September, 30, 2022
සිංගර් ශ්රී ලංකා යනු දේශීය නිෂ්පාදන ක්ෂේත්රය තුළ ක්රියාත්මක වන ප්රමුඛතම ආයතනයක් වන අතර එම ආයතනය දශක 6කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියයිග 1960 දශකයේ දී රත්මලානේ පිහිටි සිය කර්මාන්ත ශාලාවක දී ලෝක ප්රකට සිංගර් මහන මැෂිම නිෂ්පාදනය මගින් සිය ගමන් මඟ ඇරඹූ සිංගර් ශ්රී ලංකා සමාගම එතැන් සිට සිංගර් සන්නාමය යටතේ ශීතකරණල රෙදි සෝදන යන්ත්රල ගෘහස්ථ උපකරණල ගෘහ භාණ්ඩල කෘෂි නිෂ්පාදන සහ ඉංජිනේරු නිෂ්පාදන ආදී පුළුල් ක්ෂේත්රයක් පුරා සිය නිෂ්පාදන කළඹ විහිදුවීමට සමත් විය.
මෙරට පාරිභෝගික භාණ්ඩ ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන සිංගර් සමාගම දේශීය නිෂ්පාදන ප්රවර්ධනය වෙත අවධානය යොමු කිරීමට අරමුණු කළේ තවදුරටත් වර්ධනය වීමට මෙන් මල දේශීය ආර්ථිකයට දායක වීම සඳහා ඇති අවස්ථාවන් හඳුනා මේ අරමුණිනිග මෙහි දී සිංගර් සමාගමේ දේශීය නිෂ්පාදන ශක්තිය හා එමගින් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය පිළිබඳව අප හා සාකච්ඡාවට එක් වූයේ සිංගර් ශ්රී ලංකා සමාගමේ සමූහ ප්රධාන විධායක නිලධාරීල මහේෂ් විජේවර්ධනල කැලුම් කොස්පැලවත්ත සුජීව පෙරේරා සහ අරුණ කොළඹගේ යන මහත්වරුන් සමඟ වන අතරල පහතින් දැක්වෙන්නේ ඔවුන් සමඟ කළ සාකච්ඡාව ඇසුරින් නිර්මාණය කරන ලද ලිපියකි.
ප්රශ්නය - මහේෂ් මහත්මයාල අද වෙනකොට අපි හැමෝම ඉන්නෙ දැඩි ආර්ථික අර්බුදයකග ඔබගේ සමාගමට මෙම තත්ත්වය දැනෙන්නෙ කොහොම ද ?
ආර්ථික අවපාතයන් මධ්යයේ වුණත් අපගේ ව්යාපාරවල මෙහෙයුම් කටයුතු ඉතා සාර්ථකව පවත්වාගෙන යාමට අපි විවිධ පියවර අරගෙන තිබෙනවාග ඒ සඳහා අපට ප්රමාණවත් සම්පත් තිබෙන බවත් පැවසීමට කැමතියිග අපි නව ව්යවසාය සම්පත් සැලසුම් පද්ධතියක් ස්ථාපනය කරමින් ආයතනික මෙහෙයුම් කටයුතු විධිමත් කිරීමට වගේ ම අපගේ සේවක සේවිකාවන්ගේ අභිවෘද්ධිය සඳහාත් නව ආයතනික වටිනාකම් පද්ධතියක් හඳුන්වා දීමටත් කටයුතු කර තිබෙනවාග දේශීය නිෂ්පාදන කියන්නෙ අපගේ ප්රධාන ශක්තීන්ගෙන් එකක්ග අපගේ නිෂ්පාදන පරාසය පුළුල් කිරීමටත්ල නව නිපැයුම් හඳුන්වා දීමටත්ල ඊට අමතරව සුළු පරිමාණ දේශීය නිෂ්පාදකයින්ට අවශ්ය සහයෝගය ලබා දීමටත් අපි නිරන්තරයෙන් කැප වෙනවා.
ප්රශ්නය - දේශීය නිෂ්පාදන තුළින් විරැකියාවට යම් විසඳුමක් ලබා දීමට හැකි වෙලා තිබෙනවාග මේ ගැන ඔබගේ අදහස ගැන කතා කළොත්.....
