• Ada Derana BIZ Sinhala
  • DIMO
  • sri lanaka
  • WorldEnvironmentDay2022

DIMO පාරිසරික තිරසාරභාවය හා සාගර පරිසර ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව කැපවෙයි

June, 22, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ  විවිධාංගීකරණය  වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමාගම, ගොඩබිම ජීවත් වන ජීවීන්ගේ මෙන්ම ජලජ ජීවීන්ගේ ද පැවැත්ම කෙරෙහි අවධානය යොමු කරමින් නිර්මාණය කර ඇති එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයන්ට (SDGs)  සමගාමීව සාගර  පරිසර ආරක්ෂණ වැඩසටහන් රැසක් ක්‍රියත්මක කරයි. තිරසාර අනාගතයක් ගොඩනැංවීම උදෙසා සාගර පරිසරය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින් DIMO, ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘති මාලාව සමඟ තවත් සංවිධාන රැසක් අත් වැල් බැඳ ගෙන ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා ප්‍රකාශ කළේ මෙවැන්නකි. "පරිසරය හා ජෛව විවිධත්වය සුරැකීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට DIMO නිරතුරුවම ප්‍රමුඛත්වය ලබා දෙනවා.මෙම ව්‍යාපෘති හරහා ඒ අවට ජනතාවගේ සිහින හා අභිලාෂ බලගැන්වීමට සහයෝගය ලබා දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්ව   නඟාසිටුවීම මෙන්ම අපගේ අනාගත පරපුර වෙනුවෙන් සමුද්‍රීය පරිසරය සුරැකීමටත් අප කැප වී සිටිනවා. "

2012 වසරේ දී කැස්බෑ සංරක්ෂණය වෙනුවෙන් ‘පානම ව්‍යාපෘතිය’ දියත් කරමින්  DIMO සමාගම ප්‍රථම වරට සාගර සංරක්ෂණ වැඩසටහන් සඳහා අවතීර්ණ විය. ගෝලීය මට්ටමින් සාගර පරිසර පද්ධතීන් තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන මුහුදු කැස්බෑවන් නීති විරෝධී ලෙස වෙළෙඳාම හා දේශගුණික විපර්යාස වැනි  තර්ජන නිසා විනාශ වීම අද වන විට ප්‍රධාන ගැටලුවක් බවට පත් වී තිබේ. මෙසේ වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු කැස්බෑ විශේෂයන් හා ඔවුන්ගේ වාසස්ථාන සංරක්ෂණය කිරීමට කඩිනම් පියවර නොගතහොත් ඔවුන් වඳ වී යාම වැළැක්විය නොහැකිය.

ඔලිව් රිඩ්ලි (90%), කොළ කැස්බෑවන් (5%) හා ලොගර්හෙඩ් කැස්බෑවන් (5%) ගේ සුප්‍රසිද්ධ වාසභූමියක් වන පානම  සිට ඔකඳ දක්වා වූ ප්‍රදේශය ආශ්‍රිතව ඉහත සඳහන් ගැටලුකාරී තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර, එය වැලැක්වීම සඳහා  DIMO සමාගම,  වනජීවී හා සාගර සම්පත් සංරක්ෂණායතනය (WORC) සමඟ එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් කැස්බෑ පැටවුන් 150,000කට වැඩි ප්‍රමාණයක් ජලය වෙත මුදා හැරීමට මේ වන විට කටයුතු කර ඇත. මෙම ව්‍යාපෘතියේ දී මුලින් ම අනතුරුදායක සතුන්ගෙන් කැස්බෑ බිත්තර ආරක්ෂා කර ගැනීම සඳහා DIMO මූලිකත්වයෙන් සුවිශේෂී කැස්බෑ කොටු නිර්මාණය කෙරුණු අතර, එහි ආරක්ෂාව වැඩිකිරීම සඳහා කැස්බෑ පැටවුන්ට පිටතට පැමිණිය නොහැකි ලෙස එය සම්පූර්ණයෙන් ම ආවරණය කෙරිණි. එමෙන් ම කැස්බෑ බිත්තර රැක බලා ගැනීම සඳහා DIMO සමාගම, පත් කර ඇති අදාළ ප්‍රදේශයේ ම ජීවත් වන සාමාජිකයින්ට ස්ථාවර වැටුපක් ලබා දීම ද විශේෂිතය. ඊට අමතරව තවත් පියවරක් ඉදිරියට තබමින් කැස්බෑ කොටු ආරක්ෂා කර ගැනීම හා ඒ සඳහා ජනතාවට දායක විය හැකි ආකාරය පිළිබඳ  දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද DIMO සමාගම  කටයුතු කරයි. විශේෂයෙන් කැස්බෑ බිත්තර එකතු කිරීමෙන් වැළකී  කැස්බෑ කොටු ආරක්ෂා කරගැනීම කෙරෙහි එම ප්‍රදේශයේ දරුවන්ගේ හා ඔවුන්ගේ දෙමාපියන්ගේ අවධානය යොමු කිරීමට හැකි වීම මෙම වැඩසටහන්හි විශේෂත්වයකි.

