• Ada Derana BIZ Sinhala
  • Ithiry App
  • Sadaharitha
  • sri lanka

මුළු රටටම Discount දෙන සදාහරිත Ithiry App එළි දකී

November, 22, 2022

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සියළුම ශ්‍රී ලාංකිකයින්ට දිවයින පුරා වට්ටම් ලබා දෙන මෙරට ප්‍රථම Discount App (යෙදවුම) සදාහරිත සමාගම මගින් දියත් කෙරිණි. සදාහරිත Ithiry App ලෙස නම් කර ඇති මෙම යෙදවුම ජංගම දුරකතනයේ ස්ථාපනය කර ගන්නා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම දිවයින පුරා වෙළෙඳසල්, ආහාර පාන, හෝටල්, රෝහල්, සෞඛය සේවා, අධ්‍යාපන සේවා ආදී ඕනෑම ක්ෂේත්‍රයක ගෙවීම් සිදු කිරීමේදි ඉහළ වට්ටම් හිමිකර ගත හැකිය.

මෙරට හරිත ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා සහ ශ්‍රී ලංකාවට අගාවුඩ් ශාකය හඳුන්වා දෙමින් රටට නව ඩොලර් උත්පාදන මාවතක් හඳුන්වා දුන් සදාහරිත සමූහ ව්‍යාපාරය 2022 වසරට යෙදී තිඛෙන සිය 20 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් මෙම Discount App සේවාව හඳුන්වා දී තිබේ.

35,000කට අධික සිය පාරිභෝගික ජනතාවට ජිවිතයේ සතුට හා ආස්වාදය සැනසිලිදායකව විඳගැනිමේ අවස්ථාව හිමිකර දෙමින් දැනට වසර කිහිපයක සිට සදාහරිත Privileged Card හඳුන්වා දෙමින් දිවයින පුරා සිදුකරන ගනුදෙනු වලදී ඔවුන් විශේෂ වට්ටම් හිමිකර දී තිබේ.

සමාගමේ එම අද්විතීය පාරිභෝගික සේවාව තවත් උසස් මට්ටමකට ගෙන එමින්  නව්‍ය තාක්ෂණය හා මුසුවන සදාහරිත සමාගම iOS හා Android තාක්ෂණය වේදිකා භාවිත කරමින් Ithiry App නිර්මාණය කර ඇත. මේ අනුව Ithiry App භාවිත කරන ඔබට දේශීය වෙළඳ සන්නාම 350කට අධික සංඛ්‍යාවක් සඳහා සුවිශේෂී වට්ටම් හා වාසි හිමිකර දෙයි. ඒ අනුව දිවයින පුරා 1000කට අධික වෙළඳ මධ්‍යස්ථාන වල දී ඔබට මෙම වට්ටම් ලබා ගැනීමට හැකිය. සදාහරිත Ithiry App සේවාව මගින් දිවයිනේ ගම් නගර සිසාරා වෙසෙන සියලුම ජනතාවගේ ජීවන හා ආර්ථීක තත්ත්වයන්ට සහන සලසමින් ඉහළ වට්ටම් හා වාසි හිමිකර දෙයි.

මෙම සුවිශේෂී වට්ටම් හා වාසි ලබා ගැනීමට ඔබේ ජංගම දුරකතනය Apple දුරකතනයක් නම් App store වෙත හෝ Android  දුරකතනයක් නම් Play store වෙත පිවිස Ithiry ලෙස Search කර App එක Download කරගන්න. අනතුරුව ඔබගේ දුරකථන අංකය හෝ Google ගිණුම හෝ Facebook  ගිණුම ඇතුලත් කර සදාහරිත Ithiry App ගිණුම සක්‍රීය කරගන්න.

