January, 19, 2023
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති LMD පාරිභෝගික විශිෂ්ටත්ව සමීක්ෂණයේදී අඛණ්ඩව සිවුවැනි වරටත් අංක එක ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.
මෙම ජයග්රහණය, වසර 34 ක ඉතිහාසය පුරා සෙලාන් බැංකුව නිරන්තරයෙන් පවත්වාගත් පාරිභෝගික සේවා විශිෂ්ටත්වය තවමත් එලෙසින්ම පවතින බවට මනා සාක්ෂියකි. මෙම කාලය තුළ, ‘සුහද හදක් ඇති දේශීය බැංකුව’ යන තේමාවට අනුව, ගනුදෙනුකරුවන්ගේ අවශ්යතාවන් නිවැරදිව හඳුනා ගනිමින්, එම අවශ්යතාවන්ට ගැළපෙන මූල්යමය විසඳුම් හඳුන්වා දීමට සෙලාන් බැංකුව නිරන්තරයෙන් පියවර ගෙන තිබේ.
“ගනුදෙනුකරුවන්ට ලබාදෙන ප්රධාන සේවාවන් බොහෝ දුරට එක සමාන වන ක්ෂේත්රයක් තුළ, ඒවා ලබාදෙන ආයතන වල විශේෂත්වයන් රඳා පවතින්නේ පාරිභෝගික සේවාව මතයි. ගනුදෙනුකරුවන්ට ප්රමුඛත්වය ලබාදීම යනු සෙලාන් බැංකුවේ අනිවාර්ය ගුණාංගයක් මෙන්ම, එහි කාර්ය මණ්ඩලයේ සෑම කෙනෙකුම අනුගමනය කරන මූලධර්මයක්. ඒ වෙනුවෙන් අඛණ්ඩව වසර 4 ක් තිස්සේ මේ ආකාරයෙන් ඇගයීමට ලක්වීමට හැකි වීම අපට මහත් සතුටක්,” සෙලාන් බැංකුවේ නියෝජ්ය ප්රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර මහතා පැවසී ය.
පාරිභෝගික සේවාවේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම සඳහා පමණක් නොව, විවිධ වැඩසටහන් ඔස්සේ පාරිභෝගික අත්දැකීම් කළමනාකරණය කිරීම සඳහාද සෙලාන් බැංකුව දැඩි අවධානයක් යොමුකර ඇත. පාරිභෝගික අත්දැකීම් ක්රියාවලියේ සෑම පියවරක්ම සමීපව නිරීක්ෂණය කිරීම හා කළමනාකරණය කිරීම මගින්, දීර්ඝකාලීනව පාරිභෝගික තෘප්තිය සහතික කිරීමට බැංකුවට හැකියාව ලැබී තිබේ.
සෙලාන් බැංකුවේ පාරිභෝගික සේවාව අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා වෙනම පාරිභෝගික අත්දැකීම් කළමනාකරණ කණ්ඩායමක් නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින අතර, ඒ වෙනුවෙන් ඔවුන් විවිධාකාර වූ ක්රමවේදයන් හඳුන්වා දී ඇත. සමීක්ෂණ සිදුකිරීම, තරගකාරී ආයතන සංසන්දනාත්මකව විශ්ලේෂණයට ලක්කිරීම සහ අභ්යන්තර විගණනයක් සිදුකිරීම ඇතුළුව විධික්රම රාශියක් ඔස්සේ තම පාරිභෝගික සේවාවේ ගුණාත්මකභාවය ඉහළම මට්ටමින් පවත්වා ගැනීමට බැංකුවට හැකි වී තිබේ.
හුදෙක් ව්යාපාරික අරමුණු වලට සීමා නොවී, ඉහළම තලයේ පාරිභෝගික සේවාවක් සමගින් ගනුදෙනුකරුවන්ට වඩාත්ම වැදගත් වන විසඳුම් හඳුන්වා දීමට සෙලාන් බැංකුව නිරන්තරයෙන් කටයුතු කරයි. මෙම ප්රවේශය තුළින්, පවතින අවස්ථාවන්ගෙන් උපරිම ප්රයෝජන ලබමින්, තමන්ගේ මෙන්ම සමස්තයක් ලෙස රටේ ආර්ථිකයේ දියුණුවට බලපාන තීරණ ඔස්සේ ඉදිරියට යාම සෙලාන් බැංකුවේ කළමනාකාරීත්වයේ අරමුණ වී තිබේ.