DIMO විසින් දියත් කරන ලද තවත් සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස 2017 වසරේ දී ආරම්භ කළ 'Life to Reef' ව්‍යාපෘතිය හඳුන්වා දිය හැක. එම ව්‍යාපෘතිය මගින් ගාල්ලට නුදුරු රූමස්සල බොනවිස්ටා කොරල්පරය ප්‍රතිසංස්කරණය කිරීම අරමුණු කෙරිණි. එහි දී මේ වන විට කිමිදුම්කරුවන් යොදාගනිමින් මුහුදු පතුලේ තැන්පත් කර ඇති සිමෙන්ති ව්‍යුහයන්, ලෝහ රාමු සහ තවාන් රාක්ක මත කොරල් සිටුවීම ඇතුළු කොරල්පර ප්‍රතිසංස්කරණ ක්‍රමවේද කිහිපයක් ක්‍රියාත්මක කර ඇත.  මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිට මේ දක්වා වසර 5ක කාලය තුළ අඛණ්ඩව කොරල්පර සංරක්ෂණ ක්‍රියාකාරකම්වල නිරත වෙමින්, තවාන් පැනල සහ මුහුදු පතුලේ වානේ රාක්ක මගින් කොරල් පර 10ක් ප්‍රතිසංස්කරණය කිරීම සිදු කර ඇති  අතර, කොරල් පර කැබලි 3,500ක්  සිටුවා ඇත. එමෙන්ම මෙම ව්‍යාපෘතිය මඟින් වර්තමානය වන විට අක්කර 4කට ආසන්න භූමි ප්‍රමාණයක විහිදුණු කොරල්පර ප්‍රතිසංස්කරණය කිරීමට සමත් වී ඇත.  ඉහළ ම ජෛව විවිධත්වයකින් යුත් කොරල්පරවලින් එකක් ලෙස හඳුනාගෙන ඇති බොනවිස්ටා කොරල්පරයෙහි සජීවී ආවරණයෙන් 95% ක් 2016 වසරේ දී ඇති වූ එල්-නිනෝ හේතුවෙන් විනාශ විය. ඒ පිළිබඳව අවධානය යොමු කළ DIMO, වනජීවී හා සාගර සම්පත් සංරක්ෂණායතනයේ තාක්ෂණික සහාය ඇතිව, හැකිතාක් ස්වාභාවිකව එම කොරල්  පර ප්‍රතිස්ථාපනය කිරීමේ අරමුණින් 'Life to Reef' ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. මෙම ව්‍යාපෘතියත් සමඟ රූමස්සල ආශ්‍රිත ප්‍රදේශය ප්‍රධාන සංචාරක ප්‍රදේශයක් ලෙස යළිත් සංවර්ධනය වී ඇති අතර, එමඟින් ඒ අවට ජනතාවට ආදායම් මාර්ග රැසක් උත්පාදනය වී ඇත.