ආර්ථික අර්බුදය සෑම කර්මාන්තයකට ම බලපා තිබෙන නිසාල රැකියා අහිමිවීම් සහ ආර්ථික දුෂ්කරතා නිර්මාණය වී තිබෙන බව අපි කවුරුත් දන්නා කරුණක්ග දේශීය නිෂ්පාදන දිරිමත් කිරීම මගින් රැකියා අවස්ථා නිර්මාණය වෙන නිසා වර්තමාන තත්ත්වයට මුහුණ දීමට වඩාත් සාර්ථක ක්රමවේදයක් විදියට එය හඳුන්වා දීමට පුළුවන්ග ඒ නිසා ආයෝජන හරහා දේශීය නිෂ්පාදන ශක්තිමත් කිරීම වගේ ම සුළු පරිමාණ ව්යාපාර හා දේශීය සැපයුම්කරුවන් වෙත සහයෝගය ලබා දීම ඉතා වැදගත්ග මේ රටේ ක්රියාත්මක වන විශාලතම පාරිභෝගික භාණ්ඩ ජාලයක් වන සිංගර් ශ්රී ලංකා සමාගම නිසා පවුල් 10ල000කට වැඩි සංඛ්යාවක් යැපෙන බව පැවසුවොත් මම නිවැරදියිග මේ වෙනකොට අපි සෘජු හා වක්ර රැකියා අවස්ථා දහස් ගණනක් උත්පාදනය කර තිබෙනවාග ඒ වගේ ම බොහෝ දේශීය සැපයුම්කරුවන් හා නිෂ්පාදකයින් සිදුකරන දේශීය නිපැයුම් පුළුල් කිරීමට අපි නිරන්තරයෙන් සහයෝගය ලබා දෙනවා.
ප්රශ්නය - කැලුම් මහත්මයාල සිංගර් ශ්රී ලංකා සමාගම නිපදවන ශීතකරණ හා රෙදි සෝදන යන්ත්ර නිෂ්පාදන ක්රියාවලියේ විශේෂත්වය ගැන කතා කළොත්.....
සිංගර් ශ්රී ලංකා කියන්නෙ ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්ර නිෂ්පාදනයේ ප්රමුඛතම සමාගමක්ග අපි දැනටමත් මේ රටේ ශීතකරණ ඉල්ලුමෙන් 45%රක් සහ රෙදි සෝදන යන්ත්ර ඉල්ලුමෙන් 33%ක් ආවරණය කිරීමට සමත් වෙලා තිබෙනවාග සිංගර් සහ සිසිල් කියන්නෙ ශීතකරණ හා රෙදි සෝදන යන්ත්ර සම්බන්ධයෙන් වඩාත් ජනප්රිය වෙළෙඳ නාම දෙකක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්ග අප සමාගම සතු සුවිශේෂී පර්යේෂණ හා සංවර්ධන ඒකකය නිසා නිෂ්පාදන ක්රියාවලියේ දී අති නවීන තාක්ෂණය යොදා ගැනීමටල නිෂ්පාදන වැඩිදියුණු කිරීමට සහ නව නිපැයුම් හඳුන්වා දීමට අවශ්ය තාක්ෂණයෙන් සහ හැකියාවෙන් අපි සන්නද්ධයිග අපගේ ශීතකරණ නිෂ්පාදන ක්රියාවලියේ තවත් ප්රධාන විශේෂත්වයක් විදියට ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් වායුව :ක්ත්ක්* නිකුත්වීමකින් තොර ශීතකරණ හඳුන්වා දුන් දකුණු ආසියාවේ ප්රථම සමාගම බවට පත්වීම සහ 100්ර පරිසර හිතකාමී නිෂ්පාදන හඳුන්වා දීම දැක්වීමට පුළුවන්ග ඒ වගේ ම ශ්රී ලාංකික ජනතාව අපගේ නිෂ්පාදන මිලදී ගැනීමට වැඩි කැමැත්තක් තිබෙන බව ප්රකාශ කරන්නෙ මහත් ආඩම්බරයෙන්ග ඒ වගේ ම සිංගර් සමාගමේ ආරම්භයේ ඉඳල මේ දක්වා ශීතකරණ මිලියන එකහමාරකට වැඩි ප්රමාණයක් අපි නිෂ්පාදනය කරල තිබෙනවා.
ප්රශ්නය - ඊට අමතරවල සිංගර් සමාගමේ දේශීය නිෂ්පාදන ශක්තීන් පිළිබඳව පැහැදිලි කරන්න පුළුවන් ද ?
සිංගර් ශ්රී ලංකා සමාගමේ දේශීය නිෂ්පාදන අංශය පුළුල් නිෂ්පාදන පරාසයක් සහ විශාල පාරිභෝගික භාණ්ඩ ජාලයක් දක්වා විහිදිලා තිබෙනවාග නමුත් සිංගර් සමාගම මේ වෙනකොට ජාත්යන්තර මට්ටමේ ශීතකරණල රෙදි සෝදන යන්ත්රල මහන මැෂින්ල කෘෂි උපකරණ සහ ගෘහ භාණ්ඩ ආදිය නිෂ්පාදනය කරනල මහාපරිමාණ දේශීය නිෂ්පාදනායතනයක් බව පැවසිය යුතුමයිග අපගේ සියලු ම නිෂ්පාදනාගාර අති නවීන යන්ත්ර සූත්ර සහ උපකරණවලින් සමන්විතයිග නිෂ්පාදන ක්රියාවලිය විධිමත් කිරීම සඳහා අති දක්ෂ හා පළපුරුදු කාර්මික ශිල්පීන් අප සතුයිග ඒ වගේ ම අපගේ ශක්තිමත් පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් ගෝලීය ප්රමිතීන්ගෙන් යුත්ල උසස් තත්ත්වයේ නිෂ්පාදන වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමේ හැකියාව අපට ලබා දෙනවාග ඊට අමතරවල දේශීය නිෂ්පාදකයින් සමඟ අපි සහයෝගයෙන් කටයුතු කරන නිසා ම අපගේ නිෂ්පාදන කළඹ පුළුල් කිරීමට හැකියාව ලැබී තිබෙන බවත් පැවසීමට කැමතියි.
