August, 31, 2022
සිය වටිනාකම් දාමය තුළ වගකීම් සහගත ලෙස රසායනික ද්රව්ය භාවිත කිරීමට කැපවන Noyon Lanka (Pvt) Ltd (Noyon) විසින් කෘත්රිම ලේස් සඳහා 100% ස්වභාවික වර්ණකයක් වන Planetones හඳුන්වා දී ඇත. ස්භාවික වර්ණකයක් ක්දබඑරදක ඹබසදබ විසින් සහතික කළ පළමු අවස්ථාව මෙයයි.
ප්රමුඛ යුරෝපීය විලාසිතා සන්නාම දෙකක් සඳහා දැනටමත් විකුණා ඇති භදහදබ හි Planetones ස්වභාවික වර්ණකය, වර්ණක වල බහුලව දක්නට ලැබෙන උදාසීන වර්ණයන්ගෙන් ඔබ්බට විහිදෙන වර්ණ 32 ක පුළුල් වර්ණ මාලාවක් ඉදිරිපත් කරන අතර Cranberry සහ achiote වැනි ස්වභාවික වර්ණ ප්රභවයන් භාවිතා කරමින් මෙම වර්ණකය නිෂ්පාදනය කරයි.
Eco Dye Standard ලෙස හඳුන්වන Control Union හි සහතිකයට අමතරව වර්ණකය අන්තරායකර රසායන ද්රව්ය (ZDHC)නිෂ්පාදන සීමා කරන ලද ද්රව්ය ලැයිස්තුවෙහි (MRSL) ඉහළම මට්ටමට අදාල ප්රමිතීන්ට ද අනුකූල වේ. සැලකිය යුතු කරුණක් වන්නේ Control Union වෙතින් Eco Dye Standard සහතිකය ලබාගත් පළමු ආයතනය භදහදබ වීමයි.
Noyon Lanka යනු MAS Holdings හි අනුබද්ධිත ආයතනයක් වන අතර එය 2003 වසරේදී පිහිටුවන ලදී. මෙම විසඳුම පිළිබඳව අදහස් දක්වමින් Noyon හි ප්රධාන විධායක නිලධාරී Ashiq Lafir මහතා ප්රකාශ කළේ, ”අපගේ උසස් පර්යේෂණ, සංවර්ධන සහ තාක්ෂණික හැකියාවන් උපයෝගී කරගනිමින් Noyon විසින් නව්ය සහ තිරසාර විසඳුම් කිහිපයක් නිර්මාණය කර තිබෙනවා. අපගේ පාරිභෝගිකයින්ගේ සියලූම ප්රධාන කාර්ය සාධනය සහ ප්රමිතීන් සපුරාලන අතරම අපගේ නිෂ්පාදනවල සෘණාත්මක පාරිසරික බලපෑම් අවම කිරීමට හැකියාව තිබෙනවා. මෙම නවතම නිෂ්පාදනය මෙම ගමනේ වැදගත් සන්ධිස්ථානයක්. එය තිරසාර ඇඟලූම් නිෂ්පාදන ගමනාන්තයක් ලෙස ශ්රී ලංකාවේ ස්ථාවරය ඉහළ නංවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. නුදුරු අනාගතයේ දී ස්භාවික වර්ණකය භාවිතයෙන් පමණක් වර්ණ ගැන්වූ ඇඳුමක් නිෂ්පාදනය කිරීමට අපගේ උත්සාහය යොමු වී තිබෙනවා.” යනුවෙනි.
ජලය අපවිත්රවීම සඳහා 20% ක පමණ දායකත්වයක් ලබාදෙන්නේ රෙදි සායම් කිරීමේ සහ පිරිපහදු කිරීමේ කි්රයාවලිය බව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) සහ Ellen MacArthur පදනම ඇස්තමේන්තු කර ඇත. කෘතිම වර්ණක වර්ගයක් සමඟ සසඳන විට, Planetones ස්වභාවික වර්ණ ගැනීමේ ක්රියාවලියේදී රෙදි සෝදීම අඩු කිරීම හරහා ඇස්තමේන්තුගත ජලය සහ බලශක්ති පිළිවෙලින් 30% සහ 15% ක ඉතිරියක් සපයයි. ස්වාභාවික සංඝටක ජෛව හායනයට ලක් වීම තුළින් ජලයට රසායනික ද්රව්ය එකතු වීම අවම කරයි.
Planetones ස්වභාවික වර්ණකය 85% සිට 95% දක්වා වර්ණ ගැළපීමක් සහිතව තීරණාත්මක කාර්ය සාධනය සහ ප්රමිතීන් පවත්වා ගනිමින් තිරසාරත්වය සහතික කිරීම වෙනුවෙන් ඇගයීම් රැසකට පාත්ර වී ඇත.
‘Planetones’ සහ එහි බුද්ධිමය දේපළ (IP) ශ්රී ලංකාවේ අනෙකුත් සැපයුම් දාම හවුල්කරුවන් වෙත ද බෙදාහරින අතර සහතික කළ ස්වභාවිකව වර්ණ ගන්වන ලද ඉලාස්ටික්, රෙදි සහ අනෙකුත් උපාංග නිමැවීමට ඔවුන්ට මේ මගින් හැකි වේ.
මෙම ස්වාභාවික වර්ණකය නිෂ්පාදනය කිරීම තිරසාරත්වය සඳහා Noyon හි සමස්ත කැපවීමේ කොටසකි. ප්රතිචක්රීයකරණය කරන ලද පොලිතීන් ටෙරෙෆ්තලේට් (PET) බෝතල් භාවිතයෙන් සාදන ලද ද්රව්ය ඇතුළුව ජෛව හායනයට ලක්විය හැකි සහ ප්රතිචක්රීයකරණය කරන ලද ද්රව්ය භාවිතා කර නිමැවූ නිෂ්පාදන Noyon හි පවතින පාරිසරික පිරිනැමීම් කට්ටලයේ දක්නට ලැබේ.
තවද 2019 මට්ටමට සාපේක්ෂව Noyon 2021 දී සිය නිරපේක්ෂ විමෝචනය සියයට 8.4 කින් අඩු කර ඇති අතර 2022 දී සියයට 12.6 දක්වා අඩු කිරීමට උත්සාහ කරයි. සමාගම දැනට එහි අන්තරායකර නොවන අපද්රව්යවලින් 50% ක අගය ඉහළ නැංවීමේ කි්රයාවලියක නිරත වෙමින් චක්රීයකරණයට සහ නැවත භාවිතයට සහය දක්වයි. සමාගම විසින් භාවිතා කරන වර්ණක සහ රසායනික ද්රව්යවලින් 100%ක්ම Bluesign අනුමත කර ඇත.