රටේ ප්රධානතම සන්නාම සේවා සමීක්ෂණවලින් එකක් වන LMD මාර්ගගත (online) පාරිභෝගික විශිෂ්ටතා සමීක්ෂණය 2022 ජූලි 15 සිට 2022 සැප්තැම්බර් 15 දක්වා පැවැත්වුණු අතර, ඊට ප්රතිචාර 2,800 කට අධික ප්රමාණයක් ලැබී තිබිණි. මෙම සමීක්ෂණය මගින් සේවා කාණ්ඩ 22 ක් ආවරණය කරන ලද අතර, එම කාණ්ඩ වලට අදාළව තම ප්රියතම සමාගම හෝ ආයතනය නම් කරන ලෙස ඊට දායක වූවන්ගෙන් ඉල්ලා සිටින ලදි. මෙහි ප්රතිඵල අනුව, වැඩිම මනාප ලැබූ සමාගම් හා ආයතන 20 ලැයිස්තුව එම අනුපිළිවෙළට ප්රකාශයට පත්කෙරිණි.
January, 11, 2023
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති SLIM DIGIS 2.2 සම්මාන උළෙලේදී සම්මාන තුනකින් පිදුම් ලැබීමට සමත් විය. මේ අතරින් එක් රිදී සම්මානයක් සහ ලෝකඩ සම්මානයක් #ResponsibleMe වැඩසටහන වෙනුවෙන් හිමි වූ අතර, අනෙක් ලෝකඩ සම්මානය ජාතික දින ප්රවර්ධන වැඩසටහන වෙනුවෙන් හිමි විය. සෙලාන් බැංකුවේ විශිෂ්ට ඩිජිටල් අලෙවිකරණ ප්රයත්නයන්, නවෝත්පාදන සහ සාර්ථකත්වයන් වෙනුවෙන් පිරිනමන ලද මෙම සම්මාන, අර්ථවත් වැඩසටහන් ඔස්සේ සමාජයට වැදගත් පණිවිඩ සන්නිවේදනය කිරීම සඳහා සෙලාන් බැංකුව දරන අඛණ්ඩ උත්සාහයේ සාර්ථකත්වයට මනා සාක්ෂියකි.
මෙහිදී #ResponsibleMe වැඩසටහනට ‘විශිෂ්ටතම ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන - ආයතනික සමාජ වගකීම්’ (Best Digital Marketing Campaign - CSR category) කාණ්ඩය සහ ‘සන්නාම අන්තර්ගතයන්හි විශිෂ්ටතම භාවිතාව’ (Best Use of Branded Content) කාණ්ඩය යටතේ පිළිවෙලින් රිදී සහ ලෝකඩ සම්මාන හිමි විය. ‘ආයතනික සමාජ වගකීම්’ කාණ්ඩය යටතේ හොඳම ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන සඳහා සම්මානය දිනූ #ResponsibleMe වැඩසටහන, අපේක්ෂිත ප්රතිඵල ලබාගැනීම සඳහා එකිනෙකට වෙනස් ඩිජිටල් නාලිකා කිහිපයක් සමගාමීව භාවිතා කළ විශිෂ්ටතම වැඩසටහන් අතරින් එකක් ලෙස ඇගයීමට ලක් විය. මෙම ජයග්රහණයන්, නිවැරදි ක්රමෝපාය, නවෝත්පාදන හැකියාව සහ නිර්මාණශීලිත්වය තුළින් ප්රවර්ධන වැඩසටහනක් මනාව සැලසුම් කර නිසි ප්රතිඵල ලබාගැනීම සම්බන්ධයෙන් මනා උදාහරණයක් ලෙස හැඳින්විය හැකි වේ.
‘සන්නාම අන්තර්ගතයන්හි විශිෂ්ටතම භාවිතාව’ සඳහා වූ ලෝකඩ සම්මානය සෙලාන් බැංකුව වෙත හිමි වූයේ, ආයෝජනයෙන් නිසි ප්රතිඵල ලැබෙන ආකාරයට සන්නාමගත අන්තර්ගතයන් වඩාත් නිර්මාණාත්මක, නව්ය සහ ඵලදායි ලෙස භාවිතා කිරීම වෙනුවෙනි. #ResponsibleMe වැඩසටහන සෙලාන් බැංකුවේ වටිනාකම්, සහ ක්රමෝපාය සමඟ හොඳින් ගැළපුණු බැවින් සහ ඊට අදාළ අලෙවිකරණ අභියෝගය පැහැදිලිවම ජයගත් බැවින්, මෙම කාණ්ඩයේ ජයග්රහණයක් වාර්තා කිරීමට එය සමත් විය. මීට පෙර, ආසියානු කලාපයේ සියලු රටවල විශිෂ්ටතම අලෙවිකරණ වැඩසටහන් ඇගයීමට ලක්කළ Dragons of Asia Effective Marketing Awards 2022 සම්මාන උළෙලේදීද #ResponsibleMe වැඩසටහනට රිදී සම්මානයක් හිමි වීම විශේෂත්වයකි.
