January, 13, 2023
Uber Eats හරහා ශ්රී ලාංකිකයන් ආහාරපාන සහ එදිනෙදා අවශ්ය කරන භාණ්ඩ ඇණවුම් කළ ආකාරයන් සම්බන්ධ වාර්තාවක් Uber මගින් එළිදක්වා ඇත. ලූනු පිළිබඳව ශ්රී ලාංකිකයන් තුළ පවතින සුවිශේෂී කැමැත්ත සහ අකැමැත්ත ඇතුළු බොහෝ කරුණු එමගින් හෙළි වී තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ, ලූනු ශ්රී ලාංකිකයන් වැඩියෙන්ම ඇණවුම් කළ එදිනෙදා භාණ්ඩ අතරට ඇතුළත් වී ඇති නමුත්, පිසූ ආහාරපාන වලට යෙදීමෙන් වළකින ලෙස ශ්රී ලාංකිකයන් වැඩියෙන්ම ඉල්ලා ඇති ද්රව්යයද ලූනු වීම ය.
‘Uber Eats Cravings Report 2022’ නමින් හැඳින්වෙන මෙම වාර්තාව, ආහාරපාන සහ අත්යවශ්ය භාණ්ඩ සම්බන්ධයෙන් ශ්රී ලාංකිකයන්ගේ රුචි අරුචිකම් පිළිබඳව සුවිශේෂී කරුණු රැසක් හෙළිකරයි.
ලූනු නොයොදන ලෙස ඉල්ලා සිටීමට අමතරව, වඩාත් කට දැවිල්ල සහිත වන ආකාරයට තම ආහාරපාන පිළියෙල කරන ලෙස ශ්රී ලාංකිකයන් නිතර ඉල්ලීම් කර ඇත. ‘Make it Spicy’, ‘Extra Spicy’ සහ ‘No Sugar’ වැනි ඉල්ලීම් මේ සඳහා ඔවුන් නිතර භාවිතා කර තිබේ. එමෙන්ම ශ්රී ලාංකිකයන් අතිශයින් ආචාරශීලී බවත්, ඔවුන් බොහෝ විට තම උපදෙස් වලදී ‘කරුණාකර’ (Please) යන්න භාවිතා කර ඇති බවත් මෙම වාර්තාව හෙළිකරයි.
ශ්රී ලාංකිකයන් ප්රධාන ආහාරවේල් අතර ඇණවුම් කළ කෙටි කෑම වර්ග ලයිස්තුවේ ඉහළින්ම ඇත්තේ මාළු පැටිස්, චිකන් පෆ් පේස්ට්රි සහ මාළු පාන් යන ආහාර වර්ග ය.
ශ්රී ලංකාව තේ සම්බන්ධයෙන් ලොව පුරා ජනප්රියත්වයක් උසුලන රටක් වුවද, පාන වර්ග අතරින් කිරි තේ වලට වඩා වැඩි ඉල්ලුමක් හිමිකර ගැනීමට අයිස් කෝපි සමත් වී තිබේ.
ආහාර වර්ග අතරින් බත් වලට ප්රමුඛත්වය හිමි වීම පිළිබඳව කිසිවෙකුත් පුදුමයට පත් නොවනු ඇත. ශ්රී ලාංකිකයන් ඇණවුම් කළ ආහාර වර්ග මිලියන ගණනක් අතරින් පහෙන් තුනක්ම බත් මූලික කරගත් ආහාර බව මෙම වාර්තාව පෙන්වා දෙයි. එහි දැක්වෙන ආකාරයට, ශ්රී ලාංකිකයන් වැඩියෙන්ම ඇණවුම් කළ ආහාර වර්ග ලැයිස්තුව මෙසේ ය.
ශ්රී ලාංකිකයන් ඇණවුම් කරන එදිනෙදා භාණ්ඩ සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකු අපේක්ෂා කරන ආකාරයටම, ප්රමුඛත්වය හිමි වී ඇත්තේ එළවලු සහ කිරි වලට ය. එම ලැයිස්තුව මෙසේ දැක්වේ.
එමෙන්ම මෙම භාණ්ඩ සහ ආහාරපාන තමන් වෙතටම රැගෙන එන ඩිලිවරි සේවා හවුල්කරුවන් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමටද ශ්රී ලාංකිකයන් නොමසුරුව කටයුතු කර තිබේ. ඒ අනුව එම ඩිලිවරි සේවා හවුල්කරුවන් වෙනුවෙන් සන්තෝසම් මුදල් ලෙස ඔවුන් පසුගිය වසර තුළ ලබාදුන් මුදල රු. 82,000,000 ඉක්මවයි.
