• Ada Derana BIZ Sinhala
  • Doc990
  • Seylan Cards
  • sri lanka

Seylan Cards සහ Doc990 එක් වී කාඩ්පත් හිමියන්ට සෞඛ්‍ය සේවාවන් සඳහා සුවිශේෂී වට්ටම් පිරිනමයි

December, 19, 2022

ගනුදෙනුකරුවන්ගේ මූලික අවශ්‍යතා සඳහා අත්‍යවශ්‍යම කාඩ්පත (‘Essential Card for Essential Needs’) වශයෙන් ජනප්‍රිය වී ඇති සෙලාන් කාඩ්පත්, එම පිළිගැනීම තවදුරටත් තහවුරු කරගනිමින්, සිය කාඩ්පත් හිමියන් වෙනුවෙන් Doc990 සමග එක් වී විශේෂ වට්ටම් හා දීමනා එකතුවක් හඳුන්වා දී තිබේ.

මේ යටතේ රෝහල් 150 කට අධික සංඛ්‍යාවක විශේෂඥ වෛද්‍යවරුන් 4,500 කට අධික පිරිසකගේ චැනල් ගාස්තු සඳහා 50% ක වට්ටමක් හිමි වනු ඇත. මෙය සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට වඩාත් පහසුවෙන් සෞඛ්‍ය සේවාවන් ලබාගන්නා අතරම සුවිශේෂී ප්‍රතිලාභ අත්විඳීමට ලැබෙන මහඟු අවස්ථාවකි.

Dialog Axiata PLC මගින් බලගැන්වෙන Doc990 යනු නවීනතම තාක්ෂණය සහ විශේෂඥ දැනුම එක්තැන් කරන ශ්‍රී ලංකාවේ එකම පූර්ණ ඩිජිටල් සෞඛ්‍ය සේවා විසඳුමයි.

සෙලාන් කාඩ්පත් හිමියන්ට App Store හෝ Google Play Store වෙතින් Doc990 ජංගම යෙදවුම බාගත කරගැනීමෙන් හෝ www.doc.lk වෙබ් අඩවියට පිවිසීම මගින් Doc990 සේවාව භාවිතා කළ හැකි වේ. එමෙන්ම SLT හැර වෙනත් ඕනෑම ජංගම දුරකථන ජාලයකින් 990 ඇමතීම මගින්ද මෙම සේවාව භාවිතා කළ හැක.

දැනටමත් සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් හිමි පුද්ගලයන්ට මෙම දීමනාව පිළිබඳ වැඩිදුර තොරතුරු 011-200-88-88 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ලබාගත හැකි වේ. සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගැනීමට බලාපොරොත්තු වන ඕනෑම කෙනෙකුට 070 445 6841 අංකයෙන් දුමින්ද හෝ  070 445 6835 අංකයෙන් විදුරංග ඇමතීමෙන් ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැක.

  • Ada Derana BIZ Sinhala
  • festive season
  • Seylan Cards
  • sri lanka

සෙලාන් කාඩ්පත් වෙතින් මෙවර උත්සවය සමය වෙනුවෙන් සුවිශේෂී වට්ටම් සහ දීමනා එකතුවක්

December, 6, 2022

ගනුදෙනුකරුවන්ගේ ‘අත්‍යවශ්‍ය අවශ්‍යතා උදෙසා අත්‍යවශ්‍යම කාඩ්පත’ ලෙස ඇගයීමට ලක් වී ඇති සෙලාන් කාඩ්පත් මෙවරත් උත්සව සමය වෙනුවෙන් සුවිශේෂී දීමනා එකතුවක් හඳුන්වා දීමට සූදානමින් සිටී. මේ යටතේ දැනටමත් අලෙවිසැල් 300 කට අධික සංඛ්‍යාවක් සමග අත්වැල් බැඳගැනීමට සෙලාන් බැංකුව පියවර ගෙන ඇති අතර, ඒ ඔස්සේ සෙලාන් ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන්ට 50% ක් දක්වා වට්ටම් හිමිවනු ඇත.

