• Ada Derana BIZ Sinhala
  • Global Cycling Map
  • Ride Sri Lanka 2023
  • sri lanka
  • SriLankan Airlines

ශ්‍රීලංකන් ගුවන් සමාගම ‘Ride Sri Lanka 2023’ පාපැදි සවාරිය ශ්‍රී ලංකාවට රැගෙන එයි

January, 26, 2023

ශ්‍රීලංකන් ගුවන් සේවය, ලොව පුරා ආකර්ශණය දිනාගත් “Ride Sri Lanka 2023” පාපැදි සවාරිය දිවයින වටා  සංවිධානය කිරීමට කටයුතු යොදා තිබේ. ඒ් අනුව “Ride Sri Lanka 2023”  පාපැදි සවාරිය ජනවාරි 23 වන දින Jetwing Jaffna සිට ආරම්භ කිරීමට නියමිතයි. සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ  අභිමානය නිරූපණය කරමින් දිවයිනේ වඩාත්ම මනරම් ස්ථාන පසුකරමින් පැමිණෙන මෙම පාපැදි සවාරිය ජනවාරි 28 වන දින ගාල්ලට ළඟා වනු ඇත.

ඒ අනුව යාපනය, මන්නාරම, අනුරාධපුරය, සීගිරිය, රම්බොඩ, නුවරඑළිය, ඇල්ල, තිස්සමහාරාමය සහ ගාල්ල වැනි දිවයිනේ පාරිසරික හා සංස්කෘතික ආකර්ෂණීය ස්ථාන සහිත නගර  පසුකරමින් සංචාරයේ හත්වැනි දින කොළඹට පැමිණීමට සැලසුම් කර තිබේ. එහිදී පාපැදිකරුවන් කොළඹ අවට පාපැදි සවාරියක නිරතවනු ඇත. මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ පාපැදි සවාරියක ආරම්භක ස්ථානය ලෙස යාපනය තෝරා ගත් පළමු අවස්ථාව ද මෙය වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් මහතා මෙසේ පැවසීය. " ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගමනාන්ත ප්‍රවර්ධකයෙකු ලෙස, නිවාඩුව සඳහා පමණක් නොව, ත්‍රාසජනක ක්‍රීඩා සහ සුවතාවය සහ විඳදරාගැනීමේ ක්‍රියාකාරකම් සඳහා ද ශ්‍රී ලංකාව සිත් ඇදගන්නා ගමනාන්තයක් බව පෙන්වීමට අපි බොහෝ මුල පිරීම් ආරම්භ කරලා තියෙනවා. අපගේ පෞරාණික වෙරළ තීරයන්, වන සතුන් සහ මෙරටට ආවේණික ආගන්තුක සත්කාරය සංචාරකයින් ආකර්ෂණය කර ගන්නවා වගේම, අපගේ අභිප්‍රාය වන්නේ ශ්‍රී ලංකාවට තවත් බොහෝ දේ පිරිනැමීමයි. ඒ වගේම රට නැරඹීමට සුදුසුම කාලය මෙය බවත්  අපි ලොව පුරා පණිවිඩය ගෙන යනවා. ” යැයිද ඒ මහතා පැවසීය.

මෙම සංචාරයට සහභාගී වීම සඳහා ජාත්‍යන්තර පාපැදිකරුවන් 15 දෙනෙකුට වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති අතර ඔවුන් සමඟ පාපැදි පැදීම සඳහා විශේෂිත වූ ජාත්‍යන්තර මාධ්‍ය සහ පාපැදි සවාරයිට අවශ්‍ය වන අලෙවිසැල් රැසක් ද පැමිණ ඇත. මේ සඳහා සහභාගී වන ධාවකයින් අතර වත්මන් සහ සිව් වතාවක් ලෝක ඒකල 24HR ශූරයා සහ දෙවරක් කැනේඩියානු මැරතන් ශූරයා වන Cory Wallace,  එක්වන අතර ඔහු කැනඩා Kona Factory කණ්ඩායම සඳහා තරඟ කරයි.   ඕස්ට්‍රේලියානු මවුන්ටන් බයික් සහ හත් වරක් 24HR Solo MTB ලෝක ශූරයා වූ Jason English, දැනට ඇමරිකා එක්සත් ජනපදයේ Topeak-Ergon Racing Team සඳහා තරඟ කරන සහ 2011 සිට සෑම වසරකම UCI MTB මැරතන් ලෝක ශූරතාවලිය සඳහා ජපානය නියෝජනය කරන Yuki Ikeda , පස් වතාවක් Xterra Major ශූරතා දිනූ සහ තුන් වතාවක් ජාතික ශූරයා වූ Karsten Madsen සහ  IRONMAN බොරළු පාපැදි ධාවකයෙක් වන සහ, අප්‍රිකාවේ අමානි කණ්ඩායම නියෝජනය කරන Matt Lieto සහ ඔස්ට්‍රේලියානු ඔලිම්පික් ක්‍රීඩක Imogen Smith  මේ සඳහා සහභාගී වන ක්‍රීඩකියන් අතරට එක්වනු ඇත.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙම ප්‍රයත්නය සඳහා ලෝකයේ සුප්‍රසිද්ධ ආයතනයක් වන Mountain Biking Worldwide සමඟ හවුල් වී සිටින අතර, රටේ බොහෝ ආගන්තුක සත්කාර සහ සැපයුම් හවුල්කරුවන්ගෙන් ද මේ සඳහා  සහාය ලැබෙනු ඇත.