බොහෝ දෙනෙකුට තමන් ප්රියතම අවන්හල ලෙස සලකන ස්ථාන ඇති නමුත්, එක් පාරිභෝගිකයෙකු 2022 වසර තුළ එක් අවන්හලකින් 294 වරක් ඇණවුම් කරමින්, ‘ප්රියතම අවන්හල’ යන්නට නව අරුතක් ලබාදී ඇති බව ‘Uber Eats Cravings Report 2022’ පෙන්වා දෙයි. එමෙන්ම එම වසරේ ඇණවුම් අතරින් ඉහළම වටිනාකමකින් යුත් ඇණවුමේ වටිනාකම රු, 62,600/- කි.
ඉහත සඳහන් කරුණු අනුව අපට පෙනී යන්නේ ශ්රී ලාංකිකයන් සැර වැඩි සහ පැණි රස අඩු ආහාර වලට සහ බත් වර්ග වලට වැඩි කැමැත්තක් දක්වන බවයි.
පාරිභෝගිකයන්ගේ රුචිකත්වය කුමක් වුවත්, ඊට ගැළපෙන ආහාරපාන නොපමාව ඔවුන් වෙත රැගෙන ඒමට Uber Eats සූදානමින් සිටී.

December, 13, 2022
ඩිලිවරි සේවා හවුල්කරුවන්ගේ යහපත වෙනුවෙන් රු. මිලියන 3 කට අධික මුදලක් වෙන්කෙරේ
ශ්රී ලංකාවේ ජනප්රියම ආහාරපාන සහ ග්රොසරි භාණ්ඩ ඩිලිවරි සේවා යෙදුම වන Uber Eats ශ්රී ලංකාවේ වසර 4 ක මෙහෙයුම් කාලයක් සම්පූර්ණ කර තිබේ. මෙම කාලසීමාව තුළ රටේ ප්රධාන නගර 5 ක්, එනම් කොළඹ, මහනුවර, කුරුණෑගල, මීගමුව සහ ගම්පහ යන නගර වෙත තම සේවාවන් සාර්ථක ලෙස හඳුන්වා දීමට Uber Eats සමත් විය. මේ වනවිට ශ්රී ලංකාව තුළ අලෙවිසැල් 10,000 කට වැඩි සංඛ්යාවක් සහ ඩිලිවරි සේවා හවුල්කරුවන් 15,000 කට වැඩි පිරිසක් Uber Eats සමග එක් සිටින අතර, මේ දක්වා Uber Eats හරහා ඇණවුම් ගෙනගොස් භාරදීම් මිලියන 24 කට අධික සංඛ්යාවක් සිදු වී තිබේ. මේ අතරින් ඇණවුම් භාරදීම් 100,000 ක්ම සිදු වී ඇත්තේ, මෑතකදී Uber Eats සේවාවට පාපැදි හඳුන්වා දීමෙන් අනතුරුව, එම පාපැදි භාවිතයෙන් වීම විශේෂත්වයකි.
මෙම සුවිශේෂී අවස්ථාව සැමරීම සඳහා, තම ඩිලිවරි සේවා හවුල්කරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වලට අත්වැලක් වීමේ අරමුණින් රු. මිලියන 3 කට අධික මුදලක් වෙන්කිරීමට Uber Eats කටයුතු කළේ ය. ‘Uber Delivery Scholar’ වැඩසටහනේ දෙවැනි අදියරේ කොටසක් වන මෙය, ඩිලිවරි සේවා හවුල්කරුවන්ට සහ ඔවුන්ගේ දරු දැරියන්ට තම අනාගත අපේක්ෂාවන් ඉටුකර ගැනීමට උපකාරී වෙයි.
මෙම වැඩසටහන යටතේ එම දරුවන්ට ශිෂ්යත්ව පිරිනමනු ලබන අතර, ඔවුන්ට වසරක් සඳහා ප්රමාණවත් පාසල් ලිපිද්රව්යද ප්රදානය කරනු ලබේ. මීට National Institute of Business Management (NIBM) හි පාඨමාලා හැදෑරීම සඳහා රු. 40,000 ක් දහසක් වටිනා ශිෂ්යත්ව ප්රදානයන්ද ඇතුළත් ය.
