January, 2, 2023
Uber සෑම විටම උත්සාහ කරන්නේ ශ්රී ලාංකිකයන්ට තම සිහින සැබෑ කරගැනීමට අත්වැලක් වීමට ය. Uber සේවාවන් තුළින් ශ්රී ලාංකිකයන්ට ලැබෙන ප්රතිලාභ පිළිබඳ සවිස්තර සමීක්ෂණ වාර්තාවක් මෑතකදී “The Impact of Uber in Sri Lanka” යන නමින් පළ විය. මෙම සමීක්ෂණය සිදුකරන ලද්දේ එක්සත් රාජධානියේ ස්වාධීන සමීක්ෂණ ආයතනයක් වන ‘Public First UK’ විසිනි.
කුඩා පරිමාණ ව්යාපාර වලට ලැබෙන අත්වැල - ශ්රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට Uber සේවාවන් හරහා, තමන්ට එතෙක් ගනුදෙනු කළ නොහැකි වූ ආපනශාලා සහ අලෙවිසැල් රාශියක් සමග ගනුදෙනු කිරීමට අවස්ථාව ලැබිණි. මෙය ශ්රී ලංකාවේ සුළු පරිමාණ ව්යාපාර වලට රුපියල් බිලියන 2.1 ක පමණ අමතර අදායමක් මෙන්ම, සමස්තයක් ලෙස ශ්රී ලංකාවේ ආර්ථිකයට රු. බිලියන 51 ක දායකත්වයක් ලබාදුන් පියවරක් විය.
රියදුරන්ගේ සහ ඩිලිවරි සේවා හවුල්කරුවන්ගේ ඇගයීමට ලක්වූ නම්යශීලීත්වය - ඉහත සඳහන් වාර්තාවේ පැහැදිලිව දක්වා ඇති ආකාරයට, බොහෝ දෙනෙකු Uber සේවාවන් සමග අත්වැල් බැඳගැනීමට ප්රධානතම හේතුවක් වී ඇත්තේ එහි ඇති නම්යශීලීත්වයයි. ජීවනෝපාය මාර්ග වලදී කාලය සම්බන්ධ නම්යශීලීත්වය තමන්ට බෙහෙවින් වැදගත් බව 35% ක ප්රතිශතයක් පවසා ඇත. Uber 2021 වසරේදී සිදුකළ ගණනයන්ට අනුව, මෙම ඉහළ නම්යශීලීත්වය රියදුරන්ට සහ සේවා හවුල්කරුවන්ට ගෙනෙන වටිනාකම රු. බිලියන 1.2 ක් වූ අතර, Uber සමග එක්වීමේ සෘජු ප්රතිඵලයක් ලෙස වර්ෂයකදී ඔවුන් ලැබූ අමතර ආදායම රු. මිලියන 775 කි. මෙය ඔවුන්ට ඇති මීළඟ හොඳම විකල්පයට සාපේක්ෂව දළ වශයෙන් 27% ක් ඉහළ අගයක් වේ.
රියදුරන්ගේ සහ ඩිලිවරි සේවා හවුල්කරුවන්ගේ තෘප්තිමත් බව - Uber සමග රාජකාරි කිරීමේදී ලබන අත්දැකීම සම්බන්ධයෙන් තමන් සම්පූර්ණයෙන්ම තෘප්තිමත් බව 61% ක ප්රතිශතයක් පවසා ඇත. 17% ක් පමණක් තමන් වෙනත් අර්ධකාලීන රැකියාවක් සොයමින් සිටින බව පවසා ඇති අතර, Uber නිසා තමන්ගේම ව්යාපාරයක් ආරම්භ කිරීමට හෝ ස්වයං රැකියාවක යෙදීමට අදහසක් තමන් තුළ ඇති වූ බව 30% ක් පවසා තිබේ.