  • A Day
  • Ada Derana BIZ Sinhala
  • Plane
  • sri lanka
  • SriLankan Airlines

‘A Day with a Plane’

December, 27, 2022

ළමා හා තරුණ කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශයේ ගුවන් යානා නඩත්තු අංශය නැරඹීට සහ ගුවන් යානයක ඇතුළත දැකගැනීම සඳහා අවස්ථාව ලබා දීමට  'A Day with a Plane'  යනුවෙන්  ව්‍යාපෘතියක් ගුවන් සමාගමේ ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස්  දියත් කර ඇත.

ඒ අනුව වල්පොල ශ්‍රී රතනසාර ප්‍රාථමික විද්‍යාලයේ, සීදූව වෘත්තීය පුහුණු ආයතනයේ සහ හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ සිසු දරු දැරියන් පසුගියදා ඒ සඳහා සහභාගී වූ අයුරු ඡායාරූපවලින් දැක්වේ.

  • Ada Derana BIZ Sinhala
  • Entrepreneurs’ Organization
  • Nepal
  • sri lanka
  • SriLankan Airlines

ශ්‍රීලංකන් ගුවන් සේවය නේපාලයේ ව්‍යවසායක සංවිධානය ශ්‍රී ලංකාවට ගෙනෙයි

December, 19, 2022

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩනැංවීමේ සහ වර්ධනය කිරීමේ පියවරක් වශයෙන් නේපාලයේ ව්‍යවසායක සංවිධානය, ව්‍යාපාරික හමුවීම් මාලාවක් වෙනුවෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට ගෙනඒමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇත. ශ්‍රීලංකන්හි වාණිජ මෙහෙයුම් ක්‍රමෝපාය සහ සේවා කළඹ මගින් විවිධ මට්ටමේ සංචාරකයින්ට සේවා සැපයෙන අතර, MICE හෙවත් රැස්වීම්, දිරිදීමනා සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන නැරඹීම වෙනුවෙන් පැමිණෙන සංචාරකයින් ද ඒ අතර ප්‍රධාන තැනක් ගනියි. එහිදී MICE සංචාරකයින්ට අවශ්‍ය සියලුම මූලික සේවා එනම්, ගුවන් ගමන් පහසුකම්, හෝටල් නවාතැන්, මගී අන්තර්මාරු සේවා, රට තුළ අභ්‍යන්තර චාරිකා ආදී බොහෝ සේවා ලබාදීමේ හැකියාව ශ්‍රීලංකන් ගුවන් සේවය සතු ය.

ව්‍යවසායකයින් වෙනුවෙන් නිර්මාණය කෙරුණු ලොව එකම සුහද ව්‍යවසාය ජාලය වන ව්‍යවසායක සංවිධානයේ නේපාල ශාඛාව තුළ විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවලට අයත් ව්‍යවසායකයෝ 100කට ආසන්න පිරිසක් සාමාජිකත්වය දරති. ඔවුහු ව්‍යාපාරික හමුවීම් මාලාවක් වෙනුවෙන් ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය. එහි පළමු කණ්ඩායම පසුගියදා මෙරටට පැමිණි අතර,  Reliance Group Nepal; City Tech; Khangri Sourcing; Mercantile group; ARKS Capital Advisors; සහ Siddhartha Group වැනි නේපාලයේ ප්‍රධාන පෙළේ සමාගම්වල ප්‍රධානීහු, උප සභාපතිවරු, අධ්‍යක්ෂවරු සහ ප්‍රාග්ධන උපදේශකයෝ ඒ අතර වූහ.

නේපාලයේ ව්‍යවසායක සංවිධානය මගින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ MICE සේවා අපේක්ෂා කිරීමට ප්‍රධාන හේතුව වූයේ ගුවන් සේවයේ පළපුරුද්ද සහ ගමනාන්ත වැඩසටහනක් සාර්ථකව අවසන් කිරීම සඳහා අවැසි සම්පූර්ණ පරාසයක සේවා සැපයීමට ගුවන් සේවය සතු හැකියාව ය. කොළඹ සහ නේපාලයේ කත්මණ්ඩු නුවර අතර සතියකට සෘජු ගුවන් ගමන් වාර පහක් සපයන එකම ගුවන් සමාගම ද ශ්‍රීලංකන් වේ.

මීට අමතරව, ගුවන් සමාගමකට පමණක් ලබා දිය හැකි ප්‍රතිලාභ වශයෙන් සැළකිය හැකි විශේෂ ගුවන් ගමන් ගාස්තු, පිටත්වීමේ ගුවන් තොටුපළේ විශේෂිත කවුන්ටරයක් ​​ඇතුළු ගුවන් තොටුපළ පහසුකම් සැපයීම, කණ්ඩායම් වශයෙන් check-in සේවා සැපයීම, ආසන විකල්ප සහ ගුවන් යානයට පිවිසීමේදී විශේෂ පිළිගැනීමක් ලබාදීම වැනි සුවිශේෂී ප්‍රතිලාභ ඔවුන්ට ලබාදීමට ද ශ්‍රීලංකන් පියවර ගත්තේය. දේශීය සංචාරක වෙළඳ හවුල්කරුවන් සමඟ එක්ව, නේපාල ව්‍යවසාය සංවිධානයේ නියෝජිත පිරිසට ශ්‍රී ලංකාව තුළ ගුණාත්මක අත්දැකීමක් ඇති බව සහතික කිරීම සඳහා එම ගුවන්ගමන්වලදී ශ්‍රීලංකන් තම සියලු අන්තර්මාරු නැවතුම් ඉවත් කිරීමට ද කටයුතු කළේය.

