• Ada Derana BIZ Sinhala
  • managed companies
  • Restructuring
  • sri lanka
  • SriLankan Airlines

ශ්‍රීලංකන් ප්‍රතිව්‍යූහගත කිරීමේ පළමු පියවර මෙන්න

November, 1, 2022

සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ එහි පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යූහගත කිරීම

විනිවිදභාවයෙන් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මඟින් තෝරාගනු ලබන ආයෝජකයන්ට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් සහ ආයතනයේ කළමනාකරණය භාර දීම මඟින් ශ්‍රීලංකන් ගුවන්සේවා සමාගම සහ එහි පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම යෝග්‍ය බව හඳුනාගෙන ඇත.

ඒ අනුව වරාය, නාවික හා ගුවන් සේවා ඇමතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන, ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු ක්‍රමවේදය පිළිබදව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේ කාර්යභාරය මුදල්, ආර්තික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාතයාංශය යටතේ ස්ථාපිත රජය සතු ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

Video Story

Stock Market

Exchange Rates