November, 9, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3ෘ, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේදී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාකාර අධ්යක්ෂ ජානක ෆොන්සේකා මහතා, විෂන් කෙයා හි සාමාන්යාධිකාරී හර්ෂ මධුරංග මහතා සහ විෂන් කෙයා හි මූල්ය සාමාන්යාධිකාරී හිරන්ති පෙරේරා මහත්මිය ඇතුළු විෂන් කෙයා කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගි වන ලදී.
මෙරට ප්රමුඛ පෙළේ රෝහල් ජාලයක් වන මෙඩිහෙල්ප් රෝහල් ජාලය අක්ෂි ශල්ය වෛද්ය උපදේශන සේවාද ඇතුළුව පුළුල් පරාසයක සෞඛ්ය සේවා සපයයි. මෙඩිහෙල්ප් රෝහල් ජාලයේ අක්ෂි සෞඛ්ය සේවා වැඩිදියුණු කිරීම සඳහා විෂන් කෙයා ආයතනය මෙඩිහෙල්ප් රෝහල් ජාලය සමඟ සහයෝගීතාවයකට එළඹී ඇති අතර රට පුරා පිහිටි මෙඩිහෙල්ප් රෝහල් වෙත සිය සේවාවන් ලබා දීමට බලාපොරොත්තු වෙයි.
වඩා ඉඩකඩ සහිතව පිහිටා ඇති මෙම නව ශාඛාව හරහා අතුරුගිරිය ප්රදේශයේත් ඒ අවටත් සිටිනා සියළුම පාරිභෝගිකයන් හට ඉහළ තත්ත්වයේ අක්ෂි රෝග පරීක්ෂණ සේවා, සහ ශ්රවන පරීක්ෂණ ලබා ගැනීමට හැකි වනු ඇත. වේ. විෂන් කෙයා හි මනා පුහුණුව ලත්, ඉහළ පළපුරුද්දක් ඇති වෘත්තීයවේදීන් විසින් ප්රවීණ ලෙස හසුරුවනු ලබන අති නවීන අක්ෂි සත්කාර උපකරණ වලින්ද මෙම ශාඛාව සමන්විතය. ඍ්හ-ඊ්බල ඪදටමැල ක්්රරුර්ල ෑපචදරසද ්රප්බසල ඔදපපහ ්යසකසෙටැර වැනි ජාත්යන්තර සන්නාම රැසක් යටතේ අවශ්යතාවයට ගැළපෙන ලෙස විවිධ රටාවේ, නවීන මාදිලියේ, විවිධ හැඩයේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි, අක්ෂි කාච මෙන්ම ශ්රවණාධාරක ද මෙම නව අතුරුගිරිය ශාඛාව මඟින් ලබා ගැනීමට හැකියාව තිබේ.
වසර 30ක් පුරාවට ශ්රී ලාංකික අක්ෂි සෞඛ්ය ක්ෂේත්රයේ උසස් තාක්ෂණය උපයෝගී කරගත් නවීන යන්ත්රෝපකරණ භාවිතා කරන පුරෝගාමියා ලෙසින් විෂන් කෙයා ආයතනය සෑම විටම සිය පාරිභෝගිකයන් හට ඉහළ තත්ත්වයේ අක්ෂි සහ ශ්රවණ සත්කාර සේවා ලබාදීමට කටයුතු කරයි. සෑම විෂන් කෙයා ශාඛාවකින්ම ඔබට ලොව ප්රචලිත ඇස් කණ්ණාඩි, අක්ෂි කාච සහ අව් කණ්ණාඩි සන්නාම ඉතාම පහසු මිල ගණන් යටතේ මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.

ඡායාරූප ශීර්ෂ පාඨය - විෂන් කෙයා හි කළමනාකාර අධ්යක්ෂ ජානක ෆොන්සේකා මහතා, විෂන් කෙයා හි සාමාන්යාධිකාරී හර්ෂ මධුරංග මහතා සහ විෂන් කෙයා හි මූල්ය සාමාන්යාධිකාරී හිරන්ති පෙරේරා මහත්මිය විසින් නව ශාඛාව විවෘත කරන අවස්ථාව
July, 28, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය යටතේ ඇති අධ්යාපන ආයතනය වන විෂන් කෙයා ඇකඩමිය, සිය දෘෂ්ටිමිතික දිනය සහ 12 වැනි වාර්ෂික විද්යාත්මක සැසිය ”සුපැහැදිලි දැක්මක් නව්යකරණය වූ ලොවක්”යන තේමාව යටතේ පසුගියදා මවුන්ට් ලෝටස් රෝහල් පරිශ්රයේදී සාර්ථකව නිම කරන ලදී.