″මම මෑතකදී නේපාල ව්‍යවසායක සංවිධානය සමඟින් කත්මණ්ඩු සිට කොළඹ බලා ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් ගමන් කළා. ගුවන් යානය තුළදී ඔවුන් ලබාදුන් සේවය විශ්මයජනකයි. කොළඹට ළඟා වූ පසුවත්, මට උණුසුම් පිළිගැනීමක් සමඟ සුහද සේවාවක් ලබාදුන් ගුවන්තොටුපොළ කාර්යමණ්ඩලය, ගුවන් තොටුපොළ තුළ මගේ සියලු කටයුතු පහසුවෙන් කරගැනීමට සහාය වුණා. ව්‍යවසාය සංවිධානයේ නේපාල ශාඛාව වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ MICE කණ්ඩායම ලබාදුන් සහායට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ශ්‍රීලංකන් ගුවන් සේවය ඔස්සේ නුදුරේදීම නැවත වරක් ශ්‍රී ලංකාවට පැමිණීමට මම බලාපොරොත්තු වෙනවා″, යනුවෙන් Khangri Sourcing සමාගමේ මෙහෙයුම් සහ ව්‍යාපාර සංවර්ධන අංශයේ නේපාල උප සභාපති සේරින්ග් ශර්පා ප්‍රකාශ කළේය.

ඉන්දියනු සාගරයේ ක්‍රමෝපායික පිහිටීමත්, යුරෝපයට, මැදපෙරදිගට, මධ්‍යම ආසියාවට සහ ඈත පෙරදිගට මධ්‍යගතව පිහිටීමත් නිසා ගෝලීය වසංගතයට ප්‍රථම ශ්‍රී ලංකාව, MICE සංචරණය සඳහා ආසියාවේ ජනප්‍රියතම ගමනාන්තයක්ව පැවතුණි. 2019 වසරේ අවසානය වනතුරු ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරූ අන්තර්ජාතික ඉසව් බහුතරයක ගුවන් සේවා සහකරු සහ MICE සංචරණ සැලසුම්කරු ලෙස ක්‍රියා කළේ ද ශ්‍රීලංකන් ගුවන් සේවය යි. වර්තමානයේදී, සංචාරක කර්මාන්තය නැවතත් පුනර්ජීවනය ලබමින් සිටින මේ මොහොතේ, නිවැරදි දිශාව බලා යමින්, නැවත වරක් ශ්‍රී ලංකාවට ගෝලීය ඉසව් ගෙනඒමට ශ්‍රීලංකන් සිය උපරිමයෙන් ක්‍රියාකරයි.

  • Ada Derana BIZ Sinhala
  • Raid Amazones
  • sri lanka
  • SriLankan Airlines

ශ්‍රීලංකන් ගුවන් සේවය නැවත වරක් “Raid Amazones 2023” ශ්‍රී ලංකාවට රැගෙන එයි

November, 28, 2022

ශ්‍රී ලංකාව ජනප්‍රිය  සංචාරක ගමනාන්තයක් ලෙස ලොවපුරා  ප්‍රචලිත කිරීමේ අරමුණින් ශ්‍රීලංකන් ගුවන් සේවය අඛණ්ඩව දෙවන වරටත් Raid Amazones 2023 හි හවුල්කාරීත්වය දැරීමට තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රංශයේ ආරම්භ වූ ජනප්‍රිය වාර්ෂික ත්‍රාසජනක ක්‍රීඩා ඉසව්වක් වන Raid Amazones තරඟාවලිය 2023 වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ අවසන් රාජධානියේ කේන්ද්‍රස්ථානය වූ සෙංකඩගල හෙවත් මහනුවර දී පැවත්වීමට කටයුතු සැලසුම් තර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Raid Amazones, හි නිර්මාතෘ, Alexandre Debanne මෙසේ සඳහන් කලේය. “පසුගිය වසරේ පැවති තරඟාවලිය දෙස ආපසු හැරී බලන විට, ශ්‍රීලංකන් ගුවන් සේවය නොමැතිව එම තරඟය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අපිට කිසිසේත් නොහැකි වන බව නම් විශ්වාසයෙන් කියන්න පුළුවන්. ලබන වසරේ දී, මෙම තරඟාවලිය වර්ණවත් කරන සියලුම නව්‍යතාවයන් සහ සහයෝගය  ශ්‍රී ලංකාවෙන්  ලැබෙනු ඇතැයි ස්ථිර සහතිකයක් සහ විශ්වාසයක් ඇති නිසයි අපි නැවත පැමිණෙන්නේ.  ඒ වගේම මෙම තරඟාවලිය මහනුවර දී පැවැත්වීම අපට නවමු ඇත්දැකීමක් වනු ඇත. ” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති, අශෝක් පතිරගේ මහතා පැවසුවේ ලොව පුරා සිටින ත්‍රාසජනක ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් තුළ ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම සඳහා Raid Amazones 2023 සමඟ නැවත හවුල් වීමට ලැබීම ගැන සතුටට පත්වන බවයි.  “මෑතකාලීන අභියෝගවලින් රට නැවත ප්‍රගතියක් ලබමින් සිටින මොහොතක ගෝලීය මාධ්‍ය තුළ අවධානය ලබා ගැනීම සහ ජාත්‍යන්තර සංචාරකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට ලැබීම පිළිබඳව ජාතික ගුවන් සේවය ලෙස අපි ආඩම්බර වෙමු. Raid Amazones 2023 සහභාගිවන්නන් සහ අනුගාමිකයින් යන දෙඅංශයෙන්ම අතිමහත් පිරිසක් ගෙන්වා ගැනීමට අපි අපේක්ෂා කරමු.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් 2022 දී ප්‍රථම වරට Raid Amazones අනුග්‍රහය දැක්වුයේ පැරිස් වෙත නැවත මෙහෙයුම් ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. පසුගිය වසරේ දී එම තරඟාවලිය හරහා ශ්‍රී ලංකාවට විශාල ගෝලීය මාධ්‍ය ආවරණයක්  ලැබුණු අතර ගුවන් සේවය ප්‍රංශ ක්‍රීඩිකාවන් 504ක් රැගෙන ඒම සඳහා කටයුතු සලසන ලදී. එහි දී Raid Amazones 2022’ හි නිල ගුවන් සේවා සහකරු වූ ශ්‍රීලංකන් ගුවන් සේවය ඒ වෙනුවෙන් සිය ගුවන් යානයක් හැඩගැන්වීමට කටයුතු  කරන ලදී.