ප්රශ්නය - අරුණ මහත්මයාල දේශීය නිෂ්පාදන හා රැකියා අවස්ථා ප්රවර්ධනයට ඔබගේ අංශය දක්වන දායකත්වය ගැන විස්තර කරන්න පුළුවන් ද ?
සිංගර් ඉන්ඩස්ට්රීස් ආයතනය මගින් ප්රධාන වශයෙන් සිංගර් මහන මැෂින් නිෂ්පාදන කටයුතු සිදු කරන්නෙ අති නවීන නිෂ්පාදන පහසුකම් සහිත කර්මාන්තශාලාවල වීම විශේෂිතයිග ඒ වගේ ම මෙම අංශය හරහා සේවක සේවිකාවන් 100 කට වැඩි පිරිසකට සහ සේවා නියෝජිතයින් 150 කට අධික පිරිසකට රැකියා ලබා දීමට අපට හැකි වෙලා තිබෙනවාග සිංගර් ඉන්ඩස්ට්රීස් මගින් උසස් තත්ත්වයෙන් යුත් සෝෆා සහ ගෘහ උපකරණ නිෂ්පාදනයේත් නිරත වෙනවාග මෙම නිෂ්පාදන ක්රියාවලිය සඳහා අපි අමුද්රව්ය ලබා ගැනීම සිදුකරන්නේ දේශීය සැපයුම් කරුවන්ගෙන්ග ඒ වගේ ම මෙම නිෂ්පාදන සියල්ලක් ම එකලස් කිරීම සිදු කරන්නෙ අපගේ ම නිෂ්පාදන කර්මාන්තශාලා පරිශ්රයේ දී වීම විශේෂිතයිග අපි දැනටමත් ජාතික ශ්රම බලකායට විශාල දායකත්වයක් ලබා දීල තිබෙන බව පැවසීමට කැමතියිග ඒ වගේ ම ඉදිරියේදීත් දේශීය නිෂ්පාදන ක්රියාවලිය පුළුල් කරමින්ල වැඩි රැකියා අවස්ථා ප්රමාණයක් නිර්මාණය කිරීමට අපි නිරන්තරයෙන් කැපවෙනවා.
ප්රශ්නය - සිංගර් සමාගම දේශීය නිෂ්පාදකයින්ටල සුළු පරිමාණ ව්යවසායකයින්ට සහ ස්වයං රැකියාවල නිරතවන අයට ලබා දෙන සහයෝගය ගැන කතා කළොත්....
දේශීය නිෂ්පාදකයින් සහ ස්වයං රැකියාවල නිරත වන්නන් ඇතුළු සිංගර් සමාගම සමඟ කටයුතු කරන පාර්ශ්වයන් වෙත විශ්වසනීය ආදායමක් හා අඛණ්ඩ ව්යාපාරික පැවැත්මක් සහතික කිරීමට අපි කටයුතු කරනවාග ඒ වගේ ම ඔවුන්ගේ ව්යාපාර දියුණු කර ගැනීමට අවශ්ය දැනුම සහ නිෂ්පාදන ක්රියාවලියේ දී උසස් ප්රමිතීන්ට අනුකූල වීම සඳහා අවශ්ය පුහුණුව ලබා දීමටත් අපි කටයුතු කරනවාග ඒ වගේ ම ඔවුන් සමඟ සමීපව කටයුතු කරමින්ල ඔවුන්ගේ ව්යාපාර සාර්ථක කරගැනීම සඳහා අවශ්ය මගපෙන්වීම සහ තාක්ෂණික සහාය නිරතුරුවම ලබා දෙන සිංගර් සමාගම නිපුණ ශ්රම බලකායක් නිර්මාණය කිරීමට දායක වෙමින් දේශීය සැපයුම්කරුවන් ව්යාපාරිකයින් බවට පත් කිරීමට සහයෝගය ලබා දෙන බව පවසන්නේ මහත් ආඩම්බරයෙන්ග ඒ වගේ ම අපි ඉදිරියේ දී අපගේ දේශීය නිෂ්පාදන ක්රියාවලිය තවත් පුළුල් කරමින් ජාතික ශ්රම බලකායට වැඩි දායකත්වයක් සැපයීමට බලාපොරොත්තු වන බවත් පැවසීමට කැමතියි.
