• Ada Derana BIZ Sinhala
  • Raigam Tele’es
  • SLT-MOBITEL
  • sri lanka

SLT-MOBITEL අඛණ්ඩව සිව්වැනි වරටත් රයිගම් ටෙලි සම්මාන උළෙල සමග අත්වැල් බැඳගනී

January, 18, 2023

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, අඛණ්ඩව සිව් වැනි වරටත් රයිගම් ටෙලි සම්මාන උළෙලේ නිල සන්නිවේදන සහකරු සහ Raigam Tele’es Nominees උත්සවයේ ප්රධාන අනුග්රාහක ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී සිටියි.

ශ්‍රී ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයේ විශිෂ්ටයන්ට උපහාර පිදෙන ප්‍රධානතම ජාතික සම්මාන උළෙලක් වශයෙන් රයිගම් ටෙලි සම්මාන උළෙල මේ වනවිට විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබේ. ‘යළි පිබිදෙමු’ යන තේමාව යටතේ මෙවර සම්මාන උළෙල පැවැත්වෙන අතර, කලාකරුවන්, නිෂ්පාදකවරුන් සහ රූපවාහිනී ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන ඇතුළු විවිධ පාර්ශ්වයන් විසින් එම ක්ෂේත්‍රය නැංවීම සඳහා සිදුකරන ලද මෙහෙවර මෙහිදී ඇගයීමට ලක්වනු ඇත.

රටේ කලාකරුවන්ගේ සහ කලා ක්ෂේත්‍රයන්හි උන්නතිය වෙනුවෙන් කැප වී සිටින දේශීය සන්නාමයක් වශයෙන් ඉදිරියටත් මෙවැනි ජාතික මට්ටමේ වැඩසටහන් සමග අත්වැල් බැඳගනිමින්, එම වැඩසටහන් සාර්ථක කරගැනීම සඳහා උපරිම දායකත්වයක් ලබාදීමට SLT-MOBITEL බලාපොරොත්තු වෙයි.

 

ඡායාරූපය: Mobitel (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා (දකුණේ), රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති රවී ලියනගේ මහතා (වමේ) සමග අනුග්‍රාහකත්වය හුවමාරු කරගත් අවස්ථාව. රයිගම් ටෙලි සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩල ප්‍රධානී බුද්ධදාස ගලප්පත්ති මහතාද ඡායාරූපයෙහි සිටී.