  • Ada Derana BIZ Sinhala
  • Global Sales Conference
  • International Travel Trade Partners
  • sri lanka
  • SriLankan Airlines

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ Global Sales සමුළුව සඳහා ජාත්‍යන්තර සංචාරක වෙළඳ හවුල්කරුවන් ශ්‍රී ලංකාවට පැමිණෙයි

November, 17, 2022

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගෝලීය විකුණුම් සමුළුව 2022 (Global Sales Conference)  සඳහා සහභාගී වන ආරාධිතයින් යුරෝපය, මැද පෙරදිග, ඉන්දියානු උපමහාද්වීපය, ආසියා-පැසිෆික් කලාපය, සහ ඕස්ට්‍රෙිලියාව ඇතුළු ගුවන් සේවයේ ගුවන් ගමන් ජාලය හරහා මේ වන විට දිවයිනට පැමිණීම ආරම්භ කර තිබේ. ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සංචාරක නියෝජිතයින් 150 කට අධික සංඛ්‍යාවක් සහ ලොව පුරා ගුවන් සේවය නියෝජනය කරන ගුවන් සමාගමේ සාමාන්‍ය විකුණුම් නියෝජිතයින්ගෙන් (GSAs) මෙම ආරාධිතයින් පිරිස සමන්විත වේ.

ඒ අනුව, මෙම සමුළුව 2022 නොවැම්බර් 18 වන දින Aliya Resort and Spa හි පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර  සමුළුවට සහභාගී වීමට පෙර පැමිණෙන නියෝජිතයින් තෝරා ගන්නා ලද ගමන් මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවේ විශේෂිත සංචාරක ස්ථාන කිහිපයකම ගවේෂණයට එක්වනු ඇත. සම්මන්ත්‍රණයෙන් පසුව ඊළඟ දිනයේ  දී දේශීය සංචාරක ක්‍රියාකරුවන් සහ ගමනාන්ත කළමනාකරණ සමාගම් (DMCs) ව්‍යාපාරික සහ සහයෝගීතා අවස්ථා සාකච්ඡා කිරීම සඳහා දිවයිනට පැමිණි නියෝජිතයින් හමුවීමට නියමිතව ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් මහතා මෙසේ පැවසීය “ජාතික ගුවන් සේවය වශයෙන්, සංචාරක ව්‍යාපාරය ප්‍රකෘතිමත් කිරීමටත් ඒ සඳහා සහය දැක්වීමත් අපගේ අරමුණයි.  අපගේ ගුවන් ගමන් ජාලය හරහා ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ සංචාරකයින් පිළිගැනීමට ඇති සූදානම යලි තහවුරු කිරීම සඳහා මෙවැනි කාලෝචිත මුලපිරීම ආරම්භ කර තිබෙනවා.   අපගේ විශ්වාසවන්ත සංචාරක වෙළඳ හවුල්කරුවන් මෙම පණිවිඩය ඔවුන්ගේ රට වෙත ගෙන යනු ඇති අතර ඔවුන්ගේ අදාළ වෙළඳපලවලින් ශ්‍රී ලංකාවට සංචාර දිරිගැන්වීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපි විශ්වාස කරමු. ඒ වගේම දේශීය සංචාරක ක්‍රියාකරුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැනත් අපි සතුටු වෙනවා. දැනටමත් , හමුවීම් 400 කට වැඩි ප්‍රමාණයක් වෙන්කරවා ගෙන ඇති අතර, ඉදිරි දිනවලදී එම සංඛ්‍යාව වර්ධනය වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙරට ප්‍රධාන පෙළේ ආගන්තුක සත්කාර සහ සංචාරක හවුල්කරුවන් රාශියක් ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙම වැඩසටහන සඳහා සහයෝගය දක්වයි. එනම්  Aliya Resort & Spa; Cinnamon Resorts; Cinnamon Grand; Amaya Hotels; Walkers Tours; Jetwing Hotels; Taj Hotels Infinity Vacations; Aitken Spence Travels; Mahaweli Reach Hotel; සහ  Teardrop Hotels ය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  • Ada Derana BIZ Sinhala
  • APEX
  • Food & Beverage
  • Seat Comfort
  • sri lanka
  • SriLankan Airlines

ශ්‍රීලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම ගුවන් සේවා Food & Beverage සහ Seat Comfort සඳහා  වන සම්මානය දිනාගනියි

November, 11, 2022

සිංගප්පූරුවේ පැවති 2023 APEX Passenger Choice Awards®   සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව (for Best Food & Beverage and Best Seat Comfort)  සඳහා වූ   සම්මානයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා පිදුම් ලැබීය. ශ්‍රීලංකන්  ගුවන් සේවය 2023 APEX නිල ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම් හි තරු හතරේ ප්‍රධාන ගුවන් සේවයක් ලෙස අඛණ්ඩව පස්වන වසරටත් එහි ප්‍රමිතිය පවත්වාගෙන යාමට සමත් වීම විශේෂත්වයකි.

