January, 19, 2023
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 2023 වර්ෂය ආරම්භයේදීම තම ෆයිබර්(Fibre) සම්බන්ධතාවන්හි ඩවුන්ලෝඩ් (Download) වේගය 200Mbps දක්වා සහ අප්ලෝඩ් (Upload) වේගය 100Mbps වැඩි කිරීමට පියවර ගෙන තිබේ. SLT-MOBITEL Fibre යනු ශ්රී ලංකාවේ ප්රථම, වේගවත්ම සහ පුළුල්ම ෆයිබර් සම්බන්ධතා ජාලයයි. එමෙන්ම SLT-MOBITEL ශ්රී ලංකාවේ වේගවත්ම හෝම් බ්රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා සේවා සම්පාදකයා ලෙස සැලකේ.
SLT-MOBITEL ජාල වල හැකියාව සහ පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්යතාවන් වටහාගෙන ඒ අනුව සේවාවන් ලබාදීමට නොපමාව කටයුතු කරමින්,තම සම්බන්ධතාවන්හි වේගය වැඩි කිරීමට SLT-MOBITEL පියවර ගෙන ඇත. ජනවාරි මාසය යනු සාමාන්යයෙන් බොහෝ දෙනෙකු තම පවුලේ සාමාජිකයන් සහ ඥාති හිතමිත්රාදීන් සමග සම්බන්ධතා අලුත් කරගන්නා මාසයක් බැවින් , මෙම සේවාව ඔවුන්ට ඉමහත් පහසුවක් සලසයි. එමෙන්ම එය ඔවුන්ට ලොව නවීනතම සම්බන්ධතා තාක්ෂණයන්හි හැකියාවන් අත්විඳීමට ලැබෙන මහඟු අවස්ථාවක්ද වේ. වේගයට අමතරව මෙම තාක්ෂණය බාධාවන් හා ප්රමාදයන් අවම කරමින්, සුපැහැදිලි ලෙස සන්නිවේදනයේ යෙදීමට අවස්ථාව සලසා දෙයි.
මේ වනවිට බොහෝ දෙනෙක් වඩාත් වේගවත් හා කාර්යක්ෂම සන්නිවේදන සේවාවන් හා විසඳුම් සොයමින් සිටිති. මෙවැනි පසුබිමක් තුළ නව වසරේ අන්තර්ජාල වේගය 200Mbps දක්වා ඉහළ නැංවීම, රටේ බ්රෝඩ්බෑන්ඩ් ආවරණය මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට මහෝපකාරී වන පියවරක් වනු ඇත. ඉහළ Bandwidth අගයක් තිබීම මගින් පාරිභෝගිකයන්ට වඩාත් උසස් ප්රමිතියකින් යුතු අන්තර්ගතයන් පරිශීලනය කිරීම, විනාඩි කිහිපයක් ඇතුළත චිත්රපට බාගත(Download) කරගැනීම, අන්තර්ජාලය ඔස්සේ පිරිසක් සමග ක්රීඩාවන්හි නිරත වීම, බහුමාධ්ය අන්තර්ගතයන් භාවිතා කිරීම සහ වීඩියෝ ඇමතුම් වල යෙදීම ඇතුළු බොහෝ දේ ඉතාමත් පහසුවෙන් සිදුකළ හැකි වේ.
මෙම නව වේගය Fibre Unlimited 10, 25 සහ 50 පැකේජ සඳහා අදාළ නොවේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.sltmobitel.lk වෙබ් අඩවියෙහි දක්වා ඇත.
January, 18, 2023
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, අඛණ්ඩව සිව් වැනි වරටත් රයිගම් ටෙලි සම්මාන උළෙලේ නිල සන්නිවේදන සහකරු සහ Raigam Tele’es Nominees උත්සවයේ ප්රධාන අනුග්රාහක ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී සිටියි.
ශ්රී ලංකාවේ රූපවාහිනී ක්ෂේත්රයේ විශිෂ්ටයන්ට උපහාර පිදෙන ප්රධානතම ජාතික සම්මාන උළෙලක් වශයෙන් රයිගම් ටෙලි සම්මාන උළෙල මේ වනවිට විශාල ජනප්රියත්වයක් හිමිකරගෙන තිබේ. ‘යළි පිබිදෙමු’ යන තේමාව යටතේ මෙවර සම්මාන උළෙල පැවැත්වෙන අතර, කලාකරුවන්, නිෂ්පාදකවරුන් සහ රූපවාහිනී ක්ෂේත්රයට සම්බන්ධ ආයතන ඇතුළු විවිධ පාර්ශ්වයන් විසින් එම ක්ෂේත්රය නැංවීම සඳහා සිදුකරන ලද මෙහෙවර මෙහිදී ඇගයීමට ලක්වනු ඇත.
