෙවර ශුරතාවලියට, දිවයින පුරා පාසල් රැසක් නියෝජනය කරමින්, වයස අවුරුදු 09,11,13,15,17 සහ 19 න් පහළ වයස් කාණ්ඩ යටතේ, ඉහළ දක්ෂතාවයන් සහිත කනිෂ්ඨ ක්රීඩක ක්රීඩිකාවන් 300කට වැඩි පිරිසක් සහභාගී වු අතර අවසන් තරගාවලිය කොළඹ එස්.එස්.සී. ස්කොෂ් ක්රීඩාංගනයේදී පවත්වන ලදී.
CBL Foods International සමාගමේ සාමාන්යාධිකාරී (අලෙවි) නිලුපුල් ද සිල්වා මහතා මෙම අනුග්රාහකත්වය පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, “ශ්රී ලංකාව තුළ ජාතික තලයේ ක්රීඩාවක් වශයෙන් ස්කොෂ් ක්රීඩාව නංවාලීමේ වැදගත්කම අප වටහාගෙන සිටිනවා. අපගේ මෙම මෙහෙවර හේතුවෙන් දේශීය ක්රීඩකයන්ට ජ්යත්තන්තර තලයට පිවිසීමට හැකිවීම අපට ඉමහත් ආඩම්බරයක් වන අතර, අප මෙම ශුරතාවලිය සදහා අඛණ්ඩ අනුග්රහකත්වය ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. තවද, ක්රීඩාව ජාතියේ අභිමානය වශයෙන් සලකන රිට්ස්බරි, මෙරට ක්රීඩා ක්ෂේත්රයට වසර 16ක් මුළුල්ලේ සත්කාරකත්වය දැක්වීම සම්බන්ධයෙන් අභිමනවත් ඉතිහාසයකට උරුමකම් කියනවා," යනුවෙනි.
මෙම ශුරතාවලියේදී ඩී.එස්.සේනානායක විද්යාලයේ නෙවිඳු ලක්මන් සහ සිරිමාවෝ බණ්ඩාරනායක විද්යාලයේ චනිත්මා සිනාලි, අවුරුදු 19න් පහළ බාලක සහ බාලිකා ශූරීන් ලෙස තේරීපත් වූ අතර තවද ඔවුන් දෙදෙනා වසරේ ජාතික කනිෂ්ඨ බාලක, බාලිකා සම්මානයන් ද දිනා ගන්නා ලදී.
මේ අතර වසරේ නැගී එන ක්රීඩකයාට හිමි සම්මානය මරදාන ශාන්ත ජෝශප් විද්යාලයේ මොහොමඩ් රිල්වාන් හිමිකරගත් අතර වසරේ නැගී එන ක්රීඩිකාව ලෙස අනුලා විද්යාලයේ පුන්සරා නිරූෂි වික්රමසිංහ සම්මාන දිනාගන්නා ලදී .
රට පුරා ස්කොෂ් ක්රීඩාව ප්රවර්ධනය කිරීම සඳහා සමාගමේ අධිෂ්ඨානශීලී කැපවීම ප්රදර්ශනය කරමින්, රිට්ස්බරි අඛණ්ඩව 14 වැනි වරටත් ශූරතාවලිය සංවිධානය කිරීම සඳහා ශ්රී ලංකා ස්කොෂ් (SLS) සමඟ ගිවිසුම්ගතව ඇත. SLS හි සභාපති සුරේන් කොහොබන්ගේ මෙම සහයෝගිතාව පිළිබද අදහස් දක්වමින් පැවසුවේ, “රිට්ස්බරි පසුගිය දශකය පුරා අපගේ සාර්ථකත්වයේ හවුල්කරුවෙකු වීම අගය කරන අතර ඒ මගින් ස්කොෂ් ක්රීඩාව ඉහළ මට්ටමකට ගෙනයාමට අපට අවස්ථාව උදා වුණා. සෑම වසරක මෙන්ම මේ වසරේදීත් මෙම සහයෝගිතාව රටේ ස්කොෂ් ක්රීඩාව ඉහළ නැංවීමට හේතු වූ බව අප විශ්වාස කරනවා," යනුවෙනි.
ස්කොෂ් ක්රීඩාව මේ වනවිට වාර්සික ක්රීඩා දින දර්ශනයේ ප්රධාන ඉසව්වක් ලෙස හඳුනාගෙන ඇති අතර, ඒ හරහා, මේ වන විටත් ජාත්යන්තර මට්ටමේ දක්ෂ ක්රීඩක ක්රීඩිකාවන් රැසක් බිහි වී ඇත. එය ස්කොෂ් ක්රීඩාවේ ප්රගතිය සහ එය දිස්ත්රික් වශයෙන් ප්රචලිත කිරීම සඳහා රිට්ස්බරි දරන උත්සාහයේ ප්රබල පිළිබිඹුවකි.