මෙම අවස්ථාවට ප්රධාන ආරාධිත අමුත්තා ලෙසින් වශයෙන් ශ්රී ලංකා ජාතික අක්ෂි රෝහලේ අක්ෂි විශේෂඥ වෛද්ය මානෙල් පැස්කුවල් මහත්මිය සහ සහ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙසින් ශ්රී ලංකා තෘතීයික හා වෘත්තීය අධ්යාපන කොමිෂන් සභාවේ සභාපති උදේනි වික්රමාරච්චි මහතා සහභාගී විය. විෂන් කෙයා ඇකඩමිය විසින් වාර්ෂිකව මෙම උත්සවය සංවිධානය කරනු ලබන්නේ දෘෂ්ටි විද්යාව සහ ශ්රවණ සත්කාර ක්ෂේත්රය පිළිබඳ සිසුන්ගේ දැනුම වර්ධනය කිරීම, පර්යේෂණ අධ්යයන කටයුතු සඳහා ඔවුන් දිරිමත් කිරීම සහ දැනුම හුවමාරු කර ගැනීමටයි. එමෙන්ම මෙම සැසිය විෂන් කෙයා ඇකඩමියෙහි නිල සහතික පත් ප්රදානෝත්සවය වන අතර විෂන් කෙයා ඇකඩමිය හරහා පාඨමාලා සාර්ථකව නිම කළ සිසුන් සඳහා සහතික පත් ප්රදානය කිරීම ද සිදු කරන ලදී.
සමාරම්භක ප්රධාන දේශනය පවත්වන ලද්දේ කොළඹ විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයේ මහාචාර්ය, අක්ෂි ශල්ය වෛද්ය මධුවන්ති දිසානායක මහත්මිය විසිනි. ඉන් අනතුරුව, දෘෂ්ටි විද්යාව සහ ශ්රවණ සත්කාර ක්ෂේත්රයට අදාළ විවිධ මාතෘකා යටතේ අධ්යාපනික සැසිවාරයන් කීපයක්ම පවත්වන ලදී. පළමු වන සැසිවාරයේ දී අක්ෂි රෝග විනිශ්චය පිළිබඳව හරවත් දේශනයක් අක්ෂි විශේෂඥ උපදේශක වෛද්ය ඞී.ආර්.ආර්. කොඩිකාර විසින් පවත්වන ලද අතර වෛද්ය අරුණ ප්රනාන්දු, Essilor ඉන්දියා පුද්ගලික සමාගමෙහි අනන්ත් ලක්ෂ්මි, ශල්ය වෛද්ය විශේෂඥ සංජීවනී රූපසිංහ වැනි වූ විශේෂඥ කථිකයන් විසින් දේශනයන් පවත්වන ලදී.
විෂන් කෙයා ඇකඩමියේ සිසුන් 34 දෙනෙකුට සහතික පත් ප්රදානය කෙරුණු අතර පර්යේෂණ අංශ කිහිපයක් සඳහා සිසුන් කිහිප දෙනෙකුට සම්මාන පිරිනමන ලදී. පර්යේෂණ අංශ කිහිපයකින් පුද්ගලයන් කිහිප දෙනෙකුම සම්මාන ලබා ගත්හ. සම්මානලාභීන් වූයේ චානුරා මහින්දපාල - හොඳම වාචික ඉදිරිපත් කිරීම (ජ්යෙෂ්ඨ) චන්ද්රමෝහන් තිලක්ෂණා - හොඳම වාචික ඉදිරිපත් කිරීම (කනිෂ්ඨ/DOP), ප්රමෝද්යා තත්සරණි - හොඳම වාචික ඉදිරිපත් කිරීම (කනිෂ්ඨ/COA) රවිඳු දේශාන් - හොඳම වාචික ඉදිරිපත් කිරීම (කනිෂ්ඨ/CVT) කාවින්දි සිල්වා - හොඳම වාචික ඉදිරිපත් කිරීම (CDO) රවිඳු දේශාන් - වසරේ හොඳම පර්යේෂණය, අමිල චන්ද්රසේකර - වසරේ හොඳම පෝස්ටරය, සුරේෂ් සුලක්ෂන් - වසරේ හොඳම නවෝත්පාදනය, ධාරුන්නියා කොමලසේවරන් - හොඳම පර්යේෂණ ඉදිරිපත් කිරීම-ශ්රව්ය විද්යාව සහ ඈන් සුරේනි - හොඳම පෝස්ටරය-ශ්රව්ය විද්යාව.
මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් විෂන් කෙයා ඇකඩමියේ ප්රධානී විද්යා ජයරත්න ප්රකාශ කළේ, ”පසුගිය වසරේ මාර්ගගත ක්රමයට සිදුකෙරුණු දෘෂ්ටිමිතික දිනය සහ වාර්ෂික විද්යාත්මක සැසිය මෙම වසරේ දී මේ ආකාරයෙන් සැමරීමට ලැබීම සම්බන්ධයෙන් අපි සතුටුට පත් වෙනවා. ඇකඩමියේ සිසුන් සහ කාර්ය මණ්ඩලය මෙම උත්සවය සැමවිටම ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව සිදු කිරීමට දැඩි කැපවීමකින් කටයුතු කළා. ශ්රී ලංකාවේ අක්ෂි සහ ශ්රවණ සත්කාර ක්ෂේත්රවල දැනුම ඉහළ නැංවීමට අපගේ කාර්යභාරය ඉටු කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වන අතර අනාගතයේදීත් එය එලෙසින්ම සිදුකිරීමට අපි උත්සාහ දරනවා.”
