October, 26, 2022
ශ්රී ලංකාවේ නවතම අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහල වන මවුන්ට් ලෝටස් රෝහල, ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනයට සමගාමීව සංවිධානය කරන ලද සෞඛ්ය කඳවුර පසුගියදා ගල්කිස්ස රෝහල් පරිශ්රයේදී සාර්ථකව නිමාවට පත්විය.
මවුන්ට් ලෝටස් රෝහලේ පළපුරුදු සෞඛ්ය සේවා කාර්ය මණ්ඩලය විසින් නොමිලේ පවත්වන ලද මෙම සෞඛ්ය කඳවුරේදී ළමුන් සහ වැඩිහිටියන් 500 කට අධික ප්රමාණයකගේ අක්ෂි සහ ශ්රවණ පරීක්ෂාවන් සිදු කරන ලදී. මූලික අක්ෂි සහ ශ්රවණ පරීක්ෂණ වලට අමතරව, වැඩිහිටියන්ගේ රුධිරයේ සීනි, රුධිර පීඩනය සහ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) ද පරීක්ෂා කරන ලද අතර පසුව සෞඛ්ය සම්පන්න ජීවන රටාවක් ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව වෛද්ය උපදෙස්ද ලබා දුන්නේය. මූලික අක්ෂි පරීක්ෂණයට ලක්වූ ළමුන් අතරින් වැඩිදුර අක්ෂි පරීක්ෂණ අවශ්ය වූ ළමුන් පනස් දෙනෙකු සඳහා මවුන්ට් ලෝටස් රෝහලේ විශේෂඥ අක්ෂි වෛද්යවරුන්ගෙන් නොමිලේ අක්ෂි උපදේශන ලබා ගැනීමට අවස්ථාව හිමි වුනි. එදින රෝගීන්ට ඇස් කණ්ණාඩි සහ ශ්රවණ උපකරණ සඳහා විශේෂ වට්ටම් ද ලබා ගත හැකි විය.
මවුන්ට් ලෝටස් රෝහලේ සාමාන්යාධිකාරී වෛද්ය සමන් පී බස්නායක මහතා ප්රකාශ කළේ, "පසුගිය වසරේ රෝහල නිල වශයෙන් විවෘත කළ දා සිටම රෝගීන්ට ගුණාත්මක අක්ෂි සහ ශ්රවණ ප්රතිකාර ලබාදීමට අපි උත්සාහ කළා. ලෝක ළමා හා වැඩිහිටි දිනය වෙනුවන් සංවිධානය කළ මෙම සෞඛ්ය කඳවුර සඳහා සිය ගණනක් කුඩා දරුවන් සහ වැඩිහිටියන් පැමිණීම ගැන අපි සතුටු වනවා. ඒ වාගේම මෙම සෞඛ්ය කඳවුර සාර්ථකව පැවැත්වීමට සහාය දැක් වූ අපගේ කාර්ය මණ්ඩලයට මම ස්තූතිය පුද කරනවා”
අංක 102, ගාලූ පාර, ගල්කිස්ස, පිහිටා ඇති මවුන්ට් ලෝටස් රෝහල, දේශීය සහ විදේශීය රෝගීන් සඳහා ජාත්යන්තර මට්ටමේ අක්ෂි සහ උගුර, කන, නාසය ආශි්රත වෛද්ය විසඳුම් ලබා දීම සඳහා කැප වූ විශේෂිත රෝහලකි. ඕනෑම ආකාරයක අක්ෂි සහ උගුර, කන, නාසය ආශි්රත ආබාධයක් සඳහා වෛද්ය සහ ශල්ය විසඳුම් ලබා දීමට නවීන තාක්ෂණයන් සහ ඉහළ පිළිගැනීමක් ඇති වෛද්ය මණ්ඩලයකින් රෝහල සමන්විත වේ. රෝගීන් හොඳින් රැකබලා ගැනීම සඳහා වසර ගණනක පළපුරුද්ද ඇති, ඉහළ සුදුසුකම් ලත්, මිත්රශීලී සහායක කණ්ඩායමක්ද රෝහල සතු වෙයි. නවීන තාක්ෂණික උපකරණ භාවිතා කරමින්, ඉහළ ගුණාත්මක සත්කාරයක් සමඟින් පුළුල් පරාසයක අක්ෂි සහ උගුර, කන, නාසය ආශි්රත ප්රතිකාර සේවාවන් රැසක් රෝගීන්ට ලබා දීමට ඔවුන්ට හැකි වේ.


October, 5, 2022
SLT-MOBITEL විසින් ලෝක ළමා දිනය සැමරීම සඳහා සංවිධානය කරන ලද විශේෂ විනෝද වැඩසටහනක් පසුගියදා මෝදර මුතුවැල්ල ක්රීඩාංගණයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට මෝදර සහ ඒ අවට ප්රදේශවල ළමුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී විය.
