• Ada Derana BIZ Sinhala
  • sri lanka
  • Uber Eats

Uber Eats Sri Lanka සිවුවැනි සංවත්සරය සමරයි

December, 13, 2022

ඩිලිවරි සේවා හවුල්කරුවන්ගේ යහපත වෙනුවෙන් රු. මිලියන 3 කට අධික මුදලක් වෙන්කෙරේ

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ආහාරපාන සහ ග්‍රොසරි භාණ්ඩ ඩිලිවරි සේවා යෙදුම වන Uber Eats ශ්‍රී ලංකාවේ වසර 4 ක මෙහෙයුම් කාලයක් සම්පූර්ණ කර තිබේ. මෙම කාලසීමාව තුළ රටේ ප්‍රධාන නගර 5 ක්, එනම් කොළඹ, මහනුවර, කුරුණෑගල, මීගමුව සහ ගම්පහ යන නගර වෙත තම සේවාවන් සාර්ථක ලෙස හඳුන්වා දීමට Uber Eats සමත් විය. මේ වනවිට ශ්‍රී ලංකාව තුළ අලෙවිසැල් 10,000 කට වැඩි සංඛ්‍යාවක් සහ ඩිලිවරි සේවා හවුල්කරුවන් 15,000 කට වැඩි පිරිසක් Uber Eats සමග එක්  සිටින අතර, මේ දක්වා Uber Eats හරහා ඇණවුම් ගෙනගොස් භාරදීම් මිලියන 24 කට අධික සංඛ්‍යාවක් සිදු වී තිබේ. මේ අතරින් ඇණවුම් භාරදීම් 100,000 ක්ම සිදු වී ඇත්තේ, මෑතකදී Uber Eats සේවාවට පාපැදි හඳුන්වා දීමෙන් අනතුරුව, එම පාපැදි භාවිතයෙන් වීම විශේෂත්වයකි.

මෙම සුවිශේෂී අවස්ථාව සැමරීම සඳහා, තම ඩිලිවරි සේවා හවුල්කරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වලට අත්වැලක් වීමේ අරමුණින් රු. මිලියන 3 කට අධික මුදලක් වෙන්කිරීමට Uber Eats කටයුතු කළේ ය. ‘Uber Delivery Scholar’ වැඩසටහනේ දෙවැනි අදියරේ කොටසක් වන මෙය, ඩිලිවරි සේවා හවුල්කරුවන්ට සහ ඔවුන්ගේ දරු දැරියන්ට තම අනාගත අපේක්ෂාවන් ඉටුකර ගැනීමට උපකාරී වෙයි.

මෙම වැඩසටහන යටතේ එම දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනමනු ලබන අතර, ඔවුන්ට වසරක් සඳහා ප්‍රමාණවත් පාසල් ලිපිද්‍රව්‍යද ප්‍රදානය කරනු ලබේ. මීට National Institute of Business Management (NIBM) හි පාඨමාලා හැදෑරීම සඳහා රු. 40,000 ක් දහසක් වටිනා ශිෂ්‍යත්ව ප්‍රදානයන්ද ඇතුළත් ය.

“මේ දක්වා අප පැමිණි ගමන ඉතාමත් සුවිශේෂී ගමනක්. ශ්‍රී ලාංකිකයන්ගෙන් අපට ඉතාමත් උණුසුම් පිළිගැනීමක් ලැබී තිබෙනවා. අපගේ ඩිලිවරි සේවා හවුල්කරුවන් යනු මේ සාර්ථකත්වයට බලපෑ ප්‍රධානතම සාධකයක්. Uber Eats ශ්‍රී ලංකාවේ දොරින් දොර කියවෙන නාමයක් බවට පත්කිරීමට ඔවුන් දිවා රෑ නොබලා මහන්සි වුණා. අප ‘Uber Delivery Scholar’ වැඩසටහන වඩාත් පුළුල් කර දියත් කළේ, ඔවුන්ගේ ඒ කැපවීම අගය කිරීමක් වශයෙනුයි. ඉදිරියටත් අපගේ පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවාවක් සැලසීම අපගේ පරමාර්ථය වී තිබෙනවා. මෙය ඒ ගමනේ ආරම්භයක් පමණයි.” Uber Eats Sri Lanka සාමාන්‍යාධිකාරිනී භාව්නා දද්ලානි ජයවර්ධන මහත්මිය පැවසුවා ය.

Uber Eats Sri Lanka විසින් පසුගිය වසරේදී මුල්ම වරට ‘Uber Delivery Scholar’ වැඩසටහන හඳුන්වා දෙන ලදි. ඩිලිවරි සේවා හවුල්කරුවන්ගේ දරුවන් වෙත ශිෂ්‍යත්ව සහ පාසල් ලිපිද්‍රව්‍ය පරිත්‍යාග කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ. මෙම ශිෂ්‍යත්වලාභීන්ගේ අධ්‍යාපන කටයුතු වල ප්‍රගතිය වාර්ෂිකව නිරීක්ෂණය කරනු ලබන අතර, ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ඔවුන්ට ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට පියවර ගනු ලැබේ.

මුල්ම ‘Uber Delivery Scholar’ ශිෂ්‍යත්වලාභීන් අතරින් 25% ක්ම දෙවැනි වසර සඳහාද සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයකි. මෙය අදාළ ශිෂ්‍යත්වලාභීන්ගේ උනන්දුව හා කැපවීම සනාථ කරන සාධකයක් වන අතර, ඔවුන්ගේ ඉදිරි ගමන සාර්ථක කරගැනීමට තවදුරටත් අත්වැලක් වීම සඳහා Uber Eats Sri Lanka සූදානමින් සිටී.

පසුගිය වසර 4 තුළ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ අභියෝග හමුවේ Uber Eats අඛණ්ඩව මෙරට ජනතාවට  නන් අයුරින් සහයෝගය ලබා දී තිබේ. ප්‍රථම වර්ෂයේදී පාස්කු ප්‍රහාරය සිදු වූ අතරම් ඉන් අනතුරුව COVID-19 සහ ඒ සම්බන්ධ සංචරණ සීමාවන් ආදියෙහි බලපෑමටද, ඉන් පසුව ආර්ථික අර්බුදයටද මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදු විය. මේ තත්ත්වය හමුවේ පාරිභෝගිකයන්ට සහ ඩිලිවරි සේවා හවුල්කරුවන්ට මෙන්ම සමස්තයක් ලෙස රටේ මහජනතාවට හැකි උපරිම අයුරින් සහයෝගය ලබාදීමට Uber Eats පියවර ගෙන ඇත.

මෑතකදී ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා එක් වී, රටේ වඩාත්ම දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම සහ ජීවිතාරක්ෂක ඖෂධ ප්‍රවාහනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 200,000 කට මුදලක් පරිත්‍යාග කිරීමට Uber Eats කටයුතු කළේ ය.

Uber Eats Sri Lanka නායකත්ව කණ්ඩායම ඩිලිවරි සේවා හවුල්කරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් සමග

 

ඡායාරූපය: Uber Eats Sri Lanka නායකත්ව කණ්ඩායමේ භාව්නා දද්ලානි ජයවර්ධන මහත්මිය සහ පිවිතුරු කොඩිකාර මහතා ‘Uber Delivery Scholar’ වැඩසටහනේ ශිෂ්යත්වලාභියෙකු වෙත අදාළ ශිෂ්යත්වය සහ ත්යාග පිරිනමමින්