ඇඟලුම්, පාවහන්, විලාසිතා උපාංග සහ ඇස් කන්නාඩි ඇතුළුව ගනුදෙනුකරුවන්ගේ ප්‍රියතම භාණ්ඩ සහිත අලෙවිසැල්, මාර්ගගත අලෙවිසැල්, සුපිරි වෙළඳසැල් ඇතුළු තවත් අලෙවිසැල් රාශියක් ඔස්සේ මෙම වට්ටම් හා දීමනා පිරිනමනු ලැබේ.

මෙම අලෙවිසැල් අතරට Softlogic Brands, Cool Planet, Fashion Bug, CIB, Hameedia, Sriyani Dresspoint, Samanmal, Nolimit, D Samson & Sons, Velona, Spa Ceylon සහ Thilakma ඇතුළු සුප්‍රකට අලෙවිසැල් රාශියක් ඇතුළත් වී ඇත. මෙම අලෙවිසැල් අතරින් බහුතරයක් තම වෙබ් අඩවි හරහාද මෙම දීමනාවන් ලබාගැනීමේ අවස්ථාව සලසා දී ඇති නිසා, සෙලාන් කාඩ්පත් හිමියන්ට ඉතා පහසුවෙන් එම දීමනා අත්විඳීමට හැකියාව ලැබේ.

විශේෂයෙන්ම Cargills, Glomark, Arpico සහ SPAR වැනි අලෙවිසැල් වෙතින් තෝරාගත් භාණ්ඩ සඳහා 30% ක් දක්වා වට්ටම් හිමිවීම, මෙවැනි ආර්ථික වශයෙන් දුෂ්කර කාලයක ගනුදෙනුකරුවන්ට අතිශයින් වැදගත් වනු නො-අනුමාන ය.

එමෙන්ම Kelly Felder, Saree Mandir, Dilly & Carlo සහ Diliganz වැනි තෝරාගත් අලෙවිසැල් සඳහා Happy Hour සංකල්පය මූලික කරගත් වට්ටම් ඇතුළුව තවත් ආකර්ෂණීය දීමනා එකතුවක් පිරිනැමීමට සැලසුම් කර ඇත. මීට අමතරව ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, අධ්‍යාපන සේවාවන්, රක්ෂණ සහ සෞඛ්‍ය සේවාවන් සඳහා පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීමටද පියවර ගෙන තිබේ.

“නත්තල යනු කවුරුත් එකමුතු වී ප්‍රීතියෙන් සමරන අවස්ථාවක්. මේ වසරේදීත් කාඩ්පත් හිමියන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ට උපරිම ප්‍රතිලාභ හිමිවන වට්ටම් හා දීමනා එකතුවක් හඳුන්වා දීමට අප පියවර ගෙන තිබෙනවා. මේ සඳහා අප අලෙවිසැල් තෝරාගෙන තිබෙන්නේ, කාඩ්පත් හිමියන්ගේ හදවත් වල ඇති සැබෑම ආශාවන් සපුරාලන ආකාරයටයි. ඒ නිසා මෙය ඔවුන් අනිවාර්යයෙන් අත්විඳිය යුතු අගනා වාසියක් ලෙස හැඳින්වීමට පුළුවන්.” සෙලාන් බැංකුවේ කාඩ්පත් ප්‍රධානී රුචිත් ලියනගේ මහතා පැවසී ය.

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, සෑම විටම තම ගනුදෙනුකරුවන්ගේ සතුටට ප්‍රමුඛත්වය ලබාදෙයි. මෙම වට්ටම් හා දීමනා එකතුව ඔස්සේ, මෙවර උත්සව සමය සිය ගනුදෙනුකරුවන්ගේ ජීවිත වල ප්‍රීතිමත්ම උත්සව සමය බවට පත්කිරීම සෙලාන් බැංකුවේ ඉලක්කය වී තිබේ.

මෙම වට්ටම් සහ දීමනා, 2022 දෙසැම්බර් 31 දින දක්වා වලංගු වනු ඇත. දැනටමත් සෙලාන් කාඩ්පත් හිමි පුද්ගලයන්ට 011 200 88 88 ඇමතීමෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකි අතර, සෙලාන් කාඩ්පතක් ලබාගැනීම පුද්ගලයන්ට 070 445 6841 අංකයෙන් දුමින්ද හෝ 070 445 6835 අංකයෙන් විදුරංග ඇමතීමෙන් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාගත හැකි වේ.