රටේ කලාකරුවන්ගේ සහ කලා ක්ෂේත්රයන්හි උන්නතිය වෙනුවෙන් කැප වී සිටින දේශීය සන්නාමයක් වශයෙන් ඉදිරියටත් මෙවැනි ජාතික මට්ටමේ වැඩසටහන් සමග අත්වැල් බැඳගනිමින්, එම වැඩසටහන් සාර්ථක කරගැනීම සඳහා උපරිම දායකත්වයක් ලබාදීමට SLT-MOBITEL බලාපොරොත්තු වෙයි.
ඡායාරූපය: Mobitel (පුද්.) සමාගමේ ප්රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා (දකුණේ), රයිගම් සමූහ ව්යාපාරයේ සභාපති රවී ලියනගේ මහතා (වමේ) සමග අනුග්රාහකත්වය හුවමාරු කරගත් අවස්ථාව. රයිගම් ටෙලි සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩල ප්රධානී බුද්ධදාස ගලප්පත්ති මහතාද ඡායාරූපයෙහි සිටී.
January, 15, 2023
තවත් තිරසාර හා පරිසර හිතකාමී පියවරක්
නව්ය හා තිරසාර විසඳුම් සමඟින් පාරිභෝගික අත්දැකීම් වල විප්ලවීය වෙනසක් ඇති කිරීමට මුලිකත්වය ලබාදෙන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සිය පාරිභෝගිකයන් වෙනුවෙන් මෙතෙක් ලබා දුන් සේවාවන් තවදුරටත් පුළුල් කරමින් ‘mAgent’ නමින් නව්ය සේවාවක් හඳුන්වා දී තිබේ. ප්රථම වතාවට දිවයින පුරා විසිරී සිටින පාරිභෝගිකයන්ගේ දොරකඩටම ගොස් සියලුම SLT-MOBITEL සේවා පහසුකම් සැපයීම මෙහි අරමුණ වන අතර එමගින් පාරිභෝගිකයන්ට වඩාත් සමීප සේවාවක් ලබා දීමට සමාගම අපේක්ෂා කරයි.
‘mAgent’ සේවාව හඳුන්වාදීමත් සමඟ, SLT-MOBITEL ස්ථාවර සහ ජංගම දුරකථන සම්බන්ධතා හිමි පාරිභෝගිකයන්ට, නිවසේ සිටම දුරකථන සන්නිවේදන සේවාවන් රාශියක් අත් විදීමේ හැකියාව ලැබෙනු ඇත. තවද, mAgent වැඩසටහන දියත් කිරීම SLT-MOBITEL හි පාරිසරික සමාජ පාලන (Environmental Social Governance - ESG) ක්රමෝපායේ තවත් පියවරක් වන අතර, සාම්ප්රදායික සේවා ක්රමවේදයන්ගෙන් ඔබ්බට යමින්, අඩු වියදම් සහ පරිසර හිතකාමී, ප්රදේශයට අදාළ සේවාවන් ලබා දෙමින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නංවමින්, වටිනාකම් නිර්මාණය කිරීම එහි ප්රධානතම අභිප්රාය වේ. එපමණක් නොව, ‘mAgent’ වැඩසටහන ඔස්සේ මෙරට තරුණ පරපුර බලගන්වමින් දුරකථන සන්නිවේදන ක්ෂේත්රය පිළිබඳ විශේෂඥ දැනුම, නිපුණතාවය හා නව වෘත්තිය අවස්ථාවන් ලබාදීමටත් SLT-MOBITEL කටයුතු කරයි.