ගිණුම සක්‍රීය කර ගැනීමෙන් අනතුරුව ඔබට වට්ටම් හා වාසි ලබා දෙන ක්ෂේත්‍ර, සන්නාම, ඒ ඒ ප්‍රදේශවල දැනට පවතින වට්ටම් ලබා දෙන වෙළඳසැල් සහ සේවා ආදිය පිළිබඳ සියලු විස්තර දැන ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව ඔබට අවශ්‍ය භාණ්ඩ හා සේවා, ඒවායේ මිල ගණන්, දැනට පවතිනවාද නැද්ද යන්න කල් ඇතිව දැන ගැනීමේ අවස්ථාවද මේ හරහා හිමිවේ. ඔබ භාණ්ඩ හා සේවා ලබා ගෙන ගෙවීම් සිදු කරන අවස්ථාවේ අදාල වෙළඳසැලේ ඇති QR කේතය Ithiry App එක හරහා Scan කර ඔබට හිමි වට්ටම් හා වාසි ලබාගත හැක.

සදාහරිත සමාගමේ අලෙවි හා විකුණුම් අධ්‍යක්ෂ ජයම්පති මිරැන්ඩෝ මහත්මා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “අපි වසර විස්සක් පුරා ජනතා විශ්වාසය දිනා ගත් දේශීය සමාගමක්. අපට නිරන්තරයෙන්ම මේ රටේ ජනතාවට සහය වීමට අවශ්‍යයි. මුල්‍ය අරමුණු සාක්ෂාත් කර ගන්නා අතර අපගේ සියලුම ජනතාවට සහාය වීම සදාහරිත සමාගමේ දැක්මේ කොටසක්. මෙම Ithiry වට්ටම් සේවාව හරහා ජිවිත වඩාත් පහසු කර ගැනීමට අපි ඔවුන්ට සහය ලබා දෙනවා.”

සදාහරිත සමාගමේ සාමාන්‍යාධිකාරී (පුහුණු හා ජාල කළමනාකරණ) නිරෝෂන්  මානවඩු මහතා  මෙම සුවිශේෂී දීමනාව පිළිබඳ අදහස් දක්වමින්  මෙසේ පැවසීය. “සදාහරිත සමාගම ආරම්භ කරලා මේ 2022 වසරට වසර 20ක් සැපිරෙනවා. ඉතාමත් සාර්ථක ගමන් මගක පැමිණි අප සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හරිත ආයෝජන සමාගම වශයෙන් ජනතා විශ්වාසය දිනා ගනිමින් සුවිශේෂ සන්ධිස්ථානයක් තමයි මේ පසු කරන්නෙ. ඒ අනුව රටේ පවතින වර්තමාන තත්ත්වය සහ අපගේ 35,000කට අධික පාරිභෝගික ජනතාව තැබු විශ්වාසයට කෘතගුණ සැලකීමක් වශයෙන් සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහත්මා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය මෙම සුවිශේෂි Ithiry App සේවාව හරහා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සහාය දක්වන්න තීරණය කළා. විශේෂයෙන්ම අපගේ පාරිභෝගික ජනතාවට Ithiry App  හරහා ඉහළ සුවිශේෂී වට්ටම් හා වාසි හිමි වෙනවා.”

ඔබත් අදම සදාහරිත Ithiry App ඔබේ ජංගම දුරකථනයේ ස්ථාපනය කරගෙන මෙම වට්ටම් හා වාසි හිමිකර ගන්න.

  • Ada Derana BIZ Sinhala
  • Sadaharitha
  • sri lanka

හරිත ආර්ථිකයකට පෙරමඟ සලකුණු කළ සදාහරිත සමූහ ව්‍යාපාරය සිය අභිමානවත් විසිවැනි වසර සමරයි

October, 17, 2022

ශ්‍රී ලාංකීය හරිත වාණිජ වන වගා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සදාහරිත සමූහ ව්‍යාපාරයේ අභිමානවත් 20 වන සැමරුම 2022 වසරටයෙදී ඇත. සිය සංවත්සරය වෙනුවෙන් සදාහරිත සමාගම ශ්‍රී ලාංකික ජනතාවට නවතම හරිත ආයෝජන සැලසුම් සහ විශේෂ වරප්‍රසාද රැසක් පිරිනමන බව සතුටින් නිවේදනය කර සිටි.

