October, 19, 2022
ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රියතම චොක්ලට් සන්නාමය වන සිලෝන් බිස්කට් සමාගමේ ' රිට්ස්බරි' අනුග්‍රහකත්වයෙන් පවත්වනු ලැබූ 33 වන ‘රිට්ස්බරි ජාතික කනිෂ්ඨ ස්කොෂ් (squash) ශුරතාවලිය’ පසුගියදා (squash) නිමාවට පත් විය.
මෙවර ශුරතාවලියට, දිවයින පුරා පාසල් රැසක් නියෝජනය කරමින්, වයස අවුරුදු 09,11,13,15,17 සහ 19 න් පහළ වයස් කාණ්ඩ යටතේ, ඉහළ දක්ෂතාවයන් සහිත කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට වැඩි පිරිසක් සහභාගී වු අතර අවසන් තරගාවලිය කොළඹ එස්.එස්.සී. ස්කොෂ් ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.
CBL Foods International සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලුපුල් ද සිල්වා මහතා මෙම අනුග්‍රාහකත්වය පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, “ශ්‍රී ලංකාව තුළ ජාතික තලයේ ක්‍රීඩාවක් වශයෙන් ස්කොෂ් ක්‍රීඩාව නංවාලීමේ වැදගත්කම අප වටහාගෙන සිටිනවා. අපගේ මෙම මෙහෙවර හේතුවෙන් දේශීය ක්‍රීඩකයන්ට ජ්‍යත්තන්තර තලයට පිවිසීමට හැකිවීම අපට ඉමහත් ආඩම්බරයක් වන අතර, අප මෙම ශුරතාවලිය සදහා අඛණ්ඩ අනුග්‍රහකත්වය ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. තවද, ක්‍රීඩාව ජාතියේ අභිමානය වශයෙන් සලකන රිට්ස්බරි, මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට වසර 16ක් මුළුල්ලේ සත්කාරකත්වය දැක්වීම සම්බන්ධයෙන් අභිමනවත් ඉතිහාසයකට උරුමකම් කියනවා," යනුවෙනි.
මෙම ශුරතාවලියේදී ඩී.එස්.සේනානායක විද්‍යාලයේ නෙවිඳු ලක්මන් සහ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ චනිත්මා සිනාලි, අවුරුදු 19න් පහළ බාලක සහ බාලිකා ශූරීන් ලෙස තේරීපත් වූ අතර තවද ඔවුන් දෙදෙනා වසරේ ජාතික කනිෂ්ඨ බාලක, බාලිකා සම්මානයන් ද දිනා ගන්නා ලදී.
මේ අතර වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ මොහොමඩ් රිල්වාන් හිමිකරගත් අතර වසරේ නැගී එන ක්‍රීඩිකාව ලෙස අනුලා විද්‍යාලයේ පුන්සරා නිරූෂි වික්‍රමසිංහ සම්මාන දිනාගන්නා ලදී .
රට පුරා ස්කොෂ් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා සමාගමේ අධිෂ්ඨානශීලී කැපවීම ප්‍රදර්ශනය කරමින්, රිට්ස්බරි අඛණ්ඩව 14 වැනි වරටත් ශූරතාවලිය සංවිධානය කිරීම සඳහා ශ්‍රී ලංකා ස්කොෂ් (SLS) සමඟ ගිවිසුම්ගතව ඇත. SLS හි සභාපති සුරේන් කොහොබන්ගේ මෙම සහයෝගිතාව පිළිබද අදහස් දක්වමින් පැවසුවේ, “රිට්ස්බරි පසුගිය දශකය පුරා අපගේ සාර්ථකත්වයේ හවුල්කරුවෙකු වීම අගය කරන අතර ඒ මගින් ස්කොෂ් ක්‍රීඩාව ඉහළ මට්ටමකට ගෙනයාමට අපට අවස්ථාව උදා වුණා. සෑම වසරක මෙන්ම මේ වසරේදීත් මෙම සහයෝගිතාව රටේ ස්කොෂ් ක්‍රීඩාව ඉහළ නැංවීමට හේතු වූ බව අප විශ්වාස කරනවා," යනුවෙනි.
ස්කොෂ් ක්‍රීඩාව මේ වනවිට වාර්සික ක්‍රීඩා දින දර්ශනයේ ප්‍රධාන ඉසව්වක් ලෙස හඳුනාගෙන ඇති අතර, ඒ හරහා, මේ වන විටත් ජාත්‍යන්තර මට්ටමේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහි වී ඇත. එය ස්කොෂ් ක්‍රීඩාවේ ප්‍රගතිය සහ එය දිස්ත්‍රික් වශයෙන් ප්‍රචලිත කිරීම සඳහා රිට්ස්බරි දරන උත්සාහයේ ප්‍රබල පිළිබිඹුවකි.

වසරේ ජාතික කනිෂ්ඨ බාලක ක්‍රීඩක, ඩී.එස්.සේනානායක විද්‍යාලයේ නෙවිඳු ලක්මන් සහ,වසරේ ජාතික කනිෂ්ඨ බාලිකා ක්‍රීඩිකා සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ චනිත්මා සිනාලි

වසරේ නැගීඑන ක්‍රීඩිකාව අනුලා විද්‍යාලයේ පුන්සරා නිරූෂි වික්‍රමසිංහ සහ වසරේ නැගීඑන ක්‍රීඩික, මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ මොහොමඩ් රිල්වාන්
Video Story