1717 ඇමතීම මගින් පාරිභෝගිකයන්ට තම ප්රදේශයට අදාළ mAgent සමග සම්බන්ධ වීමට හැක. මෙහිදී, නව සම්බන්ධතා ලබා ගැනීම, උපාංග මිලදී ගැනීම ඇතුළුව, ස්ථාවර සහ ජංගම දුරකථන සම්බන්ධතා පිලිබඳ සියලුම සේවාවන් ඵලදායී හා කාර්යක්ෂම ලෙස සැපයීම සඳහා අවශ්ය දැනුම හා පුහුණුව මෙන්ම, ඒ සඳහා අවශ්ය සියලුම තාක්ෂණික පහසුකම්ද වලින් SLT-MOBITEL mAgent වරුන් බලගන්වා තිබේ.
මේ වනවිටත් දිවයින පුරා mAgent වරුන් අනියුක්ත කිරීමට SLT-MOBITEL කටයුතු යොදා ඇති අතර පාරිභෝගිකයෙකු කිසියම් අවශ්යතාවයක් සඳහා ඇමතුමක් ලබා දුන් විට හැකි ඉක්මනින් කාර්යක්ෂම සහ සුරක්ෂිත සේවාවක් සැපයීමට පියවර ගනී.
මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්රයේ තවත් පුරෝගාමී සේවාවක් වන ‘mAgent’ සේවාව පාරිභෝගිකයන්ගේ ජීවන රටාවන් තවත් පහසු කරමින්, ශ්රී ලංකාව සංවර්ධනයේ මීළඟ අදියර වෙත රැගෙන යාමට වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි SLT-MOBITEL විශ්වාස කරයි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
January, 10, 2023
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි 2023 තේමාව වන ‘නිදහස්ව නොබියව සිහින අභිබවා යන්න’ එළිදැක්වීම පසුගියදා එහි ප්රධාන කාර්යාලයේදී සිදුකෙරිණි. නොබියව නව අවස්ථාවන් ගවේෂණය කරමින් දීප්තිමත් අනාගතයක් වෙත පියවර එසවීමට ශ්රී ලාංකිකයන් දිරිගැන්වීමේ අරමුණින් මෙම තේමාව හඳුන්වා දී තිබේ.
මෙය එළිදැක්වීමේ අවස්ථාවට SLT සමූහ සභාපති රොහාන් ප්රනාන්දු, සමූහ ප්රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT ප්රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ සහ MOBITEL ප්රධාන විධායක නිලධාරී චන්දික විතාරණ යන මහත්වරුන්, SLT සහ MOBITEL අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්, සමූහයේ අනුබද්ධ සමාගම් වල ප්රධාන විධායක නිලධාරීන්, වෙනත් ජ්යෙෂ්ඨ නිලධාරීන්, කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සහ පාරිභෝගිකයන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.
උත්සවය ආරම්භ කරමින් සමූහ සභාපතිතුමා ජාතික ධජය එසවූ අතර, අදාළ ප්රධාන විධායක නිලධාරීවරුන් විසින් ආයතනික ධජ ඔසවන ලදි. ඉන් අනතුරුව ජාතික ගීය ගායනා කිරීමද, ආයතන වලට සහ කාර්ය මණ්ඩලයන්ට සෙත්පතා ආගමික වතාවත්වල යෙදීමද සිදුවිය. ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් කාර්ය මණ්ඩලය ධෛර්යමත් කරන ආකාරයේ පණිවිඩ නිකුත් කරන ලද අතර, මෙම උත්සවය SLT-MOBITEL ප්රාදේශීය කාර්ය මණ්ඩලයන් වෙනුවෙන් Peo TV Channel 200 ඔස්සේ සජීවීව විකාශය කරන ලදි.
විශ්වාසනීය සේවාවක් මෙන්ම අනාගතයට වඩාත්ම සුදුසු පරිවර්තනයන් ඔස්සේ පාරිභෝගිකයන්ට උපරිම ප්රතිලාභ සැලසෙන විසඳුම් හඳුන්වා දීමට SLT-MOBITEL සෑම විටම උත්සාහ දරයි. මෙම නව තේමාව, මිලියන 22 කට අධික පිරිසකගේ සිහින හා අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත්කිරීමට SLT-MOBITEL දක්වන උනන්දුව හා කැපවීම නිරූපණය කරන්නකි. විප්ලවීය තාක්ෂණය සහ මෙවලම් සමඟින්, පාරිභෝගිකයින්ට නව ලෝකය ජය ගැනීමට අවශ්ය පිටුබලය ලබාදීම සඳහා SLT-MOBITEL අන් කවරදාටත් වඩා අද දවසේ අවධානය යොමු කර ඇත.