අපේක්ෂාවන් ඉටුකර ගැනීමට ලැබෙන අත්වැල - මේ ආකාරයට දිනපතාම හවුල්කරුවන්ට ලබාදෙන ආර්ථික අවස්ථාවන්ට අමතරව, රාජකාරි සීමාවෙන් ඔබ්බට යමින් ඔවුන් වෙනුවෙන් තවත් බොහෝ දේ ඉටුකිරීමට Uber පියවර ගෙන ඇත. ශ්රී ලංකාවේ වසර 4 ක සේවා කාලයක් සම්පූර්ණ කරමින් Uber තම ඩිලිවරි සේවා හවුල්කරුවන් සහ ඔවුන්ගේ පවුල් වල යහපත වෙනුවෙන් ලබා දී ඇති දායකත්වය රු. මිලියන 3 ඉක්මවයි.
මේ වනවිට දෙවැනි අදියරටත් ක්රියාත්මක වන ‘Uber Delivery Scholar’ වැඩසටහන Uber ප්රජා සත්කාර අතර එක් ප්රධානතම වැඩසටහනි. ඩිලිවරි සේවා හවුල්කරුවන්ට සහ ඔවුන්ගේ දරුවන්ට අධ්යාපනික ඉලක්ක ළඟා කරගැනීමට අත්වැලක් වීමේ අරමුණින් මෙය ක්රියාත්මක වේ. Uber Delivery Scholar යටතේ ශිෂ්යත්ව මෙන්ම, දරුවන් වෙනුවෙන් වසරක කාලයක් සඳහා පාසල් ලිපිද්රව්ය ලබාදීම වැනි පරිත්යාගයන්ද සිදුකෙරෙන අතර ඊට අමතරව, නිසි සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන්ට ‘National Institute of Business Management’ (NIBM) හිදී සහතිකපත් පාඨමාලා හැදෑරීම සඳහා රු, 40,000 ක් වටිනා ශිෂ්යත්ව ප්රදානය කිරීමද සිදුකෙරේ.
සන්තෝසම් මුදල් වලින් ලැබෙන සවිය - ඔබ ලබාදෙන කුඩා සන්තෝසම් මුදල Uber රියදුරන්ට හා හවුල්කරුවන්ට කෙතරම් වැදගත්ද කියා ඔබ දන්නවාද? ඔබ ලබාදෙන සන්තෝසම් මුදල් 100% ක්ම ඔවුන් වෙතටම ලබාදෙන අතර, එය ඔවුන්ගේ සිහින සැබෑ කිරීමට සුළු හෝ අත්වැලක් විය හැකි බව මතක තබාගන්න. මෙවැනි යහපත් ක්රියාවන් තුළින් අපට එකම ශ්රී ලංකාවක් ලෙස එක්ව නැගී සිටීමට හැකිවනු ඇත.
October, 4, 2022
ඊයේ (2022 ඔක්තෝබර් 3) දින කොළඹ පැවති උත්සවයකදී එක්සත් රාජධානිය පදනම් කරගත් ප්රතිපත්ති පර්යේෂණ සංවිධානයක් වන Public First සංවිධානය විසින් Uber ආයතනයේ 2021 ශ්රී ලංකා ආර්ථික බලපෑම් වාර්තාව එළිදැක්වීය. එම විශ්ලේෂණයට අනුව, Uber සහ Uber Eats 2021 දී ශ්රී ලංකා ආර්ථිකයට රුපියල් බිලියන 81කින් දායක වී ඇති අතර, පාරිභෝගිකයින්, රියදුරන් සහ බෙදාහැරීමේ හවුල්කරුවන් මෙන්ම සමස්ථ සමාජයම මෙම ආර්ථික පරිවර්තනයට දායක වූ ආකාරය වාර්තාවෙන් පෙන්වා දී ඇත.