ප්රශ්නයග - සුජීව මහත්මයාල ඔබගේ නිෂ්පාදන අංශයට දේශීය සැපයුම්කරුවන්ගෙන් ලැබෙන සහයෝගය ගැන කතා කළොත්......
පිළියන්දල ප්රදේශයේ පිහිටා තිබෙන සිංගර් ශ්රී ලංකා කර්මාන්තශාලා සංකීර්ණය මගින් ගෘහ භාණ්ඩල සහ ජල පොම්ප නිෂ්පාදනය කිරීම සිදු කරනවාග වර්තමානයේ දී ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්ය වන දැව සහ ජල පොම්ප නිෂ්පාදනයට අවශ්ය ලෝහ ඇතුළු අමුද්රව්ය සපයන දේශීය සැපයුම්කරුවන් 125 ක් පමණ අප සමඟ සම්බන්ධ වෙලා සිටිනවාග හොඳින් ස්ථාපිත සැපයුම් ආයතන වගේ ම මුල් අවධියේ ක්රියාත්මක වන සැපයුම් ආයතනත් මෙම සැපයුම් කරුවන් අතර සිටිනවාග ඒ නිසා සිංගර් සමාගම වැනි ස්ථාවර ආයතනයක් සමග ව්යාපාරික කටයුතු සිදු කිරීම තුළින් සාර්ථක ව්යාපාරයක් ගොඩනඟා ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබෙන බව පැවසුවොත් මම නිවැරදියි.
ප්රශ්නය - රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දේශීය නිෂ්පාදන අංශය ප්රවර්ධනය කිරීම ඉතා වැදගත්ග දේශීය නිෂ්පාදන ක්ෂේත්රය පුළුල් කිරීම සම්බන්ධයෙන් ඔබගේ අනාගත සැලසුම් මොනවා ද?
දේශීය නිෂ්පාදන ක්ෂේත්රය ශක්තිමත් කරමින් අපගේ නිෂ්පාදන කටයුතු ඉහළ නැංවීමට වගේ ම නව නිෂ්පාදන වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමටත් අපි සැලසුම් සකස් කරමින් සිටිනවාග දේශීය හා ගෝලීය වෙළෙඳපොළ අවශ්යතා හඳුනාගෙන නව නිපැයුම් හඳුන්වා දීම කාලීන අවශ්යතාවක්ග ඒ වගේ ම එම ක්රියාවලිය හරහා අපනයන වෙළෙඳපොළ අවශ්යතා ආකර්ෂණය කරගැනීමේ හැකියාවත් අපට ලැබෙනවාග දේශීය නිෂ්පාදනය තුළින් ආර්ථිකයට ලබා දීමට හැකි දායකත්වය අති විශාලයි.



September, 12, 2022
ශ්රී ලංකාව පුරා ජනතාවට මැහුම් කලාව ව්යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට පහසුකම් සපයමින්, මැහුම් ක්ෂේත්රයට මෙන් ම නිවාසවලට ද නැතිවම බැරි නිෂ්පාදනයක් බවට පත් වී ඇති සිංගර් මහන මැෂිම සිංගර් (ශ්රී ලංකා) යන නාමය මෙන් ම දශක ගණනාවක් පුරා මෙරට ජන සිත් සතන් තුළ මුල් බැසගෙන ඇති බව පැවසුවහොත් එය නිවැරදිය. සිංගර් සමාගම දශක හයකට වැඩි කාලයක් තිස්සේ සිය වෙළෙඳනාමය යටතේ, ශ්රී ලංකාව තුළ මහන මැෂින් නිෂ්පාදනයේ නිරත වන අතර, ලොව ප්රථම සිග් - සැග් මහන මැෂිම සහ පළමු ඉලෙක්ට්රොනික මහන මැෂිම ඇතුළු මහන මැෂින් නිෂ්පාදන ක්ෂේත්රයේ නව්යකරණයන් රැසක් සිය සන්නාමය යටතේ ලොවට දායාද කිරීමට එම සමාගම සමත් වී ඇත.
