• Ada Derana BIZ Sinhala
  • Ithiry App
  • Sadaharitha
  • sri lanka

මුළු රටටම Discount දෙන සදාහරිත Ithiry App එළි දකී

November, 22, 2022

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සියළුම ශ්‍රී ලාංකිකයින්ට දිවයින පුරා වට්ටම් ලබා දෙන මෙරට ප්‍රථම Discount App (යෙදවුම) සදාහරිත සමාගම මගින් දියත් කෙරිණි. සදාහරිත Ithiry App ලෙස නම් කර ඇති මෙම යෙදවුම ජංගම දුරකතනයේ ස්ථාපනය කර ගන්නා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම දිවයින පුරා වෙළෙඳසල්, ආහාර පාන, හෝටල්, රෝහල්, සෞඛය සේවා, අධ්‍යාපන සේවා ආදී ඕනෑම ක්ෂේත්‍රයක ගෙවීම් සිදු කිරීමේදි ඉහළ වට්ටම් හිමිකර ගත හැකිය.

මෙරට හරිත ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා සහ ශ්‍රී ලංකාවට අගාවුඩ් ශාකය හඳුන්වා දෙමින් රටට නව ඩොලර් උත්පාදන මාවතක් හඳුන්වා දුන් සදාහරිත සමූහ ව්‍යාපාරය 2022 වසරට යෙදී තිඛෙන සිය 20 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් මෙම Discount App සේවාව හඳුන්වා දී තිබේ.

35,000කට අධික සිය පාරිභෝගික ජනතාවට ජිවිතයේ සතුට හා ආස්වාදය සැනසිලිදායකව විඳගැනිමේ අවස්ථාව හිමිකර දෙමින් දැනට වසර කිහිපයක සිට සදාහරිත Privileged Card හඳුන්වා දෙමින් දිවයින පුරා සිදුකරන ගනුදෙනු වලදී ඔවුන් විශේෂ වට්ටම් හිමිකර දී තිබේ.

සමාගමේ එම අද්විතීය පාරිභෝගික සේවාව තවත් උසස් මට්ටමකට ගෙන එමින්  නව්‍ය තාක්ෂණය හා මුසුවන සදාහරිත සමාගම iOS හා Android තාක්ෂණය වේදිකා භාවිත කරමින් Ithiry App නිර්මාණය කර ඇත. මේ අනුව Ithiry App භාවිත කරන ඔබට දේශීය වෙළඳ සන්නාම 350කට අධික සංඛ්‍යාවක් සඳහා සුවිශේෂී වට්ටම් හා වාසි හිමිකර දෙයි. ඒ අනුව දිවයින පුරා 1000කට අධික වෙළඳ මධ්‍යස්ථාන වල දී ඔබට මෙම වට්ටම් ලබා ගැනීමට හැකිය. සදාහරිත Ithiry App සේවාව මගින් දිවයිනේ ගම් නගර සිසාරා වෙසෙන සියලුම ජනතාවගේ ජීවන හා ආර්ථීක තත්ත්වයන්ට සහන සලසමින් ඉහළ වට්ටම් හා වාසි හිමිකර දෙයි.

මෙම සුවිශේෂී වට්ටම් හා වාසි ලබා ගැනීමට ඔබේ ජංගම දුරකතනය Apple දුරකතනයක් නම් App store වෙත හෝ Android  දුරකතනයක් නම් Play store වෙත පිවිස Ithiry ලෙස Search කර App එක Download කරගන්න. අනතුරුව ඔබගේ දුරකථන අංකය හෝ Google ගිණුම හෝ Facebook  ගිණුම ඇතුලත් කර සදාහරිත Ithiry App ගිණුම සක්‍රීය කරගන්න.

ගිණුම සක්‍රීය කර ගැනීමෙන් අනතුරුව ඔබට වට්ටම් හා වාසි ලබා දෙන ක්ෂේත්‍ර, සන්නාම, ඒ ඒ ප්‍රදේශවල දැනට පවතින වට්ටම් ලබා දෙන වෙළඳසැල් සහ සේවා ආදිය පිළිබඳ සියලු විස්තර දැන ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව ඔබට අවශ්‍ය භාණ්ඩ හා සේවා, ඒවායේ මිල ගණන්, දැනට පවතිනවාද නැද්ද යන්න කල් ඇතිව දැන ගැනීමේ අවස්ථාවද මේ හරහා හිමිවේ. ඔබ භාණ්ඩ හා සේවා ලබා ගෙන ගෙවීම් සිදු කරන අවස්ථාවේ අදාල වෙළඳසැලේ ඇති QR කේතය Ithiry App එක හරහා Scan කර ඔබට හිමි වට්ටම් හා වාසි ලබාගත හැක.

සදාහරිත සමාගමේ අලෙවි හා විකුණුම් අධ්‍යක්ෂ ජයම්පති මිරැන්ඩෝ මහත්මා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “අපි වසර විස්සක් පුරා ජනතා විශ්වාසය දිනා ගත් දේශීය සමාගමක්. අපට නිරන්තරයෙන්ම මේ රටේ ජනතාවට සහය වීමට අවශ්‍යයි. මුල්‍ය අරමුණු සාක්ෂාත් කර ගන්නා අතර අපගේ සියලුම ජනතාවට සහාය වීම සදාහරිත සමාගමේ දැක්මේ කොටසක්. මෙම Ithiry වට්ටම් සේවාව හරහා ජිවිත වඩාත් පහසු කර ගැනීමට අපි ඔවුන්ට සහය ලබා දෙනවා.”

සදාහරිත සමාගමේ සාමාන්‍යාධිකාරී (පුහුණු හා ජාල කළමනාකරණ) නිරෝෂන්  මානවඩු මහතා  මෙම සුවිශේෂී දීමනාව පිළිබඳ අදහස් දක්වමින්  මෙසේ පැවසීය. “සදාහරිත සමාගම ආරම්භ කරලා මේ 2022 වසරට වසර 20ක් සැපිරෙනවා. ඉතාමත් සාර්ථක ගමන් මගක පැමිණි අප සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හරිත ආයෝජන සමාගම වශයෙන් ජනතා විශ්වාසය දිනා ගනිමින් සුවිශේෂ සන්ධිස්ථානයක් තමයි මේ පසු කරන්නෙ. ඒ අනුව රටේ පවතින වර්තමාන තත්ත්වය සහ අපගේ 35,000කට අධික පාරිභෝගික ජනතාව තැබු විශ්වාසයට කෘතගුණ සැලකීමක් වශයෙන් සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහත්මා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය මෙම සුවිශේෂි Ithiry App සේවාව හරහා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සහාය දක්වන්න තීරණය කළා. විශේෂයෙන්ම අපගේ පාරිභෝගික ජනතාවට Ithiry App  හරහා ඉහළ සුවිශේෂී වට්ටම් හා වාසි හිමි වෙනවා.”

ඔබත් අදම සදාහරිත Ithiry App ඔබේ ජංගම දුරකථනයේ ස්ථාපනය කරගෙන මෙම වට්ටම් හා වාසි හිමිකර ගන්න.