• Ada Derana BIZ Sinhala
  • sri lanka
  • tourist arrivals
  • tourists

2023 මුල් දින 15 දී සංචාරකයින් 47,000 ක් ශ්‍රී ලංකාවට

January, 16, 2023

2023 වසරේ මුල් දින 15 තුළ දී විදෙස් සංචාරකයින් 47,353 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

අධිකාරිය සඳහන් කරන පරිදි 2023 ජනවාරි 01-07 සතිය තුළ දී සංචාරකයින් 20,875 ක් පැමිණ ඇති අතර ජනවාරි 08-15 සතිය තුළ දී 26,478 ක් පැමිණ ඇත.

මෙම වකවානුව තුළ පැමිණ ඇති සමස්ත සංචාරකයින්ගෙන් 25%ක්ම රුසියානුවන් වීම විශේෂත්වයකි. එම ප්‍රමාණය 12,064 ක් වේ.

 

  • Ada Derana BIZ Sinhala
  • November
  • sri lanka
  • tourist arrivals
  • tourists

2022 නොවැම්බරයේ දී සංචාරකයින් 59,759 ක් ඇවිත්

December, 2, 2022

පසුගිය නොවැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 59,759 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මේ අනුව 2022 මුල් මාස 11 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්‍රමාණය 628,017 ක් වේ.

නොවැම්බර් මාසය තුළ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව 13,820 කි. මීට අමතරව ඉන්දියාවෙන් 10,167 ක සංචාරකයින් ප්‍රමාණයක් පසුගිය මාසය තුළ දී මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

සමස්තයක් ලෙස ගත් කල, 2022 ජනවාරි - නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ දී වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ද ඉන්දියාවෙනි. එය 105,654 කි.

 

 

  • Ada Derana BIZ Sinhala
  • September
  • sri lanka
  • tourist arrivals

2022 අඩුම සංචාරක පැමිණීම සැප්තැම්බරයේ දී

October, 10, 2022

පසුගිය සැප්තැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 29,802 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ.

මෙහි ඇති විශේෂත්වය නම් 2022 වර්ෂයේ තනි මාසයක් තුළ පැමිණ ඇති අඩුම සංචාරක සංඛ්‍යාව ලෙසින් මෙය සටහන් වීමයි.

මීට පෙර මෙම වසර තුළ අඩුම මෙරට සංචාරක පැමිණීමේ පහළම අගය වාර්තා වී තිබුණේ පසුගිය මැයි මාසයේ දීය. එය 30,207 කි.

2022 මුල් මාස 09 තුළ පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්‍රමාණය 526,232 ක් වේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ 2022 සැප්තැම්බර් මාසය තුළ සංචාරක ඉපයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 53.6 ක් බවයි.

ඒ අනුව 2022 මුල් මාස 09 තුළ මුළු සංචාරක ඉපයීම් ඩොලර් මිලියන 946.4 ක් වේ.