ශ‍්‍රී ලංකාවේ වාණිජ වන වගා කර්මාන්තයේ දශක දෙකක සාඩම්බර අත්දෑකීම් සහිත සදාහරිත සමූහ ව්‍යාපාරය මෙරටට නව්‍ය හරිත ආයෝජන සැලසුම් හඳුන්වා දුන් සමාගමක් වන අතර වර්තමානයේ අතිශය ජනප්‍රිය අගාවුඩ් වන වගාව ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් පොරෝගාමියා වශයෙන් එහි ගෞරවය හිමිකර ගෙන සිටි. 2002 වසරේ ආරම්භ කෙරුණු සදාහරිත සමාගම මෙරට වැවිලි කර්මාන්තය, අපනයන කර්මාන්තය සහ ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් ලෙස ජාතික ආර්ථිකයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. විශේෂයෙන්ම රටට ඩොලර් උත්පාදනය කරනු ලබන සමාගම් අතර හරිත ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වෙමින් යුරෝපය, මැදපෙරදිග ඇතුළු ගෝලීය අගාවුඩ් වෙළඳ පොලේ ශ්‍රී ලාංකේය නාමය ඉහළින්ම සනිටුහන් කිරීමට සමත් වීම සිය වසර 20ක දිගු ව්‍යාපාරික ගමන් මගේ සමාගම ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි.

මේ වන විට සේවකයින් 1300 කට වැඩි පිරිසකට සෘජු රැකියා අවස්ථා උත්පාදනය කර දී තිබෙන සදාහරිත සමුහ ව්‍යාපාරය වක්‍ර රැකියා ජනනය හරහා මෙරට රැකියා වියුක්තිය අවම කිරීමට ඉහළ දායකත්වයක් ලබා දී ඇති දේශීය සමාගමකි. සමාගමේ ස්ථාවර වර්ධනයේ පදනම ගනුදෙනුකරුවන් 35,000 කට අධික සංඛ්‍යාවකගේ විශ්වාසනීයත්වය මගින් ශක්තිමත් වී තිබේ. සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශ්වාසයේ ප්‍රතිලාභ හිමිකර දෙමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට අගාවුඩ් ආයෝජකයන් වෙත මුදල් ප්‍රතිලාභ පිරිනැමීම සිදු කල එකම අගාවුඩ් ආයෝජන සමාගම සදාහරිත වන අතර එහිදී මෙරට ප්‍රථම වරට අගාවුඩ් සඳහා මුදල් ආයෝජනය කරන ලද ආයෝජකයින්ට සහතික වන ලද ප්‍රතිලාභ මුදල මෙන් දෙගුණයක ප්‍රතිලාභ මුදල් පිරිනැමීමට සදාහරිත සමාගම කටයුතු කළේය.

ජාතියේ හරිත සන්නාමය ලෙස මෙරට පාරිසරික තිරසරභාවය පවත්වාගැනීමට සිය ව්‍යාපාරය හරහා සෘජුව දායකත්වය සපයන සදාහරිත සමාමේ ප්‍රථම අගාවුඩ් වතුයාය කළුතර දිස්ත්‍රික්කයේ නෑබඩ පිහිටා ඇති අතර ආසියාවේ විශාලතම අගාවුඩ් පැල තවාන වන සදාහරිත පැල තාවාන සහ පර්යේෂණ මධ්‍යස්ථානය ඉංගිරිය ප්‍රදේශයේ ස්ථාපිතව ඇත. අක්කර 3000කට අධික භුමි ප්‍රමාණයකින් යුතු සදාහරිත වාණිජ වන වගා ව තුල අගාවුඩ් අක්කර 1100 ඉක්මවා ඇත. පාරිභෝගික ප්‍රතිලාභ වඩාත් සුරක්ෂිත කරමින් සිය වතු යායන් අවදානම් කළමනාකරණය කිරීමේ ක්‍රමවේදය අනුව දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි ස්ථාපිත කිරීමට සමාගම කටයුතු කර ඇත. මේවන විට පාරිභෝගික ප්‍රතිලාභ වඩාත්  ඉහළ නැංවීම සහ වෙනස්වන සුළු දේශීය ආර්ථික පසුබිම තුල ස්ථාවරත්වය වඩාත් තිරසාර කිරීමේ අරමුණින් මැඩගස්කර රාජ්‍යයේ වැනිලා සහ ඔයිල් පාම් අක්කර 5500ක වතු යායකට සදාහරිත සමාගම ආයෝජනය කර තිබේ.