සිංගර් (ශ්රී ලංකා) සමාගමට අනුබද්ධිත ආයතනයක් වන සිංගර් ඉන්ඩස්ට්රීස් සමාගම සම්ප්රදායික, අතේ ගෙන යා හැකි මෙන් ම ඩිජිටල් යනා දී සියලු ම මාදිලි යටතේ මහන මැෂින් නිෂ්පාදනය කරයි. මෙම නිෂ්පාදන ක්රියාවලිය මගින් සිය කර්මාන්තශාලා තුළ සේවක සේවිකාවන් 100 කට අධික පිරිසකට සෘජු රැකියා අවස්ථා සපයන සිංගර් ඉන්ඩස්ට්රීස් සමාගම, පුද්ගලයින් 150 කට පමණ වක්ර ලෙස රැකියා පහසුකම් සපයයි. සාම්ප්රදායික මහන මැෂින්, සාමාන්ය මැස්ම සහිත මහන මැෂින් සහ සිග් - සැග් මහන මැෂින් වශයෙන් කොටස් දෙකකින් යුක්ත වන අතර, අතේ ගෙන යා හැකි සහ ඩිජිටල් මහන මැෂින් නවීනතම නිෂ්පාදනයන් ලෙස පාරිභෝගික ජනතාව වෙත පහසුකම් සළසයි. ඊට අමතරව සිංගර් ඉන්ඩස්ට්රීස් සමාගම මහන මැෂින් එකලස් කිරීම සහ මහන මැෂින් සඳහා ආධාරක උපාංග නිෂ්පාදන කාර්යයෙහි ද නිරත වන බව පැවසිය යුතු ම කරුණකි.
මහන මැෂින් ආධාරක උපාංග වන ස්ටෑන්ඩ් සහ කැබිනට් 100% ක් දේශීයව නිෂ්පාදනය කිරීම සිදු කරන සිංගර් ඉන්ඩස්ට්රීස් සමාගම මහන මැෂින් නිෂ්පාදන ක්ෂේත්රය ආශ්රිතව සිය ජීවනෝපායන් ගොඩනඟාගෙන ඇති දේශීය සැපයුම්කරුවන් වෙත ද සහයෝගය ලබා දීම සිදු කරයි. එමෙන් ම සිංගර් ඉන්ඩස්ට්රීස් සමාගම, මහන මැෂින් නවෝත්පාදනය වෙනුවෙන් ශක්තිමත් පර්යේෂණ හා සංවර්ධන අංශයකින් ද සමන්විත වේ. සිංගර් ඉන්ඩස්ට්රීස් සමාගම විසින් නිපදවනු ලබන සියලු ම මහන මැෂින් නිෂ්පාදන, එම සමාගමේ මව් සමාගම වන සිංගර් (ශ්රී ලංකා) සමාගම සිය ප්රදර්ශනාගාර 431 වෙත බෙදා හැරීම සිදු කරයි. වර්තමානය වන විට සිංගර් සමාගම දේශීය මහන මැෂින් ක්ෂේත්රයේ වෙළෙඳපොළ ප්රමුඛයා ලෙස කටයුතු කරමින්, 85% ක වෙළෙඳපොළ ප්රතිශතයක් අත්පත් කරගැනීමට සමත් වී ඇති අතර, මහන මැෂින් සම්බන්ධ තාක්ෂණික සහාය ලබා දීම සඳහා දිවයින පුරා පිහිටි සිය සේවා මධ්යස්ථානවල විශේෂ සේවා කාර්මිකශිල්පීන් අනුයුක්ත කර තිබීම සිංගර් ඉන්ඩස්ට්රීස් සමාගම පාරිභෝගික ජනතාව වෙත ලබා දෙන පහසුකම් අතරින් සුවිශේෂී ස්ථානයක් හිමි කරගෙන ඇත. ඊට අමතරව සිංගර් ඉන්ඩස්ට්රීස් සමාගම පවත්වාගෙන යන YouTube නාලිකාව මගින් සිය පාරිභෝගික ජනතාව වෙත තාක්ෂණික දැනුම සම්ප්රේෂණය කිරීම වෙනුවෙන් වීඩියෝ 130 කට අධික ප්රමාණයක් මුදාහැර ඇති බව ද සඳහන් කළ යුතු ම කරුණකි.