DIMO සමාගමේ තිරසාර සාගර පරිසර ආරක්ෂණ වැඩසටහන් මාලාව මගින් අවධානය යොමු කළ තවත් වැදගත් අංගයක් වන්නේ මෙරට සුන්දර වෙරළ තීරය ආරක්ෂා කිරීමයි. එමගින් මෙරට සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට අපේක්ෂා කරයි. එමෙන් ම එම ව්‍යාපෘතිය යටතේ,  සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA)  සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ජෛව විවිධත්ව ආයතනය (BSL) යන ආයතනවල සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක වන දික්ඕවිට ප්‍රදේශයේ වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා මූල්‍ය සහයෝගය ලබා දීමට ද DIMO සමාගම කටයුතු කළේය. DIMO සමාගම දික්ඕවිට වෙරළේ මීටර් 800 ක් සහ දික්ඕවිට සිට නව පාලම දක්වා මීටර් 800 ක් වශයෙන් මෙරට සුන්දර වෙරළ තීරයන් 2ක් සංවර්ධනය කිරීම සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙන අතර, මෙරට රාජ්‍ය හා පෞද්ගලික ආයතනික සහයෝගීතාවෙන් මෙන් ම ජනතාවගේ ද සහයෝගයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති අවසන් කිරීමෙන් පසු, එහි අඛණ්ඩ පැවැත්ම වෙනුවෙන්, තෝරාගත් පවුල් කිහිපයකට එම එක් එක් වෙරළ තීරය පිරිසිදු කිරීමේ කාර්යය පවරා දී, ඒ වෙනුවෙන් ඔවුන්ට දීමනාවක් ලබා දීම ද විශේෂිතය.

සිය ප්‍රායෝගික අත්දැකීම් තුළින්, කුණු කසල ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කරමින් වෙරළ අවට එකතුවන අපද්‍රව්‍යවලින් ප්‍රතිලාභ ලබාගන්නා ආකාරය පිළිබඳව ඔවුන්ට අවබෝධයක් ලබාදීම වෙනුවෙන් කැප වන  DIMO, මෙහිදී එකතු වන කසල ප්‍රතිශක්තිකරණය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය මගින් අවට ප්‍රජාවට අවස්ථාවන් නිර්මාණය කර දී ඇති අතර, එකතු වූ කැලි කසල වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA)  හා ශ්‍රී ලංකා ජෛව විවිධත්ව ආයතනය (BSL)  විසින්  මගපෙන්වනු ලබයි.

DIMO, සිය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනික හවුල්කරුවන් සමඟ එක්ව, අනාගත පරම්පරාවට තිරසාර පරිසරයක් නිර්මාණය කර දීම වෙනුවෙන් විවිධ පාරිසරික සහ ජෛව විවිධත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා නිරන්තරයෙන් කැප වී සිටියි.

  • Ada Derana BIZ Sinhala
  • Environmental
  • Geo Tagging
  • Governance - ESG
  • SLT-MOBITEL
  • Social
  • sri lanaka
  • WorldEnvironmentDay2022

දේශගුණ විපර්යාස අවම කරමින් රටට දීර්ඝකාලීන ප්‍රතිලාභ අත්කර දීම සඳහා හරිත වැඩසටහන් ක්‍රියාවට නැංවීම

June, 17, 2022

  • SLT-MOBITEL තම ප්‍රධාන කාර්යාලයේදී ලෝක පරිසර දිනය සමරයි
  • 5 වැනි මී පැළ සිටුවීමේ වැඩසටහන සාර්ථක ලෙස සිදුකෙරේ