Planetones’ දියත් කිරීම හා සමගාමීව Noyon සිංහරාජ වනාන්තරය තුළ ඇති අලූත් ශාක සහ සත්ව විශේෂ හඳුනාගැනීමේ ප්රජා පාදක සංරක්ෂණ ව්යාපෘතියක් සඳහා ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය සමඟ හවුල් විය. අලූතින් හඳුනාගත් සෑම විශේෂයක් නමින්ම තිරසාර ස්වභාවික සායම් වර්ණාවලියක් නිර්මාණය කිරීම Noyon හි අරමුණ වන අතර ස්වභාවික වර්ණකයෙන් ලැබෙන ආදායමෙන් 1%ක් මෙම වැඩසටහන සඳහා පරිත්යාග කරනු ඇත.
2004 වසරේ දී පිහිටුවන ලද Noyon Lanka (Pvt) Ltd යනු MAS සමාගම් සමූහයේ කොටසකි. එහි ආරම්භයේ සිටම Noyon සමීපතම ඇඟලූම්, රාත්රී ඇඳුම් සහ කී්රඩා ඇඟලූම් සන්නාම සමඟ කටයුතු කරන අතර එහි අසමසම නිෂ්පාදන ගුණාත්මකභාවය සහ තිරසාර ජයග්රහණ වෙනුවෙන් සහතික සහ ඇගයුම් රැසක් ලබා ගෙන ඇත. දැනට Noyon සමාගමට අයත් නිෂ්පාදන කර්මාන්තශාලා ශ්රී ලංකාව, ඉන්දුනීසියාව සහ චීනය යන රටවල පිහිටා ඇත.


August, 31, 2022
ශ්රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින්, මෙරට තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා සිය ප්රාග්ධනය යෙදවීමට අරමුණු කරන පෞද්ගලික අංශය වෙත අවශ්ය සහයෝගය ලබා දීම වෙනුවෙන් 'තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වන ආයෝජක සිතියම' පසුගිය දා එළිදැක්වීය. රජයේ ප්රතිපත්ති හා වෙළෙඳපොළ අවස්ථා සමබර ලෙස කළමනාකරණය කරමින්, රට තුළ තිරසාර ආර්ථිකයක් ගොඩනැගීමේ දී මෙම තිරසාර සංවර්ධන ඉලක්ක මගින් ඒ සඳහා මාර්ගෝපදේශයන් ලබා දෙන මේ සුවිශේෂී සිතියම නිර්මාණය කෙරුණේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගිනි.
අනෙකුත් බොහෝ රටවල මෙන් ම, ශ්රී ලංකාවේ ආර්ථිකයට ද COVID-19 වසංගතය බලපෑවේ, 2020 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 3.6% කින් පහත හෙළමින් සහ රටට ඩොලර් ගෙන එන ප්රධාන මූලාශ්රයක් වන සංචාරක කර්මාන්තය සැලකිය යුතු ලෙස අඩපණ කරමිනි. වර්තමානය වන විට අර්බුදයට ලක් ව ඇති ශ්රී ලංකාව, ඖෂධ, ඉන්ධන හා ආහාර වැනි අත්යවශ්ය ද්රව්ය ආනයනය කිරීමට මෙන් ම සිය ණය වාරික ගෙවීම සඳහා ද විකල්ප විසඳුම් ගොඩනඟමින් සිටී. එමෙන් ම ශ්රී ලංකා රජයේ ප්රධානතම ඉලක්කයක් වී ඇත්තේ රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 140%ක් බවට පත් වී ඇති වත්මන් රාජ්ය ණය ප්රමාණය 2032 වසර වන විට 100% ට වඩා අඩු මට්ටමකට ගෙන ඒමයි.
ශ්රී ලංකාව සිය සමස්ත ආර්ථිකය ස්ථාවර කිරීමට සහ බාහිර ණය ප්රතිව්යූහගත කිරීම වෙනුවෙන් ජාත්යන්තර මූල්ය අරමුදලේ වැඩසටහනක් ක්රියාත්මක කරමින් සිටින අතර, එම ක්රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පෞද්ගලික ප්රාග්ධනය, සෘජු විදේශ ආයෝජන, විකල්ප මූල්ය සේවාවන් සහ රාජ්ය හා පෞද්ගලික හවුල්කාරිත්වයන් අත්යවශ්ය වේ. හරිත සංවර්ධනය, කාන්තා ආර්ථිකය සවිබල ගැන්වීම, සමාජ යටිතල පහසුකම් සංවර්ධනය (උදාහරණ: සෞඛ්යය) ආදී සාමාජීය හා පාරිසරික අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් මෙම අරමුදල් භාවිත කිරීමේ දී තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වූ ආයෝජක සිතියම බෙහෙවින් වැදගත් වනු ඇත.
ශ්රී ලංකාව ප්රකෘතිමත් තත්ත්වයට ගෙන ඒමේ ක්රියාවලිය වේගවත් කරමින් එය සාර්ථකව ඉදිරියට ගෙන යාමට මෙම සිතියම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන අතර, එය පහත අයුරින් භාවිත කළ හැකිය.
තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වූ ආයෝජක සිතියම, 2030 වනවිට සපුරාගැනීමට අපේක්ෂා කරන ශ්රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් සඳහා වන සම්බන්ධීකරණය, පහසුකම් සැලසීම, අධීක්ෂණය, ඇගයීම හා වාර්තා කිරීම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහ ශ්රී ලංකා තිරසාර සංවර්ධන කවුන්සිලය අතර පවතින ශක්තිමත් සහයෝගීතාවේ ප්රතිඵලයකි. ශ්රී ලංකාවේ ප්රමුඛතම ආයෝජන ප්රවර්ධන නියෝජිතායතනය වන ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වූ ආයෝජක සිතියම සංවර්ධනය කිරීමේ දී යෙදවුම් සහ වලංගුකරණය ලබා දීමට කටයුතු කළ අතර, එම සිතියම දියත් කිරීමේ ප්රධාන හවුල්කරුවෙකු ලෙස ද හඳුන්වා දිය හැකිය. ද්විතීයික පර්යේෂණ ක්රමවේදය හරහා මෙන්ම 50කට අධික රාජ්ය හා පෞද්ගලික අංශයේ ආයතන සමග පැවිති උපදේශන අවස්ථා තුලින් ලබාගත් විස්තර වලට අනුව, පුනර්ජනනීය බලශක්තිය, සෞඛ්ය ආරක්ෂණය, යටිතල පහසුකම්, ආහාරපාන සහ පාරිභෝගික භාණ්ඩ යන ප්රමුඛතා අංශ 5ක් යටතේ ව්යාපාරික ආකෘති ආවරණය වන ආයෝජන අවස්ථා 15ක් (IOAs) මෙම ආයෝජක සිතියම තුලින් හඳුනාගෙන ඇත.