ගුවන් සමාගම් 600කට ආසන්න සංඛ්‍යාවක මිලියනයකට අධික ගුවන් ගමන් වලින් එකතු කරන ලද නිර්නාමික සහ මධ්‍යස්ථ මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව මෙම APEX Passenger Choice Awards® සහ APEX නිල ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම්™ ලබාදීම සිදුකරනු ලැබේ. APEX Passenger Choice Awards® හි ජයග්‍රාහකයින්, තෝරාගැනීමේ දී ගුවන් යානයේ ආසන පහසුව, මැදිරි සේවා, ආහාර පාන, විනෝදාස්වාදය සහ Wi-Fi යන උප කාණ්ඩ පහක් යටතේ ගුවන් සමාගම්වල මගීන්ගේ ශ්‍රේණිගත කිරීම් සලකා බලනු ලැබේ.

මෙම සම්මානය  හිමිවීම පාරිභෝගිකයින්ට උසස්‌ නිෂ්පාදනයක්‌ සහ උණුසුම් සත්කාරය සහ සුවපහසු සේවාවක් මෙන්ම නිවසේ මෙන්  හුරුපුරුදු බවක් ගුවන් යානය තුළදී ලබාදීම වෙනුවෙන්ම ශ්‍රීලංකන් ගුවන් සේවය  දරන අඛණ්ඩ උත්සාහය ඇගයීමට ලක්කිරීමකි. ශ්‍රීලංකන් ගුවන් සේවය මගීන් සතුටු කිරීමේ අඛණ්ඩ ප්‍රයත්නවල කොටසක් ලෙස, වරින් වර එහි ආහාර මෙනුව ප්‍රතිනිර්මාණය කරයි.  ගුවන් සමාගම මෑතකදී ශ්‍රී ලාංකීය කෑම වර්ග සහ පාන වර්ග කිහිපයක් හඳුන්වා දුන්නේය. සෑම ආහාර වට්ටෝරුවක්ම ඉතා සූක්ෂම ලෙස තෝරාගෙන එහි අමුද්‍රව්‍යවල පෝෂණ සහ සෞඛ්‍ය ප්‍රතිලාභ වැඩි මට්ටමට ගෙන ඒම සඳහා සකස් කර ඇත. ශ්‍රී ලාංකිකයන් සඳහා 'සුව පහසු ආහාර' වේලක් ලබා දීමට අමතරව, ශ්‍රී ලාංකීය ආහාර සංස්කෘතිය ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත ප්‍රවර්ධනය කිරීම ශ්‍රීලංකන් ගුවන් සේවයේ අරමුණයි.

ප්‍රධාන වශයෙන් කලාපීය කෙටි දුර ගමන් මාර්ග සඳහා සේවා සපයන ශ්‍රීලංකන් ගුවන් සේවයේ එයාර්බස් A320 සහ A321 ගුවන් යානාවල මැදිරි  ගුවන් මගීන්ගේ  අත්දැකීම් සහ ඔවුන් කැමැත්ත මත සකස් කර තිබේ. ව්‍යාපාරික සහ පිරිමැසුම් පන්තිය යන දෙකම මගීන්ගේ සුවපහසුව සඳහා leather recliner ආසන සහිතව නිර්මාණය කර  සවි කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්මින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් මහතා මෙසේ පැවසීය  “යලිත් වරක් අපගේ වටිනා පාරිභෝගිකයින් විසින්  සිය විශිෂ්ට ගුවන් ගමන් අත්දැකීම ලබා දීමත් ගුවන් සේවය පිළිගැනීමට ලක් කිරීමත් සම්බන්ධයෙන් අපගේ ගෞරවය ඔවුන්ට ලබා දෙනවා. අපගේ ගනුදෙනුකරුවන් සඳහා හොඳම දේ අඛණ්ඩව පිරිනැමීමේ අපගේ අරමුණ මෙමගින් මෙය තවදුරටත් ශක්තිමත් වෙනවා.  මේ සෑම සම්මානයක්ම ශ්‍රීලංකන් ගුවන් සේවයේ සාමාජිකයින්ගේ වෙහෙස නොබලා දරන උත්සාහය, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ නිර්මාණශීලිත්වයට උපහාරයක් වනු ඇත. ඒ වගේම ගුවන් සේවය ජාත්‍යන්තර අවධානයට යොමු කිරීම පිළිබඳව ශ්‍රීලංකන් පවුලේ සෑම සාමාජිකයෙකුටම මම ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රීලංකන් ගුවන් සේවය ආසියා පැසිෆික් කලාපයේ සිය සේවාවන් වෙනුවෙන් මේ දක්වා APEX Passenger Choice Awards®  සම්මාන 12 ක් දිනා ඇති අතර, 2018 වසරේ සිට අඛණ්ඩව ජයග්‍රාහකයින්ගේ ලැයිස්තුවේ නියතව සිටී. ගුවන් සේවය දැනට ආසියා පැසිෆික් කලාපයේ නගර 27ක් වෙත සතිපතා ගුවන් ගමන් 160කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක කරයි.