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙවර ලෝක පරිසර දිනය වෙනුවෙන් සිය රුක් රෝපණ වැඩසටහන් මාලාවේ 5 වැනි අදියර ක්‍රියාවට නැංවී ය. SLT-MOBITEL විසින් මෙම ජාතික මට්ටමේ රුක් රෝපණ වැඩසටහන ආරම්භ කරන ලද්දේ වාතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, වන වගාව ප්‍රවර්ධනය කිරීම, පරිසරයේ කාබන් උරාගැනීමේ හැකියාව වැඩි කිරීම, හරිතාගාර වායු අවම කිරීම සහ දිවයිනේ විවිධ ප්‍රදේශ වල ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම යන අරමුණු මුල්කරගනිමිනි. තිරසාරත්වයේ සැබෑ අරුත පෙරදැරිව, SLT-MOBITEL හරිත පෘථිවියක වැදගත්කම මෙන්ම අනාගත පරම්පරාවන්ගේ පැවැත්ම උදෙසා සොබාදහම සුවපත් කරමින් දේශගුණික විපර්යාස නැවැත්වීමේ සහ ආපසු හැරවීමේ අවශ්‍යතාවද හොඳින් අවබෝධ කරගෙන සිටී.

‘පිරිසිදු වාතයෙන් හා පොහොරවලින් රට පෝෂණය කරමු’ යන තේමාව යටතේ දියත් කර ඇති මෙම රුක් රෝපණ වැඩසටහන, මිනිස් වර්ගයාගේ යහපැවැත්ම උදෙසා පරිසරය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම නැවත නැවතත් අවධාරණය කරයි.

පළිබෝධ පාලනය කිරීමට හැකියාවක් ඇති බවට පවතින විශ්වාසය, කාබනික පොහොර නිෂ්පාදනය යොදාගත හැකි වීම, වාතය පිරිසිදු කිරීමේ හැකියාව සහ ඖෂධීය ගුණාංග යනාදිය නිසා මෙම වැඩසටහන සඳහා මී ශාකය තෝරාගෙන තිබේ. මේ වනවිට SLT-MOBITEL මොණරාගල, උමංදාව, අනුරාධපුර සහ මහනුවර ඇතුළු ප්‍රදේශ වල මී ශාක 1,000 ක් පමණ බෙදා දී හෝ සිටුවා ඇත.

සෑම වසරකදීම ජූනි මාසයේදී සමරනු ලබන ලෝක පරිසර දිනය, පරිසරය සුරැකීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සිදුකරන ප්‍රමුඛතම දිරිගැන්වීම ලෙස සැලකේ. මෙවර ලෝක පරිසරය දිනය වෙනුවෙන් තම කාර්ය මණ්ඩලය අතර පැළ බෙදාදීමටද  SLT-MOBITEL කටයුතු කළේ ය. එමෙන්ම මීරිගම සෙත් සෙවණ වැඩිහිටි නිවාසයේදී මී පැළ සිටුවීමේ වැඩසටහනක්ද ක්‍රියාවට නංවන ලදි. මෙම රුක් රෝපණ වැඩසටහන තවදුරටත් පුළුල් කිරීම සඳහා SLT-MOBITEL මේ වනවිට ප්‍රාදේශීය ප්‍රජාවන් සහ බිම් මට්ටමේ සංවිධාන සමග එක්ව කටයුතු කරමින් සිටී.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් SLT-MOBITEL, තම මෙහෙයුම් වලදී සමාජයට හා පරිසරයට සිදුවන බලපෑම් හැකිතාක් අවම කිරීම සඳහා, පරිසරය, සමාජය සහ ආයතනික පාලනය (Environmental, Social, and Governance - ESG) යන පැතිමානයන් ඔස්සේ කැපවී සිටී. මේ යටතේ ක්‍රියාත්මක වන මී පැළ සිටුවීමේ වැඩසටහනේ මූලික අරමුණ වන්නේ, පරිසරය වැඩිදියුණු කරමින් දිවයින පුරා ප්‍රජාවන් සවිබල ගැන්වීම ය. මෙම වැඩසටහන වාතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමටත්, දේශගුණික විපර්යාස අවම කිරීමටත්, වඩාත් හොඳ පළිබෝධ පාලනයක් හා සරුසාර පසක් ඇතිකිරීමටත්, ස්වභාවික ආර්ද්‍රතාව ඉහළ නැංවීමටත් මහෝපකාරී වේ. මෙම වැඩසටහනේ කැපීපෙනෙන ලක්ෂණයක් වන්නේ සිටුවනු ලබන මී ශාක ‘Geo Tagging’ වැනි නවීන ක්‍රමවේදයන් ඔස්සේ කළමනාකරණය කරනු ලැබීම ය. එමෙන්ම ‘තුරු’ නම් ජංගම යෙදුම හරහා මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණ කෙරේ.