“මේ දක්වා අප පැමිණි ගමන ඉතාමත් සුවිශේෂී ගමනක්. ශ්රී ලාංකිකයන්ගෙන් අපට ඉතාමත් උණුසුම් පිළිගැනීමක් ලැබී තිබෙනවා. අපගේ ඩිලිවරි සේවා හවුල්කරුවන් යනු මේ සාර්ථකත්වයට බලපෑ ප්රධානතම සාධකයක්. Uber Eats ශ්රී ලංකාවේ දොරින් දොර කියවෙන නාමයක් බවට පත්කිරීමට ඔවුන් දිවා රෑ නොබලා මහන්සි වුණා. අප ‘Uber Delivery Scholar’ වැඩසටහන වඩාත් පුළුල් කර දියත් කළේ, ඔවුන්ගේ ඒ කැපවීම අගය කිරීමක් වශයෙනුයි. ඉදිරියටත් අපගේ පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවාවක් සැලසීම අපගේ පරමාර්ථය වී තිබෙනවා. මෙය ඒ ගමනේ ආරම්භයක් පමණයි.” Uber Eats Sri Lanka සාමාන්යාධිකාරිනී භාව්නා දද්ලානි ජයවර්ධන මහත්මිය පැවසුවා ය.
Uber Eats Sri Lanka විසින් පසුගිය වසරේදී මුල්ම වරට ‘Uber Delivery Scholar’ වැඩසටහන හඳුන්වා දෙන ලදි. ඩිලිවරි සේවා හවුල්කරුවන්ගේ දරුවන් වෙත ශිෂ්යත්ව සහ පාසල් ලිපිද්රව්ය පරිත්යාග කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ. මෙම ශිෂ්යත්වලාභීන්ගේ අධ්යාපන කටයුතු වල ප්රගතිය වාර්ෂිකව නිරීක්ෂණය කරනු ලබන අතර, ඉදිරි අධ්යාපන කටයුතු සඳහා ඔවුන්ට ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට පියවර ගනු ලැබේ.
මුල්ම ‘Uber Delivery Scholar’ ශිෂ්යත්වලාභීන් අතරින් 25% ක්ම දෙවැනි වසර සඳහාද සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයකි. මෙය අදාළ ශිෂ්යත්වලාභීන්ගේ උනන්දුව හා කැපවීම සනාථ කරන සාධකයක් වන අතර, ඔවුන්ගේ ඉදිරි ගමන සාර්ථක කරගැනීමට තවදුරටත් අත්වැලක් වීම සඳහා Uber Eats Sri Lanka සූදානමින් සිටී.
පසුගිය වසර 4 තුළ ශ්රී ලංකාවට මුහුණ දීමට සිදු වූ අභියෝග හමුවේ Uber Eats අඛණ්ඩව මෙරට ජනතාවට නන් අයුරින් සහයෝගය ලබා දී තිබේ. ප්රථම වර්ෂයේදී පාස්කු ප්රහාරය සිදු වූ අතරම් ඉන් අනතුරුව COVID-19 සහ ඒ සම්බන්ධ සංචරණ සීමාවන් ආදියෙහි බලපෑමටද, ඉන් පසුව ආර්ථික අර්බුදයටද මුහුණ දීමට ශ්රී ලංකාවට සිදු විය. මේ තත්ත්වය හමුවේ පාරිභෝගිකයන්ට සහ ඩිලිවරි සේවා හවුල්කරුවන්ට මෙන්ම සමස්තයක් ලෙස රටේ මහජනතාවට හැකි උපරිම අයුරින් සහයෝගය ලබාදීමට Uber Eats පියවර ගෙන ඇත.
මෑතකදී ශ්රී ලංකා රතු කුරුස සමාජය හා එක් වී, රටේ වඩාත්ම දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ජනතාවට අත්යවශ්ය ද්රව්ය ලබාදීම සහ ජීවිතාරක්ෂක ඖෂධ ප්රවාහනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 200,000 කට මුදලක් පරිත්යාග කිරීමට Uber Eats කටයුතු කළේ ය.

Uber Eats Sri Lanka නායකත්ව කණ්ඩායම ඩිලිවරි සේවා හවුල්කරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් සමග
ඡායාරූපය: Uber Eats Sri Lanka නායකත්ව කණ්ඩායමේ භාව්නා දද්ලානි ජයවර්ධන මහත්මිය සහ පිවිතුරු කොඩිකාර මහතා ‘Uber Delivery Scholar’ වැඩසටහනේ ශිෂ්යත්වලාභියෙකු වෙත අදාළ ශිෂ්යත්වය සහ ත්යාග පිරිනමමින්
Video Story