ප්රධාන ආරාධිත අමුත්තා ලෙස අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අවස්ථාවට සහභාගී වූ අතර ඊට අමතරව Uber ආයතනයේ ආසියා පැසිෆික් කලාපයේ රාජ්ය ප්රතිපත්ති සහ රාජ්ය සබඳතා පිළිබඳ ජ්යෙෂ්ඨ අධ්යක්ෂ මයික් ඔර්ගිල් මහතා, Uber ආයතනයේ ඉන්දියාව සහ දකුණු ආසියා කලාපීය මෙහෙයුම් අධ්යක්ෂ, ශිව ශෛලේන්ද්රන් මහතා, Uber Eats හි මෙරට කළමණාකාරිනී භාව්නා ඩඩ්ලනී ජයවර්ධන මහත්මිය ඇතුළු Uber ශ්රී ලංකා නායක කණ්ඩායම් සාමාජිකයින් සහ Uber Rides හි මෙරට කළමණාකාරිණී තනුෂිකා සිවනාදන් මෙනවිය යන පිරිස් සහභාගී විය.
අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ආර්ථික බලපෑම් වාර්තාව පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ මෙම මූල්ය ඒකාග්රතා කාල පරිච්ඡේදය තුළ සර්ව ආර්ථික ස්ථාවරත්වයට නියාමන පරිසරයක් සැපයීම සඳහා ඔවුන් කටයුතු කරන බැවින් ශ්රී ලංකාව මේ අවස්ථාවේදී හැරවුම් ලක්ෂ්යයක සිටින බවයි. එමෙන්ම Uber වැනි බහුජාතික සමාගම් ශ්රී ලාංකේය සමාජයට සම්බන්ධ වී, සැලකිය යුතු ආර්ථික බලපෑමක් ඇති කරමින් ජාතිය වැඩිදියුණු කිරීමට කරන කැපවීම ඔහු අගය කරන බවත් ඉදිරි වසර තුළදීත් ඔවුන්ගේ නොමසුරු දායකත්වය සමඟ අඛණ්ඩ සේවය රජය විසින් ඉහළින්ම බලාපොරොත්තු වන බවයි.
වාර්තාව පිළිබඳව අදහස් දක්වමින් Uber ආසියා පැසිෆික් කලාපීය රාජ්ය ප්රතිපත්ති සහ රාජ්ය සබඳතා පිළිබඳ ජ්යෙෂ්ඨ අධ්යක්ෂ මයික් ඔර්ගිල් මහතා පැවසුවේ Uber ආයතනය 2015 සිට ශ්රී ලංකාවේ ආර්ථික වර්ධනයේදී වැදගත් නියමුවෙක් වී සිටි නමුත් එම දායකත්වයේ සංඛ්යාත්මක ප්රමාණයක් පිළිබඳ ඔවුනට නිවැරදි අවබෝධයක් නොතිබූ බවයි. මෙම වාර්තාව මගින් රියදුරන්ට,බෙදාහැරීමේ හවුල්කරුවන්ට, පාරිභෝගිකයින්ට සහ සමස්තයක් ලෙස ආර්ථිකයට ඇති බලපෑම පළමු වරට පෙන්නුම් කරන බවත් එමඟින් නම්යශීලී රැකියා අවස්ථා වල වැදගත්කම පෙන්වාදෙන බවයි. එමෙන්ම පුළුල් විකල්පයන් සහ ඉල්ලුම පදනම් කරගෙන සේවා සපයන නිසා එමගින් ශ්රී ලංකා ආර්ථිකයට වටිනාකමක් නිර්මාණය වී ඇති බවයි. අවසාන වශයෙන් ඔහු ප්රකාශ කර සිටියේ මෙම වාර්තාව නිසා ශ්රී ලංකාවේ වර්ධනයට දායක වීම සඳහා අඛණ්ඩව වැඩ කිරීමට සහ ඔවුන්ගේ තාක්ෂණික ගෝලීය විශේෂඥතාව යෙදවීමට ඇති අරමුණ වෙන කවරදාටත් වඩා ශක්තිමත් වන බවයි.
