• Ada Derana BIZ Sinhala
  • Allianz Lanka
  • Dolosbage
  • Rural School
  • sri lanka
  • Water System

අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම දොළොස්බාගේ ග්‍රාමීය පාසලකට පිරිසිදු පානීය ජල පහසුකම් පරිත්‍යාග කරයි

January, 19, 2023

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම (Allianz Lanka), දොළොස්බාගේ ප්‍රදේශයේ අවම පහසුකම් සහිත පාසලක් වන කෙලී ගෲප් ප්‍රාථමික විද්‍යාලයට පිරිසිදු පානීය ජල පහසුකම් ලබාදීමට මෑතකදී කටයුතු කළේ ය. මෙම පාසලේ ඉගෙනුම ලබන සිසුන් අතරින් බහුතරයකගේ දෙමාපියෝ තේ කර්මාන්තය ආශ්‍රිතව දෛනික වැටුප් ලබන පුද්ගලයෝ වෙති.

මේ අතරින් ඇතැම් සිසුන්ට පාසල වෙත ළඟාවීම සඳහා දිනපතා කිලෝමීටර් 5 කට අධික දුරක් පා ගමනින් පැමිණීමට සිදු වේ. දෙමාපියන්ට පවතින බරපතළ ආර්ථික දුෂ්කරතා නිසා, පාසලේ ජල ගැටලුව විසඳීමට මැදිහත් වීමට ඔවුන්ටද හැකියාවක් නොතිබිණි.

මධ්‍යම පළාතේ මහනුවර අධ්‍යාපන කලාපයට කිලෝමීටර 46 ක් පමණ දුරින්, මහනුවර සහ සබරගමුව පළාත් වලට මායිම්ව පිහිටි මෙම පාසලේ සිසුන් 55 දෙනෙක් ඉගෙනුම ලබති. මෙම පානීය ජල ව්‍යාපෘතිය යටතේ පාසල් භූමියේ අඩි 15 ක ගැඹුරකින් යුත් ළිඳක්, කුලුනු මත රඳවන ලද ජල ටැංකියක් සහ පොම්පයක් සහිත පූර්ණ ජලනල පද්ධතියක් ස්ථාපිත කරන ලදි.

“තිරසාරත්වය යනු අපගේ දැඩි අවධානයක් යොමුවන අංශයක්. එක්සත් ජාතීන්ගේ 6 වන සංවර්ධන ඉලක්කයට සමාගාමීව, රටේ දුෂ්කර පළාත් වල පිරිසිදු පානීය ජල පහසුකම් වැඩිදියුණු කිරීමට අප මේ වනවිට අවධානය යොමුකර තිබෙනවා. මෙම ජල පද්ධතිය ඉදිකරන අවස්ථාවේදී, පාසලේ විදුලි රැහැන් පද්ධතිය අබලන් වී ඇති බවත්, තාප්ප දුර්වර්ණ වී ඇති බවත් අපට පෙනී ගියා. එම නිසා විදුලි පද්ධතිය අලුත්වැඩියා කිරීමටත්, තාප්ප වල තීන්ත ආලේප කිරීමටත් අප පියවර ගත්තා. මෙම උත්සාහය මෙම සිසුන්ගේ ජීවිත නගාසිටුවීමට මහෝපකාරී වනු ඇතැයි අප සිතනවා.” අලියාන්ස් ලංකා සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී මංගල බණ්ඩාර මහතා පැවසී ය.

පානීය ජල පද්ධතිය සහ අලුත්වැඩියා කරන ලද අනෙකුත් පහසුකම් පාසල වෙත භාරදීම  2022 වසරේ දෙසැම්බර් 15 දින සිදුකරන ලද අතර, එම අවස්ථාවට අලියාන්ස් ලංකා සමාගමේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී මංගල බණ්ඩාර මහතා ප්‍රමුඛව සමාගමේ ප්‍රාදේශීය විකුණුම් හා කළමනාකරණ කණ්ඩායම් වල සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගී වූහ.

අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු පොදුවේ ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ^Allianz Life Insurance Lanka Ltd.& ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

  • Ada Derana BIZ Sinhala
  • CDB
  • sri lanka

CDB, වෙළෙඳ සේවා කාන්තා සත් සාමාජික රග්බි තරඟාවලියේ අපරාජිත ශුරයන් ලෙස කිරුළු පළඳී

January, 19, 2023

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) හි කාන්තා රග්බි කණ්ඩායම පසුගියදා නිමා වූ වෙළෙඳ සේවා කාන්තා සත් සාමාජික රග්බි තරඟාවලියේ අපරාජිත ශුරයන් බවට පත්විය. සිය ජයග්‍රහණය තහවුරු කරගැනීම සඳහා CDB කණ්ඩායම MAS සහ සම්පත් බැංකු කණ්ඩායම්වලට එරෙහිව පිළිවෙළින් 5-0 සහ 20-0 ලෙස තරඟ ලකුණු ලබාගනිමින් ඉදිරියෙන් පසුවීය. මෙහිදී, CDB හි ඉමල්කා ෆොන්සේකා තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගන්නා ලදී.