මෙම අවස්ථාවේ දී, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෞද්ගලි අංශයෙන් ඉල්ලා සිටියේ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමට යාමේ දී ව්යාපාරවලට හා ආයෝජකයින්ට අන්තර් සම්බන්ධිත ආර්ථික, සාමාජීය සහ පාරිසරික බලපෑම් ප්රශස්ත කිරීම සඳහා ස්වාධීන සහ ගෝලීය කළමනාකරණ ප්රමිතීන් අනුගමනය කරන ලෙසයි. ඉදිරියට එන තිරසාර සංවර්ධන ඉලක්ක බලපෑම් සම්බන්ධ ප්රමිති සහතික කිරීමේ රාමුව සහ තිරසාර සංවර්ධන ඉලක්ක බලපෑම් මුද්රාව මගින්, බලපෑම් සම්බන්ධ අවදානම අඩු කරමින් තිරසාරත්වයට ධනාත්මක ලෙස දායක වීමට වැඩි ඉඩක් ඇති ආයෝජකයින් සහ ව්යවසායන් හඳුනා ගැනීම සිදුකරයි.
මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ මුදල් අමාත්යාංශයේ භාණ්ඩාගාර නියෝජ්ය ලේකම් ඩබ්. ඒ. සරත් කුමාර මහතා ප්රකාශ කළේ, "වසර ගණනාවක් පුරා තිරසාර සංවර්ධන ඉලක්කවලට අනුකූලව ජාතික ප්රතිපත්ති, සංවර්ධන සැලසුම් සහ වැඩසටහන් අඛණ්ඩව ක්රියාත්මක කිරීමේ දී එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්රී ලංකාව දැඩි ලෙස කැපවෙලා තිබෙනවා. තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා මුදල් ආයෝජනයට අවශ්ය අතිරේක සම්පත් උත්පාදනය කිරීම සඳහා රාජ්ය හා පෞද්ගලික අංශ සහ ප්රාග්ධන වෙළෙඳපොළ ඒකාබද්ධ කිරීම වෙනුවෙන් නව්ය මූල්යකරණ යාන්ත්රණයන් අත්යවශ්යයි. ඒ නිසා තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වූ ආයෝජක සිතියම, ආයෝජකයින්ට අතිරේක ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් අවශ්ය වෙළෙඳපොළ තොරතුරු ලබා දෙන කාලෝචිත මැදිහත්වීමක්."
තිරසාර ආර්ථිකයක් ගොඩනගාගැනීම සඳහා ශ්රී ලංකාව දරන ප්රයත්නයන් සඳහා තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වූ ආයෝජක සිතියම දක්වන සහයෝගය කෙබඳුදැයි අවධාරණය කරමින්, එක්සත් ජාතීන්ගේ ශ්රී ලංකා නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හැම්ඩි මහත්මිය පැවසුවේ, "ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ක්ෂණික බලපෑම් අවම කිරීමට හා රටේ දිගුකාලීන තිරසාර සංවර්ධනය සහතික කිරීමට සමස්ත සමාජය ම කැප විය යුතුයි. ශ්රී ලංකා තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වූ ආයෝජක සිතියම පෞද්ගලික අංශයේ ආයතනවලට ඔවුන්ගේ ආයෝජන තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් ලබා දීම වැඩි කිරීම සඳහා ඉතා ශක්තිමත් මාර්ගයක් නිර්මාණය කර දෙනවා. එය 2023 – 2027 කාලවකවානුව වෙනුවෙන් මෑතක දී දියත් කරන ලද, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සහයෝගීතා රාමුව සම්පූර්ණ කරනවා."
මේ පිළිබඳව අදහස් දක්වමින් තිරසාර සංවර්ධන කවුන්සිලයේ අධ්යක්ෂ ජනරාල් චමින්ද්රි සපරමාදු මෙනවිය ප්රකාශ කළේ, " තිරසාර සංවර්ධනය පිළිබඳ වූ 2030 න්යාය පත්රයේ සාර්ථකත්වය සඳහා මේ හවුල්කාරිත්වය ඉතා හොඳ සහයක් ලබා දෙනවා. තිරසාර සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීමේ දී සෑම පාර්ශ්වකරුවෙකුට ම ආවේණික විශේෂ ශක්තීන් තිබෙනවා. තිරසාර සංවර්ධන ඉලක්කයන් පිළිබඳ ශ්රී ලංකාවේ ප්රථම ආයෝජක සිතියම නිර්මාණය කිරීමේ දී තිරසාර සංවර්ධන කවුන්සිලය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අතර හවුල්කාරිත්වය හා සහයෝගීතාව ශ්රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වන මූල්ය අවශ්යතා පියවා ගැනීමට උපකාරී වන නව්ය විසඳුමක් විදියට හඳුන්වා දීමට පුළුවන්. " යනුවෙනි.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි කාර්ය භාරය ඉස්මතු කරමින්, ශ්රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන භාර නිලධාරිණී මලින් හර්විග් මහත්මිය අදහස් දක්වමින්, "මෙම තීරණාත්මක අවස්ථාවේ දී තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වූ ආයෝජක සිතියම මඟින් ශ්රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වන ආයෝජන අවස්ථා පිළිබඳ අපට ඉතා හොඳ දැනුවත් භාවයක් ලබා දෙනවා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්රී ලංකා රජය සමඟ එක්ව, මෙම සිතියම හරහා සංවර්ධන හවුල්කරුවන්ට, ජාත්යන්තර මූල්ය ආයතවලට සහ පෞද්ගලික අංශයේ ආයෝජකයින්ට රට ප්රකෘතිමත් කිරීමට සහ තිරසාර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා දායක වීමට මුල්ය විසඳුම් ලබා දීම වෙනුවෙන් එක්වන ලෙස ඉල්ලා සිටිනවා" යනුවෙන් පැවසුවේය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ SDG Impact හි අධ්යක්ෂිකා ෆැබියෙන් මිශෝ මහත්මිය මෙසේ ප්රකාශ කළාය. " ශ්රී ලංකාව පවතින තත්ත්වයෙන් මුදාගැනීම සඳහා තිරසාරභාවය සහ තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් ආයෝජනය සඳහා පෞද්ගලික අංශයට විශාල අවස්ථාවක් තිබෙනවා. ශ්රී ලංකා තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වන ආයෝජක සිතියම මේ සඳහා සුදුසු අංශ හඳුනා ගැනීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කරන බව පැවසිය යුතුමයි. මේ හා සම්බන්ධ වන පෞද්ගලික අංශයට ඔවුන්ගේ බලපෑම කළමනාකරණය කර ගැනීමට මඟ පෙන්වන ප්රමිතීන් අනුගමනය කිරීමට වගේ ම, රටට වඩාත් ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමටත් අවස්ථාව සළසනවා."