ලොව කැපීපෙනෙන නව ප්රවණතාවන්ට අනුවර්තනය වීමට සහ එමගින් ප්රතිලාභ ලැබීමට පාරිභෝගිකයන්ට සහ ප්රජාවන්ට උපකාර කිරීම සඳහා සමාගම දරන උත්සාහයට සමගාමීව නිර්මාණය කළ නව විසඳුම් කිහිපයක්ද මෙම උත්සවය අතරතුර එළිදක්වන ලදී. වර්තමානයේ අධිවේගී සම්බන්ධතාවන්හි වැදගත්කම හොඳින් හඳුනා ගනිමින්, තම බ්රෝඩ්බෑන්ඩ් වේගය 200 Mbps දක්වා වැඩිදියුණු කිරීමට SLT-MOBITEL පියවර ගෙන තිබේ. එමෙන්ම නව අතථ්ය ලෝකයේ සැරිසැරීමට සහ නවතම ඩිජිටල් ප්රවණතාවන්හි මහිමය අත්විඳීමට පාරිභෝගිකයන් අවස්ථාව සලසා දෙමින්, 'Traverse' හරහා ශ්රී ලංකාවේ පළමු immersive metaverse අත්දැකීම ලබා දීමට SLT-MOBITEL කටයුතු කර ඇත. ‘Traverse’ තුළදී පාරිභෝගිකයන්ට අලංකාර භූ-දර්ශන ඇතුළුව අතථ්ය ලෝකයේ රමණීයත්වය සිත් සේ අත්විඳිමින් බොහෝ දේ අත්හදා බැලීමට අවස්ථාව ලැබේ. එමෙන්ම ඉදිරි වසරවලදී සමාජය තුළ අර්ථවත් පරිවර්තනයන් සිදු කිරීමට සහ පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට උපකාරී වන 'Google Assistant', 'MySLT Fault Localizer' සහ 'Cargills off the shelf package' ඇතුළු තවත් විසඳුම් පෙළක්ද මෙහිදී හඳුන්වා දෙන ලදී.
නව වසර දෙස අන් කවරදාටත් වඩා සුභවාදී ලෙස බැලිය හැකි බව SLT-MOBITEL විශ්වාස කරයි. නව තේමාවෙන් පන්නරය ලබමින්, 2023 වසර අසීමිත අවස්ථාවන් සහිත නව ආරම්භයක් බවට පත්කිරීම සඳහා සමස්ත ශ්රී ලංකාවාසීන්ට අවශ්ය පන්නරය ලබාදීම SLT-MOBITEL හි පරමාර්ථය වී තිබේ.


January, 10, 2023
ශ්රී ලංකා ටෙලිකොම් සමූහයේ 2021 වාර්ෂික වාර්තාව වෙනුවෙන් දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනයේ SAFA රන් සම්මානය හිමි විය' විශිෂ්ටත ම වාර්ෂික වාර්තා ඉදිරිපත් lsරීම" ඒකාබද්ධ වාර්තාකරණය සහ සාර්ක් සංවත්සරය වෙනුවෙන් මෙම සම්මාන උළෙල සංවිධානh කෙරේ'
නේපාලයේ කත්මන්ඩු නුවර පැවති එම සම්මාන උළෙලේදී 'සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ කාණ්ඩය' යටතේ ශ්රී ලංකා ටෙලිකොම් සමූහයේ වාර්ෂික වාර්තාව මෙලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීය' ජාත්යන්තර බදුකරණය සහ ඩිජිටල් මුදල් පිළිබඳ පැවති සම්මන්ත්රණයට සමගාමීව මෙම සම්මාන උළෙල පැවැත්විණි'
SLT - MOBITEL සමාගම වෙනුවෙන් එම සමාගමේ අලෙවි සේවා සාමන්යාධිකාරී අනුරුද්ධ සූරියාරච්චි සහ මුල්යයන ගිණුම්කරණ සහ බදුකරණ සාමන්යාධිකාරී ඉන්ද්රජිත් ප්රියන්ත යන මහත්වරු සම්මාන උළෙලට සහභාගී වූහ'
'No Dream Too Big' තේමාව යටතේ ඉදිරිපත්කරන ලද SLT-MOBITEL 2021 වාර්ෂික වාර්තාව, මෙරට ආර්ථිකය මෙන්ම සමාජය ද ඩිජිටල් පරිණාමයෙන් බලගන්වමින් තාක්ෂණික පරිණාමය ප්රවර්ධනය කිරීම සඳහා එම සමාගමේ දැක්ම සහ අපිරිමිත කැපවීම පිළිබිඹු කරයි'
SAFA සම්මානය, SLT-MOBITEL 2021 වාර්ෂික වාර්තාව සඳහා වසර පුරා හිමි වූ ඇගයුම් රැස අතරට එක් වූ තවත් කීර්තිමත් ඇගයුමකි'
January, 5, 2023
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය ජංගම දුරකථන සේවා පාරිභෝගිකයන් වෙනුවෙන් නවතම Non-Stop Work and Play පැකේජයක් හඳුන්වා දී තිබේ. රාජකාරි කටයුතු, අධ්යාපන කටයුතු සහ විනෝදාස්වාද සේවාවන් සම්බන්ධයෙන් වේගයෙන් ඉහළ යමින් පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම හඳුන්වා දීම සිදුකර ඇත.