තම පරිසර හිතකාමී මෙහෙවර තවදුරටත් පුළුල් කරමින් SLT-MOBITEL විද්‍යුත් අපද්‍රව්‍ය අවම කිරීම සහ කාබන් පියසටහන අවම කිරීම ඇතුළු තවත් වැඩසටහන් රාශියක්ද ක්‍රියාවට නංවා ඇත. වගකීම්සහගත අපද්‍රව්‍ය කළමනාකරණ උත්සාහය යටතේ සම්පත් නැවත භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය සිදුකෙරෙන අතර, ආයතනයේ සහ එහි පාරිභෝගිකයන්ගේ කාබන් පියසටහන අවම කිරීම සඳහාද විධිවිධාන රාශියක් ක්‍රියාවට නංවා තිබේ.

 

  • Ada Derana BIZ Sinhala
  • Brandix
  • sri lanaka
  • WorldEnvironmentDay2022

ලෝක පරිසර දිනයට රුක්රෝපණයෙන් නව හුස්මක් දෙන බ්‍රැන්ඩික්ස්

June, 7, 2022

බ්‍රැන්ඩික්ස් සමාගම ලෝක පරිසර දිනය වෙනුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සමග එක්වී රඹුක්කන ප්‍රදේශයේ අක්කර 10 ක භූමි භාගයක හානි වූ වන ගහනය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ප්‍රතිවනරෝපණය කිරීමට කටයුතු කළේ ය. බ්‍රැන්ඩික්ස් සමාගම දශක එකහමාරකට අධික කාලයක් තිස්සේ තම ව්‍යාපාරික කටයුතු හා එක්වූ වියමනක් ලෙස පරිසරය සුරැකීම සඳහා විශාල අවධානයක් යොමුකර තිබේ. මෙහි තවත් පියවරක් වශයෙන්, රඹුක්කන බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් කර්මාන්තශාලාව ආසන්නයේ පිහිටි භූමියක පැළ 3,000 ක් සිටුවන ලදි. මෙම අවස්ථාවට නිශාන්ත එදිරිසිංහ - වන සංරක්ෂක, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සම්පත් රණසිංහ, UNDP හි වැඩසටහන් සම්බන්ධීකාරක (බලශක්ති සහ අපද්‍රව්‍ය) සහ බ්‍රැන්ඩික්ස් සමූහයේ ඉංජිනේරු ප්‍රධානී අහමඩ් ඉල්තිමාස් යන මහත්වරුන්ද එක් වුහ.

තම ව්‍යාපාර කටයුතුවල මෙන්ම තමන් සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම පාර්ශ්වයන්ගේ දීර්ඝකාලීන යහපත සඳහා බ්‍රැන්ඩික්ස් සමූහය, වාතය, ජලය සහ මහපොළොව යන ප්‍රධාන සාධක තුන මත පදනම් වූ තිරසර රාමුවකට අනුව කටයුතු කරයි. සෑම අවස්ථාවකදී ම තම සාමාජික සාමාජිකාවන්ට හා ප්‍රජාවන්ට යහපත සලසමින්, උපරිම තිරසාරත්වය ළඟාකර ගැනීම බ්‍රැන්ඩික්ස් සමාගමේ පරමාර්ථයයි.