සෙලාන් බැංකුවේ #ResponsibleMe වැඩසටහන ආරම්භ වූයේ COVID-19 තුන්වැනි රැල්ල ශ්රී ලංකාව තුළ පැතිරීම දරුණු ලෙස සිදුවෙමින් පැවති කාලසීමාවේදී ය. එම කාලයේදී වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා වගකීම්සහගත ලෙස කටයුතු කිරීමේ වැදගත්කම ජනතාවට පෙන්වා දීම සඳහා, සෙලාන් බැංකුව විසින් මෙම වැඩසටහන දියත් කරන ලදි. එම කාලයේදී පැවති තත්ත්වයේ ආතතියත් සමග ජනතාව නිර්දේශිත චර්යාවන් අනුගමනය කිරීමට මැළිකමක් දක්වන බව නිරීක්ෂණය වීම නිසා, #ResponsibleMe වැනි වැඩසටහනක් දියත් කිරීම අතිශයින් කාලෝචිත පියවරක් විය.
මෙම පණිවිඩය තරමක් දැඩි ස්වරයෙන් සන්නිවේදනය කිරීමට අවශ්ය වීම නිසා, ‘සුහද හදෙන්, ටිකක් සැරෙන්’ යන තේමාව භාවිතා කරන ලදි. මෙහිදී තමන්ටම ආවේණික රටාවන්ට අනුව තම සමාජ මාධ්ය අවකාශයන් ඔස්සේ #ResponsibleMe පණිවිඩය ජනතාව අතරට රැගෙන යාමේ වගකීම සෙලාන් බැංකුවේ කාර්ය මණ්ඩලය ඉතාමත් උනන්දුවෙන් භාරගත්හ. සමාජයේ කැපීපෙනෙන පුද්ගලයන් රැසක්ද ඉන් අනතුරුව මෙම උත්සාහය සමග අත්වැල් බැඳගත් අතර #ResponsibleMe වැඩසටහන සමාජ මාධ්ය තුළ කැපී පෙනෙන රැල්ලක් බවට පත්විය. මීට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ මේ සම්බන්ධ මාධ්ය හමුවක් සංවිධානය කරන ලද අතර, ඩිජිටල් මාධ්යන් තුළ ක්රියාකාරී ලෙස කටයුතු කළ මාධ්යවේදීන් පිරිසක් මේ සඳහා එක්වූහ.
ජාතික දිනය නිමිත්තෙන් සෙලාන් බැංකුව ක්රියාත්මක කළ ප්රවර්ධන වැඩසටහනට SLIM DIGIS 2.2 හිදී ‘ඩිජිටල් සන්නාම නිර්භීතභාවය’ (Digital Bravery Award) කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයක් හිමි විය. මෙම වැඩසටහන, ඩිජිටල් මාධ්ය හරහා සාම්ප්රදායික මතවාද නිර්භීතව ආමන්ත්රණය කරමින් ජනතාවගේ හදවත් වලට සමීප වීම සඳහා දැරූ සාර්ථක උත්සාහයක් ලෙස හැඳින්විය හැකි වේ.
ජාතික දිනය සම්බන්ධයෙන් පවතින යම් යම් සංවේදී අදහස් හා ආකල්ප නිසා, තම පණිවිඩ සන්නිවේදනය කිරීමේදී අතිශයින් ප්රවේශම්සහගත ලෙස කටයුතු කිරීමට සමාගම් හා ආයතන පෙළඹී ඇත. සාමාන්යයෙන් වෙනත් ප්රජාවකගේ භාෂාවක් භාවිතා කිරීමට හුරුවීම තුළින් එම ප්රජාවෙහි සංස්කෘතික ලක්ෂණ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි වන නිසා, භාෂාව යනු සංහිඳියාව සඳහා තීරණාත්මක වැදගත්කමක් සහිත සාධකයක් ලෙස සැලකේ. එම නිසා ජාතික භාෂාවන් දෙකම ඉගෙන ගැනීමේ වැදගත්කම අවධාරණය කිරීමට සෙලාන් බැංකුව විසින් මෙම වැඩසටහන යොදාගන්නා ලදි.
මේ ඔස්සේ සාම්ප්රදායික ලෙස ‘නිදහස් දිනය’ යන්න භාවිතා කිරීම වෙනුවට, එය ජාතික දිනය ලෙස අර්ථගැන්වීමට සෙලාන් බැංකුව කටයුතු කළේ ය. යුද්ධයෙන් පසු ශ්රී ලංකාවට සිය ගමන් මග නිවැරදි කරගැනීමට ඇති වැදගත්ම ප්රවේශය එය බව එමගින් පෙන්වා දෙන ලදි. මෙය ජාතික වැදගත්කමකින් යුත් කරුණක් සාර්ථක ලෙස මතුකරන අතරම තම සන්නාමය ප්රවර්ධනය කිරීම සඳහා සෙලාන් බැංකුව ගත් සාර්ථක හා නිර්භීත උත්සාහයක් විය.