මෙමගින් පාරිභෝගිකයන්ට එක් සුවිශේෂී පැකේජයක් යටතේ Google, Zoom, Teams, Office 365, Google Meet, YouTube, Facebook, WhatsApp, TikTok සහ Instagram වැනි ජංගම යෙදුම් රාශියක් රිසි සේ භාවිතා කළ හැකි වේ. තවද පාරිභෝගිකයන්ට කැමති පරිදි සංගීතයට සවන් දීමට හැකිවන ආකාරයට Spotify ද මීට ඇතුළත් කර ඇති අතර, අන්තර්ජාලය භාවිතා කිරීම සඳහා 4G anytime 1GB බෝනස් ඩේටා ප්රමාණයක්ද හිමි වේ.
SLT-MOBITEL Selfcare App එක භාවිතයෙන්, #170# ඩයල් කිරීමෙන් හෝ රු. 280 ක මුදලක් රීලෝඩ් කිරීම මගින් පෙරගෙවුම් පාරිභෝගිකයන්ට සතියක (දින 07) කාලසීමාවක් සඳහා මෙම පැකේජය සක්රීය කරගත හැක. පෙරගෙවුම් පාරිභෝගිකයන් සහ පසුගෙවුම් පාරිභෝගිකයන් යන දෙපාර්ශ්වයටම මෙහි රු, 990 සැලසුම ලබාගත හැකි අතර, එය දින 30 ක කාලයක් සඳහා වලංගු වේ. මෙම ගාස්තු වලට අදාළ සියලු බදු ඇතුළත් ය.
Non-Stop Work and Play යනු SLT-MOBITEL Mobile පාරිභෝගිකයන්ට තම ජීවිත වල අනිවාර්ය අංගයන් වන රාජකාරි, අධ්යාපන සහ විනෝදාස්වාද යෙදුම් රිසි සේ භාවිතා කිරීමට ලැබෙන මහඟු අවස්ථාවකි. එමෙන්ම එය පාරිභෝගිකයන්ට තම එදිනෙදා කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරගන්නා අතරම සමාජ මාධ්ය ඔස්සේ තම හිතමිතුරන් හා සම්බන්ධ වීමටත් අවස්ථාව සලසා දෙයි.
December, 29, 2022
37 වැනි වරටත් පැවති වෙළඳ සේවා මළල ක්රීඩා තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස අවසන් වූ අතර, එහිදී SLT-MOBITEL මළල ක්රීඩා කණ්ඩායම අඛණ්ඩව 4 වැනි වරටත් එහි අනුශූරතාව දිනාගැනීමට සමත් විය. මෙම කණ්ඩායමට දිවයින පුරා SLT-MOBITEL කාර්යාලවල සාමාජික සාමාජිකාවෝ ඇතුළත් වූහ.
2022 නොවැම්බර් 5 සහ 6 දෙදින තුළ කොළඹ සුගතදාස ක්රීඩා පිටියේදී පැවති මෙම තරගාවලියට සමාගම් හා ආයතන 50 කට අධික සංඛ්යාවක් නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් සංඛ්යාව 2,000 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙම තරගාවලිය මෙවර පැවැත්වුණේ වසර දෙකකට පසුව වීම විශේෂත්වයකි.