'සිංගර්' නාමය අද වන විට මෙරට මැහුම් ක්ෂේත්රය ආශ්රිතව නැතිව ම බැරි නාමයක් බවට පත් වී ඇති අතර, එම සමාගම දේශීය මැහුම් කර්මාන්තයේ ප්රගමනයට ප්රධාන දායකත්වයක් ලබා දෙන්නේ සිංගර් ෆැෂන් ඇකඩමිය හරහාය. වසර 60 කට වැඩි කාලයක් තිස්සේ මෙරට ජනතාව වෙත සේවා සපයන සිංගර් ෆැෂන් ඇකඩමිය අද වන විට පුද්ගලයින් දහස් ගණනකගේ මැහුම් කුසලතා වර්ධනය කරමින්, ඔවුන් ව්යවසායකයින් බවට පත් කිරීමට සිය උපරිම දායකත්වය ලබා දී ඇත. ඒ අනුව සිංගර් ෆැෂන් ඇකඩමිය වර්තමානය වන විට මැහුම් පාඨමාලා සහ ඩිප්ලෝමා පාඨමාලා පවත්වාගෙන යන අතර, නුදුරු අනාගතයේ දී මෙම ක්ෂේත්රය ආශ්රිතව උපාධි පාඨමාලා පිරිනැමීමට ද සූදානමින් සිටී. එමෙන් ම සිංගර් ෆැෂන් ඇකඩමිය සිය පාඨමාලා සඳහා එක්සත් රාජධානියේ වරලත් නිර්මාණකරුවන්ගේ සංගමය (CSD) වෙතින් අනුමැතිය ලබා ඇති මෙරට ප්රථම සහ එක ම ආයතනය වශයෙන් ද හඳුන්වා දිය හැකිය. දිවයින පුරා පිහිටා ඇති ශාඛා 54 කින් සමන්විත සිංගර් ෆැෂන් ඇකඩමිය අඩු ආදායම්ලාභී පවුල්වල දරුදැරියන් නඟාසිටුවීම වෙනුවෙන් සිය 'දිවි සවිය' වැඩසටහන හරහා මැහුම් පාඨමාලා 22 ක්, ඩිප්ලෝමා පාඨමාලා 2 ක් සහ තවත් පාඨමාලා 10 ක් පිරිණමයි. සිංගර් ෆැෂන් ඇකඩමිය මගින් දියත් කරන පාඨමාලා සඳහා සිසු සිසුවියන් 5000-6000 කට අධික සංඛ්යාවක් වාර්ෂිකව බඳවා ගනු ලබයි. මුහුණට මුහුණලා පවත්වන පන්තිවලට අමතරව, මාර්ගගත (Online) පාඨමාලා ඔස්සේ සිය සිසු සිසුවියන්ට පහසුකම් සළසන සිංගර් ෆැෂන් ඇකඩමිය, සිසු සිසුවියන් වෙත තවදුරටත් පහසුකම් සැළසීම අරමුණු කරමින් පසුකාලීන පරිශීලනය සඳහා පාඩම්වල නැරඹිය හැකි වීඩියෝ පිටපතක් සැපයීම ද ඉතා සුවිශේෂී වරප්රසාදයක් ලෙස හැඳින්විය හැකිය. පසුගිය දශකය තුළ සිසු සිසුවියන් 60,000 කට අධික පිරිසක් ඉතා සාර්ථකව මෙම පාඨමාලා හදාරා නිම කර ඇති අතර, එම සිසු සිසුවියන්ගෙන් බොහෝ දෙනෙක් දැනටමත් තමන්ගේ ම මැහුම් ව්යාපාරයන් ආරම්භ කර ඇති බව සිංගර් ෆැෂන් ඇකඩමිය අභිමානයෙන් සිහිපත් කරයි. එමෙන් ම සිංගර් ෆැෂන් ඇකඩමිය ශ්රී ලාංකික ජනතාව අතර මැහුම් කුසලතාව වර්ධනය කිරීමට සමත් වී ඇති නිසා ම මෙම ශිල්පය අද වනවිට බොහෝ දෙනෙකුගේ විනෝදාංශයක් බවට පත් වී ඇති බව ද පැවසිය යුතු ම ය.
මැහුම් ශිල්පය ඉතා හොඳ ආදායමක් උපයා ගත හැකි ස්වයං රැකියා ක්ෂේත්රයක් වන අතර, එය වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයෙන් යම් අස්වැසිල්ලක් ලබා ගැනීම සඳහා සහයෝගය ලබා දෙන ක්ෂේත්රයක් ලෙස හැඳින්වීම නිවැරදිය. කලක් තිස්සේ තමාගේ ම මැහුම් ව්යාපාරයක් පවත්වාගෙන එන බොහෝ පුද්ගලයින් වර්තමානය වන විට සිය ව්යාපාර ඉහළ ලාභ ලබන ව්යාපාර දක්වා දියුණු කරගෙන ඇති බව පෙන්වා දෙන සිංගර් ෆැෂන් ඇකඩමිය, මැහුම් කුසලතා වර්ධනය කිරීමට අවශ්ය සියලු සම්පත් දායකත්වය ලබා දෙමින්, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් නිපුණ ශ්රම බලකායක් නිර්මාණය කිරීම සඳහා කැපවී සිටී.