මෙවර වෙළෙඳ සේවා ෆුට්බෝල් සංගමය මඟින් මෙම වෙළෙඳ සේවා කාන්තා සත් සාමාජික රග්බි තරඟාවලිය, පවත්වනු ලැබුවේ වසර දෙකකට පසුව වන අතර එය CR & FC ක්‍රීඩාංගනයේදී පසුගියදා නිමාවට පත්විය.මෙවර වෙළෙඳ සේවා කාන්තා සත් සාමාජික රග්බි තරඟාවලිය, පිරිමි ශුරතාවට සමගාමීව  පැවැත්වෙන 50 වෙනි තරඟාවලිය වූ අතර CDB කණ්ඩායම 2018 වසරේද මෙහි ශුරතාව දිනාගත් අතර 2019 වසරේදී අනුශුරතාව දිනාගන්නා ලදී.

  • Ada Derana BIZ Sinhala
  • HNB
  • sri lanka

2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියා ලෙස HNB කිරුළු පළඳියි

January, 19, 2023

  • 2022 වසරේ සමස්ත හොඳම ආයතනික පුරවැසි සම්මානය දිනා ගනී
  • එක් ආයතනයක් ජයග‍්‍රහණය කළ වැඩිම සම්මාන ගණනට හිමිකම් කියමින් සම්මාන 5ක් දිනා ගනී
  • හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රේණිගත වෙයි
  • පාලන කාණ්ඩයේ ජයග‍්‍රාහකයා
  • ‘තිරසාර ශුරතා’ සම්මාන යටතේ මූල්‍ය අංශයේ සම්මානය දිනා ගනී
  • COVID-19 වැළැක්වීමට අදාල පිළිවෙත් ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් එම කාණ්ඩයේ තෙවන ස්ථානය දිනා ගනී

තිරසාරභාවය, යහපාලනය සහ ආයතනික විශිෂ්ටත්වය පිළිබඳ වූ සැබෑ නායකත්වය පිළිබිඹු  කරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන කීර්තිමත් හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙල 2022 (CCC BCCSA) හිදී මෙරට හොඳම ආයතනික පුරවැසියා ලෙස සම්මානයට පාත‍්‍ර විය.

2022 වසරේ හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මානයේ සමස්ත ජයග‍්‍රාහකයා ලෙස කිරුළු පැළඳි HNB, BCCSA 2022 හි සිය ආධිපත්‍යය පැතිරවීමට සමත් වීම කැපී පෙනිණි. එහිදී HNB 13 වසරක් සිය අභිමානය රැන්දු හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රේණිගත වීම ද ඇතුළුව තවත් සම්මාන හතරක් දිනා ගැනීම සුවිශේෂත්වයකි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ ”පසුගිය වසර තුන අපට අභියෝගාත්මක කාල පරිච්ෙඡ්දයක්. එහිදී මෙරට ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව සහ අපගේ ජනතාවගේ ආත්මය කෙබඳුදැයි නැවත නැවතත් පරීක්ෂා කර බලනු ලැබුවා. එහෙත්, අපගේ ආයතනික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අප දරන උත්සාහයේදී, අප බෙදහදා ගත් වටිනාකම් සහ විශේෂයෙන් ශ‍්‍රී ලංකා ආර්ථිකයේ බිම් මට්ටමින් තිරසාර වර්ධනයක් ඇති කිරීම සඳහා වූ අපගේ සාමූහික වගකීම කිසි විටෙකත් අත් නොහැරීමට අපි සැමවිටම උත්සාහයක් ගනු ලැබුවා.

”ඉදිරියේදී තවත් අභියෝග රැසක් තිබෙනවා. එහෙත් අප හා සම්බන්ධ වී සිටින ප‍්‍රජාවන්ට, ජීවිතවලට සහ ජීවනෝපායන්වලට අත්වැලක් සපයන අතරම, අඛණ්ඩව මෙහෙයුම් විශිෂ්ටත්වය කරා යන අපගේ කැපවීමෙහි අපි නොසැලී සිටිනවා. හොඳ සහ නරක කාලවලදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රගතියේ සහකරු ලෙස අපි අපගේ සේවය අඛණ්ඩව ලබා දීමට බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

ශ‍්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය කරා මාරු වීමට සහාය වීම සඳහා බැංකුව ලබා දෙන සමස්ත දායකත්වය, බිම් මට්ටමේ ආර්ථික සංවර්ධනය මෙන්ම HNB තිරසාර පදනම විසින් මෙහෙයවනු ලබන විවිධ පාරිසරික සහ සමාජීය වැඩසටහන් අගයමින් ‘තිරසාර ශුරතා’ සම්මාන යටතේ මූල්‍ය අංශයේ සම්මානය දිනා ගැනීමට HNB හට හැකි විය.

