• Ada Derana BIZ Sinhala
  • HNB
  • sri lanka
  • World Children's Day

දරුවන්ට හොඳම දේ දායාද කරන HNB මෙවරත් උත්කර්ෂවත් ලෙස ලෝක ළමා දිනය සමරයි

October, 4, 2022

කවදත් දැයේ දරුවන්ට හොඳම දේ දායාද කරන හැටන් නැෂනල් බැංකුව Giftober මාසය සමඟින් ඔක්තෝම්බර් 1 වනදාට යෙදුන ලෝක ළමා දිනයට සමගාමීව දරුවන්ගේ කුසලතා හා නිර්මාණශීලීත්වය අගයන අතරතුර ඔවුන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කිරීම හා දිරිමත් කිරීමේ අරමුණ ද පෙරදැරිව ආකර්ෂණීය තෑගි හා ප‍්‍රතිලාභ රැසක් රැගෙන දීප ව්‍යාප්ත HNB ශාඛාවල ලෝක ළමා දිනය උත්කර්ෂවත් ලෙස සැමරනු ලැබීය.

මේ වෙනුවෙන් HNB විසින් සංවිධානය කළ ප‍්‍රධාන සැමරුම් උත්සවයක් මහරගම HNB පාරිභෝගික ඒකකයේදී HNB කළමනාකාර අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

ආරාධිත සිඟිති ගිණුම් හිමියන් 4000 ක් සහ ඔවුන්ගේ දෙමාපියන් දිවයින පුරා විහිදී ඇති HNB පාරිභෝගික ඒකක 40 ක් වෙත කැඳවා ඔවුන් සමඟ ලෝක ළමා දිනය සමරන්නට බැංකුව මෙවර කටයුතු කර තිබූ අතර එදිනට සහභාගී වූ දරුවන් වෙනුවෙන් විනෝදජනක කී‍්‍රඩා ඇතුළු විවිධාංග රැසක් සූදානම් තිබුණි.

සෑම විටම ගනුදෙනුකාරභවතුන්ට උපරිම ප‍්‍රතිලාභ ලබා දීමේ හැටන් නැෂනල් බැංකුවේ දැක්ම අනුව යමින් මෙම වසරේ Giftober වැඩසටහන හරහා සෑම සිඟිති ගිණුම්හිමි දරුවෙකුටම ජම්බෝ පෑන් රඳවන, පාසල් උපකරණ කට්ටල සහ ජම්බෝ කැට ඇතුළුව රුපියල් 100,000ක් දක්වා වූ තෑගි වවුචර ආදී ආකර්ෂණීය ත්‍යාග ලබා ගැනීමේ අවස්ථාව සලසා තිබෙනවා. 2022 සැප්තැම්බර් 30 වනදා සිට දින 60 ක් පුරාවට මෙම වැඩසටහන සෑම HNB පාරිභෝගික ඒකකයකදීම ක‍්‍රියාත්මක වන අතර අවුරුදු 16 ට අඩු සෑම දරුවෙකුටම මෙම ත්‍යාග ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා.

මෙවැනි වැඩසටහන් හරහා දරුවන්ට විනෝද වීමට මෙන්ම ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් හා කුසලතා වැඩිදියුණු වන අතරම ඔවුන් තුළ ආත්මවිශ්වාසය, ඉදිරිපත් වීමේ හැකියාව සහ සමාජානුයෝජනය වැනි ගුණාංග වර්ධනය වෙයි. සැමදා දරුවන්ට හොඳම දේ තිළිණ කිරීමේ වගකීම මැනවින් තේරුම්ගත් HNB බැංකුව දැයේ දරු පරපුරට දීප්තිමත් අනාගතයක් උදා කරදීම වෙනුවෙන් ඇප කැපවී සිටී.

්‍යභඊ කළමනාකාර අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස්, HNB ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, දිල්ෂාන් රොද්‍රිගෝ හා HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් දීප ව්‍යාප්ත HNB ශාඛාවල පැවති ලෝක ළමා දින සැමරුම් උත්සවවලට සහභාගී වූ අයුරු.