මෙම වාර්තාව මඟින් ආර්ථික දායකත්වය පිටුපස ඇති සාධක, ක්ෂේත්රයේ ආරක්ෂාව සහ තිරසාරභාවය වැඩිදියුණු කිරීම පිළිබඳව ගැඹුරින් සොයා බලයි. Uber සහ Uber Eats යන වේදිකා දෙකම වෙනස්වන අවශ්යතා සපුරාලීම සඳහා අඛණ්ඩව පරිණාමය වී ඇති ආකාරය, කාලය ඉතිරි කර ගැනීම සඳහා තාක්ෂණය භාවිතා කිරීම, විකල්ප පරාසයක් සහ තෝරා ගැනීම් පහසු කිරීමේ යාන්ත්රණය, කුඩා ව්යාපාර සඳහා සහාය වීම සහ ශ්රී ලංකාවේ දහස් ගණන් රියදුරන් සහ බෙදාහැරීමේ හවුල්කරුවන් සඳහා නම්යශීලී ඉපැයීම් අවස්ථා ලබා දුන් ආකාරය පෙන්වා දෙයි.

වාර්තාවේ ප්රධාන සොයාගැනීම්:
ශ්රී ලංකා ආර්ථිකයට Uber ආයතනයේ දායකත්වය
වැඩි දියුණු කරන ලද කුඩා ව්යාපාර මගින් ඉල්ලුමට සරිලන සේවාව
රියදුරන් සහ බෙදාහැරීමේ පුද්ගලයින්ට නම්යශීලී වීම
පාරිභෝගික හැසිරීම් මඟින් අවස්ථා නිර්මාණය
ක්රමවේදය ඇතුළුව සම්පූර්ණ වාර්තාව ඔබට මෙතැනින් කියවිය හැක. here.
ආර්ථික සුබසාධනයේ වැදගත්ම පියවරයන්ගෙන් එකක් වන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් ස්වේච්ඡාවෙන් අත්හැරීමට ඔබ යමෙකුට ගෙවන මුදලයි. භාණ්ඩයක පාරිභෝගික අතිරික්තය ශුන්ය නම්, එයින් ඇඟවෙන්නේ අපට එය ගත හැකි හෝ අත්හැරිය හැකි බවයි. නමුත් ඉහළ පාරිභෝගික අතිරික්තයක් ඇති භාණ්ඩ අපගේ ජීවිත තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
September, 12, 2022
Uber සහ Robin Hood Army එක් වී, ශ්රී ලංකාවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ. Uber යනු ශ්රී ලංකාවේ ජනප්රියම ආහාරපාන හා ග්රොසරි භාණ්ඩ ඩිලිවරි සේවාවක් වන අතර, Robin Hood Army යනු අරමුදල් ලබා නොගන්නා ස්වේච්ඡා සංවිධානයකි. මෙම වැඩසටහන හරහා, කොළඹ ප්රදේශයේ දරිද්රතාවෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් වියළි ආහාර එක්රැස් කිරීම හා බෙදාදීම සිදුකෙරෙනු ඇත.
සැප්තැම්බර් මාසයේ සිට Uber Eats app හරහා මෙම වැඩසටහනට වියළි ආහාර ද්රව්ය කට්ටල පරිත්යාග කිරීමට පරිත්යාගශීලීන්ට අවස්ථාව හිමි වේ. කොළඹ නගරය තුළ පිහිටුවා ඇති RHA ස්වේච්ඡා මධ්යස්ථාන මගින් මෙම ආහාර ද්රව්ය එක්රැස් කෙරෙනු ඇත. පාරිභෝගිකයන්ගේ පරිත්යාගයන්ට සමාන වටිනාකමකින් යුත් වියළි ආහාර මෙම වැඩසටහනට පරිත්යාග කිරීමට Uber Eats ද කටයුතු කරනු ඇති අතර, ‘රොබින් වරුන්’ ලෙසින් හඳුන්වනු ලබන RHA ස්වේච්ඡා සාමාජිකයන් සෑම දිනකම එම ආහාර ද්රව්ය ජනතාව අතර බෙදාදෙනු ඇත.