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන්, ශ්රී ලංකාවේ සමාගම් හා ආයතනවල මළල ක්රීඩක ක්රීඩිකාවන්ට තම කුසලතා වැඩිදියුණු කරගැනීමට අවස්ථාවක් ලබාදීමේ අරමුණින් SLT-MOBITEL මෙම තරගාවලියේ ප්රධාන අනුග්රාහකයා ලෙස කටයුතු කළේ ය. මේ ආකාරයට ක්රීඩා උත්සව, ක්රීඩා සංගම්, ක්රීඩා කණ්ඩායම් සහ ක්රීඩක ක්රීඩිකාවන් සඳහා අනුග්රාහකත්වයන් පිරිනමමින්, රටේ ක්රීඩා ක්ෂේත්රය නංවාලීම සඳහා SLT-MOBITEL නිරන්තරයෙන් දායක වෙයි.
එමෙන්ම නිරෝගී බව, මහත්මා ගතිගුණ සහ කණ්ඩායම් හැඟීම ආදිය ප්රවර්ධනය කිරීම සඳහා ක්රීඩාවන් තුළින් ඉටුවන කාර්යභාරය මැනවින් වටහා ගනිමින්, විවිධ ක්රීඩා ඉසව් වලට සහභාගී වීමට තම කාර්ය මණ්ඩලය දිරිමත් කිරීමටද SLT-MOBITEL නිරන්තරයෙන් පියවර ගනී.

December, 27, 2022
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, දේශයේ උන්නතිය වෙනුවෙන් තබන තවත් පියවරක් වශයෙන්, හැටන් නැෂනල් බැංකුවේ රට දිනන සිඟිත්තෝ වැඩසටහන සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. විදේශ රැකියා වල නියුතු පුද්ගලයන්ගේ දරුවන් සවිබල ගැන්වීමේ අරමුණින් හැටන් නැෂනල් බැංකුව මෙම සුවිශේෂී වැඩසටහන දියත් කර තිබේ.
ශ්රී ලංකාව මේ වනවිට ආර්ථික හා සමාජයීය අභියෝග ඇතුළු අභියෝග රාශියකට මුහුණ දී සිටී. මෙම අභියෝග ජයගනිමින් රටේ ආර්ථික තත්ත්වය යහපත් කිරීම සඳහා විදේශ සේවා නියුක්තිකයෝ අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකරමින් සිටිති. මෙම පිරිස ඉටුකරන මෙහෙවර සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ කැපවීම අගය කරමින් හැටන් නැෂනල් බැංකුව, HNB Assurance සහ SLT-MOBITEL ප්රධාන හවුල්කරුවන් ලෙස සම්බන්ධ කරගනිමින්ිරට දිනන සිඟිත්තෝ වැඩසටහන දියත් කළේ ය. මෙම වැඩසටහනට මගපෙන්වීම සඳහා අධ්යාපන අමාත්යාංශය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය සහ ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක් වී සිටී.
විදේශ රැකියා නියුක්තිකයන්ගේ දරුවන් චිත්ර කලාව, නර්තනය, ගායනය සහ ලේඛනය සම්බන්ධයෙන් දක්වන දක්ෂතා අගයමින්, ඔවුන්ට ත්යාග පිරිනමමින්, ඔවුන් තවදුරටත් දිරිමත් කිරීම අරමුණු කරගත් දීප ව්යාප්ත වැඩසටහනක් වශයෙන් ිරට දිනන සිඟිත්තෝ වැඩසටහන ක්රියාත්මක වේ.
ජාතික තලයේ වැඩසටහන් වලට අත්වැලක් වීමට සෑම විටම ඉදිරිපත් වන සන්නාමයක් වශයෙන්, ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන් වලට තම දායකත්වය ලබාදීමටත්, ඒ ඔස්සේ ශ්රී ලංකාව ඩිජිටල්කරණයේ මීළඟ අදියර වෙත රැගෙන යාමේ මෙහෙවර තුළ අඛණ්ඩව පෙරමුණ ගැනීමටත් SLT-MOBITEL කටයුතු කරමින් සිටී.