මීට පෙර සෙලාන් බැංකුව 2022 වසරේදී National Sales Congress හිදී සම්මාන 8 කින් පිදුම් ලැබීමට සමත් විය. එමෙන්ම LMD මගින් අඛණ්ඩව 4 වැනි වරටත් සෙලාන් බැංකුව පාරිභෝගික සේවා විශිෂ්ටත්වයේ අංක 1 ලෙස නම්කරන ලද අතර, බැංකු ක්ෂේත්රයේ සමාජ මාධ්ය භාවිතය සම්බන්ධයෙන් The Finance Brand වෙබ් අඩවියේ ලෝක ශ්රේණිගත කිරීම් තුළ 77 වන ස්ථානය හිමිකර ගැනීමටද සෙලාන් බැංකුවට හැකියාව ලැබිණි. එමෙන්ම LMD මගින් ප්රකාශයට පත්කර ඇති, මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම් ලයිස්තුවේ 29 වන ස්ථානයද සෙලාන් බැංකුව වෙත හිමි වී තිබේ. මීට අමතරව LMD Brands Annual 2022 හි විශිෂ්ටතම සන්නාම 20 අතරට එක්වී සිටින සෙලාන් බැංකුව, Business Today සඟරාව මගින් විශිෂ්ටතම සමාගම් 40 අතරටද නම්කර ඇත.
Photo caption: SLIM DIGIS 2.2 හිදී රිදී සම්මානයක් සහ ලෝකඩ සම්මාන් දෙකක් දිනාගත් සෙලාන් බැංකු කණ්ඩායම
December, 23, 2022
#ResponsibleMe Covid-19 පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනට ඇගයුම්
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති ‘Dragons of Asia Effective Marketing Awards 2022’ සම්මාන උළෙලේදී රිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. ආසියාවේ සියලුම රටවල සමාගම් වල සහ සේවාදායකයන්ගේ සාර්ථක අලෙවිකරණ වැඩසටහන් ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ මූලික අරමුණ වී තිබිණි.
COVID-19 රෝග ව්යාප්තිය පැවති කාලසීමාව තුළ ශ්රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සෙලාන් බැංකුවේ සංකල්පයකට අනුව ආරම්භ කළ #ResponsibleMe වැඩසටහනට මෙම සම්මාන උළෙලේ ‘Best Cause, Charity Marketing or Public Sector Campaign’ කාණ්ඩයේ රිදී සම්මානය හිමි විය. මෙම කාණ්ඩය යටතේ සම්මාන දිනාගැනීමට සමත් වූ එකම බැංකුව සෙලාන් බැංකුව වීම විශේෂත්වයකි.
2021 වසරේ COVID-19 රෝගය බරපතළ ලෙස ව්යාප්ත වෙමින් පැවති අවස්ථාවේදී, එය පාලනය කිරීම සඳහා සමාජයට නිසි මගපෙන්වීමක් අවශ්ය බව සෙලාන් බැංකුවට වැටහිණි. රෝගයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්ය අංශ මගින් නිර්දේශ කරන ලද ආකාරයන්ට අනුව කටයුතු කිරීමට ජනතාව මැළිකමක් දක්වන බවක්ද (pandemic fatigue) මෙම කාලය තුළ නිරීක්ෂණය විය.
මෙම තත්ත්වය තුළ ජනතාවට මුහුණු ආවරණ පළඳින මෙන් හෝ සමාජ දුරස්ථභාවය පවත්වාගන්නා මෙන් ඉල්ලා සිටීම පමණක් ප්රමාණවත් නොවන බව පෙනී ගිය නිසා, වඩාත් නිර්මාණශීලී ලෙස මෙම මූලික පණිවිඩ ජනතාව අතරට රැගෙන යාමේ අරමුණින් ‘සුහද හදෙන්, ටිකක් සැරෙන්’ යන තේමාව යටතේ සෙලාන් බැංකුවේ COVID-19 පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කරන ලදි.
මෙහිදී තමන්ටම ආවේණික රටාවන්ට අනුව තම සමාජ මාධ්ය අවකාශයන් ඔස්සේ #ResponsibleMe පණිවිඩය ජනතාව අතරට රැගෙන යාමේ වගකීම සෙලාන් බැංකුවේ කාර්ය මණ්ඩලය ඉතාමත් උනන්දුවෙන් භාරගත්හ. සමාජයේ කැපීපෙනෙන පුද්ගලයන් රැසක්ද ඉන් අනතුරුව මෙම උත්සාහය සමග අත්වැල් බැඳගත් අතර #ResponsibleMe වැඩසටහන සමාජ මාධ්ය තුළ කැපීපෙනෙන රැල්ලක් බවට පත්විය.