“අපගේ සේවාවන් භාවිතා කරන ප්රජාවන් ඇතුළුව සමස්ත ශ්රී ලංකාවාසීන්ට අත්වැලක් වීමට අප කැපවී සිටිනවා. මේ දුෂ්කර කාලසීමාවේදී පීඩාවට පත්වී සිටින ජනතාව වෙනුවෙන් සහනයක් ලබාදීම සඳහා Robin Hood Army සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අප මහත් සතුටක්. ප්රෞඪ ශ්රී ලාංකිකයෙකු වශයෙන්, මෙම ප්රජා සත්කාරයට දායක වන ලෙසත්, මෙම අර්බුදයෙන් ගොඩ ඒමට රටට අවශ්ය ශක්තිය හැකි උපරිමයෙන් ලබාදෙන ලෙසත් මා සියලුම දෙනාගෙන් මහත් ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිනවා.” Uber Sri Lanka සාමාන්යාධිකාරී භාව්නා දද්ලානි ජයවර්ධන මහත්මිය පැවසුවා ය.
“මේ අභියෝගකාරී කාලසීමාවේදී Uber සමග ඇතිකරගත් හවුල්කාරීත්වය ඉතාමත් කාලෝචිත පියවරක් ලෙස මා දකිනවා. මෙමගින් පීඩිත ජනතාවට සහනයක් වීමට ශ්රී ලාංකිකයන්ගේ සාමූහික ශක්තිය භාවිතා කිරීමට පුළුවන්. රට තුළ අතිශයින් ජනප්රිය Uber Eats app ඔස්සේ සැලකිය යුතු පරිත්යාගයන් ප්රමාණයක් එක්රැස් කිරීමට අපට හැකි වනු ඇතැයි කියා අප සිතනවා. එලෙස පරිත්යාග කරනු ලබන වියළි ආහාර, ඒවා ලැබීමට සුදුසු ජනතාවට පරිත්යාග කිරීමට අපගේ නියෝජිතයන් කටයුතු කරාවි. මේ මොහොතේදී පීඩාවට පත්වී සිටින සහෝදර ජනතාවට අත්වැලක් වීමට පෙරට එන මෙන් මා ශ්රී ලාංකිකයන් සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.” Robin Hood Army සංවිධානයේ ශ්රී ලංකා ඒකකයේ ස්වේච්ඡා කණ්ඩායම් කළමනාකරණ ප්රධානී මොහොමඩ් හුසාම් හුසේන් මහතා පැවසී ය.
පරිත්යාග කළ හැක්කේ මොනවාද?
සහල්, පරිප්පු, සීනි, ටින් කළ ආහාර, කිරිපිටි, වියළි හල්මැස්සන් සහ ටින්මාළු ආදිය ඇතුළත් සම්මත ආහාර ද්රව්ය කට්ටල පරිත්යාග කළ හැක. රු. 1,000 සිට ඉහළට මෙම ආහාර ද්රව්ය කට්ටල මිල කර ඇති අතර, කොළඹ ප්රදේශයේ පිහිටි තෝරාගත් අලෙවිසැල් වලින් Uber Eats app හරහා ඒවා ඇණවුම් කළ හැකි වේ.
පරිත්යාග කරන ආකාරය

ආර්ථික අර්බුදයේ ප්රතිඵල දරුණු වූ මුල් කාලයේ සිටම Uber විවිධ ක්රම ඔස්සේ ශ්රී ලාංකිකයන්ට අත්වැලක් වීම සඳහා පියවර ගෙන තිබේ. මීට පෙරද අවලංගු කරන ලද ඇණවුම් පීඩාවට පත් පවුල් වෙත පරිත්යාග කිරීම සඳහා Uber සහ RHA එක්ව කටයුතු කර තිබේ. පසුගිය සතියේදී Uber මෙරට පීඩාවට පත් ජනතාවට වියළි ආහාර සහ අත්යවශ්ය ඖෂධ ලබාදීම සඳහා ශ්රී ලංකා රතුකුරුස සමාජයට ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක් පරිත්යාග කළේ ය.
Video Story