  • Ada Derana BIZ Sinhala
  • Ebert Silva Holidays
  • sri lanka
  • SriLankan Airlines

දරුවන්ගේ සිහින සැබෑ කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය, ගාලු මුවදොර හෝටලය සහ ඊබට් සිල්වා හොලිඩේස් එක්වෙයි

November, 5, 2022

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සමාජ සත්කාරක අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් , ගෝල් ෆේස් හෝටලය සහ ඊබට් සිල්වා හොලිඩේස් සමග එක්ව 2022 ලෝක ළමා දිනය සැමරීම සඳහා විශේෂ වැඩසටහනක් පසුගියදා සංවිධානය කරන ලදී. මෙහිදී ගංගොඩවිල බාලිකා නිවාසයේ ළමුන් 45 දෙනෙකුට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආගන්තුක සත්කාරය විඳිමින් ගුවන් යානයක ඇතුළත නිරීක්ෂණය කිරීමට, ඊබට් සිල්වා සමාගමට අයත් තට්ටු දෙකේ බස් රථයේ ගමන් කිරීමට සහ ගාලු මුවදොර හෝටලයේ ආහාර පාන භුක්ති විඳීමටත් අවස්ථාව උදා විය.මෙම වැඩසටහනේ පරමාර්ථය වූයේ දරුවන්ට සංචාරක හා සත්කාරක ක්ෂේත්‍රය පිළිබඳ නව දැනුමක් ලබාදීමත් විනෝදාත්මක අත්දැකීමක් ලබා දීමයි.

මෙහිදී ප්‍රථමයෙන් දරුවන් ඔවුන් රැඳී සිටි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ සිට ඊබට් සිල්වා හොලිඩේස් ආයතනයට අයත් තට්ටු දෙකේ බස් රථයකින් කොළඹ නගරය නැරඹීම සඳහා රැගෙන යන ලදී. ඉන් අනතුරුව එම පිරිස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි අතර එහිදී ළමයින්ට ගුවන් තොටුපළ නිරීක්ෂණය කිරීමටත් එහි තොරතුරු දැන ගැනීමටත් අවස්ථාව සැලසිණි. අනතුරුව ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් එයාර්බස් A330 ගුවන් යානයට ගොඩවීමේ අවස්ථාව ඔවුන්ට හිමිවූ අතර එහිදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් ආගන්තුක සත්කාරය අත්විඳීමටද ලැබිණි.

එදින දිවා ආහාරයෙන් පසු මෙම දරුවන් පිරිස නැවත කොළඹ වරායට රැගෙන ගිය අතර එහිදී ඔවුන්ට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් දැක බලා ගැනීමටත් එයට ගොඩවීමටත් අවස්ථාව උදා වූහ.

සවස් වරුවේ ගෝල් ෆේස් හෝටලය විසින් මෙම දරුවන් සඳහා තේ පැන් සංග්‍රහයක් සංවිධානය කර තිබූ අතර එහිදී ඔවුන් සජීවී සංගීත කණ්ඩායමක් සමහ ඔවුන්ගේ ප්‍රියතම ගීත ගායනා කිරීමටත් නර්තනයේ යෙදීමටත් අවස්ථාව උදා වූහ. වැඩසටහන අවසන් වී දරුවන් පිටත්ව යාමට පෙර, සංවිධායක මණ්ඩලය විසින් සෑම අයෙකුටම තෑගි පිරිනමන ලදී.

ශ්‍රීලංකන් කෙයාර්ස්, ගාලු මුවදොර හෝටලය, ඊබට් සිල්වා හොලිඩේස් සහ ඔවුන්ගේ නිවෙස්වල කාර්යමණ්ඩලය මෙම සුවිශේෂී දිනය උදාකර දීමට කළ කැපවීම අගය කරමින් එක් දරුවෙක් ස්තුතිය පුද කළේය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටල් මහතා මෙසේ පැවසීය. “ශ්‍රීලංකන් කෙයාර්ස් දරුවන් සවිබල ගැන්වීම සහ නඟා සිටුවීම කෙරෙහි අවධානය යොමු කරමින් ව්‍යාපෘති රාශියක් සිදු කරමින් සිටිනවා. රට පුරා සිටින දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා අපගේ කැපවීම පෙන්නුම් කරන මෙවැනි මුලපිරීම අපට විශේෂයි. වසර ගණනාවක් පුරා මෙම වාර්ෂික උත්සවයේ කොටස්කරුවන් වූ අපගේ වටිනා හවුල්කරුවන් වන ගාලු මුවදොර හෝටලය සහ ඊබට් සිල්වා හොලිඩේස් වෙත අපගේ අවංක ප්‍රශංසාව හිමිවෙනවා. ” යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඊබට් සිල්වා හොලිඩේස් හි සභාපතිනි රාජිනී ද සිල්වා මෙන්ඩිස් මහත්මිය මෙසේ සඳහන් කළේය: “රටේ අනාගත කුළුණු වන දරුවන්ට විශාල සිහින දැකීමට විශ්වාසයක් සහ අභිප්‍රේරණයක් ලබා දෙන මෙවැනි විශිෂ්ට අත්දැකීමක් පිරිනැමීමට නැවත වරක් අපගේ හිතවත් සහකරුවන් දෙදෙනා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. මේ දරුවන් අපේ මාතෘභූමියේ වගකිව යුතු සහ වටිනා පුරවැසියන් වනවා දැකීමට අවංක අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔවුන්ගේ අනාගත ඉලක්ක ඉහළ මට්ටමක පවතිනවා.”

මෙහි දී Team Galle Face Hotel පැවසුවේ, “ශ්‍රීලංකන් කෙයාර්ස් සහ ඊබට් සිල්වා සමඟ එක්ව ජාතියේ අනාගතය සඳහා දරුවන් සවිබල ගැන්වීම” යන තේමාව යටතේ ලෝක ළමා දිනය සැමරීමේ මෙම සුවිශේෂී වැඩසටහනේ කොටස්කරුවෙකු වීමට ගාලු මුවදොර හෝටලය ලැබීම භාග්‍යයක් බවයි.

