September, 12, 2022
Uber සහ Robin Hood Army එක් වී, ශ්‍රී ලංකාවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ. Uber යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ආහාරපාන හා ග්‍රොසරි භාණ්ඩ ඩිලිවරි සේවාවක් වන අතර, Robin Hood Army යනු අරමුදල් ලබා නොගන්නා ස්වේච්ඡා සංවිධානයකි. මෙම වැඩසටහන හරහා, කොළඹ ප්‍රදේශයේ දරිද්‍රතාවෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් වියළි ආහාර එක්රැස් කිරීම හා බෙදාදීම සිදුකෙරෙනු ඇත.
සැප්තැම්බර් මාසයේ සිට Uber Eats app හරහා මෙම වැඩසටහනට වියළි ආහාර ද්‍රව්‍ය කට්ටල පරිත්‍යාග කිරීමට පරිත්‍යාගශීලීන්ට අවස්ථාව හිමි වේ. කොළඹ නගරය තුළ පිහිටුවා ඇති RHA ස්වේච්ඡා මධ්‍යස්ථාන මගින් මෙම ආහාර ද්‍රව්‍ය එක්රැස් කෙරෙනු ඇත. පාරිභෝගිකයන්ගේ පරිත්‍යාගයන්ට සමාන වටිනාකමකින් යුත් වියළි ආහාර මෙම වැඩසටහනට පරිත්‍යාග කිරීමට Uber Eats ද කටයුතු කරනු ඇති අතර, ‘රොබින් වරුන්’ ලෙසින් හඳුන්වනු ලබන RHA ස්වේච්ඡා සාමාජිකයන් සෑම දිනකම එම ආහාර ද්‍රව්‍ය ජනතාව අතර බෙදාදෙනු ඇත.
“අපගේ සේවාවන් භාවිතා කරන ප්‍රජාවන් ඇතුළුව සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට අත්වැලක් වීමට අප කැපවී සිටිනවා. මේ දුෂ්කර කාලසීමාවේදී පීඩාවට පත්වී සිටින ජනතාව වෙනුවෙන් සහනයක් ලබාදීම සඳහා Robin Hood Army සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අප මහත් සතුටක්. ප්‍රෞඪ ශ්‍රී ලාංකිකයෙකු වශයෙන්, මෙම ප්‍රජා සත්කාරයට දායක වන ලෙසත්, මෙම අර්බුදයෙන් ගොඩ ඒමට රටට අවශ්‍ය ශක්තිය හැකි උපරිමයෙන් ලබාදෙන ලෙසත් මා සියලුම දෙනාගෙන් මහත් ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිනවා.” Uber Sri Lanka සාමාන්‍යාධිකාරී භාව්නා දද්ලානි ජයවර්ධන මහත්මිය පැවසුවා ය.
“මේ අභියෝගකාරී කාලසීමාවේදී Uber සමග ඇතිකරගත් හවුල්කාරීත්වය ඉතාමත් කාලෝචිත පියවරක් ලෙස මා දකිනවා. මෙමගින් පීඩිත ජනතාවට සහනයක් වීමට ශ්‍රී ලාංකිකයන්ගේ සාමූහික ශක්තිය භාවිතා කිරීමට පුළුවන්. රට තුළ අතිශයින් ජනප්‍රිය Uber Eats app ඔස්සේ සැලකිය යුතු පරිත්‍යාගයන් ප්‍රමාණයක් එක්රැස් කිරීමට අපට හැකි වනු ඇතැයි කියා අප සිතනවා. එලෙස පරිත්‍යාග කරනු ලබන වියළි ආහාර, ඒවා ලැබීමට සුදුසු ජනතාවට පරිත්‍යාග කිරීමට අපගේ නියෝජිතයන් කටයුතු කරාවි. මේ මොහොතේදී පීඩාවට පත්වී සිටින සහෝදර ජනතාවට අත්වැලක් වීමට පෙරට එන මෙන් මා ශ්‍රී ලාංකිකයන් සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.” Robin Hood Army සංවිධානයේ ශ්‍රී ලංකා ඒකකයේ ස්වේච්ඡා කණ්ඩායම් කළමනාකරණ ප්‍රධානී මොහොමඩ් හුසාම් හුසේන් මහතා පැවසී ය.
පරිත්‍යාග කළ හැක්කේ මොනවාද?
සහල්, පරිප්පු, සීනි, ටින් කළ ආහාර, කිරිපිටි, වියළි හල්මැස්සන් සහ ටින්මාළු ආදිය ඇතුළත් සම්මත ආහාර ද්‍රව්‍ය කට්ටල පරිත්‍යාග කළ හැක. රු. 1,000 සිට ඉහළට මෙම ආහාර ද්‍රව්‍ය කට්ටල මිල කර ඇති අතර, කොළඹ ප්‍රදේශයේ පිහිටි තෝරාගත් අලෙවිසැල් වලින් Uber Eats app හරහා ඒවා ඇණවුම් කළ හැකි වේ.
පරිත්‍යාග කරන ආකාරය

ආර්ථික අර්බුදයේ ප්‍රතිඵල දරුණු වූ මුල් කාලයේ සිටම Uber විවිධ ක්‍රම ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ට අත්වැලක් වීම සඳහා පියවර ගෙන තිබේ. මීට පෙරද අවලංගු කරන ලද ඇණවුම් පීඩාවට පත් පවුල් වෙත පරිත්‍යාග කිරීම සඳහා Uber සහ RHA එක්ව කටයුතු කර තිබේ. පසුගිය සතියේදී Uber මෙරට පීඩාවට පත් ජනතාවට වියළි ආහාර සහ අත්‍යවශ්‍ය ඖෂධ ලබාදීම සඳහා ශ්‍රී ලංකා රතුකුරුස සමාජයට ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක් පරිත්‍යාග කළේ ය.