මෙහිදී, චිත්ර තරඟ, e- Sports, මැජික් සන්දර්ශන, නාට්ය සහ අධ්යාපනික වැඩසටහන් ඇතුළු ක්රියාකාරකම්වල නිරත වීමට දරුවන්ට අවස්ථාව උදා විය. තව ද, SLT-MOBITEL eChannelling සේවාව හරහා වැඩිහිටියන් සඳහා නොමිලේ වෛද්ය පරීක්ෂණ පහසුකම් සැපයීමට ද සමාගම කටයුතු කරන ලදී.
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වන, SLT-MOBITEL අනාගත පරපුර තුළ යහපත් පුරුදු ඇති කිරීමට මෙන්ම ඔවුන්ගේ කුසලතා වැඩිදියුණු කරමින් ඔවුන් ජාතියට සම්පතක් බවට පත් කිරීමට කැපවී සිටී.

October, 4, 2022
කවදත් දැයේ දරුවන්ට හොඳම දේ දායාද කරන හැටන් නැෂනල් බැංකුව Giftober මාසය සමඟින් ඔක්තෝම්බර් 1 වනදාට යෙදුන ලෝක ළමා දිනයට සමගාමීව දරුවන්ගේ කුසලතා හා නිර්මාණශීලීත්වය අගයන අතරතුර ඔවුන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කිරීම හා දිරිමත් කිරීමේ අරමුණ ද පෙරදැරිව ආකර්ෂණීය තෑගි හා ප්රතිලාභ රැසක් රැගෙන දීප ව්යාප්ත HNB ශාඛාවල ලෝක ළමා දිනය උත්කර්ෂවත් ලෙස සැමරනු ලැබීය.
මේ වෙනුවෙන් HNB විසින් සංවිධානය කළ ප්රධාන සැමරුම් උත්සවයක් මහරගම HNB පාරිභෝගික ඒකකයේදී HNB කළමනාකාර අධ්යක්ෂක/ප්රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
ආරාධිත සිඟිති ගිණුම් හිමියන් 4000 ක් සහ ඔවුන්ගේ දෙමාපියන් දිවයින පුරා විහිදී ඇති HNB පාරිභෝගික ඒකක 40 ක් වෙත කැඳවා ඔවුන් සමඟ ලෝක ළමා දිනය සමරන්නට බැංකුව මෙවර කටයුතු කර තිබූ අතර එදිනට සහභාගී වූ දරුවන් වෙනුවෙන් විනෝදජනක කී්රඩා ඇතුළු විවිධාංග රැසක් සූදානම් තිබුණි.
සෑම විටම ගනුදෙනුකාරභවතුන්ට උපරිම ප්රතිලාභ ලබා දීමේ හැටන් නැෂනල් බැංකුවේ දැක්ම අනුව යමින් මෙම වසරේ Giftober වැඩසටහන හරහා සෑම සිඟිති ගිණුම්හිමි දරුවෙකුටම ජම්බෝ පෑන් රඳවන, පාසල් උපකරණ කට්ටල සහ ජම්බෝ කැට ඇතුළුව රුපියල් 100,000ක් දක්වා වූ තෑගි වවුචර ආදී ආකර්ෂණීය ත්යාග ලබා ගැනීමේ අවස්ථාව සලසා තිබෙනවා. 2022 සැප්තැම්බර් 30 වනදා සිට දින 60 ක් පුරාවට මෙම වැඩසටහන සෑම HNB පාරිභෝගික ඒකකයකදීම ක්රියාත්මක වන අතර අවුරුදු 16 ට අඩු සෑම දරුවෙකුටම මෙම ත්යාග ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා.
මෙවැනි වැඩසටහන් හරහා දරුවන්ට විනෝද වීමට මෙන්ම ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් හා කුසලතා වැඩිදියුණු වන අතරම ඔවුන් තුළ ආත්මවිශ්වාසය, ඉදිරිපත් වීමේ හැකියාව සහ සමාජානුයෝජනය වැනි ගුණාංග වර්ධනය වෙයි. සැමදා දරුවන්ට හොඳම දේ තිළිණ කිරීමේ වගකීම මැනවින් තේරුම්ගත් HNB බැංකුව දැයේ දරු පරපුරට දීප්තිමත් අනාගතයක් උදා කරදීම වෙනුවෙන් ඇප කැපවී සිටී.
්යභඊ කළමනාකාර අධ්යක්ෂක/ප්රධාන විධායක නිළධාරී, ජොනතන් අලස්, HNB ප්රධාන මෙහෙයුම් නිළධාරී, දිල්ෂාන් රොද්රිගෝ හා HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී, සන්ජේ විජේමාන්න යන මහත්වරුන් ඇතුළු ජ්යෙෂ්ඨ නිළධාරීන් දීප ව්යාප්ත HNB ශාඛාවල පැවති ලෝක ළමා දින සැමරුම් උත්සවවලට සහභාගී වූ අයුරු.
Video Story