දීර්ඝකාලීනව ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා, රෝගය වළක්වා ගැනීමේ ක්රමවේදයන් මූලික කරගනිමින්, තමන්ම වගකීම භාරගෙන කටයුතු කිරීමට ජනතාව යොමුකරවීමේ ප්රවේශයක් අවශ්ය බව සෙලාන් බැංකුවට වැටහිණි. ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ මේ සම්බන්ධ මාධ්ය හමුවක් සංවිධානය කරන ලද අතර, ඩිජිටල් මාධ්යන් තුළ ක්රියාකාරී ලෙස කටයුතු කළ මාධ්යවේදීන් පිරිසක් මේ සඳහා එක්වූහ. මෙහි ඉදිරි පියවරක් ලෙස, වගකීම්සහගත ලෙස කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කිරීම සඳහා, සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශය සමග එක්වී සම්මුඛ සාකච්ඡා මාලාවක්ද පවත්වන ලදි.
“#ResponsibleMe යනු අතිශය කාලෝචිත වැඩසටහනක්. එහිදී සමාජයක් ලෙස අප එකට එක් වී මෙම COVID-19 උවදුරෙන් මිදිය යුතු බවත්, ඒ සඳහා අප සියලුම දෙනාට වගකීමක් පැවරී ඇති බවත් අවබෝධ කරගෙන, ව්යාපාරකරණයේ සීමාවන්ගෙන් ඔබ්බට යමින් අප එම වැඩසටහන ක්රියාවට නැංවූවා. එම කාලයේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගැනීමට හැකියාව තිබුණේ එවැනි ප්රවේශයක් තුළින් පමණයි.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්යාධිකාරී (අලෙවි හා විකුණුම්) ගාමික ද සිල්වා මහතා පැවසී ය.
“වසංගත රෝග ව්යාප්තිය වැඩි වශයෙන්ම සිදුවෙමින් පැවති අවස්ථාවක මෙවැනි වැඩසටහනක් ක්රියාත්මක කිරීම පහසු කටයුත්තක් වුණේ නැහැ. ඵලදායීතාවට සහ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට බාධා එල්ල කරන යම් යම් සාධක තිබියදී පවා, මෙය සාර්ථක කරගැනීමට සියලුම දෙනා තම උපරිම දායකත්වය ලබාදුන්නා. අප සමග අත්වැල් බැඳගත් Boutique Agency Network, Third Shift සහ Ogilvy PR යන සමාගම් #ResponsibleMe සාර්ථක කරගැනීමට ලබාදුන් සහයෝගය සුළුපටු නැහැ. එමෙන්ම වැඩසටහන පුරාම සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශය ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් අප ඔවුන්ට ස්තූතිවන්ත වනවා. සමස්තයක් ලෙස, රෝගය පැතිරීම වැළැක්වීම සඳහා කෙනෙකු තම ක්රියාවන් සම්බන්ධයෙන් වගකීම භාරගෙන කටයුතු කළ යුතු බවට වන පණිවිඩය සමාජගත කිරීම සඳහා අප දැරූ උත්සාහය සාර්ථක වුණා.” ගමික ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.
COVID-19 රෝග ව්යාප්තිය පාලනය කිරීම සඳහා සෙලාන් බැංකුව කෙතරම් වැදගත් මෙහෙවරක් ඉටුකර තිබේද යන්නේ, මෙවැනි ජාත්යන්තර සම්මානයක් හිමිවීම මගින් මනාව පැහැදිලි වේ. එමෙන්ම මෙය රටට ජාත්යන්තර කීර්තියක් අත්කර දුන් ජයග්රහණයක් ලෙසද හැඳින්විය හැක.
November, 10, 2022
ශ්රී ලංකාවේ පැවැත්වෙන මෙම වර්ගයේ පළමු ප්රවර්ධන වැඩසටහනින් ජයග්රාහකයන්ට සුවිශේෂී ඩිජිටල් තෑගි (NFT)
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පිළිගත් මුදල් හුවමාරු ක්රමවේදයන් හරහා මෙරටට මුදල් එවීම දිරිමත් කිරීම සඳහා සුවිශේෂී ප්රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබේ. අතීතයේදී වෙස්ටර්න් යූනියන් සේවාව වෙනුවෙන් නිර්මාණය කරන ලද, මෙරට තුළ අතිශයින් ජනප්රිය වූ වෙළඳ දැන්වීමක චරිතයක් වන ‘ඇල්බට් අංකල්’ චරිතය මෙහිදී නැවත කරළියට පැමිණෙනු ඇත.