August, 31, 2022
ඉන්ධන හිඟය ඇතුළු විවිධ ආර්ථික දුෂ්කරතා නිසා අධෛර්යමත් නොවී වුවද සෙලින්කෝ ලයිෆ් සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන් කණ්ඩායමකට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට පසුගියදා ඓතිහාසික මහනුවර ඇසල පෙරහැර නුවර නගරයේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක සිට නැරඹීමේ වරම් හිමිවිය.
මහනුවර ක්වීන්ස් හෝටලයේ සිට පෙරහැර නැරඹීමේ අවස්ථාව ඔවුන්ට සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් උදාකර දුන් අතර කණ්ඩායමට ආහාර පානයෙන් සංග්රහ කිරීමටද සමාගම කටයුතු කරන ලදී. සමාගම විසින් මෙම ආරාධනාව සිදුකළේ සමාගමේ ප්රීමියම් ක්ලබ්හි සාමාජිකත්වය දරන ඔප්පුහිමියන් පිරිසකටයි.
මීට පෙර වසරවල, අංක 65, රජ වීදිය, මහනුවර ලිපිනයේ පිහිටි සමාගමේ ශාඛා පරිශ්රයේ සිට මහනුවර ඇසල පෙරහැර නැරඹීමේ අවස්ථාව රක්ෂණ ඔප්පුහිමියන් කොටසකට ලබාදෙන ලදී. මීට අමතරව, සෙලින්කෝ ලයිෆ් ප්රීමියම් ක්ලබ් සාමාජිකයින්ට සමාගම විසින් සෑම වසරකම විවිධ ත්යාග සහ ප්රතිලාභ ලබාදෙන අතර හෝටල්වල ආහාර පාන සහිත නවාතැන් පහසුකම්, පවර් බෑන්ක්, ප්රථමාධාර කට්ටල, පිඟන් භාණ්ඩ සහ ලෙදර් උපකරණ ලබාදීම සමාගම විසින් සිදු කරයි.
සේයාරුවෙන් දැක්වෙන්නේ රක්ෂණ ඔප්පුහිමියන් පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ක්වීන්ස් හෝටලයේ සිට මහනුවර ඇසල පෙරහැර නරඹන ආකාරයයි.
August, 31, 2022
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ශ්රී ලංකාවේ සැකසූ ආහාර සහ පාන (Food and Beverage) අංශයේ අපනයන අවස්ථා පිළිබඳ අන්තර්ජාල සැසියක් (Webinar) 2022 සැප්තැම්බර් 6 වන දින පෙරවරු 9.30 සිට 11.30 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ සිංහල භාෂා මාධ්යයෙන් පැවැත්වෙන මෙම සැසිය දැනට ව්යාපාරවල නියුතු ව්යවසායකයින්, නව ව්යවසායකයින් සහ දේශීය ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් පැවැත්වේ.
මෙම අන්තර්ජාල සැසිය (Webinar) ඔස්සේ ආහාර පාන අංශයේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ව්යවසායකයින් හට ජාත්යන්තර වෙළඳපොළ තුල පවතින අවස්ථා පිළිබඳ අවබෝධය ලබාදීමට අදහස් කෙරේ. එහිදී මෙම ක්ෂේත්රයේ ගෝලීය වෙළඳපල සහ ප්රවණතා, වත්මන් අපනයනෙ වෙළඳපළ සංයුතිය හා දිශානතිය, වෙළඳපොළ තරඟකාරිත්වය, අපනයන වෙළඳපොළට පිවිසීමේදී සපුරාලිය යුතු අවශ්යතා ආදී මාතෘකාවන් පිළිබද අවධානය යොමු කෙරේ.
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්රාදේශීය සංවර්ධන අංශය මඟින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන එම අංශයේ අධ්යක්ෂිකා සේපාලිකා ජයවර්ධන මහත්මිය විසින් මෙහෙයවන අතර සම්පත් දායකත්වය සපයන්නේ අපනයන කෘෂිකර්ම අංශයේ සහකාර අධ්යක්ෂිකා ගයනි විජේතිලක මහත්මිය විසිනි.
සැසිය සඳහා ලියාපදිංචි වීමේ ප්රමුඛතාවය අනුව තෝරා ගැනීම සිදු වන අතර ලියාපදිංචි ගාස්තුව රු. 2000.00 කි. ලියාපදිංචි වීම සහ වැඩි විස්තර සඳහා ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල වෙබ් අඩවියේ පහත සදහන් වෙබ් සබැඳිය වෙත පිවිසෙන්න. https://www.edb.gov.lk/event/exportmarkets වැඩිදුර තොරතුරු සඳහා නිපුණි මුණසිංහ, අපනයන ප්රවර්ධන නිලධාරිනී අමතන්න - nipuni@edb.gov.lk / Tel: 0112300716

August, 31, 2022
කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිබෙන ජාතික තොරතුරු තාක්ෂණික අධ්යාපනික වැඩසටහන යටතේ තවත් අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණික විද්යාගාර 05 ක් රජයේ අධ්යාපන ආයතන වෙත පරිත්යාග කිරීමට බැංකුව කටයුතු කර තිබේ. මෙහිදී, මෙම ආයතනවල අවශ්යතාවය පරිදි ගොඩනැගිලි අළුත්වැඩියා කිරීමටද කොමර්ෂල් බැංකුව පියවර ගෙන ඇත.
බැංකුව විසින් මෙම නවතම තොරතුරු තාක්ෂණික විද්යාගාර වල්පිට කුඩාගම්මන මහා විද්යාලය, කොටදෙණියාව කරුණාරත්න විද්යාලය, තවලම්පිටිය මහා විද්යාලය සහ මීරිගම හේනේපොළ විද්යාලෝක විද්යාලය සහ රාජගිරිය වෘත්තීය පුහුණු අධිකාරියට බැංකුවේ ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේ පරිත්යාග කර තිබේ.
