December, 1, 2022
එළඹෙන 2023 වසරේ දී ලක්ෂ 15 ක සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් 2024 දී එම ඉලක්කය ලක්ෂ 30 ක් බවත් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
අද (01) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
“මේ අවුරුද්ද අවසානය වෙද්දී අපේ ඉලක්කය තිබ්බේ ලක්ෂ 8ක සංචාරකයෝ ගෙන්න ගන්න.මම විශ්වාස කරනවා අද වෙනකොට දෙසැම්බර් පළවෙනිදා ලක්ෂ හත හමාරක් වෙන්න තව ලක්ෂයක්, එකයි විස්සක් විතර තව ඕන වෙනවා අපිට. හැබැයි මට විශ්වාසයි දෙසැම්බර් මාසය කියන්නේ ලංකාවේ පිටරට හිටපු අපේ ඩයස්පෝරාව, ඔවුන් අවුරුදු දෙක තුනකට ලංකාවට ඇවිත් නැහැ. මේ දෙසැම්බර් මාසයේ අපිට විශාල සංචාරකයෝ ප්‍රමාණයක් ලංකාවට එන මාසයක් බවට පත්වෙයි. ජනවාරි පෙබරවාරිවල දැනටම බුකින් ඉතාමත්ම හොඳින් ලැබිලා තියෙනවා කියලා අපිට දැනගන්නට ලැබෙනවා. 2023 අපේ ඉලක්කය ලක්ෂ 15 දක්වාත්, 2024 දී ලක්ෂ 30 ක් දක්වාත්, සම්පූර්ණ ජම්ප් එකක් ගන්න, ඒ ජම්ප් එක ගන්න අවශ්‍ය අවුරුද්ද වෙන්නේ 2023.“
November, 29, 2022
දෙදහසකට වැඩි මගීන් සංඛ්‍යාවක් සහ 900 ක කාර්ය මණ්ඩලයක් සමඟින් ‘Mein Schiff 5’ අධිසුඛෝපභෝගී මගී නෞකාව අද (29) පෙරවරුවේ දී කොළඹ වරායට සේන්දු වී තිබේ.
Mein Schiff 5 යනු ජර්මනියේ TUI cruises සමාගමට අයත් මගී නෞකාවකි.
මෙය ශ්‍රී ලංකාවට පැමිණීමේ දී එහි සියලු සම්බන්ධීකරණ සහ සංවිධාන කටයුතු Aitken Spence සමූහයේ පාලිත සමාගමක් වන Hapag Lloyd Lanka විසින් සිදුකරන ලදී. Hapag Lloyd Lanka, TUI cruises හි නියෝජිත ආයතනයක් ද වේ.
අද (29) දිනයේ දී කොළඹට සේන්දු වූ මෙම මගී නෞකාව හෙට (30) දිනයේ දී හම්බන්තොට වරායේ නැංගුරම්ලෑමට නියමිතය.
මෙම නෞකාවෙන් මෙරටට පැමිණි සංචාරකයින් අද සහ හෙට දින දෙක තුළ රට තුළ සංචාරය කිරීමට නියමිත අතර කොළඹ නගරය, කැලණි විහාරය, මුතුරාජවෙල හා මාදු ගඟේ බෝට්ටු සවාරි, එයාර් ටැක්සි මගින් සීගිරිය වෙත, ගාලු නගරය යනාදී සංචාරක ගමනාන්තයන් වෙත සංචාරය කරනු ඇත.
එයිට්කන් ස්පෙන්ස් සමාගමේ පහසුකම් සැලසීම හරහා මෙම මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි දෙවැනි මගී නෞකාව මෙය වන අතර මීට පෙර පසුගිය නොවැම්බර් 18 වන දා මගීන් 900 ක් සමඟින් ‘Viking Mars’ මගී නෞකාව කොළඹ වරායට පැමිණ තිබුණි.
September, 14, 2022
ශ්‍රී ලංකාවේ මන්නාරම් දූපත සංචාරක කර්මාන්තය සඳහාම නිර්මාණය වූ විනෝදාස්වාද දූපතක් බවට පරිවර්තනය කළ හැකි බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. මැකාඔ දූපත මෙන් එය සංචාරක එය ඩොලර්වලින් පමණක් ගනුදෙනු කරනු ලබන තැනක් පමණක් විය යුතු බවත් සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට ආකර්ෂණය කර ගැනීම එහි අරමුණ බවත් ඇය මෙහිදී අවධාරණය කළාය.
සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය වශයෙන් ඊයේ (13) නව තනතුරේ වැඩ භාර ගනිමින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
තව ද සංචාරක කර්මාන්තය විවිධ කාණ්ඩයන්ට වෙන් කල හැකි බවත්, ඒ කාණ්ඩ අතරින් Entertainment Tourism යනු විනොදාස්වාදය වෙනුවෙන්ම පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් වෙනු වූ කාණ්ඩයක් බැවින් සංචාරකයින් වෙනුවෙන් ඒ තුළ වූ ඔවුනට විනෝද වීම සඳහා අවශ්‍ය අවස්ථාවන් නිර්මාණය කර දිය යුතු බවත් ඇය පවසා සිටියාය.
එමඟින් මුදල් වියදම් කිරීමට මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඔවුන්ගේ හිතැඟි පරිදි මුදල් වියදම් කිරීම වෙනුවෙන් අවස්ථාවන් සැලසෙන බව ද රාජ්‍ය අමාත්‍යවරිය එහි දී වැඩිදුරටත් පවසා සිටියා ය.
"Entertainment Tourism කියන්නේ, ඒ ගොල්ලෝ එන්නේ Night Club යන්න, කන්න බොන්න විනෝද වෙන්න ඒ වගේ Entertainment වලට. අද අපේ රටේ ඇත්තටම ඒක අඩුයි. මොකද අපි රටක මේ එන සංචාරකයින්ගෙන් සල්ලි ගන්න ඕනනම්, අපිට ඒ ගොල්ලන්ගෙන් බලෙන් සල්ලි ගන්න බැහැනේ. අපිට ඒ ගොල්ලන්ට වියදම් කරන්න Opportunity එකක් දෙනන් ඕන. ඒ Opportunity එක නැත්තන්, දැන් රෑ 10න් පස්සේ කොළඹ නිකන් සොහොනක් වගේ නම්, අපිටත් පේනවනේ ගියාම රෑ 10න් පස්සේ ගියොත් කොළඹ මුකුත් නැහැ. වියදම් කරන්න තැනක් නැහැ. සල්ලි තියනවා වියදම් කරන්න තැනක් නැහැ. මිනිස්සුන්ට ගහලා සල්ලි ගන්න බැහැනේ. ඒ නිසා අපි මේකට Opportunity දෙන්න ඕන වියදම් කරන්න. මේ Opportunity හදන්න ඕන අපි. මොකද ඒකට තමයි Night Life කියන්නේ, Night Economy කියන්නේ. ඉතින් ඒක අපි හදන්න ඕන."
"මන්නාරම දූපත අපට සම්පූර්ණයෙන්ම හදන්න පුළුවන් Entertainment Macau කියන රට වගේ. ඒ රට ඔක්කොම Entertainment. Macau දූපත වගේ මන්නාරම් දූපත සම්පූර්ණයෙන් Entertainment එකක් කරන්න පුළුවන්, Entertainment දූපතක් ඩොලර් වලින් පමණක් Business කරන, රුපියල් නැහැ, ඩොලර් පමණයි. මේක අපි convert කරලා බලන්න ඕන ඩොලර් වියදම් කරන තැනක් විදිහට විතරක්. වියදම් කරන්න ඕන තරම් රටේ ලෝකේ මිනිස්සු ඉන්නවා, එහෙම හැදුවොත්. ඉතින් ඒක නිසා අපි ඒ වගේ දේවල්, එතකොට ඒ වට පිටාවේ තියන අපේ එයාර්පොර්ට් ටික, අපේ airport ටික Develop කරන්න පුළුවන් ඒ හේතුව හින්දා. ඉතින් එතනට එන ලඟම පලාලි තියනවා, ජැෆ්නා තියනවා, KKS තියනවා. ඒ වගේ Airport තියනවා. එතකොට ඒවා අපිට සම්පූර්ණයෙන්ම Develop වෙනවා."
Video Story