“මිහිතලයේ භෞමික ජෛව විවිධත්වය බොහෝ දුරට ආරක්ෂා වී පවතින්නේ වනාන්තර තුළයි. ඒවා තුළ වැවෙන ශාක, දේශගුණ විපර්යාස අවම කිරීමට සුවිශාල දායකත්වයක් ලබාදෙන අතර, උසස් තත්ත්වයේ ජලය සපයමින්, ආහාර නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය බොහෝ පරාග කාරක සඳහා වාසස්ථාන ලෙස ක්‍රියාකරනවා. ඒ අනුව, මානව වර්ගයාට අවශ්‍ය ආහාර සැපයීම සහ පරිසර පද්ධති ආරක්ෂා කරගැනීම යනු එකිනෙක මත රඳා පවතින ඉලක්ක ලෙස පෙන්වා දීමට පුළුවන්.” බ්‍රැන්ඩික්ස් හි තිරසාරත්ව පාරිසරික ඉංජිනේරු විනුර ජයවර්ධන මහතා පැවසී ය.

මෙම ව්‍යාපෘතිය සඳහා Gaaya පැළ භාවිතා කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විනුර ජයවර්ධන මහතා පැවසුවේ මෙම ගස් වලින් වැටෙන අතු දර ලෙස බහුලව භාවිතා වන නිසා, එය අවට ජනතාවටද බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇති බවයි. “ශ්‍රී ලංකාවේ දැනට පවතින බලශක්ති ගැටලුව සහ ඉදිරියේදී ඇතිවනු ඇතැයි අනුමාන කෙරෙන ආහාර අර්බුදය වැනි ගැටලු නිසා, මෙය අතිශය කාලෝචිත පියවරක් වනු ඇතැයි කියා අප සිතනවා. එය අප කාගේත් පැවැත්මට අතිශයින් වැදගත් වේවි.” ජයවර්ධන මහතා පැවසී ය.

මීට පෙරද බ්‍රැන්ඩික්ස් සමූහය තිරසාරත්වය වෙනුවෙන් තමන් තුළ ඇති කැපවීම මැනැවින් ප්‍රදර්ශනය කර තිබේ. උදාහරණයක් ලෙස 2019 වසරේදී එහි මඩකලපුව කර්මාන්තශාලාව ලොව ප්‍රථම ‘Net Zero Carbon’ පිළිගැනීම හිමි වූ ඇඟලුම් කර්මාන්තශාලාව බවට පත්වූ අතර, 2008 වසරේදී එහි සීදූව කර්මාන්තශාලාව ‘LEED Platinum’ ශ්‍රේණිය හිමිකරගත් ලොව ප්‍රථම ඇඟලුම් කර්මාන්තශාලාව බවට පත් විය. මෙවැනි හරිත ගොඩනැගිලි, දේශගුණ විපර්යාස අවම කිරීමට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටද කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරයි. හුදෙක් අහිතකර බලපෑම් අවම කිරීමෙන් නොනැවතී, විවිධ මානයන් රැසක් ඔස්සේ ඵලදායී වෙනස්කම් ඇතිකරමින් පරිසරයට සැබෑ පරිවර්තනයක් සිදුකිරීම සඳහා, රඹුක්කන ප්‍රදේශයේ ක්‍රියාවට නැංවූ වන වගා ව්‍යාපෘතිය වැනි වැඩසටහන් ක්‍රියාවට නැංවීමටද බ්‍රැන්ඩික්ස් සමූහය දිගින් දිගටම කටයුතු කරමින් සිටී.