දිවයින පුරා සිටින අපහසුතාවලින් පෙළෙන ප‍්‍රජාවන්ට උපකාර කිරීම සඳහා 2020 දී ආරම්භ කරන ලද බැංකුවේ ‘HNB ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහන මෙයට ඇතුළත් වේ. එතැන් සිට හැට්නා පවුල ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබා දීමෙන් සහයෝගය ලබා දී ඇත. ඊට අමතරව, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ දී මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගෙන පීඩාවට පත් ප‍්‍රජාවන් අතර සිටින ගැබිනි මව්වරුන් දහසකට සහාය වීම සඳහා පෝෂණ වැඩසටහනක් ද ඔවුන් දියත් කළේය. එමෙන්ම බැංකුව විසින් ලබාදෙන රුපියල් 1,000 ක තැන්පතුවක් සමඟින් HNB සිඟිති කිරිකැටියෝ ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීමට බැංකුව ගැබිනි මව්වරුන් දිරිගන්වමින් ඔවුන්ගේ දරුවන්ට මුදල් අතින් සුරක්ෂිත අනාගතයක් ලබා දීම සඳහා HNB තවදුරටත් කැප වී සිටී.

‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහන මගින් රුපියල් මිලියන 25.1 ක මුදලක් රැස් කර ගැනීමට ද හැකි වූ අතර එය ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන් 251 දෙනෙකු අතරේ බෙදා දුන්නේය. මෙම අරමුදල් මගින් COVID වසංගතයෙන් සහ පවතින ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ක්ෂුද්‍ර ව්‍යවසායකයින් නැවත නගා සිටුවීමට කටයුතු කරන ලදී.

ශ‍්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ මතුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් HNB විසින් මධ්‍යම පළාතේ දේශීය ගොවීන් සමඟ එක් වෙමින් සිය පුරෝගාමී ‘සරු ගෙවත්ත’ වැඩසටහන ආරම්භ කරන ලදී. මෙහිදී පසුගිය වසරේ පැවති උග‍්‍ර ඉන්ධන අර්බුදයේදී ගොවීන්ට ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට නව වෙළඳපොළවල් සහ අවස්ථාවන් නිර්මාණය කිරීම සඳහා බැංකුවේ පුළුල් ශාඛා සහ පාරිභෝගික ජාලය උපයෝගී කර ගත්තේය. මීට අමතරව, නාගරික ප‍්‍රදේශවල ගෙවතු වගාව ප‍්‍රවර්ධනය කිරීමට සහ ප‍්‍රාදේශීය වශයෙන් ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීමට ද බැංකුව ද්‍රව්‍යමය ආධාර ලබා දුන්නේය.

මීට අමතරව, HNB හි Project LIFE හරහා විනාශයට පත් වී ඇති හෙක්ටයාර 2.5ක වැසි වනාන්තර බිම් කොටස ප‍්‍රතිස්ථාපනය කර කළමනාකරණය කිරීම මගින් තිරසාර සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම සඳහා ඇති බැංකුවේ කැපවීම තවත් ශක්තිමත් කර ඇත. මෙය පසුගිය වසර හතර බැංකුව සිය සහයෝගය ලබා දුන් ප‍්‍රධාන මුලපිරීමකි. මීට සමානව, HNB සිය සේවකයින් අතර පරිසර හිතකාමී ප‍්‍රවාහන ක‍්‍රමවේද ප‍්‍රවර්ධනය කරමින් HNB Walk The Talk වැනි නව මුල පිරීම් ද ආරම්භ කළේය.

  • Ada Derana BIZ Sinhala
  • drop
  • interest rates
  • sri lanka

පොලී අනුපාතවල දැවැන්ත පහළ යාමක්

January, 19, 2023

ඊයේ (18) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ.

මෙහිදී දින 91 බිල්පත් පොලිය 31.15% සිට 30.08% ක් දක්වා පදනම් අංක 107කින්, දින 182 බිල්පත් පොලිය 31.37% සිට 29.07% ක් දක්වා පදනම් අංක 230 කින් සහ දින 364 බිල්පත් පොලිය 29.04% සිට 28.25% ක් දක්වා පදනම් අංක 79 කින් පහළ ගොස් තිබේ.

වෙන්දේසිය සඳහා රු. මිලියන 95,000 ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ලැබී ඇති ලංසු ප්‍රමාණය රු. මිලියන 194,771 කි.

වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට සමාන වන අයුරින් ලැබී තිබුණු ලංසුවලින් රු. මිලියන 95,000 ක ලංසු අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියරව ගෙන තිබුණි.

  • Ada Derana BIZ Sinhala
  • Fonterra
  • food security
  • government program
  • nutrition
  • sri lanka
  • supports

ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන හඳුනාගත් පවුල් 70,000කට ෆොන්ටේරා සමාගමෙන් රුපියල් මිලියන 174ක් වටිනා කිරිපිටි

January, 18, 2023

ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 70,000 ක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ‘ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වූ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණ වැඩසටහනට’ රුපියල් මිලියන 174 ක් වටිනා කිරිපිටි ලබාදීමට ෆොන්ටෙරා සමාගම පියවර ගෙන තිබේ.

එම කිරිපිටි තොගය නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීම ෆොන්ටේරා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජුඩිත් ස්වොල්ස් මහත්මිය විසින් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (17) සිදු කෙරිණි.

රට පුරා සිටින ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන හඳුනාගත් පවුල් 70,000ක් වෙත දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා මෙම කිරිපිටි ලබා දීමට නියමිතය.

එම අවස්ථාවට එක් වූ ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති කමිටුවේ සභාපති සහ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා ප්‍රකාශ කළේ, රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ දැක්ම වනුයේ සෑම පුරවැසියෙකුටම අවශ්‍ය පෝෂණය ලැබීම සහතික කිරීම බවයි. එහි මූලික පියවරෙහි අරමුණු වඩාත් අවදානමට ලක් වූ පවුල්වල පෝෂණ අවශ්‍යතාවයන් සැපිරීමට සහාය දීම බවත් ඒ සඳහා උපකාර කිරීමට ඉදිරිපත් වීම ගැන ෆොන්ටෙරා සමාගමට ස්තූති වන බවත් ඒ මහතා පැවසීය.

නිවැරදි දේ කිරීමට කැපවී සිටින වගකිවයුතු ආයතනයක් ලෙස, ෆොන්ටෙරා සමාගම ශ්‍රී ලාංකිකයින්ට උසස් තත්ත්වයේ කිරි පෝෂණය සැපයීමට උපරිමයෙන් කටයුතු කරයි. මෙම සත්කාර්ය, සමාගම පසුගිය වසර 40 තුළ ආරම්භ කර ඇති ප්‍රජා සේවයේ දිගුවකි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික අරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් (Michael Appleton), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ෆොන්ටේරා සමාගමේ ශ්‍රී ලංකා ශාඛාවේ කළමනාකරණ අධ්‍යක්ෂ විද්‍යා සිවරාජා, ෆොන්ටේරා සමාගමේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන විධායක නිලධාරි ජුඩිත් ස්වාලෙස් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

  • Ada Derana BIZ Sinhala
  • Katunayake
  • sri lanka
  • tax

කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්

January, 18, 2023

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළකින් හෝ වරායකින් පිටත්ව යන පුද්ගලයින් විසින් ගෙවිය යුතු අපගමන බද්ද (Embarkation Levy) සම්බන්ධයෙන් නව නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම රජයේ නිවේදනයට අනුව 2022.03.27 සිට 2023.03.26 දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ රත්මලාන සිට ගුවන් යානයකින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන සෑම තැනැත්තෙක්ම ඇමරිකානු ඩොලර් 30 ක අපගමන බද්දක් ගෙවිය යුතු වේ.

මීට අමතරව 2023.01.12 සිට 2023.07.11 දක්වා කාලපරිච්ඡේදය තුළ දී යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව යන සෑම තැනැත්තෙකුගෙන්ම ද ඩොලර් 30 ක අපගමන බද්දක් අය කරනු ලැබේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මත්තල, රත්මලාන හෝ යාපනය යන ජාත්‍යන්තර ගුවන්තොටුපළ හැර ශ්‍රී ලංකාවේ වෙනත් ගුවන් තොටුපළකින් පිටත්ව යන ඕනෑම අයෙකු විසින් ඩොලර් 60 ක අපගමන බද්දක් ගෙවිය යුතු බවයි. එනම් මෙම නියමය කටනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටත්ව යන තැනැත්තන් සඳහා අදාළ වේ.

තවද ශ්‍රී ලංකාවේ සිට නෞකා මාර්ගයෙන් පිටත්ව යන තැනැත්තන් ද ඩොලර් 60 ක අපගමන බද්දකට යටත් වනු ඇත.

මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ සමඟ මෙහෙයුම් ආරම්භ කරනු ලබන ජාත්‍යන්තර ගුවන් සමාගම් සඳහා මෙහෙයුම් ආරම්භ කරනු ලබන දින සිට වසර දෙක කාලයක් මෙම බද්ද අය කිරීම නිදහස් වේ.

මෙම අපගමන බදු නියෝග 2023 ජනවාරි 12 දින සිට ක්‍රියාත්මක වේ.

මෙම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

 

  • Ada Derana BIZ Sinhala
  • iHarvest
  • Itechro
  • SLT-MOBITEL Enterprise
  • sri lanka

SLT-MOBITEL Enterprise සහ Itechro එක් වී වැවිලි කර්මාන්තය වෙනුවෙන් iHarvest ඩිජිටල් විසඳුම හඳුන්වා දෙයි

January, 18, 2023

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයට ඩිජිටල් විසඳුම් හඳුන්වා දෙන ප්‍රමුඛ පෙළේ මෘදුකාංග සමාගමක් වන Itechro (පුද්.) සමාගම හා එක් වී, වැවිලි කර්මාන්තය වෙනුවෙන් iHarvest නමින් විශේෂ ඩිජිටල්කරණ පදනමක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

මීට අදාළ අවබෝධතා ගිවිසුමට SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහ Itechro සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චාමර ජයවීර මහතා විසින් පසුගියදා අත්සන් තබන ලදි. දෙපාර්ශවය නියෝජනය කරන තවත් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

ධාරිතාව, සම්බන්ධතා විසඳුම්, උසස් ජාල පදනම් සේවා සහ ඩිජිටල් යටිතල පහසුකම් ආදිය සම්බන්ධයෙන් SLT-MOBITEL Enterprise සතු විශේෂඥ දැනුම නිසා, වැවිලි කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකිරීමට Itechro හි iHarvest විසඳුමට හැකියාව ලැබෙනු ඇත.

iHarvest යනු ආයතනික වැවිලි අංශයේ ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් හා මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම අරමුණු කරගත්, ක්ලවුඩ් (Cloud) තාක්ෂණය මත පදනම් වූ වේදිකාවකි. වැවිලි කර්මාන්තයේ ඉහළ පෙළ මෙන්ම පහළ පෙළ මට්ටම් වැඩිදියුණු කළ හැකි ආකාරයට නිර්මාණය කර ඇති එය, වගාබිම් සහ වතු කළමනාකරණය සම්බන්ධ සියලුම ක්‍රියාකාරකම් පූර්ණ වශයෙන් ඩිජිටල්කරණය කළ හැකි වන ආකාරයට සැලසුම් කර ඇත. එමගින් අදාළ ක්‍රියාකාරකම් පූර්ණ විනිවිදභාවයකින් යුක්තව සිදුකළ හැකි නිසා, ඉක්මන් සහ නිවැරදි තීරණ ගැනීම වඩාත් පහසු වේ.

iHarvest හි ප්‍රධාන විශේෂාංග අතරට උපකරණ පුවරු, කාර්ය හා අයවැය කළමනාකරණය, අස්වැන්න කළමනාකරණය, පැමිණීම් වාර්තා ලබාගැනීම, තත්ත්ව සහතිකකරණය, ගෙවීම් කළමනාකරණය, කර්මාන්තශාලා මෙහෙයුම් සහ ප්‍රශස්තකරණය ආදිය ඇතුළත් වී ඇත. කාලයක් තිස්සේ වගා කටයුතු සිදුවන වතු සඳහා චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමින් වගාබිම්, පැළ සහ පොහොර ප්‍රශස්තකරණය සිදුකිරීම සම්බන්ධ ක්ෂේත්‍ර අත්හදා බැලීම්ද මේ වනවිට සිදුකෙරෙමින් පවතී.

SLT-MOBITEL Enterprise හි ක්ලවුඩ් (Cloud) සේවාවන් ප්‍රයෝජනයට ගනිමින්, වැවිලි සමාගම්වලට තවදුරටත් වටිනාකම් සහ පිරිවැය ප්‍රතිලාභ ලබාදීම සඳහා, දේශීය මුදලින් පිරිනැමෙන Azure Stack මත iHarvest විසඳුම host කෙරෙනු ඇත. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව, Capex සහ Opex යන මාදිලි දෙකෙ තුළම iHarvest විසඳුම පිරිනමනු ලැබේ. SLT-MOBITEL Enterprise වෙතින් පන්නරය ලබන iHarvest මෙරට වැවිලි කර්මාන්තයේ කුඩා, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යාපාර, රාජ්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සවිබල ගන්වමින් සහ කර්මාන්තයේ  සුසමාදර්ශී වෙනසක් ඇති කරමින්, වැවිලි කර්මාන්තයේ නියුතු සමාගම් භාවිතා කරන ව්‍යාපාර මාදිලි වල කැපීපෙනෙන ඩිජිටල් පරිවර්තනයක් සිදුකිරීමට මහෝපකාරී වනු නිසැක ය.