වසරේ ජාතික කනිෂ්ඨ බාලක ක්රීඩක, ඩී.එස්.සේනානායක විද්යාලයේ නෙවිඳු ලක්මන් සහ,වසරේ ජාතික කනිෂ්ඨ බාලිකා ක්රීඩිකා සිරිමාවෝ බණ්ඩාරනායක විද්යාලයේ චනිත්මා සිනාලි

වසරේ නැගීඑන ක්රීඩිකාව අනුලා විද්යාලයේ පුන්සරා නිරූෂි වික්රමසිංහ සහ වසරේ නැගීඑන ක්රීඩික, මරදාන ශාන්ත ජෝශප් විද්යාලයේ මොහොමඩ් රිල්වාන්
October, 5, 2022
ශ්රී ලාංකික ජනතාවගේ ප්රියතම චොක්ලට් සන්නාමය වන සිලෝන් බිස්කට් සමාගමේ 'රිස්ට්බරි' අනුග්රහකත්වයෙන් පවත්වනු ලැබූ 2022 රිට්ස්බරි ‘සුපර් 16 කනිෂ්ඨ රග්බි සැණකෙළිය' (‘Ritzbury Super 16 Junior Rugby Carnival 2022’) මෙවරත් සාර්ථකව නිමාවට පත් විය. මෙවර 12 වන වරටත් සංවිධානය වූ මෙම තරගාවලිය සඳහා රිට්ස්බරි අනුග්රහකත්වය හිමිවුයේ අඛණ්ඩව දෙවැනි වරට යි. නිරන්තරයෙන් ක්රීඩා ක්ෂේත්රයේ උන්නතියට උරදෙන දේශීය සන්නාමයක් වශයෙන් සිලෝන් බිස්කට් සමාගමේ කැපවීම මෙම අනුග්රාහකත්වය හරහා තව දුරටත් පිළිබිඹු කරයි.
මෙවර තරගාවලියට වයස අවරුදු 10 න් පහළ සහ 12 න් පහළ කාණ්ඩ යටතේ පාසල් 23 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 112 ක් සහභාගී විය. තරගාවලිය වට 4කින් සමන්විත වූ අතර එය කොළඹ රාජකීය විද්යාලයීය ක්රීඩා සංකීර්ණයේදී පවත්වන ලදී.
අනාගත පරපුරේ රග්බි ක්රීඩකයන්ට විනෝදාත්මක හා තරගකාරී පසුබිමක් තුළ තම කුසලතා ප්රදර්ශනය කිරීමට අවස්ථාවක් ලබාදීම මෙම තරගාවලියේ ප්රධානතම අරමුණ විය. උද්යෝගයෙන් යුතුව ක්රීඩා කිරීමට සියලු දෙනා දිරිගැන්වීම සහ ක්රීඩාශීලීත්වය වර්ධනය කිරීම උදෙසා තරගාවලියේ ශූරතාව දිනූ කණ්ඩායමක් නම් නොකරන ලදී.
CBL Foods International සමාගමේ සාමාන්යාධිකාරී (අලෙවි) නිලුපුල් ද සිල්වා මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ “මෙය අනාගත පරපුරේ ක්රීඩක ක්රීඩිකාවන් දිරිමත් කිරීම සඳහා අප ගන්නා උත්සාහයේ තවත් එක් පියවරකි. රිට්ස්බරි කවදත් රටේ යොවුන් දරුවන්ගේ ක්රීඩා හැකියාවන් දියුණු කිරීමට කැපවී ක්රියා කරනවා.එබැවින්, නැවත වරක් සුපර් 16 කනිෂ්ඨ රග්බි සැණකෙළියට සත්කාරක දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබද අප බෙහෙවින් සතුටට පත් වනවා. මෙවරත්, තරගාවලිය තුළදී සියලු කණ්ඩායම් තම උපරිම දක්ෂතාවන් ප්රදර්ශනය කිරීමට සමත් වුණා.” යනුවෙනි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තරගාවලියේ සංවිධායක කමිටුවේ ලේකම් ෂහිඩ් සංගානි මහතා පැවසුවේ, “දෙවැනි වරටත් මෙලෙස රිට්ස්බරි සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට මහත් ශක්තියක්. මේ හවුල්කාරීත්වය මෙරට රග්බි ක්රීඩාවේ නියුතු ළමා පරපුරේ කුසලතා තවදුරටත් නංවාලීමට හේතු වනු ඇතැයි අප විශ්වාස කරනවා. මේ වසරේදී පාසල් 23 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 112 ක් මෙම තරගාවලියට එක්වී සිටියා. ඒ නිසා මෙය අතිශයින් සාර්ථක බව කියන්නට පුළුවන්," යනුවෙනි.
රග්බි ක්රීඩාවට අමතරව රිට්ස්බරි තවත් ක්රීඩාවන් රැසකට අනුග්රාහක දායකත්වය ලබා දී ඇත. රිට්ස්බරි ශ්රීමත් ජෝන් ටාබට් මළල ක්රීඩා තරගාවලිය, විදුදය රිට්ස්බරි පිහිනුම් ක්රීඩා තරගාවලිය, රිට්ස්බරි කනිෂ්ඨ ජාතික ස්ක්වොෂ් ශූරතාවලිය සහ SLTA Tennis Tens All Island School Kids Tennis Play Day වැඩසටහන ආදිය ඒ අතරින් ප්රධාන තැනක් ගනී.
CBL Foods International සමාගමේ සාමාන්යාධිකාරී (අලෙවි) නිලුපුල් ද සිල්වා මහතා 2022 රිට්ස්බරි පවර් සුපර් 16 රග්බි තරගාවලියේ අනුග්රාහකත්වය නිල වශයෙන් එම තරගාවලියේ සභාපති සුම්මා නවරත්නම් මහතා වෙත භාරදුන් අවස්ථාව. (වමේ සිට) CBL Foods International සමාගමේ ජ්යෙෂ්ඨ කළමනාකරු (ප්රසම්පාදන) අසේල හේරත්, තරගාවලියේ සංවිධායක කමිටුවේ ලේකම් ෂහිඩ් සංගානි, රිට්ස්බරි කාණ්ඩ කළමනාකරු අරුණ ලියනපතිරණ සහ ප්රවර්ධන සහ ප්රචාරණ ජ්යෙෂ්ඨ කළමනාකරු පංචමය රත්නායක යන මහත්වරුද ඡායාරූපයෙහි වෙති.
Video Story