October, 21, 2022
මෙරට ආර්ථිකය ප්රවර්ධනය කිරීම සඳහා කර්මාන්ත පවත්වා ගැනීමට සහ ආයෝජකයන් දිරිමත් කිරීම පිණිස විදුලි ගාස්තු කලාපයේ අනෙක් රටවලට සමගාමීව ස්ථාවර සහ සාධාරණ අගයක පවත්වා ගැනීමේ අවශ්යතාවය ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදි අනාවරණය විය.
එමෙන්ම විදුලිය සඳහා දවසේ අධික ඉල්ලුමක් ඇති කාලය සහ අඩු ඉල්ලුමක් ඇති කාලය අතර පවතින විශාල පරතරය අවම කළ යුතු බවටද මෙහිදී අදහස් පළ විය.
මේ කරුණු සාකච්ඡා වූයේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ඔක්. 19) රැස්වූ අවස්ථාවේදීය.
රටේ බලශක්ති අවශතාව සපුරා ගැනීම සඳහා විකල්ප බලශක්ති ප්රභවයන් භාවිත කිරීම පිළිබඳව අදහස් සහ යෝජනා ඉදිරිපත් වූ අතර ඒ පිළිබඳ සිදුකොට ඇති පර්යේෂණ ගණනාවක් පිළිබඳවද විද්වතුන් විසින් සිය අදහස් ඉදිරිපත් කරන ලදී.
එමෙන්ම මෙරට පොදු ප්රවාහනය ශක්තිමත් කිරීම සඳහා විවිධ අදහස් සහ යෝජනා ඉදිරිපත් වූ අතර ත්රීරෝද රථ සහ යතුරුපැදි සඳහා ඔක්ටේන් 87 ඉන්ධන භාවිත කිරීම පිළිබඳවද මෙහිදී අදහස් පළ විය.
වර්තමානයේ රටතුළ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී විදුලිබල සහ බලශක්ති ක්ෂේත්රය වඩා ඵලදායීව සහ කාර්යක්ෂමව දායක කරගැනීම පිළිබඳ ඉදිරිපත්වූ අදහස් සහ යෝජනා ජාතික සභාව වෙත ඉදිරිපත් කරන බවත් ඉන් අනතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කළහැකි බවත් මෙහිදී සභාපතිවරයා පැවසීය.
ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති මොරටුව විශ්ව විද්යාලයේ මහාචාර්ය අනුර විජේපාල, මොරටුව විශ්ව විද්යාලයේ මහාචාර්ය අමල් කුමාරගේ, මොරටුව විශ්ව විද්යාලයේ ආචාර්ය දිමන්ත ද සිල්වා යන මහත්වරු රටතුළ පවතින විදුලිබල හා බල ශක්ති අර්බුදය ගැන මෙන්ම ප්රවාහනය කාර්යක්ෂම කිරීම සඳහා ද සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ.
මුදල් අමාත්යාංශය, මහා භාණ්ඩාගාරය, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, ඛණිජතෙල් සංවර්ධන අධිකාරිය, ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක්ද මෙහිදී සිය අදහස් ඉදිරිපත් කළහ.
මෙම රැස්වීමට අමාත්ය කන්චන විජේසේකර, රාජ්ය අමාත්ය ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන වජිර අබේවර්ධන සහ එම්. රාමේෂවරන් යන මහත්වරුද එක්ව සිටියහ.
September, 6, 2022
ත්රීරෝද රථ සඳහා සතියකට ඉන්ධන ලීටර 30ක් ලබා දීම සඳහා වන කිසිඳු එකඟතාවයටක මේ වන තෙක් රජය පැමිණ නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ අද (06) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්රෙමදාස මහතා යොමු කළ ප්රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
මේ අතර දිවයිනේ ඕනෑම පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව ත්රී රෝද රථ හිමියන්ට ඇති බව ද අමාත්යවරයා මෙහිදී අවධාරණය කළේය.