ඡායාරූප විස්තරය - SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහ Itechro සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චාමර ජයවීර මහතා අදාළ අවබෝධතා අගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව. දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් පිරිසක්ද ඡායාරූපයෙහි වෙති.

  • Ada Derana BIZ Sinhala
  • HNB FINANCE
  • sri lanka

HNB FINANCE බොරැල්ල ශාඛාවේ රන් ණය මධ්‍යස්ථානය විවෘත කෙරේ

January, 18, 2023

ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් වූ බොරැල්ල ප‍්‍රදේශයේ රන් ණය සේවා සඳහා වැඩිවන ඉල්ලූමට ප‍්‍රතිචාර දක්වමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE කොළඹ 08, ඩී.එස්. සේනානායක මාවතේ අංක 61 හි පිහිටි සිය බොරැල්ල ශාඛාවේ දී නවතම රන් ණය මධ්‍යස්ථානය පසුගියදා ස්ථාපිත කළේය.

බොරැල්ල ප‍්‍රදේශයේ දැනට සිටින සහ අනාගත ගනුදෙනුකරුවන්ට Gold Plan, සහ VIP Gold Loan ඇතුළු සමාගමේ නව්‍ය රන් ණය සේවා සමඟ එක්වීමට හැකියාව ලබා දීම සඳහා නව රන් ණය ඒකකය හඳුන්වා දෙන ලදී. රන් ණය ක්ෂේත්‍රයේ රන් පවුමක් සඳහා ඉහළම මුදල ලබාදෙමින් තරගකාරී පොළී අනුපාතයක් යටතේ ඉතා ඉක්මනින් සේවාවන් සලසා ගැනීමටත්, සහනදායී ගෙවීම් ක්‍රම තුළින් රන් ණය පියවීමට අවශ්‍ය පහසුකම් සැලසීමත්, HNB FINANCE රන් ණය සේවාවේ විශේෂත්වයන් ලෙස හැඳින්විය හැකග එමෙන්ම කිසිම අවස්ථාවක ලේඛන ගාස්තු හෝ සැඟවුණු ගාස්තු කිසිවක් සමාගම විසින් අය නොකරයි.

"අපගේ බොරැල්ල ශාඛාවේ නව රන් ණය මධ්‍යස්ථානයක් හඳුන්වාදීමත් සමඟ ප‍්‍රදේශයේ සහ ඒ අවට සිටින ගනුදෙනුකරුවන්ගෙන් විශාල පිරිසකට බාධාවකින් තොරව රන් ණය සහ ඒ ආශ‍්‍රිත සේවාවන් ලබා ගැනීමේ හැකියාව ලබා දීමට අපට හැකියාව ලැබෙනවා. අපගේ වර්තමාන සහ අනාගත ගනුදෙනුකරුවන්ට ඒ ඒ පුද්ගලයාට සුදුසු පරිදි සහතික කළ සේවාවක් සැපයීම සඳහා කැපවීම අපේ බලාපොරොත්තුවයි.” යනුවෙන් HNB FINANCE සහකාර සාමාන්‍යාධිකාරි - රන් ණය, ලක්ෂ්මන් රණසිංහ මහතා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාවේ රන් මිල දිගින් දිගටම ඉහළ යද්දී, බොහෝ පුරවැසියන් රන් භාණ්ඩ මිලදී ගැනීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දෙයි. මෙම සන්දර්භය තුළ HNB FINANCE හි ,"Gold Plan (රන් ණය සැලසුම්)” මඟින් වාරික වශයෙන් ගෙවීමෙන් තමන් කැමති රන් ආභරණ මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දීම විශේෂත්වයකි.

තම රන් භාණ්ඩ වලට අමතරව මුදල් ණය ලබා ගැනීමට අපේක්ෂා කරන ගනුදෙනුකරුවන් සඳහා HNB FINANCE හි "VIP රන් ණය” යෝජනා ක‍්‍රමය සැලසුම් කර ඇත්තේ ඕනෑම ව්‍යාපාරයකට හෝ පුද්ගලයෙකුට ඒ ඒ පුද්ගලයාට සුදුසු රැකවරණයක් සහිතව උපරිම වටිනාකමක් ගෙන ඒමටය.
මෙම යෝජනා ක‍්‍රමය යටතේ ණයක් සඳහා ඉල්ලූම් කරන පාරිභෝගිකයින්ට ප්‍රමුඛතා පදනමක් මත මූල්‍ය සේවා සපයනු ලබන අතර ඔවුන්ගේ පහසුව අනුව ක‍්‍රියාවලිය සිදු කිරීමට කැමති පාරිභෝගිකයින් සඳහා ඔවුන්ට වඩාත් ගැලපෙන සුදුසු සේවා ඇතුළුව, HNB FINANCE හි පූර්ණ සහාය සහ මගපෙන්විම සිදු කරනු ඇත.