  • Ada Derana BIZ Sinhala
  • Exclusive Online Offers
  • Introduces
  • sri lanka
  • SriLankan Airlines
  • Students

ශ්‍රීලංකන් ගුවන් සේවය විදෙස් ගතවන සිසුන් සඳහා සුවිශේෂී Online දීමනා හඳුන්වා දෙයි

November, 2, 2022

ශ්‍රීලංකන් ගුවන් සේවය ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන් සඳහා ගුවන් සේවයේ වෙබ් අඩවිය හරහා සෘජුවම ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන් කිරීම් සඳහා බහුවිධ සුවිශේෂී ප්‍රතිලාභ හඳුන්වා දී තිබේ. ශිෂ්‍ය සංචාරකයින්ට ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ ගමන් කරන විට මුදල් ආපසු දීමේ දීමනා සහ අතිරික්ත ගමන් මලු දීමනා භුක්ති විඳීමට හැකිවේ.

සිසුන්ට ඔවුන්ගේ පළමු ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේදී ක්ෂණිකව සියයට 10 ක මුදල් ආපසු හිමිවන අතර ස්වයං-සංචාර සඳහා ප්‍රවේශපත්‍ර පහක් දක්වා මිලදී ගන්නා සෑම අවස්ථාවකදීම අමතර ටිකට් පතකටම සියයට 15 ක මුදල් ආපසු ඔවුන්ටම ලබා දෙනු ඇත. මීට අමතරව, සිසුන්ගේ දෙමාපියන් සහ භාර්යාව හෝ ස්වාමිපුරුෂයා  විදේශයන්හි අධ්‍යාපනය ලබන අය  බැලීම සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා විට සියයට පහක මුදල් ආපසු ගෙවීමක් ලබාදෙනු ඇත.

අධ්‍යාපනය සඳහා වෙනත් රටකට සංක්‍රමණය වීම බොහෝ විට සිසුන්ට නොසන්සුන් සහ පීඩාකාරී අත්දැකීමක් විය හැකිය. එම කාලය තුළ ශිෂ්‍යයෙකුට මුහුණ දීමට සිදු විය හැකි බොහෝ අභියෝග පවතින අතර ගුවන් ගමන් මලු දීමනා සීමාවන් මත තම පුද්ගලික බඩු බාහිරාදිය රැගෙන යන්නේ කෙසේද යන ප්‍රශ්නයට ඔවුන්ට ප්‍රධාන වශයෙන් මුහුණ දීමට සිදුවෙයි. මෙම පොදු අභියෝගයට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රීලංකන් එක් එක් ගමන් පන්තියේ නිත්‍ය ගමන් මලු දීමනාවට අමතරව පිරිමැසුම් පංතිය සහ ව්‍යාපාරික පන්තිය සඳහා කිලෝග්‍රෑම් 10ක අමතර ත්‍යාගශීලී ගමන් මලු දීමනාවක් පිරිනමයි.

ස්වයං-සංචාර සඳහා මිලදී ගන්නා සෑම ගුවන් ප්‍රවේශ පත්‍රයක් සඳහාම එක වරක් ගාස්තු අය කිරීමකින් තොරව සංචාර දින වෙනස් කිරී‍මේ වරප්‍රසාදයද සිසුන්ට ලැබේ. ශ්‍රීලංකන් ශිෂ්‍යයින් සඳහා ඉතා හොඳින් ගුවන් මාර්ග සිතියම සැලසුම් කර ඇති අතර අධ්‍යාපනය සඳහා ජනප්‍රිය රටවල් එක්සත් රාජධානිය , ඕස්ට්රේලියාව; මැලේසියාව; සිංගප්පූරුව; සහ ඉන්දියාව වැනි ගමනාන්ත වෙත සෘජු ගුවන් ගමන් සේවා සිදුකරයි.

වසරකට ශ්‍රී ලාංකිකයන් 25,000ක් පමණ විදේශයන්හි උසස් අධ්‍යාපනය අපේක්ෂා කරති. කොළඹ සිට ජාත්‍යන්තර නගර වෙත ගමන් කරන සිසුන්ගෙන් බහුතරයක් රැගෙන යන්නේ ශ්‍රීලංකන් ගුවන් සමාගම වන අතර ශ්‍රී ලාංකීය ජාත්‍යන්තර ශිෂ්‍යයින්ගේ ජනප්‍රියතම තෝරාගැනීම වනුයේ ශ්‍රීලංකන් ගුවන් සමාගමයි.

online වෙන්කරවා ගැනීමේ ක්‍රමවේදය භාවිත කිරීමේ දී හිමිවන වාසි හේතුවෙන් ශ්‍රී ලාංකික සිසුන් වැඩි සංඛ්‍යාවක් දැන් ඔවුන්ගේ ගුවන් ගමන් ඒ හරහා සිදු කිරීමට කැමැත්තක් දක්වයි. ශ්‍රීලංකන් හි සුවිශේෂී දීමනා සමඟින්, සිසුන්ට ඔවුන්ගේ ගමන පහසු කර ගැනීමත්  වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමටත් හැකි වී ඇත. වැඩි විස්තර සහ වෙන් කිරීම් සඳහා පිවිසෙන්න. https://www.srilankan.com/en_uk/special-offers/free-baggage-allowance-for-Students

  • Ada Derana BIZ Sinhala
  • managed companies
  • Restructuring
  • sri lanka
  • SriLankan Airlines

ශ්‍රීලංකන් ප්‍රතිව්‍යූහගත කිරීමේ පළමු පියවර මෙන්න

November, 1, 2022

සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ එහි පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යූහගත කිරීම

විනිවිදභාවයෙන් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මඟින් තෝරාගනු ලබන ආයෝජකයන්ට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් සහ ආයතනයේ කළමනාකරණය භාර දීම මඟින් ශ්‍රීලංකන් ගුවන්සේවා සමාගම සහ එහි පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම යෝග්‍ය බව හඳුනාගෙන ඇත.