දශක දෙකකට පෙර මුලින්ම විකාශය වූ මේ වෙළඳ දැන්වීම, ලන්ඩනයේ සිට මෙරටට මුදල් එවීමේ සිද්ධියක් පාදක කරගත් නිර්මාණයකි. විවාහ මංගලෝත්සවයකදී මුද්දක් නැතිවීම හේතුවෙන් අලුත් මුද්දක් මිලදී ගැනීම සඳහා ලන්ඩන් නුවර වෙසෙන ඇල්බට් අංකල්, ශ්රී ලංකාවේ සිටින සුරේෂ්ට එසැණින් රුපියල් පනස් දහසක මුදලක් වෙස්ටර්න් යූනියන් සේවාව හරහා එවයි. වෙළඳ දැන්වීම තුළ ඇල්බට් අංකල් කවුරුන්ද යන්න අනාවරණය නොවන නමුත් ඇල්බට් අංකල් යන නාමය එදා පටන් මෙරට තුළ විදේශ රටවලින් මුදල් එවීම හඟවන සුවිශේෂී සංකේතයක් බවට පත් වී තිබේ.
වෙස්ටර්න් යූනියන් වැනි සුරක්ෂිත සහ පිළිගත් මුදල් හුවමාරු සේවාවන් හරහා මුදල් එවීම සහ යැවීම දිරිගැන්වීම සඳහා මෙම ජනප්රිය චරිතයට නැවත ජීවය ලබාදීමට සෙලාන් බැංකුව තීරණය කර තිබේ. ශ්රී ලංකාව තුළ මෙවැනි ප්රවර්ධන වැඩසටහනක් ක්රියාත්මක වන ප්රථම අවස්ථාව මෙය වන අතර, මෙමගින් ගනුදෙනුකරුවන්ට ප්රතිලාභ රැසක් සමග ජයග්රාහකයන් 15 දෙනෙකුට සුවිශේෂී ඩිජිටල් ත්යාග එකතුවක්ද හිමිවනු ඇත.
“රටේ පවතින වත්මන් ආර්ථික ගැටලු විසඳීම සඳහා, විදේශ රටවල සිට මෙරටට එවනු ලබන මුදල් ප්රමාණය වැඩිකර ගැනීම ඉතාමත් වැදගත්. සුහද හදක් ඇති දේශීය බැංකුව වශයෙන් සෙලාන් බැංකුව, පිළිගත් මුදල් හුවමාරු ක්රමවේදයන් හරහා ලැබෙන අභ්යන්තර ප්රේෂණ ප්රමාණය වැඩිකර ගැනීම සඳහා මෙම නිර්මාණශීලී වැඩසටහන දියත් කිරීමට තීරණය කළා. ඇල්බට් අංකල්ගේ චරිතයට නැවත ජීවය දීම මගින් අපට බාල මහලු කාටත් ආමන්ත්රණය කරමින්, පිළිගත් මුදල් හුවමාරු නාලිකා හරහා මුදල් එවා රටේ යහපතට දායක වීමට මෙන්ම ඔවුන් දිරිමත් කිරීමට හැකිවේවි.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්යාධිකාරී (විකුණුම් හා අලෙවි) ගමික ද සිල්වා මහතා පැවසී ය.
‘Digital collectibles’ හෝ ‘Non-Fungible Tokens’ (NFTs) යනු කලාකෘති හෝ ඉඩකඩම් වැනි සත්ය ලෝකයේ දේවල් නියෝජනය කරන, බ්ලොක්චේන් (blockchain) එකක ඇති ක්රිප්ටෝග්රැෆික් වත්කම් (Cryptographic assets) වර්ගයකි. සෑම NFT එකක්ම අනෙකුත් NFT වලින් වෙන්කර හඳුනාගත හැකි අනන්යතා කේතයක් සහ පාරදත්ත (Metadata) ඇත. සැබෑ ලෝකයේ භෞතික වත්කම් මේ ආකාරයට 'ටෝකන්කරණය' කිරීම මගින් වංචා සිදුවීමේ සම්භාවිතාව අවම වන අතරම ඒවා මිලදී ගැනීම සහ විකිණීම වඩාත් කාර්යක්ෂම වේ.
මෙම සුවිශේෂී ප්රවර්ධන වැඩසටහනේ ජයග්රාහකයන් 15 දෙනෙකුට ‘Uncle Albert NFT ‘හිමිවන අතර, ඒ අතරින් එක් ජයග්රාහකයෙකුට මුදලින් රු. 100,000/- ක්ද හිමි වේ. දිනුම් ඇදීමකින් ජයග්රාහකයන් තෝරාගනු ලබන අතර, වැඩසටහන ආරම්භ කළ දිනයේ සිට දින 45 ක කාලයක් ඇතුළත, ඕනෑම විදේශ මුදල් වර්ගයකින් ඇමරිකානු ඩොලර් 500 කට සමාන හෝ ඊට වැඩි මුදලක් ප්රේෂණය කරන පුද්ගලයන්, එම ගනුදෙනුවට අදාළ යොමු අංකය සෙලාන් බැංකුවේ නිල සමාජ මාධ්ය පිටුව වෙත යොමු කළ යුතුය. එවිට ඔවුන් මෙම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබනු ඇත. මූලික ත්යාග වලට අමතරව ජයග්රාහකයන්ට සෙලාන් බැංකුවේ ප්රමුඛතා ක්ෂණික ඇමතුම් අංකයක් සහ සෙලාන් බැංකුවේ ශාඛා වලදී සියලුම සේවාවන් සඳහා ප්රමුඛතාව හිමි වීම ඇතුළු විශේෂ සේවාවන් හා ප්රතිලාභ රාශියක්ද හිමි වේ.
