• Ada Derana BIZ Sinhala
  • national inflation
  • September
  • sri lanka

ජාතික උද්ධමනය 73.7%ක් දක්වා ඉහළට

October, 22, 2022

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 70.2හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 73.7ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 84.6හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 85.8 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 57.1හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 62.8 දක්වා ඉහළ ගියේය.

මෑතකාලීනව පෙන්නුම් කළ මාසික උද්ධමනයෙහි පහළ යෑම 2022 සැප්තැම්බර් මාසයේදී ද දක්නට ලැබුණි. ඒ අනුව, 2022 සැප්තැම්බර් මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 2.34ක් වූ අතර, ආහාර නොවන සහ ආහාර කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 1.96කින් සහ සියයට 0.38කින් ඉහළ යෑම මේ සදහා හේතු විය. ආහාර නොවන කාණ්ඩය තුළ 2022 සැප්තැම්බර් මාසයේ දී, නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (විදුලි ගාස්තු, භූමිතෙල් සහ ජල ගාස්තු) හා විවිධ භාණ්ඩ සහ සේවා යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ ගියේය. මේ අතර, ආහාර කාණ්ඩය තුළ, පලතුරු, තිරිඟු පිටි සහ කුකුල් මස් මිල ගණන් ඉහළ යන ලදී. එසේ වුවද, සහල්, සීනි සහ පරිප්පු මිල ගණන් 2022 සැප්තැම්බර් මාසයේදී පහළ ගියේය.

තවද, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 31.3හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 36.9 දක්වා ඉහළ ගියේය.

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 60.5හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 64.1 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 26.0හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 31.0 දක්වා ඉහළ ගියේය.

  • Ada Derana BIZ Sinhala
  • September
  • sri lanka
  • Sri Lanka Purchasing Managers’ Index

නිෂ්පාදන ක්‍රියාකාරකම් පහළ යද්දී සේවා ක්‍රියාකාරකම්වල සුළු ඉහළ යෑමක්

October, 18, 2022

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2022 සැප්තැම්බර්

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක වලට අනුව 2022 සැප්තැම්බර් මාසයේ දී, සේවා ක්‍රියාකාරකම්වල සුළු ඉහළ යෑමක් සහ නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පහත වැටීමක් දක්නට ලැබුණි.

පෙර මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පසුබෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 සැප්තැම්බර් මාසයේ දී පහළ යන ලදී.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2022 සැප්තැම්බර් මාසයේ දී 51.2ක දර්ශක අගයක් වාර්තා කරමින් සුළු වර්ධනයක් පෙන්නුම් කළ අතර, මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්වල ඉහළ යෑම හේතු විය.

නව ඇනවුම් සහ නිෂ්පාදන පහළ වැටීම කෙරෙහි ආහාර හා පාන වර්ග නිෂ්පාදන සහ රෙදිපිළි හා ඟඇලුම් නිෂ්පාදන යන අංශයන්හි දක්නට ලැබුනු පසු බැසීම ප්‍රධාන වශයෙන් දායක විය.

පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ ශක්තිය පිරිහීම හේතුවෙන් මෙලෙස ඉල්ලුම පහත වැටුනු බව, ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශය ද ඇතුළුව ප්‍රධාන වශයෙන් දේශීය ඳවෙළපොළ අරමුණු කරගෙන නිෂ්පාදන කටයුතුවල නියැලෙන බොහෝ ප්‍රතිචාර දැක්වූවන් ඳසහන් කරන ලදී.

තවද, ප්‍රධාන අපනයන ගමනාන්තයන්හි ආර්ථික අවපාතයන් අත්වීමට ඇති ඉඩකඩ ඳපිළිබව පවතින බිය හේතුවෙන් විදේශ ඉල්ලුමෙහි ද අඩු වීමක් දක්නට ලැබෙන බව අපනයනාභිමුඛ කර්මාන්තවල යෙදී සිටින නිෂ්පාදකයින් ඳසහන් කරන ලදී.

එසේ වුව ද, රෙදිපිළි හා ඟඇලුම් නිෂ්පාදන අංශයේ සේවා නියුක්තියේ වර්ධනයක් දක්නට ලැබුණු අතර සමස්ත සේවා නියුක්තිය පෙර මාසයේ පැවති මට්ටමහිම පැවතුණි. සේවක ඟහියෙන් නිතර පීඩා ඳවීන ඟඇළුම් කර්මාන්තය, ව්‍යාපාර ඳපිළිබව ඉදිරි දැක්ම යහපත් නොවන තත්ත්වයක් වුව ද, යහපත් ශ්‍රම සැපයුමක් පවතින වාතාවරණය ප්‍රයෝජනයට ගනිමින් එම අංශයට සේවා නියුක්තිකයන් ඳබවා ගැනීමට නැඹුරු වී ඇත.

නව ඇනවුම් සහ නිෂ්පාදන අඩු වීමට සමගාමීව තොග මිලදී ගැනුම් අඩු වූ අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය 2022 සැප්තැම්බර් මාසයේ දී සුළු වශයෙන් වර්ධනය විය.