බැංකුව විසින් සිදුකළ පරිත්යාග වලට පරිගණක, පුටු, ප්රින්ටර් සහ මල්ටිමීඩියා ප්රොජෙක්ටර් ඇතුළත් වූ අතර මෙම ස්ථානවල පැවති තොරතුරු තාක්ෂණික විද්යාගාර සමහරක් අළුත්වැඩියා කිරීමට සහ පුළුල් කිරීමටද බැංකුව මුදල් ආයෝජනය කර තිබේ.
පාසැල්වල 01 වන ශ්රේණියේ සිට 13 වන ශ්රේණිය දක්වා තොරතුරු තාක්ෂණික විෂය ඉගැන්වීම සඳහා පාසැල් වලට තොරතුරු තාක්ෂණික විද්යාගාර අවශ්ය වන අතර විෂය මාලාව තුළ තොරතුරු තාක්ෂණික විෂය අනිවාර්ය විෂයක් බවට මේ වනවිට පත්කර ඇත. වෘත්තීය පුහුණු අධිකාරියට සිසුන් 30 දෙනෙකු සඳහා සතියට දෙවරක් සිය පරිගණක පාඨමාලා පැවැත්වීමට අළුත් පරිගණක 10 ක් අවශ්යව තිබුණු අතර බැංකුව විසින් එම අවශ්යතාවය සපුරන ලදී.
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 940 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

සේයාරූ සටහන : කොමර්ෂල් බැංකුව විසින් පරිත්යාග කළ නව තොරතුරු තාක්ෂණික විද්යාගාර
August, 30, 2022
ශ්රී ලංකා තාරුණ්යයේ වඩාත් ජනප්රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා ජාතික මානසික සෞඛ්ය ආයතනය (NIMH) සමඟ එක්ව Whatsapp හරහා 1926 මානසික සෞඛ්ය උපකාරක සේවාව වෙත සම්බන්ධ වීමේ පහසුකම් පුළුල් කරන බව නිවේදනය කළේය. මානසික සෞඛ්ය යහපැවැත්ම උදෙසා සහය අවශ්ය ඕනෑම අයෙකුට හෝ ඒ සඳහා මැදිහත්වීමක් අවශ්ය ඕනෑම අයෙකුට දැන් 075 555 1926 ඔස්සේ WhatsApp හරහා NIMH හි මානසික සෞඛ්ය උපකාරක සේවාව වෙත සම්බන්ධ විය හැක.
”කොරෝනා වසංගත කාලයේ පැවති lock down තත්වය නිසා මිනිසුන් හුදකලා වුණා. එය මානසික සෞඛ්ය සම්බන්ධ ගැටළු වැඩි වීමට හේතු වී තිබෙනවා. එබැවින් WhatsApp වැනි අපට සමීප මාර්ගයන් භාවිතයෙන් මානසික සෞඛ්ය යහපැවැත්ම නඟාසිටුවීම කාලීන අවශ්යතාවයක්. දුරකතන මාර්ග හරහා සංනිවේදනය කර තම ගැටළු වලට පිළියම් ලබාගැනිමට තරුණ ප්රජාව ද කැමැත්තක් ඵල කරනවා.”
”Whatsapp පණිවිඩ සේවාව ඇත්තෙන්ම හොඳ විසඳුමක් වන අතර විශේෂයෙන්ම සිය මානසික සෞඛ්යය ගැටළු වලට පිළියම් සොයන තරුණ තරුණියන්ට අපි වෙත පැමිණ හෝ අපි සමඟ කතාබහ කරනවා වෙනුවට මෙම පණිවිඩ සේවාව භාවිතා කිරීම වඩාත් පහසු වෙනවා. ඔවුන් වෙත උපරිම සේවාවක් සැලසීම වෙනුවෙන් ගන්නා වූ අපගේ උත්සාහයට සහාය වීම ගැන අපි එයාර්ටෙල් කණ්ඩායමට කෘතඥ වෙනවා.” යනුවෙන් NIMH ජ්යෙෂ්ඨ මනෝ වෛද්ය විශේෂඥ වෛද්ය පුෂ්පා රණසිංහ මහත්මිය පැවසුවාය.
2020 ජාත්යන්තර මානසික සෞඛ්ය දිනයට සමගාමීව දියත්කල කෙටි පණිවිඩ සේවාව මඟින් ගැටළුකාරී මානසික සෞඛ්යය හේතුවෙන් අභියෝගවලට මුහුණ දෙන බොහෝ පුද්ගලයන්ට සහය දැක්වීමට, සැනසීම ලබාදීමට සහ මගපෙන්වීම සැපයීමට අමතරව ජීවිත 100කට අධික ප්රමාණයක් ජීවත් කර වීමට උපකාරී වී ඇත.
”NIMH කණ්ඩායම විසින් සිදු කරනු ලබන විශිෂ්ට සේවාවට අඛණ්ඩව සහයෝගය දැක්වීම ගැන එයාර්ටෙල් අප ආඩම්බර වන අතර Whatsapp හරහා 1926 සේවාව වෙත පිවිසීමට පහසුකම් සැලසීම මඟින් තමන්ගේ මානසික පීඩාවට සවන් දීමට තවත් කෙනෙකු ඔබ අසලින්ම රැදෙන බව හැඟවෙනවා.” යනුවෙන් එයාර්ටෙල් ශ්රී ලංකා හි ප්රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්යක්ෂක අශිෂ් චන්ද්ර මහතා පැවසුවේය.
එයාර්ටෙල් විසින් Whatsapp හරහා මෙම සේවාව වෙත සම්බන්ධ වීමේ පහසුකම් ලබාදීමට ගත් තීරණය voice හෝ සාමාන්ය කෙටි පණිවිඩ භාවිතයට වඩා data භාවිතය සඳහා මනාපයක් ඇති තරුණ පරිශීලකයින්ට වඩාත් සාධනීය ක්රමයකි. මෙම යෙදවුම මඟින් වීඩියෝ ඇමතුම්, බෙහෙත් වට්ටෝරු බෙදාගැනීම සහ හඬ සටහන් ඇතුළුව තවත් බොහෝ විකල්පයන් භාවිතා කළ හැකි අතර එමඟින් 1926 සේවාව වෙත සම්බන්ධව තම මානසික නිදහස ලගාකරගත හැකිය.