August, 5, 2022
සිංගර් ශ්රී ලංකා යනු අත්යවශ්ය පාරිභෝගික ගෘහ භාණ්ඩ රැසක් නිපදවනු ලබන සමාගමක් වන අතර, ඇතැම් නිෂ්පාදන ලොව ඉහළ ම තාක්ෂණය භාවිත කරමින් 100% ක් දේශීයව නිෂ්පාදනය කරන බව පැවසිය යුතු ම කරුණකි. සිංගර් සමාගම මෙරට වෙළෙඳපොළ අවශ්යතා පිළිබඳව මනා අවබෝධයකින් යුතුව සිය දේශීය නිෂ්පාදන ගෙන එයි. එමෙන් ම එම සමාගම සාධාරණ මිල ගණන් යටතේ, තත්ත්වයෙන් උසස් නිෂ්පාදන පාරිභෝගික ජනතාව වෙත ලබා දීම සඳහා මනාව සැලසුම් කරන ලද නිෂ්පාදන ක්රියාවලියක් ක්රියාවට නංවයි. දශක 6කට පෙර, සිංගර් මහන මැෂින් නිෂ්පාදනයෙන් ආරම්භ කෙරුණු සිංගර් දේශීය නිෂ්පාදන අංශය වර්තමානය වන විට ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්ර නිෂ්පාදනය දක්වා පුළුල් වී ඇත.
Regnis යනු තත්ත්වයෙන් උසස් සිංගර් හා සිසිල් ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්ර නිෂ්පාදනය කරන ප්රමුඛයා ලෙස හැඳින්විය හැකිය. 1988 දී අරඹන ලද Regnis කර්මාන්ත ශාලාව ආරම්භයේ සිට ම නවීන තාක්ෂණය මුසු වූ ශීතකරණ හා රෙදි සෝදන යන්ත්ර නව මාදිලිවලින් මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමේ ප්රමුඛයා ලෙස සඳහන් කිරීම නිවැරදිය. මෙම නිෂ්පාදන අංශය, දිනෙන් දින වෙනස් වන පාරිභෝගික අවශ්යතා හඳුනාගනිමින්, උසස් ප්රමිතියෙන් යුතු නිෂ්පාදන හඳුන්වා දීම මෙන්ම, ඒ වෙනුවෙන් විවිධ පාරිභෝගික සමීක්ෂණ හා පර්යේෂණ කටයුතුවල ද නිරත වෙයි.
සිංගර් ශීතකරණ නිෂ්පාදනයේ දී නිරන්තරයෙන් ලොව ඉහළ ම ප්රමිතීන් අනුගමනය කරයි. නවීන තාක්ෂණය, උසස් තත්ත්වයේ අමුද්රව්ය භාවිතය සහ 100% පරිසර හිතකාමී නිෂ්පාදන ක්රියාවලිය යන කරුණු කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් නිපදවන සිංගර් ශීතකරණ, දකුණු ආසියාව තුළ නිෂ්පාදනය කෙරුණු ප්රථම CFC රහිත ශීතකරණ නිෂ්පාදනය ලෙස සඳහන් කළ යුතු ම ය. තම දේශීය නිෂ්පාදන ක්රියාවලිය ශක්තිමත් කරමින්, සිංගර් සමාගම සිය ශීතකරණ නිෂ්පාදන පෙළ Frost-Free, Direct Cool සහ Inverter යන තාක්ෂණ වලින් වෙළෙඳපොළ වෙත නිකුත් කරන අතර වර්තමානය වන විට සිංගර් සහ සිසිල් සන්නාම යටතේ ශීතකරණ මිලියන එකහමාරකට අධික ප්රමාණයක් නිෂ්පාදනය කර ඇත. ශීතකරණ නිෂ්පාදනය හා සමානව , දේශීය අවශ්යතාවන්ට සරිලන සිංගර් රෙදි සෝදන යන්ත්ර ස්වයංක්රීය හා අර්ධ ස්වයංක්රීය යන මාදිලි දෙක යටතේ ම මෙරට වෙළෙඳපොළ වෙත නිකුත් කරන සිංගර් සමාගම, පසුගිය දශකය තුළ රෙදි සෝදන යන්ත්ර මිලියන 0.6කට අධික ප්රමාණයක් නිෂ්පාදනය කර ඇති අතර ශ්රී ලංකාවේ සමස්ත ශීතකරණ ඉල්ලුමෙන් 45%ක් සහ රෙදි සෝදන යන්ත්ර ඉල්ලුමෙන් 33%ක් පමණ සපුරාලීමට සමත් වී ඇත.
Regnis ලංකා කර්මාන්තශාලා අධ්යක්ෂ, කැලුම් කොස්ලපැවත්ත මහතා මෙසේ අදහස් දක්වන ලදි. "දේශීය නිෂ්පාදනයන් තුළින් රටේ දේශීය ආර්ථිකය නැංවීමට හැකි බව අපි තදින් ම විශ්වාස කරනවා. දේශීය නිෂ්පාදන ක්රියාවලිය තවදුරටත් ශක්තිමත් කරමින් කුඩා ව්යාපාර හා දේශීය නිෂ්පාදකයින් නඟාසිටුවීමට අපි නිරන්තරයෙන් සහයෝගය ලබා දෙනවා. සිංගර් සමාගමේ දේශීය නිෂ්පාදන අංශය මගින් මේ රටේ කුඩා ව්යාපාර හිමියන්ගේ හා ස්වයං රැකියාවල නියුතු පුද්ගලයින්ගේ ව්යාපාරික් දියුණුවට අවශ්ය පුහුණු පහසුකම් සහ ඔවුන්ට අවශ්ය මගපෙන්වීම ලබා දෙන බවත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි." යනුවෙනි.