සිය කාර්ය මණ්ඩලය පුහුණු කිරීම උදෙසා 2008 දී මෙහෙයුම් ආරම්භ කරන ලද විෂන් කෙයා ඇකඩමිය, පසුව අක්ෂි ආරක්ෂණ සෞඛ්ය ක්ෂේත්රයේ වෘත්තීයවේදීත්වය අපේක්ෂා කරන ඕනෑම අයෙකුට අධ්යාපනික සහය ලබාදීම සඳහා සිය සේවාවන් පුළුල් කරන ලදී. ශ්රී ලංකා තෘතියික සහ වෘත්තීය අධ්යපන කොමිෂන් සභාවේ (TVEC) අධීක්ෂණය යටතේ අක්ෂි සහ ශ්රවණ සත්කාර පිළිබඳ පූර්ණ කාලීන පාඨමාලා 4ක් පවත්වයි. ඒවා නම් දෘෂ්ටි විශේෂඥ සහායක සහතික පත්ර වැඩසටහන (COA) ශ්රවණමිතික සහතිකපත්ර පාඨමාලාව (CAD) දෘෂ්ටි විශේෂඥ සහතිකපත්ර (CDO) සහ දෘෂ්ටිමිතික ඩිප්ලෝමා පාඨමාලාව (DOP) විෂන් කෙයා ඇකඩමිය ඉන්දියාවේ දෘෂ්ටිමිතික විද්යාල සහ පාසල් සංගමයේ Schools and Colleges of Optometry (ASCO) පූර්ණ කාලීන සාමාජිකයෙකු වන අතර ලෝක දෘෂ්ටි විද්යාව පිළිබඳ කවුන්සිලයේ (World Council of Optometry) ලියාපදිංචියද ලබාගෙන ඇත.



June, 10, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය, තම පාරිභෝගිකයින්ගේ පහසුව වෙනුවෙන් ප්රමුඛ පෙළේ බැංකු සහ ගෙවීම් වේදිකා කිහිපයක් සමඟ එක්වී පහසු ගෙවීමේ සැලසුම් හඳුන්වා දෙයි.
විෂන් කෙයා ආයතනය, ප්රමුඛ පෙළේ බැංකු සමඟ එක්වී හඳුන්වා දෙන ලද මෙම පහසු ගෙවීමේ සැලසුම් හරහා පාරිභෝගිකයින්ට ඇස් කණ්නාඩි සහ අව් කණ්ණාඩි මිලදී ගෙන එය මාසික ගෙවීම් වාරික 3, 6 හෝ 12ක් ඇතුලත දී පියවිය හැකිය. මෙම විශේෂ ක්රෙඩිට් කාඞ් දීමනා ජුනි මස 30 වනදා දක්වා වලංගු වන අතර දිවයින පුරා පිහිටි සියලූම විෂන් කෙයා ශාඛාවලින් මෙම පහසු ගෙවීමේ ක්රම යටතේ මිලදී ගැනීම සිදු කළ හැකිය.
සියලූම විෂන් කෙයා ශාඛා අති නවීන උපකරණ භාවිතා කරමින්, මනා පුහුණුවක් ලැබූ පළපුරුදු දෘෂ්ටි විශේෂඥයින් කණ්ඩායමක් හරහා, ජාත්යන්තර මට්ටමේ නිෂ්පාදන සහ සේවා පාරිභෝගිකයන් වෙත සපයනු ලබයි. මේ වන විට, විෂන් කෙයා වෙතින් සෑම ජීවන රටාවකටම ගැලපෙන පරිදි ජාත්යන්තර සන්නාම රැසක් යටතේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි, අක්ෂි කාච, වෙනත් දෘශ්ය නිෂ්පාදන සහ ශ්රවණාධාර විවිධ මිල ගණන් යටතේ ලබා ගැනීමේ හැකියාව පවතී. ඍ්හ-ඊ්බල ඪදටමැල ෑපචදරසද ්රප්බසල ඡුදකද ඍ්කචය ඛ්මරුබ වැනි තවත් බොහෝ ජාත්යන්තර සන්නාම රැසක් යටතේ අවශ්යතාවයට ගැළපෙන ලෙස විවිධ රටාවේ, නවීන මාදිලියේ, විවිධ හැඩයේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි ඕනෑම විෂන් කෙයා ශාඛාවක් මඟින් ලබා ගැනීමේ හැකියාව තිබේ. ජාත්යන්තර වශයෙන් පිළිගත් හොඳම ඇස් කණ්ණාඩි වර්ග දේශීය වෙළෙඳපොළට හඳුන්වාදීමේ පුරෝගාමිත්වයට අමතරව විෂන් කෙයා විසින් උසස් තත්ත්වයේ අක්ෂි පරීක්ෂණ මෙන්ම ශ්රවණ පරීක්ෂණ ද පිරිනමයි.
Video Story