”1926 සේවාවේ මෙම නවතම ව්යාප්තිය සමඟින් එයාර්ටෙල් බලාපොරොත්තු වන්නේ මානසික පීඩනයෙන් සිටින තරුණ තරුණියන් වෘත්තීය මනෝ උපදේශකයින් වෙත ළඟා වීමට දිරිගන්වමින් මානසික සෞඛ්යය පිළිබඳ විවෘත සහ අවබෝධාත්මක සංස්කෘතියක අවශ්යතාවය නැවත අවධාරණය කිරීමටයි. ඔවුන් අර්බුදකාරී අවස්ථාවන් අත්විඳින විට මෙය විශේෂයෙන් වැදගත් වන අතර ආරක්ෂිත සහ නිර්නාමික වීම තුළ ඔවුන්ගේ මානසික සෞඛ්ය ගැටළු තම පෞද්ගලිකත්වය රැකෙන අයුරින් විසඳගන්න පුළුවන්. අවසාන වශයෙන් ඔබ දන්නා අයෙක් මානසික ගැටළුවකට මුහුණ දෙමින් සිටියද නැතහොත් ඔබට කුඩා සහයෝගයක් අවශ්ය යැයි හැඟුනද දැන් මෙම සේවාව වෙත පහසුවෙන් පිවිසීමේ හැකියාව තියෙනවා. මෙම දියත් කිරීම හරහා ඔබ එහි උපරිම ප්රයෝජන ලබාගනීවි යැයි අපි හිතනවා වගේම එහි කොටස්කරුවෙකු වීමට අපට හැකි වීම පිළිබඳව සතුටු වෙනවා.” යනුවෙන් අශිෂ් මහතා තවදුරටත් ප්රකාශ කළේය.
සියලූම එයාර්ටෙල් පරිශීලකයින්ට මෙන්ම ඕනෑම ජංගම දුරකතන ජාලයක සිටින සැමට පහසුවෙන් ප්රවේශ විය හැකි පරිදි සේවාව පුළුල් කිරීමට ලැබීම එයාර්ටෙල්-NIMH 1926 Whatsapp උපකාරක සේවාවේ සැලකිය යුතු සාර්ථකත්වයකි. 1926 මානසික සෞඛ්ය ඇමතුම් මාර්ගය සහ SMS මාර්ගය සියලූම එයාර්ටෙල් භාවිතා කරන්නන් සඳහා නොමිලේ භුක්ති විඳිය හැකිය.
එයාර්ටෙල් සිය සමාජ මාධ්ය වේදිකා සහ My Airtel යෙදවුම හරහා මානසික සෞඛ්යය පිළිබඳව සහ සියලූම NIMH 1926 උපකාරක දුරකථන සේවා පිළිබඳව ඔබව දැනුවත් කිරීමට කැපවන බව නිවේදනය කළේය.
(වමේ සිට) NIMH, නියෝජ්ය අධ්යක්ෂ, වෛද්ය අරෝෂ විජේවික්රම, සෞඛ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් - සෞඛ්ය සේවා, වෛද්ය සුනිල් ද අල්විස්, සෞඛ්ය අමාත්යාංශය, ලේකම්, ජනක එස්. චන්ද්රගුප්ත, එයාර්ටෙල් ලංකා, ප්රධාන විධායක නිළධාරී/කළමනාකාර අධ්යක්ෂ, අශීෂ් චන්ද්රා, NIMH, අධ්යක්ෂ, වෛද්ය ධම්මිකා විජේසිංහ, NIMH, ජ්යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්ය පුෂ්පා රණසිංහ යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ වේ.
August, 30, 2022
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති Daraz Partner Performance සම්මාන උළෙලේදී ‘Category Accelerator’ ලෙස සම්මානයෙන් පිදුම් ලැබී ය. තනි කාණ්ඩයක් (උපයෝගීතා බිල්පත් ගෙවීම්) තුළ ගෙවීම් සඳහා භාවිතා කළ යුතු කාඩ්පත් පදනම වශයෙන්, ක්රෙඩිට් කාඩ්පත් සම්බන්ධයෙන් පසුගිය වසරට සාපේක්ෂව 200% ක වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වීම වෙනුවෙන් සෙලාන් බැංකුව වෙත මෙම සම්මානය හිමි විය.
ලොව ප්රමුඛතම විද්යුත් වාණිජ සේවා වෙබ් අඩවියක් වන Daraz සමග එක්වී ‘Seylan Friday Offer’ නමින් විශේෂ දීමනා වැඩසටහනක් ක්රියාවට නැංවීමට සෙලාන් බැංකුව මීට පෙර කටයුතු කළේ ය. මෙහිදී සෙලාන් ක්රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් Daraz වෙබ් අඩවිය හරහා ජල හා විදුලි බිල්පත් ගෙවූ ගනුදෙනුකරුවන්ට 10% ක වට්ටමක් හිමි විය. මේ සඳහා ගනුදෙනුකරුවන් වෙතින් දැවැන්ත ප්රතිචාරයක් හිමි වූ අතර එය සෙලාන් බැංකුවටත් Daraz වෙබ් අඩවියටත් පාරිභෝගික ආකර්ෂණය තවදුරටත් වැඩි කළ සාධකයක් බවට පත් විය. එමෙන්ම එදිනෙදා ගනුදෙනු සඳහා ඩිජිටල් ගෙවීම් ක්රම භාවිතා කිරීම කෙතරම් පහසුද යන්න පෙන්වා දෙමින්, දිගින් දිගටම එම ක්රම භාවිතා කිරීමට ගනුදෙනුකරුවන් යොමුකරවීම සඳහාද මෙම වැඩසටහන මහඟු කාර්යභාරයක් ඉටුකළේ ය.
“Daraz වෙතින් මෙවැනි ඇගයීමක් හිමිවීම අපට මහත් සතුටක්. Daraz සමග අප ඇතිකරගත් හවුල්කාරීත්වය ආරම්භයේ සිටම ඉතාමත් ඵලදායී හවුල්කාරීත්වයක් බවට පත්වූවා. මෙම ඇගයීම එම හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරන පියවරක් වේවි. මෙවැනි අර්ථවත් හවුල්කාරීත්වයන් ඇතිකර ගැනීම, සෙලාන් බැංකුවේ සාර්ථකත්වයට බලපාන එක් ප්රධානතම සාධකයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ ඔස්සේ අපගේ ගනුදෙනුකරුවන් සහ හවුල්කරුවන් වෙත වැඩි වැඩියෙන් ප්රතිලාභ පිරිනැමීමට අප සෑම විටම උත්සාහ කරනවා.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්යාධිකාරී (අලෙවි හා විකුණුම්) ගමික ද සිල්වා මහතා පැවසී ය.