මෑත කාලීනව යම් ප්‍රගතියක් දක්නට ලැබුණ අඩු විදේශ විනිමය ලබා ගැනීමේ අපහසුතා තව දුරටත් පැවතීම හේතුවෙන් අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතාවන්ට තමන් අඛණ්ඩට මුහුණ දෙන බව සමහර ප්‍රතිචාර දැකිවූවන් ඳසහන් කරන ලදී.

ඉදිරි මාසවල දී ඉල්ලුම් අංශයේ පවතින බාධාවන් වර්ධනය වීමට ඇති හැකියාව හේතුවෙන්, ඉදිරි මාස තුන තුළ නිෂ්පාදන කටයුතු ඳසහා වන අපේක්ෂාවන් 2022 සැප්තැම්බර් මාසයේ දී පහත වැටෙන ලදී.

සේවා අංහයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2022 සැප්තැම්බර් මාසයේ දී 51.2ක දර්ශක අගයක් වාර්ත කරමින් සුළු වර්ධනයක් පෙන්නුම් කළ අතර, මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්වල ඉහළ යෑම හේතු විය.

ප්‍රධාන වශයෙන්, මූල්‍ය සේවා, නවාතැන් හා ආහාරපානස සැපයීමේ සේවා සහ අධ්‍යාපන යන උප අංශවල දක්නට ලැබුණු ඉහළ යෑම සමඟ, 2022 අගෝස්තු මාසයට සාපේක්ෂව 2022 සැප්තැම්බර් මාසයේ දී නව ව්‍යාපාර වර්ධනය විය.

ඉන්ධන හිඟය පහව යෑම සහ ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු වීම මධ්‍යෙය් සේවා අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් සැප්තැම්බර් මාසයේ දී තව දුරටත් ඉහළ ගියේය. ඒ අනුව, මූල්‍ය සේවා, අනෙකුත් පෞද්ගලික සේවා, අධ්‍යාපන සහ රක්ෂණ යන උප අංශවලට අදාළ ව්‍යාපාර ක්‍රියාකාරකම් පෙර මාසයට සාපේක්ෂව ඉහළ යෑම් වාර්තා කර ඇත. එසේ වුවද, දේපළ වෙළඳාම, තැපැල් හා කුරියර් සේවා සහ මහජන සෞඛ්‍ය කටයුතු යන උප අංශවල ව්‍යාපාර ක්‍රියාකාරකම් 20222 සැප්තැම්බර් මාසය තුළ පහත වැටුණි.

සේවකයන් ඉවත්වීම් ඉහළ යෑම සහ විශ්‍රාම ගැනීම් වලට අමතරව නව බඳවාගැනීම් අත්හිටුවීම් හේතුවෙන් සැප්තැම්බර් මාසයේ දී සේවා නියුක්තිය අඛණ්ඩව පහළ ගියේය. මේ අතර, කාර්ය මණ්ඩල වලට මුහුණ දීමට සිඳු වූ ප්‍රවාහන දුෂ්කරතා අවම වීම හේතුවෙන් නිමකිරීමට නියමිත කාර්යයන් තව දුරටත් පහළ ගියේය.

ආර්ථික තත්ත්වයන්හි වැඩිදියුණු වීම සහ එළැඹෙන උත්සව සමය හේතුවෙන් වර්ධනය වූ සුබවාදී අදහස් සමඟින්, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් 2022 සැප්තැම්බර් මාසයේ දී තවදුරටත් වර්ධනය විය. එසේ වුව ද, බොහෝ ප්‍රතිචාර දක්වන්නන් විසින් සැපයුම් සම්බන්ධව පවත්නා දුෂ්කරතා, එකතු කළ අගය මත බද්ද වැඩිකිරීම, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දීම සහ සෘජු බදු වැඩි කිරීම වැනි තම ව්‍යාපාර මෙහෙයුම් කෙරෙහි සෘණාත්මක බලපෑම් ඇති කළ හැකි කරුණු පිළිබඳව කනස්සල්ල පළ කරන ලදී.

 

  • Ada Derana BIZ Sinhala
  • September
  • sri lanka
  • tourist arrivals

2022 අඩුම සංචාරක පැමිණීම සැප්තැම්බරයේ දී

October, 10, 2022

පසුගිය සැප්තැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 29,802 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ.

මෙහි ඇති විශේෂත්වය නම් 2022 වර්ෂයේ තනි මාසයක් තුළ පැමිණ ඇති අඩුම සංචාරක සංඛ්‍යාව ලෙසින් මෙය සටහන් වීමයි.

මීට පෙර මෙම වසර තුළ අඩුම මෙරට සංචාරක පැමිණීමේ පහළම අගය වාර්තා වී තිබුණේ පසුගිය මැයි මාසයේ දීය. එය 30,207 කි.

2022 මුල් මාස 09 තුළ පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්‍රමාණය 526,232 ක් වේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ 2022 සැප්තැම්බර් මාසය තුළ සංචාරක ඉපයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 53.6 ක් බවයි.

ඒ අනුව 2022 මුල් මාස 09 තුළ මුළු සංචාරක ඉපයීම් ඩොලර් මිලියන 946.4 ක් වේ.