සදාහරිත සමූහ ව්‍යාපාරයේ විසි වසරක සාර්ථකත්වය පිළිබඳව එහි සභාපති සතිස් නවරත්න මහතා මෙසේ අදහස් දැක්විය.' ඇත්තෙන්ම අපි ජනතාවට මේ වසර විස්සක ගමන් මගේ වාණිජ වන වගා ආයෝජන අලෙවි කිරීමටට වඩා විශ්වාසය අලෙවි කරන ලද සමාගමක්. සැබෑම විශ්වාසය සුරක්ෂිත කිරීම නිසා තමයි අපගේ පාරිභෝගික ගනුදෙනුකාර පාර්ශවයන් අප සමඟ වසර විස්සක් පුරා රැඳී සිටින්නේ. අපේ ව්‍යාපාරය මුල්‍යමය ලාභ ඉක්මවා ගිය ජාතියක් වශයෙන් පාරිසරික තිරසරභාවය ආරක්ෂා කිරිම විශාල කැපවීමක් සිදු කරන සමාගමක්. මුල්‍ය සුරක්ෂිතභාවය, අනෙකුත් මුල්‍ය ආයෝජනයන්ට වඩා ඉහළ ප්‍රතිලාභ සහ රට වෙනුවෙන් සිය වගකීම ඉටුකරන ලද බවට වන අභිමානය අපේ පාරිභෝගිකයන්ට තිබෙනවා. අපගේ සෑම සේවකයෙක්ම සිය පවුලට දක්වන්නාවූ හෘදයාංගම බව සදාහරිත අපේ පවුලටත් එසේම දක්වමින් සිය උපරිම කැපවීම ලබා දීමත් පාරිභෝගික ප්‍රජාවට උසස්ම සේවාවක් පිරිනැමීමත් අපගේ මේ  සාර්ථකතත්වයේ මුලිකම පදනම බවට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම පාරිභෝගික ප්‍රතිලාභ තවත් ඉහළ නැංවීමේ අරමුණින් ලෝකය පුරා සදාහරිත අපගේම අගාවුඩ් වෙළඳසැල් 100ක් ආරම්භ කීරීම සැලසුම් කර තිබෙනවා. සමූහ ව්‍යාපාරයක් වශයන් අද දවසේ අප සාර්ථකත්වය වෙනුවෙන් මනා මුල්‍ය විනයක් පවත්වා ගනිමින් සිය කැපවීම ආයතනය වෙනුවෙන් ලබා දුන් සියලුම අපගේ සියලුම සේවක මණ්ඩලයට මේ අවස්ථාවේ මගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටින අතර අප කෙරෙහි විශ්වාස තබමින් අප ආයතනය හා සම්බන්ද වූ සියලුම ගනුදෙනුකරුවන්ට සහ සියලුම පාර්ශවකරුවන්ට  බෙහෙවින්ම ස්තුතියි.

ලෝකයේ ඉහළම මිලෙන් යුතු අංක එකේ සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අගාවුඩ් නිමි නිෂ්පාදන සඳහා අපනයනය  කිරීමට අමතරව ශ්‍රී ලාංකීය සුවඳ විලවුන් සන්නාමයක් ප්‍රථම ලොවට හඳුන්වා දීමටද 2018 වසරේ සදාහරිත සමාගම කටයුතු කළේය. අගාවුඩ් තෙල් නිස්සාරණය කිරීමේ සහ චිප්ස් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවද  ඉංගිරියේ ස්ථාපිත කර ඇත.