‘එදිනෙදා අවශ්යතාවන්ට ගැළපෙනම කාඩ්පත’ වශයෙන් සෙලාන් කාඩ්පත්, Daraz හරහා උපයෝගීතා සේවා බිල්පත් ගෙවීමේදී හොඳම වට්ටම් පිරිනමයි. මීට අමතරව තවත් කාණ්ඩ රැසක් සඳහා වසර පුරාම වට්ටම් පිරිනැමීමටද සෙලාන් බැංකුව පියවර ගෙන තිබේ.
සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, ශීඝ්රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. ශීඝ්රයෙන් වර්ධනය වන සුළු හා මධ්ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුණු පාරිභෝගික සේවා සැපයුම් ස්ථාන 540 කට අධික සංඛ්යාවකට හිමිකම් කියයි. ෆිච් ශ්රේණිගත කිරීම් සෙලාන් බැංකුවේ දිගුකාලීන ජාතික ශ්රේණිගත කිරීම ‘A’(lka) ලෙස සංශෝධනය කරමින් එම බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත, මුල්යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. සෙලාන් බැංකුවේ මුල්ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීමද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.
August, 30, 2022
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක මෙන්ම රටේ ක්රීඩා ක්ෂේත්රයේ උන්නතියට සෑමවිටම උරදෙන දේශීය සන්නාමයක් වන SLT-MOBITEL, 2022 බ්රැඩ්බි පළිහ (Bradby Shield 2022) සඳහා නිල සන්නිවේදන සහකරු ලෙස එක්විය.
කොළඹ රාජකීය විද්යාලය සහ මහනුවර ත්රිත්ව විද්යාලය අතර පැවැත්වෙන මෙම වාර්ෂික බ්රැඩ්බි තරගාවලියට වසර 76 කට අධික ඉතිහාසයක් ඇත. මෙවර තරගාවලියේ පළමු අදියර පසුගිය අගෝස්තු 20 දින රාජකීය විද්යාලයීය ක්රීඩා සංකීර්ණයේදී පැවති අතර එහිදී ලකුණු 29 කට 0 ක් වශයෙන් ත්රිත්ව විද්යාලයීය පිල පරාජයට පත්කරමින් විශිෂ්ට ජයග්රහණයක් අත්කර ගැනීමට රාජකීය පිල සමත් විය. මෙහි දෙවැනි අදියර එළඹෙන සැප්තැම්බර් 03 වන දින පල්ලෙකැලේ ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
August, 30, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම සමූහ ව්යාපාරයක් වන Hemas Holdings PLC සහ එහි අනුබද්ධ සමාගමක් වන Hemas Manufacturing (පුද්.) සමාගම පසුගියදා Clean Ocean Force Lanka (COF) සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මේ යටතේ ප්ලාස්ටික් අපද්රව්ය වලින් සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා පියවර රැසක් ගැනීමට නියමිත වේ. මේ යටතේ ප්රධාන වශයෙන් මීගමුව පෝරුතොට ප්රදේශයේ වෙරළ තීරය රැකගැනීමේ වැඩසටහනක් සහ මීගමුව කලපුව පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්රියාවට නැංවීමට සැලසුම් කර ඇත.
මහ ඔය කලපුව ඔස්සේ ඉන්දියන් සාගරයට ප්ලාස්ටික් අපද්රව්ය එකතු වීම වැළැක්වීම සහ, ප්රදේශයේ ධීවර ප්රජාව විසින් අපරීක්ෂාකාරී ලෙස අපද්රව්ය බැහැර කිරීම අවම කිරීම මෙම ව්යාපෘති වල ප්රධානතම ඉලක්කයකි.
“මෙවැනි ප්රයත්නයන් හේමාස් හි පාරිසරික න්යාය පත්රයේ කොටසක්. ඒ ඔස්සේ අප විවිධ ව්යාපෘතින් සහ හවුල්කාරිත්වයන් ඔස්සේ අපගේ පරිසරය ආරක්ෂා කිරීම, ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම සහ ප්ලාස්ටික් වගකීමෙන් පරිභෝජනය කිරීම යනාදිය ඉලක්ක කරගත් වැඩසටහන් සැලසුම් කරනවා. Clean Ocean Force සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, වගකීම්සහගත ලෙස ප්ලාස්ටික් බැහැර කිරීම දිරිගැන්වීම සඳහා අප සමූහය විසින් සැලසුම් කරන ලද තවත් එක් මහා පරිමාණ පරිසර ව්යාපෘතියක්.” Hemas Manufacturing සමාගමේ වැඩ බලන කළමනාකාර අධ්යක්ෂිකා සබ්රිනා එසුෆලි මහත්මිය පැවසුවා ය.
මෙම ව්යාපෘතිය හරහා PET බෝතල් කිලෝග්රෑම් 350 සිට 500 දක්වා ප්රමාණයක් සහ තවත් ප්ලාස්ටික් සහ වෙනත් අපද්රව්ය කිලෝග්රෑම් 100 ක් පමණ ඉවත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. Clean Ocean Force Lanka විසින් බඳවා ගන්නා ලද, ප්රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වලට අයත් කාන්තාවන් මෙම අපද්රව්ය ඉවත් කිරීමේ වැඩසටහන් සඳහා දායක වනු ඇත. මෙම ව්යාපෘතිය අදාළ කාන්තාවන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල ජීවන තත්ත්වය නගාසිටුවීමට හේතු වනු ඇති අතර, මෙවැනි පරිසර හිතකාමී ක්රියාකාරකම් වල නිරන්තරයෙන් යෙදීමට ඔවුන් දිරිගැන්වීමද සිදුවනු ඇත. මෙහිදී එකතු කරනු ලබන අපද්රව්ය වලට ප්රතිචක්රීකරණ සමාගම් මගින් මුදල් ගෙවීමක් සිදුකෙරෙනු ඇති අතර, එම මුදල් මෙම ජනතාව අතර බෙදාදීමටද නියමිත ය. එමගින් මෙම ප්රජාවන්ට මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ යම් සහනයක් ලැබෙන ආකාරයේ ස්ථාවර මාසික ආදායමක්ද හිමි වේ.
“ඉන්දියන් සාගරයේ පිහිටි දූපතක් ලෙස, ශ්රී ලංකාවේ සමුද්ර පරිසර පද්ධති සහ වෙරළ තීරයන් සමාජ-ආර්ථික වශයෙන් පමණක් නොව රටේ යහපත් ජීවන පැවැත්ම සඳහාද අතිශයින් වැදගත් වනවා. මේවා ආරක්ෂා කරගැනීම මේ මොහොතේ දැඩි අවශ්යතාවක්ව පවතින බව අපට පෙනී ගියා. මෙම වැඩසටහන් ඔස්සේ, ප්ලාස්ටික් අපද්රව්ය ඉක්මනින් ප්රතිචක්රීකරණය කර අපගේ පරිසරය පෙර පැවති තත්ත්වයට පත්කිරීමේ වැදගත්කම පිළිබඳව කාගේත් අවධානය යොමුවේවි.” Hemas Holdings PLC හි සමූහ ප්රධාන විධායක නිලධාරිනී කස්තුරි චෙල්ලරාජා මහත්මිය පැවසුවා ය.