November, 1, 2022
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට කුඩා පරිමාණ තේ වතු හිමියන්ට අත්වැලක් වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සහ මුදල් අමාත්යාංශය එක්ව ක්රියාවට නංවනු ලබන ණය යෝජනා ක්රමයේ දෙවැනි අදියර යටතේ ණය නිකුත් කිරීම සඳහා සූදානමින් සිටී. ශ්රී ලංකාවේ තේ නිෂ්පාදන කර්මාන්තය නංවාලීම සඳහා ක්රියාවට නංවනු ලබන සුවිශේෂී වැඩපිළිවෙළක් වශයෙන් මෙම ණය යෝජනා ක්රමය හඳුන්වා දී තිබේ.
මෙම අරමුණ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව, මුදල් අමාත්යංශයේ සංවර්ධන මූල්ය දෙපාර්තමේන්තුව හරහා වැඩිදුර මූල්ය පහසුකම් සපයා ඇත. මීට පෙර මෙරට සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර ක්ෂේත්රය නගාසිටුවීම ඉලක්ක කරගෙන මෙම ණය යෝජනා ක්රමයේ ප්රථම අදියරේ ණය පහසුකම් පිරිනැමීමට ඉදිරිපත් වූ සෙලාන් බැංකුවට දැන් එහි දෙවැනි අදියර යටතේ ණය නිකුත් කිරීම සඳහා අනුමැතිය හිමි වී තිබේ.
මෙම වැඩසටහනට එක්වී සිටින බැංකු 5 අතරින්, වැඩිම ණය මුදල් ප්රමාණයක් කුඩා පරිමාණ තේ වතු හිමියන් වෙත නිකුත් කර ඇත්තේ සෙලාන් බැංකුව වීම විශේෂත්වයකි. මේ නිසා මෙරට කුඩා පරිමාණ වතු හිමියන්ගේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන ප්රමුඛතම බැංකුවක් ලෙස සෙලාන් බැංකුව පිළිගැනීමට ලක් වී තිබේ.
අක්කර 50 ට අඩු කුඩා තේ වතු හිමියන්ට තේ නැවත වගා කිරීම, අලුතින් තේ වගා කිරීම, ගොඩ කිරීම, ජල සම්පාදනය සහ යාන්ත්රිකකරණය වැනි අරමුණු සඳහා මෙම යෝජනා ක්රමය යටතේ ණය ලබා ගැනීමට හැකියාව ඇත. අක්කර 10 ට අඩු තේ වතු හිමියන්ට තේ නැවත වගා කිරීම සහ අලුතින් වගා කිරීම සඳහා ණය වටිනාකමින් 10% ක් පමණක් ලබාගත හැකි වේ. මේ සඳහා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ නිර්දේශය සහිත ලිපියක් ඉදිරිපත් කළ යුතු අතර, වාර්ෂික පොලී අනුපාතය 7% කි. ණය පහසුකම් ලබාදෙන අරමුණ අනුව, වසර 2 ක උපරිම සහන කාලයකට යටත්ව, වසර 10 ක් දක්වා ණය පහසුකම් ලබාගත හැකි වේ.
2021 වසරේ එක්සත් ජාතීන්ගේ සංඛ්යාලේඛන අනුව, ශ්රී ලංකාවේ තේ අස්වැන්නෙන් 75% ක් ම ලැබෙනුයේ කුඩා පරිමාණ තේ වතු හිමියන්ගෙනි. මේ අතරින් බහුතරයක් අක්කර 10 ට අඩු, පවුල් විසින් වගාකරනු ලබන තේ වතු ය. මේ අනුව බලන විට, ශ්රී ලංකාවේ තේ කර්මාන්තයේ ජීවනාලිය වන්නේ මෙම කුඩා පරිමාණ තේ වතු හිමියන් බව පැහැදිලි වේ. ශ්රී ලංකාවේ සමස්ත තේ වගාවෙන් 60% ක් පමණම සිදුකරනු ලබන්නේ ඔවුන් විසිනි.