“මේ වනවිට ලෝකය දේශගුණ විපර්යාස අතින් අතිශය අවදානම් 'code red' තත්ත්වයකට පැමිණ තිබෙනවා. එමෙන්ම ලොව පුරා ස්වභාවධර්මය සහ ජෛව විවිධත්වය අහිමි වෙමින් යනවා. මෙම වසරේ 2022 ලෝක පරිසර දිනයේ තේමාව වන #OnlyOneEarth යන්නෙන් ගෝලීය මට්ටමෙන් සැබෑ පරිවර්තනයක් සිදුකිරීම සඳහා අප සතු එකම මිහිතලය සැමරීම, සුරකීම සහ යළි යථා තත්ත්වයට ගෙන ඒමේ සාමූහික දායකත්වය අවධාරණය වනවා. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගෙ සංවර්ධන වැඩසටහන, පාරිසරික කළමනාකරණ පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම සහ නවීකරණය කිරීම සහ අපගේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා සහාය වන අතරම පුනර්ජනනීය බලශක්තියේ විභවයන් ගවේෂණය කරමින් දේශගුණික විපර්යාසවල බලපෑම් සහ ස්වභාවික මෙන්ම මිනිස් ක්‍රියාවන් වල විපාක නිසා සිදුවන විපත්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා දිගුකාලීන සහාය ලබා දී තිබෙනවා. බ්‍රැන්ඩික්ස් සමඟ පවතින මෙම හවුල්කාරිත්වය තුළින් හරිත සංවර්ධන මාවතක් මත ගොඩනැගුණු තිරසාර ශ්‍රී ලංකාවක් සඳහා කල්පවත්නා සුබවාදී බලපෑම් ඇති කිරීමට අපි බලාපොරොත්තු වනවා." යනුවෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ වැඩබලන නේවාසික නියෝජිත, මලින් හර්විග් මහතා ප්‍රකාශ කළේය.

මානව ක්‍රියාකාරකම් හෝ ස්වාභාවික උපද්‍රව නිසා හානි වූ වන ගහනයන් ප්‍රකෘති තත්ත්වයට පත්කිරීම සඳහා එම භූමි ප්‍රදේශවල නැවත වන වගා කිරීම සිදුකෙරේ. මෙය අදාළ පරිසරයේ සමබරතාව නැවත ඇතිකරන වැදගත් පියවරකි. මෙමගින් වනජීවී වාසස්ථානවල ජෛව විවිධත්වය සහ පසේ සාරවත් බව වැඩිදියුණු වීමට අමතරව, වාතයෙන් කාබන් වෙන් කිරීම හරහා වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වීමෙන් අප ආශ්වාස කරන වාතය වඩාත් යහපත් වීමද සිදු වේ.

ලොව ප්‍රමුඛ පෙළේ සන්නාමවලට නිෂ්පාදන සපයන ඇඟලුම් නිෂ්පාදකයෙකු වශයෙන්, තම ව්‍යාපාර කටයුතුවලට, පාර්ශ්වකරුවන්ට, ප්‍රජාවන්ට සහ මිහිකතට යහපත සැලසෙන ආකාරයට දේශගුණ විපර්යාස අවම කිරීමට දායක වන දීර්ඝකාලීන වැඩසටහන් ක්‍රියාවට නැංවීම අතිශයින් වැදගත් බව බ්‍රැන්ඩික්ස් සමාගමේ විශ්වාසයයි. ඉදිරියටත් විවිධ පාර්ශ්ව සමග අත්වැල් බැඳගනිමින්, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කවලට සමගාමීව තම මෙහෙයුම් නිරන්තරයෙන් හැඩගස්වා ගනිමින්, දිගින් දිගටම තිරසර වර්ධනයක් උදෙසා කැපවීම බ්‍රැන්ඩික්ස් සමූහයේ අරමුණ වී තිබේ.

 

බ්‍රැන්ඩික්ස් හි තිරසාරත්ව පාරිසරික ඉංජිනේරු විනුර ජයවර්ධන මහතා උත්සවය අමතමින්

වමේ සිට - සම්පත් රණසිංහ, UNDP හි වැඩසටහන් සම්බන්ධීකාරක (බලශක්ති සහ අපද්‍රව්‍ය), බ්‍රැන්ඩික්ස් සමූහයේ ඉංජිනේරු ප්‍රධානී අහමඩ් ඉල්තිමාස් සහ නිශාන්ත එදිරිසිංහ - වන සංරක්ෂක, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

පින්නවල ජාතික පාසලේ සිසුවියන් රුක් රෝපණයට දායක වන අවස්ථාව

 

ඡායාරූපය - බ්‍රැන්ඩික්ස් සමූහයේ ඉංජිනේරු ප්‍රධානී අහමඩ් ඉල්තිමාස් ගස් 3,000 න් පළමුවැන්න රෝපණය කරන අවස්ථාව