මීගමුව යනු අලංකාර වෙරළ තීරයකින් මෙන්ම ජල මාර්ග තුනකින්ද සමන්විත නගරයකි. ඒ නිසාම එය බස්නාහිර පළාතේ ධීවර කර්මාන්තයේ කේන්ද්රස්ථානයක් බවට පත්වී තිබේ.
Hemas Holdings සහ Clean Ocean Force Lanka අතර අත්සන් තබන ලද ප්රථම අවබෝධතා ගිවිසුම යටතේ, පෝරුතොට වෙරළ තීරය රැකගැනීමේ වැඩසටහනක් ක්රියාවට නැංවෙනු ඇත. Hemas Consumer Brands සමග අත්සන් තැබූ අනෙක් අවබෝධතා ගිවිසුම යටතේ මීගමුව කලපුව පිරිසිදු කිරීමේ වැඩසටහන ක්රියාත්මක කෙරේ. ප්ලාස්ටික් අපද්රව්ය රැගෙන එන ජලමාර්ග රැසක් කලපුවට සම්බන්ධ වී ඇති නිසා එහි විශාල පරිසර දූෂණයක් සිදුවෙමින් පවතී. කලපුව ඉන්දියන් සාගරයට සම්බන්ධ බැවින්, එහි ප්ලාස්ටික්, පොලිතින් සහ වෙනත් අපද්රව්ය මෙන්ම රොන්මඩ එක්වීම මගින් සමස්ත පරිසර පද්ධතියම අවදානමකට ලක් වේ. රජයේ සහ පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් සහ අඩු ආදායම්ලාභී පවුල්වල ප්රජා ස්වේච්ඡා බලකාය සමග එක්වී Clean Ocean Force විසින් ආරම්භ කරන ලද මෙම ප්ලාස්ටික් ඉවත් කිරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහන් මගින් බස්නාහිර පළාතේ මීගමුව ප්රදේශයේ කම්මල්තොට සිට බේරුවල වඩාත් දූෂිත වෙරළ, ඇළ මාර්ග සහ ජල මාර්ග දිනපතා හෝ සතියක දෙවරක් පිරිසිදු කිරීම සිදුකරනු ලබයි. මේ ඔස්සේ දිනකට ප්ලාස්ටික්, පොලිතීන් සහ අනෙකුත් අපද්රව්ය කිලෝග්රෑම් සියයකට අධික ප්රමාණයක් ඉවත් කර වර්ගීකරණ මධ්යස්ථාන වෙත යැවීමෙන් අනතුරුව ප්රතිචක්රීකරණය සඳහා යොමුකෙරේ.
“Hemas සහ Clean Ocean Force අතර මෙවැනි හවුල්කාරීත්වයක් ඇතිකර ගැනුණේ පළමු වතාවටයි. මෙහිදී සාම්ප්රදායික පාලම් පාරු යොදාගනිමින්, කලපුවේ පාවෙන සහ කඩොලාන වල සිරවී ඇති ප්ලාස්ටික් සහ අනෙකුත් අපද්රව්ය එකතු කිරීම දිනපතා සිදුකරනු ලබනවා. මෙම වැඩසටහනට COF සමග එක්ව වැඩ කරන ධීවර ප්රජාවන් සෘජුවම සම්බන්ධ වන අතර එමගින් ඔවුන්ට ආදායමක්ද ලැබෙනවා.” Clean Ocean Force Lanka හි සභාපති හා නිර්මාතෘ ජෙරම් ප්රනාන්දු මහතා පැවසී ය.
සුවිශේෂී රාජ්ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් ලෙස Clean Ocean Force ක්රියාත්මක වේ. පළාත් පාලන හා පරිසර අමාත්යාංශය (බස්නාහිර), අපද්රව්ය කළමනාකරණ අධිකාරිය (බස්නාහිර), සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), ශ්රී ලංකා පොලිසියේ පාරිසරික අංශය, සමෘද්ධි අධිකාරිය, ශ්රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, අධ්යාපන අමාත්යාංශය (බස්නාහිර), සහ නැගෙනහිර පළාතේ මහ නගර සභා සහ පළාත් පාලන ආයතන මෙම වැඩසටහන් සමග එක්වී සිටින අතර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය මගින් මෙම සමස්ත මෙහෙයුම් ක්රියාවලිය නිරීක්ෂණය කෙරේ.
August, 30, 2022
චෙන්නායි හි සිටින ශ්රී ලංකාවේ නියෝජ්ය මහ කොමසාරිස් අචාර්ය ඩී. වෙන්කටේශ්වරන් මහතා 2022 අගෝස්තු 19 වැනි දින තමිල්නාඩුවේ සංචාරක අමාත්ය අචාර්ය එම්. ඒ. මදිවෙන්දන් මහතා හමුවූ අතර, එහිදී ශ්රී ලංකාව සහ තමිල්නාඩුව අතර සංචාරක ව්යාපාරය ප්රවර්ධනය කිරීමේ ක්රම පිළිබඳව සාකච්ඡා පැවැත්වීය.
රාමායණ යාත්රා (Ramayanaya Yathra), මුරුගන් ට්රේල් (Murugan Trail), MICE සංචාරක ව්යාපාරය, සංස්කෘතික වැඩසටහන්, ත්රාසජනක ක්රියාකාරකම්, සිනමා පට රූගත කිරීම යනාදී වශයෙන් සංචාරක ව්යාපාරය හා සබැඳි විවිධ මානයන් ඔස්සේ ශ්රී ලංකාව නමැති දිවයින දකුණු ඉන්දියාව තුළ ප්රවර්ධනය කළ හැකිය. තමිල්නාඩුවේ සංචාරක අමාත්යංශයේ ද සහය ඇතිව චෙන්නායි නුවර තුළ ශ්රී ලංකාවේ සංස්කෘතික වැඩසටහනක් සහ ආහාර ප්රදර්ශනයක් සංවිධානය කිරීම පිළිබඳව ද, නියෝජ්ය මහ කොමසාරිස්වරයා මෙහිදී අදහස් දැක්වීය.
Video Story