  • Ada Derana BIZ Sinhala
  • SLT Digital Services
  • sri lanka

SLT Digital Services වර්ෂාවසාන පාරිභෝගික සම්මන්ත්‍රණයේදී ඩිජිටල් අවකාශය තුළ ව්‍යාපාර සාර්ථක කරගැනීම කෙරෙහි වැඩි අවධානයක්

January, 18, 2023

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL අනුබද්ධිත SLT Digital Services (පුද්.) සමාගමේ (SLT-DIGITAL) වර්ෂාවසාන පාරිභෝගික සම්මන්ත්‍රණය පසුගියදා පැවැත්විණි. ‘Connecting Businesses to Grow’ යන තේමාව යටතේ පැවති මෙහි මූලික අරමුණ වූයේ, ඩිජිටල් මාධ්‍ය ඔස්සේ තම ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව පවත්වාගන්නා ආකාරය සම්බන්ධයෙන් ව්‍යාපාර ක්ෂේත්‍රය දැනුවත් කිරීම ය.

මෙම සම්මන්ත්‍රණයට ව්‍යවසායකයන් සහ වෘත්තිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ. රටේ සංවර්ධනයට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මගින් ලැබෙන දායකත්වය මෙහිදී විශේෂ ඇගයීමට ලක්වූ අතර, ව්‍යාපාරවල දෛනික කටයුතු කාර්යක්ෂම ලෙස පවත්වාගැනීම සඳහා SLT Digital Services මගින් ලබාදෙන සේවා ඵලදායී ලෙස භාවිතා කරන ආකාරය මෙහිදී පෙන්වා දෙන ලදි.

ඩිජිටල් අවකාශය තුළ සාර්ථක වීමට අත්‍යවශ්‍යවන විසඳුම් මාලාවක් SLT-DIGITAL වෙතින් ව්‍යාපාර වෙත හිමි වේ. විශිෂ්ට තලයේ මාර්ගගත ප්‍රවර්ධන වැඩසටහන්, ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණය කිරීම, පාරිභෝගික සම්බන්ධතා ශක්තිමත් කරගැනීමේ විසඳුම් සහ ඉහළම තලයේ සම්බන්ධතා විසඳුම් මීට ඇතුළත් ය.

මෙම විසඳුම් සමගින් ලැබෙන අමතර ප්‍රතිලාභ වන ඩිජිටල් නාමාවලි සේවාව, ඩිජිටල් අලෙවිකරණය, නිර්මාණශීලී අන්තර්ගත, Automobile.LK ඩිජිටල් නාමාවලිය සහ FortArc Gaming වේදිකාව ආදිය ද මෙහිදී පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙන ලදී.

මෙහිදී SLT Digital Services (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී උපුල් මංචනායක මහතා ‘සමාගමක ව්‍යාපාර පරිවර්තනය සහ එහි ගනුදෙනුකරුවන්ට සේවා සැපයීම සඳහා නිෂ්පාදන එකතුව ප්‍රතිනිර්මාණය කිරීම’ යන මාතෘකාව යටතේ අදහස් දැක්වූ අතර, SLT-MOBITEL සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා, වර්තමාන ව්‍යාපාර පරිසරය සහ, ක්ෂුද්‍ර, සුළු, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යාපාරවලට SLT-MOBITEL සේවාවන්ගෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව අදහස් දැක්වී ය. මෙම අවස්ථාවට SLT-MOBITEL සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න සහ සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී සංජීව සමරනායක යන මහත්වරුද එක්වූහ.

B2B ව්‍යාපාර කාණ්ඩයට වැදගත් වන ආකාරයට ඩිජිටල් තාක්ෂණයේ සිදු වී ඇති වෙනස්කම් පිළිබඳව කරුණු දැක්වූ SLT-MOBITEL සමූහ Smart විසඳුම් සාමාන්‍යාධිකාරී කල්හාර ගමගේ මහතා මෙහිදී ‘පරිවර්තනයන්ට ලක්වූ ඩිජිටල් නාමාවලි එකතුව සහ B2B කාණ්ඩයට වැදගත් වන විද්‍යුත් වාණිජ හැකියා’ නමින් ඉදිරිපත් කිරීමක් සිදුකළේ ය. ඊට අමතරව ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (ව්‍යාපාර සංවර්ධන සහ උත්සව) රුවන් විජේතුංග මහතා automobile.lk ඩිජිටල් නාමාවලිය සහ එමගින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව විස්තර කළේ ය.

