• Ada Derana BIZ Sinhala
  • sri lanka
  • tourist arrivals
  • tourists

2023 මුල් දින 15 දී සංචාරකයින් 47,000 ක් ශ්‍රී ලංකාවට

January, 16, 2023

2023 වසරේ මුල් දින 15 තුළ දී විදෙස් සංචාරකයින් 47,353 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

අධිකාරිය සඳහන් කරන පරිදි 2023 ජනවාරි 01-07 සතිය තුළ දී සංචාරකයින් 20,875 ක් පැමිණ ඇති අතර ජනවාරි 08-15 සතිය තුළ දී 26,478 ක් පැමිණ ඇත.

මෙම වකවානුව තුළ පැමිණ ඇති සමස්ත සංචාරකයින්ගෙන් 25%ක්ම රුසියානුවන් වීම විශේෂත්වයකි. එම ප්‍රමාණය 12,064 ක් වේ.