December, 27, 2022
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL අනුග්රහයෙන් පැවැත්වුණු 2022 නුවරඑළිය ගොල්ෆ් ශූරතා තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත්විය. ශ්රී ලංකාවේ ක්රීඩාවන්ගේ සහ ක්රීඩක ක්රීඩිකාවන්ගේ යහපත වෙනුවෙන් දීර්ඝකාලයක පටන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරමින් සිටින SLT-MOBITEL මෙම තරගාවලියේ එකම දුරකථන සන්නිවේදන සේවා හවුල්කරු ලෙස කටයුතු කළේ ය.
නුවරඑළිය ගොල්ෆ් ක්රීඩාංගණයේදී පැවති මෙම තරගාවලියේ දින දෙකේදී ලකුණු 157 ක් රැස්කරගත් කුසල් ජෝන්පිල්ලේ එහි ශූරතාව දිනාගැනීමට සමත් විය. තවත් ප්රවීණ ගොල්ෆ් ක්රීඩකයෙකු වන සුහයිබ් සංගානි ලකුණු 164 ක් සමගින් එහි අනුශූරතාව දිනාගත් අතර, පළමු දිනයේදී Best Gross score සඳහා පිරිනැමෙන වාර්ෂික රන් පදක්කම දිනාගන්නා ලද්දේ කුසල් ජෝන්පිල්ලේ විසිනි.
තරගකරුවන් 80 කට අධික පිරිසක් මෙවර තරගාවලිය එක්වී සිටි අතර සංගානි (A), ජෝන්පිල්ලේ (B), රොහාන් අමීර්තයියා (C) සහ ආචාර්ය ඒ. අමුණුගම (Masters) Nett ඉසව් වලදී තම කාණ්ඩ වල ජයග්රහණ හිමිකර ගැනීමට සමත් වූහ. දින තුනක් පුරා පැවති මෙම තරගාවලිය ග්රැහැම් සින්ක්ලෙයාර් කුසලානය සමගින් ආරම්භ වූ අතර, ඉන් අනතුරුව වාර්ෂික රන් සම්මාන තරගද, අවසානයේදී ප්රධාන ශූරතා තරගාවලියද පැවැත්විණි.
ක්රීඩාව ප්රවර්ධනය කිරීමේ උත්සාහය යටතේ ගොල්ෆ් ක්රීඩාවේ උන්නතියට දායක වීමේ මෙහෙවරෙහි එක් පියවරක් වශයෙන් SLT-MOBITEL විසින් මේ ආකාරයට 2022 නුවරඑළිය ගොල්ෆ් ශූරතා තරගාවලියට අනුග්රාහකත්වය ලබාදෙන ලදි. මෙම වසරේ මීට පෙර ප්රථම වරට පැවැත්වුණු Eagles’ Quadrangle Cup ගොල්ෆ් කුසලාන තරගාවලියට අනුග්රහය ලබාදීමටද SLT-MOBITEL කටයුතු කළේ ය.

December, 23, 2022
ශ්රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, නත්තලේ ප්රීතිය ආර්ථික දුෂ්කරතා ඇති ප්රජාවන් සමඟ බෙදාගැනීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "සබැදියාවේ නත්තල" ප්රජා සවිබලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් වශයෙන් දිවයින පුරා සිටින ආර්ථික අපහසුතා ඇති පාසල් දරුවන් හට ඊලග අධ්යන වර්ෂය සඳහා අවශ්ය පාසල් උපකරණ බෙදාදීම සිදු කරන ලදී.
ප්රජා උන්නතිය හා සවිබලගැන්වීම අරමුණු කරගත් "සබැදියාවේ නත්තල", SLT-MOBITEL පාරිසරික සමාජ පාලන (Environmental Social Governance - ESG) වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් වශයෙන් ක්රියාත්මක වේ. මෙම වැඩසටහන හරහා ශ්රී ලංකාව පුරා දරුවන් හට නත්තලේ සතුට විඳීමට සහය වීමට හා නව අධ්යයන වර්ෂය සඳහා සුදානම් වීමට අවශ්ය පාසල් උපකරණ සමඟින් වෙනත් ත්යාග බෙදාදීම සිදුකරනු ලබයි.
ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, තාක්ෂණික දියුණුව හා අර්ථවත් සමාජ සත්කාරක සේවා හරහා ප්රජා උන්නතිය සඳහා කටයුතු කරමින් ශ්රී ලංකාව තාක්ෂණික දියුණුවේ මීළඟ අදියර දක්වා සමීප කරවීමට කැප වී සිටී.
Video Story