October, 18, 2022
ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක වලට අනුව 2022 සැප්තැම්බර් මාසයේ දී, සේවා ක්‍රියාකාරකම්වල සුළු ඉහළ යෑමක් සහ නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පහත වැටීමක් දක්නට ලැබුණි.
පෙර මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පසුබෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 සැප්තැම්බර් මාසයේ දී පහළ යන ලදී.
සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2022 සැප්තැම්බර් මාසයේ දී 51.2ක දර්ශක අගයක් වාර්තා කරමින් සුළු වර්ධනයක් පෙන්නුම් කළ අතර, මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්වල ඉහළ යෑම හේතු විය.
නව ඇනවුම් සහ නිෂ්පාදන පහළ වැටීම කෙරෙහි ආහාර හා පාන වර්ග නිෂ්පාදන සහ රෙදිපිළි හා ඟඇලුම් නිෂ්පාදන යන අංශයන්හි දක්නට ලැබුනු පසු බැසීම ප්‍රධාන වශයෙන් දායක විය.
පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ ශක්තිය පිරිහීම හේතුවෙන් මෙලෙස ඉල්ලුම පහත වැටුනු බව, ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශය ද ඇතුළුව ප්‍රධාන වශයෙන් දේශීය ඳවෙළපොළ අරමුණු කරගෙන නිෂ්පාදන කටයුතුවල නියැලෙන බොහෝ ප්‍රතිචාර දැක්වූවන් ඳසහන් කරන ලදී.
තවද, ප්‍රධාන අපනයන ගමනාන්තයන්හි ආර්ථික අවපාතයන් අත්වීමට ඇති ඉඩකඩ ඳපිළිබව පවතින බිය හේතුවෙන් විදේශ ඉල්ලුමෙහි ද අඩු වීමක් දක්නට ලැබෙන බව අපනයනාභිමුඛ කර්මාන්තවල යෙදී සිටින නිෂ්පාදකයින් ඳසහන් කරන ලදී.
එසේ වුව ද, රෙදිපිළි හා ඟඇලුම් නිෂ්පාදන අංශයේ සේවා නියුක්තියේ වර්ධනයක් දක්නට ලැබුණු අතර සමස්ත සේවා නියුක්තිය පෙර මාසයේ පැවති මට්ටමහිම පැවතුණි. සේවක ඟහියෙන් නිතර පීඩා ඳවීන ඟඇළුම් කර්මාන්තය, ව්‍යාපාර ඳපිළිබව ඉදිරි දැක්ම යහපත් නොවන තත්ත්වයක් වුව ද, යහපත් ශ්‍රම සැපයුමක් පවතින වාතාවරණය ප්‍රයෝජනයට ගනිමින් එම අංශයට සේවා නියුක්තිකයන් ඳබවා ගැනීමට නැඹුරු වී ඇත.
නව ඇනවුම් සහ නිෂ්පාදන අඩු වීමට සමගාමීව තොග මිලදී ගැනුම් අඩු වූ අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය 2022 සැප්තැම්බර් මාසයේ දී සුළු වශයෙන් වර්ධනය විය.
මෑත කාලීනව යම් ප්‍රගතියක් දක්නට ලැබුණ අඩු විදේශ විනිමය ලබා ගැනීමේ අපහසුතා තව දුරටත් පැවතීම හේතුවෙන් අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතාවන්ට තමන් අඛණ්ඩට මුහුණ දෙන බව සමහර ප්‍රතිචාර දැකිවූවන් ඳසහන් කරන ලදී.

ඉදිරි මාසවල දී ඉල්ලුම් අංශයේ පවතින බාධාවන් වර්ධනය වීමට ඇති හැකියාව හේතුවෙන්, ඉදිරි මාස තුන තුළ නිෂ්පාදන කටයුතු ඳසහා වන අපේක්ෂාවන් 2022 සැප්තැම්බර් මාසයේ දී පහත වැටෙන ලදී.
සේවා අංහයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2022 සැප්තැම්බර් මාසයේ දී 51.2ක දර්ශක අගයක් වාර්ත කරමින් සුළු වර්ධනයක් පෙන්නුම් කළ අතර, මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්වල ඉහළ යෑම හේතු විය.
ප්‍රධාන වශයෙන්, මූල්‍ය සේවා, නවාතැන් හා ආහාරපානස සැපයීමේ සේවා සහ අධ්‍යාපන යන උප අංශවල දක්නට ලැබුණු ඉහළ යෑම සමඟ, 2022 අගෝස්තු මාසයට සාපේක්ෂව 2022 සැප්තැම්බර් මාසයේ දී නව ව්‍යාපාර වර්ධනය විය.
ඉන්ධන හිඟය පහව යෑම සහ ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු වීම මධ්‍යෙය් සේවා අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් සැප්තැම්බර් මාසයේ දී තව දුරටත් ඉහළ ගියේය. ඒ අනුව, මූල්‍ය සේවා, අනෙකුත් පෞද්ගලික සේවා, අධ්‍යාපන සහ රක්ෂණ යන උප අංශවලට අදාළ ව්‍යාපාර ක්‍රියාකාරකම් පෙර මාසයට සාපේක්ෂව ඉහළ යෑම් වාර්තා කර ඇත. එසේ වුවද, දේපළ වෙළඳාම, තැපැල් හා කුරියර් සේවා සහ මහජන සෞඛ්‍ය කටයුතු යන උප අංශවල ව්‍යාපාර ක්‍රියාකාරකම් 20222 සැප්තැම්බර් මාසය තුළ පහත වැටුණි.
සේවකයන් ඉවත්වීම් ඉහළ යෑම සහ විශ්‍රාම ගැනීම් වලට අමතරව නව බඳවාගැනීම් අත්හිටුවීම් හේතුවෙන් සැප්තැම්බර් මාසයේ දී සේවා නියුක්තිය අඛණ්ඩව පහළ ගියේය. මේ අතර, කාර්ය මණ්ඩල වලට මුහුණ දීමට සිඳු වූ ප්‍රවාහන දුෂ්කරතා අවම වීම හේතුවෙන් නිමකිරීමට නියමිත කාර්යයන් තව දුරටත් පහළ ගියේය.

ආර්ථික තත්ත්වයන්හි වැඩිදියුණු වීම සහ එළැඹෙන උත්සව සමය හේතුවෙන් වර්ධනය වූ සුබවාදී අදහස් සමඟින්, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් 2022 සැප්තැම්බර් මාසයේ දී තවදුරටත් වර්ධනය විය. එසේ වුව ද, බොහෝ ප්‍රතිචාර දක්වන්නන් විසින් සැපයුම් සම්බන්ධව පවත්නා දුෂ්කරතා, එකතු කළ අගය මත බද්ද වැඩිකිරීම, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දීම සහ සෘජු බදු වැඩි කිරීම වැනි තම ව්‍යාපාර මෙහෙයුම් කෙරෙහි සෘණාත්මක බලපෑම් ඇති කළ හැකි කරුණු පිළිබඳව කනස්සල්ල පළ කරන ලදී.
Video Story