සිංගර් දේශීය නිෂ්පාදන අංශය වර්තමානයේ දී අත්කරගෙන ඇති සාර්ථකත්වය එම සමාගමේ මෙන් ම සැපයුම් දාම, අමුද්රව්ය සැපයීම, කර්මාන්තශාලා මෙහෙයුම් කටයුතු, බෙදාහැරීම් සහ ඇසුරුම් යන විවිධ ක්රියාවලීන් හි නිරත වන සියලු ම දෙනාගේ කැපවීමෙහි ප්රතිඵලයක් බව පැවසිය යුතු ම ය. දේශීය නිපැයුම් නිෂ්පාදන ක්රියාවලිය වේගවත් කිරීම, නව්යකරණයෙන් යුත් නිෂ්පාදන වෙළෙඳපොළ වෙත හඳුන්වා දීම මෙන් ම නව ව්යවසායකයන්ට නව ව්යාපාරික අවස්ථා උදා කර දීම වෙනුවෙන් සිංගර් සමාගම අද්විතීය කාර්යභාරයක් ඉටු කරයි. ඒ අනුව අද වන විට ශීතකරණ හා රෙදි සෝදන යන්ත්ර නිෂ්පාදන ක්ෂේත්රය තුළ පමණක් සෘජු හා වක්ර රැකියා අවස්ථා 400කට අධික සංඛ්යාවක් උත්පාදනය කරමින්, සමස්තයක් ලෙස පවුල් 1000 කට වැඩි ප්රමාණයකට සවියක් වීමට සිංගර් සමාගමට හැකි වී තිබේ.
සිංගර් සමාගම දේශීය නිෂ්පාදන ක්ෂේත්රය ආශ්රිතව රැකියා අවස්ථා නිර්මාණය කිරීමට මෙන් ම, මෙරට කුඩා ව්යාපාර හිමියන්ට තම ව්යාපාර කටයුතු දියුණු කර ගැනීමට සහය වීම සඳහා විවිධ පුහුණු වැඩසටහන් දියත් කිරීමට ද කටයුතු කරයි. එය එම ව්යාපාරිකයින්ගේ ව්යාපාර කටයුතු දියුණු කරගැනීමට මෙන් ම, ආදායම් උත්පාදන අවස්ථා සුරක්ෂිත කරගැනීම සඳහා ශක්තිමත් පදනමක් ගොඩනඟා ගැනීමට ද මහත් ශක්තියක් බව පැවසිය යුතු ම ය. සිංගර් කණ්ඩායම දේශීය ව්යාපාරිකයින් දිරිගන්වන අතරතුර නව ව්යවසායකයින් සමඟ සමීපව කටයුතු කරමින් ඔවුන්ට අවශ්ය මඟපෙන්වීම සහ සහාය ලබා දෙන අතර, නව ව්යාපාර ආරම්භ කිරීම වෙනුවෙන් ව්යවසායකයින් දිරිමත් කිරීමට ද කටයුතු කරයි. රැකියා අවස්ථාවන් ලබා දීමට අමතරව අති දක්ෂ ශ්රම බලකායක් නිර්මාණය කිරීමට සිංගර් සමාගම සමත් වී ඇති අතර, වර්තමානයේ ශ්රී ලංකාවේ පවතින දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් බොහෝ දෙනෙකුට රැකියා අහිමි වී ඇති මොහොතක මෙය අත්යවශ්ය ම සමාජ සත්කාරයක් ලෙස හැඳින්වුවහොත් එය නිවැරදිය.
උසස් තත්ත්වයෙන් යුත්, ගුණාත්මක නිපැයුම් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම මෙන් ම, වැඩි රැකියා අවස්ථා සංඛ්යාවක් බිහි කරමින් නවෝත්පාදනවල නිරත වන සිංගර් සමාගම සාධාරණ මිල ගණන් යටතේ සිය නිෂ්පාදන පාරිභෝගිකයා අතට පත් කිරීම කැපී පෙනේ. මේ නිසා ම ඉහළ පාරිභෝගික විශ්වාසයක් හා ආකර්ෂණයක් දිනාසිටින සිංගර්, අඛණ්ඩව නව තාක්ෂණය වැළඳ ගනිමින් දේශීය පාරිභෝගික අවශ්යතා සපුරාලීම සඳහා තත්ත්වයෙන් උසස් නිෂ්පාදන ලබාදීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන බව අවධාරණය කරයි.




Video Story