"විපක්ෂ නායකතුමා විසින් මතු කළ යම් යම් කාරණා වල සමහර නිවැරදි විය යුතු තැන් තියනවා. අපි ත්රීරෝද රථ සංගම් සමඟ සාකච්ඡා කරන අවස්ථා වලදී ගරු ප්රවාහන අමාත්යතුමත්, මමත් ඔවුන්ව මුන ගැහුණා. මම වෙනම ඔවුන් මුන ගැහුණා. කිසිම ආකාරයක අපි එකඟ තාවයකට ආවේ නැහැ. ලීටර 30ක් සතියකට ලබා දීමට එකඟ තාවයකට ආවේ නැහැ. ඔවුන් ඉල්ලීමක් කරා. ඉල්ලීම ලබා දෙන්න පුළුවන් ද කියන එක ගැන අපි කරුණු ලබා දෙනවා කියන එක කිව්වේ. ඒ වගේම එතුමා ඉදිරිපත් කළා තුන්වෙන් ප්රශ්නේ. එතුමා කිව්වේ මේ ත්රීරෝද රථ සඳහා ඒ ඒ ප්රදේශ වල වෙන් කරලා තියනවා කියලා ඉන්ධන පිරවුම්හල් වල. එවැනි ආකාරයේ සිඳුවීමක් සිඳු වීමක් වෙලා නැහැ. දැනටත් ඕනෑම පිරවුම් හලකින් ත්රීරෝද රථ වලට ඉන්ධන ලබා ගැනීමේ හැකියාව තියනවා. ඒක ඔබ තුමාට ලබා දීලා තියන වැරදි අවබෝධයක්, ත්රීරෝද රථ වලට මෙන්න මේ අහවල් ඉන්ධන පිරවුම් හලෙන් ලබා දිය යුතුයි කියන එක. වෙන් කරලා ලබා දීලා නැහැ."
මීට අමතරව ගමනාගමන කොමිෂන් සභාව සහ ප්රවාහන අමාත්යාංශය විසින් ලබා දෙන නිර්දේශයන්ට අනුව සාධාරණ මිල ගණන් යටතේ වෘත්තීය වශයෙන් ත්රීරෝද රථ ධාවනයේ යෙදෙන පුද්ගලයන් සඳහා පමණක් වැඩි ඉන්ධන කෝටාවක් ලබා දීමට රජයේ අවදානය යොමුව ඇති බවත් කංචන විජේසේකර අමත්යවරයා වැඩි දුරටත් පවසා සිටියේය.
"මේ වන විට අපි පොලිස් ස්ථාන වලට සහ පලාත් පාලන ආයතන වලට ඒ වගේම ගමනා ගමන කොමිෂන් සභාවට උපදෙස් ලබා දීලා තියනවා, විශේෂයෙන්ම මේ ත්රීරෝද රථ අතරින් වෘත්තිමය වශයෙන් පූර්ණකාලීනව කටයුතු කරන ත්රීරෝද රථ අපට හඳුනාගෙන දෙන්න කියලා. මොකද පූර්ණ කාලීනව කටයුතු කරන වෘත්තිමය වශයෙන් කටයුතු කරන ත්රීරෝද රථ හඳුනා ගත්තොත් පමණයි අපිට ඔවුන්ට වෙනත් විකල්ප ක්රමයකින් ඉන්ධන වැඩි සලාකයක් ලබා දීමට අපිට කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඒ අරමුණින් තමයි අපි ලියාපදිංචි කරන්න කියලා කිව්වේ පොලිස් ස්ථාන වල ලඟම තියන පිරවුම්හලින්. නමුත් මේ වන තෙක් පසුගිය සති පහක කාලය තුළ අපි ත්රීරෝද රථ වලට කිසි සේත්ම කියලා නැහැ මෙන්න මේ අහවල් ඉන්ධන පිරවුම් හලින් පමණක් ගන්න කියලා. ඒ නිසා ඔවුන්ට ලංකාවේ තියන ඕනම පිරවුම් හලකින් ගන්න පුළුවන් කම තිබුනා. ඒ වගේම ඉදිරියේ දී අපි සලාක ක්රමය වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. ගමනාගමන කොමිෂන් සභාව සහ අපිට ප්රවාහන අමාත්යාංශය විසින් ලබා දෙන නිර්දේශ අනුව විශේෂයෙන්ම මීටර ටැකිස් තියන ඒ වගේම විශේෂයෙන්ම මිල ගාස්තු ප්රදර්ශනය කරලා ඒ මිල පමණත් සාධාරණව අය කරන පිරිස් වලට වැඩි ඉන්ධන කෝටාවක් ලබා දීම සඳහා අපි අවධානය යොමු කරලා තියනවා. ඒ ලබා දෙන කෝටාව පමණක් අර තෝරා ගත්ත ඉන්ධන පිරවුම්හල් වලින් ලබා ගන්නත්, ඔවුන්ට සාමාන්යයෙන් ලබා දෙන ලීටර් 5 ඕනැම පිරවුම් හලකින් ලබා ගැනීම සඳහාත් තමයි අපි වැඩපිළිවෙලක් සකස් කරලා තියෙන්නේ."
Video Story