November, 15, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සන්නිවේදන සමාගමක් වන ශ්රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි කොටස් මිල අද (15) දිනය තුළ දී 12.83%ක ඉහළ යාමක් වාර්තා කරන ලදී.
ඊයේ (14) දිනයේ දී රු. 63.90 ක් ලෙස පැවති ටෙලිකොම් සමාගමේ කොටස් මිල අද දිනයේ දී රු. 8.20 කින් ඉහළ ගිය අතර අද දින ටෙලිකොම් කොටසක අවසන් ගනුදෙනු මිල මේ අනුව රු. 72.10 ක් ලෙසින් සටහන්ව තිබුණි. එසේම අද දිනයේ දී රු. 77.00 ක්වූ ඉහළ මිලකට ද ටෙලිකොම් සමාගමේ කොටස් ගනුදෙනු වී තිබෙනු නිරීක්ෂණය කළ හැකිය.
ඊයේ (14) දිනයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිය අයවැය කතාවේ දී ප්රතිව්යූහගත කළ යුතු රාජ්ය ව්යවසායයන් ලැයිස්තුවක් ඉදිරිපත් කළ අතර ඒ අතර ටෙලිකොම් සමාගම ද විය.
කෙසේවෙතත් ශ්රී ලංකා ටෙලිකොම් පීඑල්සී යනු පාඩු ලබන රාජ්යය ව්යයවසායයක් නොව ලාභ ලබන ආයතනයක් වන අතර 2022 ජනවාරි - සැප්තැම්බර් කාලපරිච්ඡේදය සඳහා සමාගම වාර්තා කර ඇති බදු ගෙවීමන් පසු ශුද්ධ ලාභය රු. බිලියන 9.32 ක් වේ. පසුගිය 2022 ජූලි - සැප්තැම්බර් කාර්තුව තුළ පමණක් සමාගම රු. මිලියන 989 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත.
ශ්රී ලංකා ටෙලිකොම් සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වයක් මහා භාණාඩාගාරය සතු වන අතර එය ප්රකාශිත ප්රාග්ධනයෙන් 49.50% කි. එසේම 44.98% ක කොටස් හිමිකමක් Global Telecommunications Holdings NV සතු වන අතර සේවක අර්ථ සාධක අරමුදල සතුව 1.40% ක කොටස් අයිතියක් පවතී.
මේ අතර අද (15) අද දෙරණ
"ශ්රී ලංකා ටෙලිකොම් සහ ඩයලොග් ඒ ආයෝජනයට සරිලන ලෙස ලාභයක් උපයනව ද? අනිත් එක ශ්රී ලංකා ටෙලිකොම් කියන්නේ විශාල සමාගමක්. ඒක දැනටත් 44% ක් විදේශ ආයෝජකයෙක් සතුයි. මම හිතන්නේ තව 10% ක් විතර ඒ සමාගමට නැත්තන් වෙනත් පුද්ගලික ආයතනයකට දීලා මේකේ අපි කළ යුත්තේ ඒකේ කළමනාකාරීත්වය දේශපාලන ඇගිලි ගැහීම් වලින් ඉවත් කිරීම."
November, 14, 2022
ශ්රීලංකන් ගුවන් සමාගම, ශ්රී ලංකා ටෙලිකොම්, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස් එජ් හෝටලය සහ ශ්රී ලංකා රක්ෂණ සංථාව සහ ඒවායේ පරිපාලිත සමාගම් ප්රතිව්යූහගත කිරීම සඳහා ප්රථමයෙන්ම පියවර ගනු ඇති අතර, එමඟින් ලැබෙන ආදායම රටේ විදේශ විනිමය සංචිත වැඩිකර ගැනීමටත් රුපියල ශක්තිමත් කිරීමටත් යොදා ගනු ඇති බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී අද (14) දින කියා සිටියේය.
පසුගිය මාස හය තුළ කිහිපවතාවක් රාජ්ය මූල්ය වශයෙන් ඉතා වැදගත් රාජ්ය ව්යවසායයන් ප්රතිව්යූහගත කිරීම පිළිබඳ කඩිනම් අවශ්යතාවයක් ඇතිවිය. අතුරු අයවැය මගින් පොරොන්දු වූ පරිදි රාජ්ය ව්යවසායයන් ප්රතිව්යූහගත කිරීමේ සුවිශේෂී කාර්යය භාරය සඳහා මේ වන විට මුදල් අමාත්යාංශයේ වෙනම ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.
ශ්රීලංකන් ගුවන් සමාගම, ශ්රී ලංකා ටෙලිකොම්, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස් එජ් හෝටලය සහ ශ්රී ලංකා රක්ෂණ සංථාව සහ ඒවායේ පරිපාලිත සමාගම් ප්රතිව්යූහගත කිරීම සඳහා ප්රථමයෙන්ම පියවර ගනු ඇති අතර, එමඟින් ලැබෙන ආදායම රටේ විදේශ විනිමය සංචිත වැඩිකර ගැනීමටත් රුපියල ශක්තිමත් කිරීමටත් යොදා ගනු ඇත.
Video Story