“මෙම යෝජනා ක්රමයේ පළමු අදියරේ ණය නිකුත් කිරීම සාර්ථක ලෙස සිදුකළ නිසා මේ ආකාරයට දෙවැනි අදියර සඳහාත් අපට අනුමැතිය හිමි වුණා. රටේ ආර්ථිකයේ ජීවනාලිය වන්නේ සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර බව සෙලාන් බැංකුව විශ්වාස කරනවා. කුඩා පරිමාණ තේ වතු හිමියන් යනු ඒ අතරින් ප්රමුඛතම පිරිසක්. ප්රධාන වශයෙන් මෙම ණය නිකුත් කරනු ලබන්නේ තේ අලුතින් වගා කිරීම සහ නැවත වගාකිරීම සඳහායි. මෙමගින් දැනටමත් වැවිලි කර්මාන්තයේ නිරත වී සිටින, අලුතින් තේ වගාකිරීමට බලාපොරොත්තු වන විශාල පිරිසකට අත්වැලක් වීමට අපට හැකියාව ලැබෙනවා. මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව යළිත් වරක් අප කෙරෙහි විශ්වාසය තැබීම අපට ආඩම්බරයක්.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්යාධිකාරී (ශාඛා ණය) රනිල් දිසානායක මහතා පැවසී ය.
මෙම ණය යෝජනා ක්රමය මගින් ලැබෙන පිටුබලය ඔස්සේ මෙරට තේ අස්වැන්න තවදුරටත් වැඩිකිරීමට හැකිවනු ඇතැයි සෙලාන් බැංකුව විශ්වාස කරයි. ඉදිරියේදීත් රටේ ආර්ථික සංවර්ධනයට උරදෙමින්, අපනයනය දිරිමත් කිරීම ඉලක්ක කරගත් විවිධ වැඩසටහන් ඔස්සේ කුඩා පරිමාණ තේ වතු හිමියන් අපනයනය වෙත යොමුකරවීම සෙලාන් බැංකුවේ ඉලක්කය වී තිබේ.
September, 8, 2022
2022 සැප්තැම්බර් 01 දින සිට ක්රියාත්මක වන පරිදි, සෙලාන් බෑන්ක් පීඑල්සී (Seylan Bank PLC) හි නියෝජ්ය ප්රධාන විධායක නිලධාරී ලෙස රමේෂ් ජයසේකර මහතා පත්කර තිබේ. මීට පෙර සෙලාන් බැංකුවේ ප්රධාන මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කළ ඒ මහතා, 2012 වසරේ නොවැම්බර් මාසයේ සිට සෙලාන් ඩිවලොප්මන්ට් පීඑල්සී (Seylan Developments PLC) හි විධායක නොවන අධ්යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇත.
2011 වසරේදී ප්රධාන මූල්ය නිලධාරී ලෙස සෙලාන් බැංකුව සමග එක් වූ රමේෂ් ජයසේකර මහතා 2016 වසරේදී ප්රධාන අවදානම් නිලධාරී තනතුරට පත් වූ අතර, 2018 වසරේ සිට 2019 වසර දක්වා නියෝජ්ය සාමාන්යධිකාරී (ආයතනික) බැංකුකරණය තනතුර දැරී ය. 2020 වසරේදී ජ්යෙෂ්ඨ නියෝජ්ය සාමාන්යාධිකාරී තනතුර වෙත උසස් වීම් ලැබූ ඒ මහතා, 2021 වසරේදී ප්රධාන මෙහෙයුම් නිලධාරී ලෙස පත්කරන ලදි.
සෙලාන් බෑන්ක් පීල්සී සමග එක්වීමට පෙර ඒ මහතා බහරේනය පදනම් කරගත් ප්රධාන පෙළේ ප්රංශ බැංකුවක් වන BNP Paribas හි මැදපෙරදිග කලාපය (බහරේන්, සෞදි අරාබිය, කුවේට්, කටාර්, ඩුබායි සහ සයිප්රස්) සඳහා නියෝජ්ය කලාපීය මූල්ය පාලක ලෙස සේවය කළේ ය. එමෙන්ම ඒ මහතා HSBC Sri Lanka හි නේවාසික කළමනාකරු (මූල්ය හා සැලසුම්) සහ KPMG Sri Lanka හි විගණන කළමනාකරු ලෙසද සේවය කර තිබේ. බැංකුකරණය, ක්රමෝපායික සැලසුම්කරණය, මූල්ය කළමනාකරණය, අවදානම් සහ විගණනය යනාදී ක්ෂේත්ර සම්බන්ධයෙන් වසර 20 කට අධික දේශීය හා ජාත්යන්තර පළපුරුද්දක් ඒ මහතා සතු ය.
රමේෂ් ජයසේකර මහතා කොළඹ රාජකීය විද්යාලයේ සහ කොළඹ විශ්ව විද්යාලයේ ආදි ශිෂ්යයෙකි. ශ්රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහකාර සාමාජිකයෙකු වන ඒ මහතා එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ සහ ශ්රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකත්වයද දරයි.
Video Story