Sherry Bakery Equipment Suppliers (Pvt) Ltd.  හි අධ්‍යක්ෂ - විකුණුම් හා අලෙවි, රුහාර කංකානිගේ මහතා SLT-DIGITAL Business Directory මගින් තම ආයතනයට ලැබුණු ප්‍රතිලාභ පිළිබඳව අදහස් දැක්වී ය.

SLT Digital සමඟ අත්වැල් බැඳගැනීම මගින් ව්‍යාපාරවලට SLT-MOBITEL වෙතින් ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභවලට අමතරව එකම විසඳුමක් තුළින් ඩිජිටල් සහ දැන්වීම්කරණ සේවා ඇතුළු සේවා සහ ප්‍රතිලාභ රාශියක් ලබාගත හැකි වේ.

SLT Digital යනු දැන්වීම්කරණය සඳහා සුවිශේෂී වූ ඒකාබද්ධ සේවා එකතුවක් පිරිනමන සේවා සම්පාදකයෙකි. එහි අතිශය ජනප්‍රිය වෙබ් අඩවියවන www.rainbowpages.lk වෙත දිනකට පිවිසෙන සංඛ්‍යාව 10,000 ඉක්මවයි. ව්‍යාපාරවලට වැඩි ප්‍රචාරයක් ලබාගැනීමට හැකිවීම සඳහා මේ හරහා ඩිජිටල් නාමාවලියක්, මුද්‍රිත නාමාවලියක්, ජංගම යෙදවුමක්, eBook එකක්, ඇමතුම් මධ්‍යස්ථාන සේවාවක් (SLT 1212, Mobile 444), IVR ප්‍රවර්ධන සේවාවක්, ඩිජිටල් අලෙවිකරණය, සමාජ මාධ්‍ය දැන්වීම්කරණය සහ වෙබ් නිර්මාණය වැනි සේවා රැසක්ද හඳුන්වා දී තිබේ. මෙහි ලියාපදිංචි සැපයුම්කරුවන්ට රජයේ ටෙන්ඩර් සඳහා අයදුම් කිරීමට හැකි වීම අමතර වාසියකි.

වැඩිදුර තොරතුරු 1212 ඔස්සේ ඇමතුම් මධ්‍යස්ථානයෙන්, 0112 399 399 ඔස්සේ ක්ෂණික ඇමතුම් අංකයෙන් හෝ www.rainbowpages.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි වේ.

  • Ada Derana BIZ Sinhala
  • Raigam Tele’es
  • SLT-MOBITEL
  • sri lanka

SLT-MOBITEL අඛණ්ඩව සිව්වැනි වරටත් රයිගම් ටෙලි සම්මාන උළෙල සමග අත්වැල් බැඳගනී

January, 18, 2023

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, අඛණ්ඩව සිව් වැනි වරටත් රයිගම් ටෙලි සම්මාන උළෙලේ නිල සන්නිවේදන සහකරු සහ Raigam Tele’es Nominees උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහක ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී සිටියි.

ශ්‍රී ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයේ විශිෂ්ටයන්ට උපහාර පිදෙන ප්‍රධානතම ජාතික සම්මාන උළෙලක් වශයෙන් රයිගම් ටෙලි සම්මාන උළෙල මේ වනවිට විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබේ. ‘යළි පිබිදෙමු’ යන තේමාව යටතේ මෙවර සම්මාන උළෙල පැවැත්වෙන අතර, කලාකරුවන්, නිෂ්පාදකවරුන් සහ රූපවාහිනී ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන ඇතුළු විවිධ පාර්ශ්වයන් විසින් එම ක්ෂේත්‍රය නැංවීම සඳහා සිදුකරන ලද මෙහෙවර මෙහිදී ඇගයීමට ලක්වනු ඇත.

රටේ කලාකරුවන්ගේ සහ කලා ක්ෂේත්‍රයන්හි උන්නතිය වෙනුවෙන් කැප වී සිටින දේශීය සන්නාමයක් වශයෙන් ඉදිරියටත් මෙවැනි ජාතික මට්ටමේ වැඩසටහන් සමග අත්වැල් බැඳගනිමින්, එම වැඩසටහන් සාර්ථක කරගැනීම සඳහා උපරිම දායකත්වයක් ලබාදීමට SLT-MOBITEL බලාපොරොත්තු වෙයි.

 

ඡායාරූපය: Mobitel (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා (දකුණේ), රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති රවී ලියනගේ මහතා (වමේ) සමග අනුග්‍රාහකත්වය හුවමාරු කරගත් අවස්ථාව. රයිගම් ටෙලි සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩල ප්‍රධානී බුද්ධදාස ගලප්පත්ති මහතාද ඡායාරූපයෙහි සිටී.