ඒ අනුව වරාය, නාවික හා ගුවන් සේවා ඇමතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන, ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු ක්‍රමවේදය පිළිබදව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේ කාර්යභාරය මුදල්, ආර්තික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාතයාංශය යටතේ ස්ථාපිත රජය සතු ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

  • Ada Derana BIZ Sinhala
  • sri lanka
  • SriLankan Airlines
  • Visitor’s choice Airlines of the Year

ශ්‍රීලංකන් ගුවන් සමාගම කීර්තිමත් ජාත්‍යන්තර සම්මාන දෙකකින් පිදුම් ලබයි

October, 19, 2022

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය 06 වැනි දකුණු ආසියා සංචාරක සම්මාන උළෙලේ දී   “Visitor’s choice Airlines of the Year”  සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. ‍‍‍ මෙම සම්මාන උළෙල  2022  සැප්තැම්බර් මස 30 වැනි දින අති උත්කර්ෂවත් අන්දමින්  මාලදිවයිනේ, Huduranfushi හි Adaaran Select හි  පවත්වන ලදී.

මෙම අවස්ථාවට මාලදිවයිනේ උප ජනාධිපති ගරු ෆයිසාල් නසීම්, මාලදිවයිනේ සංචාරක අමාත්‍ය ආචාර්ය අබ්දුල්ලා මවුසූම්, දකුණු ආසියා සංචාරක සම්මාන උළෙලේ සභාපති ඉස්මයිල් හමීඩ් යන මහත්වරු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ. ශ්‍රීලංකන් ගුවන් සමාග‍මේ ශ්‍රී ලංකා සහ ඉන්දියන් සාගර රටවල කලාපීය කළමනාකරු ජයන්ත අබේසිංහ මහතා සහ ශ්‍රීලංකන් මාලදිවයිනේ කළමනාකරු ෆවුසාන් ෆරීඩ් මහතා විසින් මෙම ගෞරවනීය සම්මානය ලබාගන්නා ලදී.

එසේම 2022 ඔක්තෝම්බර් 3 වන දින පැවති මාලදිවයින් සංචාරක ස්වර්ණ ජුබිලි සම්මාන උළෙලේ දී සංචාරක කටයුතු සඳහා වන ජනාධිපති රන් සම්මානය (The President's Gold Award)  ද ශ්‍රීලංකන් ගුවන් සේවය හිමිකරගන්නා ලදී‍. මාලදිවයිනේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය ලබාදුන් සහයෝගය මෙහිදී ඇගයීමට ලක්විය. මාලදිවයිනේ අතිගරු ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා අතින්  ශ්‍රීලංකන් ගුවන් සේවයේ ලෝක ව්‍යාප්ත විකුණුම් සහ බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා මෙම  සුවිශේෂී සම්මානය ලබාගත්තේය.

ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් දිනාගත් සම්මාන දෙක දකුණු ආසියාව තුළ ගුවන් සේවයේ ශක්තිය සහ ස්ථාවරත්වය පෙන්නුම් කිරීමකි. ගුවන් සමාගම දැනට ඉන්දියාව පුරා නගර නවයකට සතියකට ගුවන් ගමන් 90ක් ක්‍රියාත්මක කරයි. බංග්ලාදේශයට සහ පකිස්ථානයට සතිපතා ගුවන් ගමන් හත බැගින් සහ නේපාලයට සතිපතා ගුවන් ගමන් පහක් සිදුකරයි.

SATA යනු දකුණු ආසියාවේ සංචාරක අංශයට සම්බන්ධ ආයතනවලට ඔවුන්ගේ පහසුකම් සහ සේවා විශිෂ්ටත්වය සඳහා පිළිගැනීමක් ලබා දෙන කලාපීය සංචාරක සම්මානයකි. SATA සහ එහි ප්‍රමිතිය කලාපීය සහ ජාත්‍යන්තර ආයතන 16 කට අධික සංඛ්‍යාවක් විසින් අනුමත කර ඇත.   SATA හි අරමුණ වන්නේ කලාපයේ සංචාරක කර්මාන්තය තුළ සේවා ප්‍රමිතීන් දිරිමත් කිරීම සහ ඉහළ නැංවීමයි. එහිදී ජයග්‍රාහකයින් තෝරාගනු ලබන්නේ කලාපීය රටවල විනිසුරු මඩුල්ල හරහා සහ අන්තර්ජාලය හරහා ඡන්දය ප්‍රකාශ කිරීමෙනි.

ශ්‍රීලංකන් ගුවන් සේවය වසර ගණනාවක් පුරා මාලදිවයන වෙත මෙහෙයුම් සිදුකර ඇති අතර දැනට මාලදිවයිනේ ගමනාන්ත දෙකකට - Male සහ Gan Island වෙත ක්‍රියාත්මක වන එකම ජාත්‍යන්තර ගුවන් සේවය වේ. ශ්‍රීලංකන් සතියකට 23 වතාවක් මාලදිවයිනට පියාසර කරන අතර යුරෝපය සහ මැදපෙරදිග සිට කොළඹ හරහා මගීන්ට පහසු සම්බන්ධතා සපයයි.