TATA ගෝලීය සේවා ප්‍රවර්ධන වැඩසටහනේ හතර වැනි අදියර, ඩීමෝ සාර්ථකව අවසන් කරයි

    January, 30, 2020

    සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගමේ (ඩීමෝ) TATA වෙළඳ වාහන සේවා අංශය සංවිධානය කළ TAT‍A ගෝලීය සේවා ප්‍රවර්ධන වැඩසටහනේ සිවු වැනි අදියර පසුගියදා දිවයින පුරා DIMO - TATA සේවා මධ්‍යස්ථාන 14 කදී පැවැත්විණි. ඊට සහභාගී වූ පිරිසට TATA වාහන හා ජෙනුයින් අමතර කොටස් පිළිබඳ සම්පූර්ණ දැනුවත්භාවයක් ලබා දෙන අතරම, වාහන 5000 කට අධික ප්‍රමාණයක තත්ත්ව පරීක්ෂාවන්ද සිදු කෙරෙමින් මෙම වැඩසටහන තෙදිනක් පුරා පැවැත්විණි. වාහන සම්බන්ධ එකිනෙකට වෙනස් පරීක්ෂාවන් 80 ක් එහිදී සිදු කෙරුණු අතර,‍් කළ යුතු අලුත්වැඩියාවන් දැක්වෙන තත්ව පරීක්ෂණ වාර්තාවන්ද නිකුත් කෙරිණි. තත්ව වාර්තාවේ සඳහන් සෑම වාහන අලුත්වැඩියාවක් සඳහාම 20% ක වට්ටමක් එහිදී පිරි නැමීම විශේෂත්වයකි.

    එහිදී, TATA ජෙනුයින් එන්ජින් ඔයිල් නොමිලේ පිරවීම, TATA ජෙනුයින් අමතර කොටස් සඳහා ආකර්ෂණීය වට්ටම් පිරි නැමීම, වැඩිම දුරක් ධාවනය කළ වාහන සඳහා සම්මාන පිරි නැමීම, රිය ධාවනයට අවශ්‍ය රියදුරු පුහුණු වැඩසටහන්,‍් නොමිලේ ටයර් පරීක්ෂාව හා ටයර් සඳහා වට්ටම් පිරි නැමීම, බැටරි පරීක්ෂාව හා TATA හඳුන්වාදෙන නවතම මාදිලිවල වාහන පරීක්ෂාව ආදිය ඇතුළත් වරප්‍රසාද රැසක් මෙම ප්‍රවර්ධන වැඩසටහනට සහභාගි වූ පිරිසට හිමි විණි. සේවා ප්‍රවර්ධන වැඩසටහන අතරතුර, TATA protect concepts මෙන්ම, නවීනතම TATA වාහන දෝෂ නිශ්චය කිරීමේ මෘදුකාංගය (TDS)ද එළි දැක්වුණු අතර, පාරිභෝගිකයින්ගේ දූ දරුවන් සඳහා සංවිධානය කළ චිත්‍ර තරගයක්ද පැවැත්විණි.

    දිවයින පුරා පිහිටි ඩීමෝ සේවා මධ්‍යස්ථාන 14 ම, ඉහළම ප්‍රමිතියෙන් යුත් නවීනතම තාක්ෂණික උපාංගවලින්ද අංග සම්පූර්ණ වන අතර, නවීනතම තාක්ෂණය භාවිතයෙන් වාහනවල දෝෂ සහ අලුත්වැඩියාවන් හඳුනා ගැනීමෙහි හා අලුත්වැඩියවෙහි දක්ෂ, ක්ෂේත්‍රයේ ඉතා පළපුරුදු තාක්ෂණ ශීල්පීන් පිරිසක් වෙතින් මෙම පරීක්ෂාව සිදු කෙරිණි. තවද, මෙම සේවා ප්‍රවර්ධන වැඩසටහන ISO 14001:1996 සහ ISO 9001:2000 ආදී ප්‍රමිතිය පවත්වා ගනිමින් සිදු කළ බව ඩීමෝ සාඩම්බරයෙන් දැනුම් දෙයි.

    “රටපුරාම ඇති ඩීමෝ සේවා මධ්‍යස්ථාන සියල්ලම, TATA වාහන හොඳම තත්ත්වයෙන් පවත්වා ගැනීම සඳහා නඩත්තු කටයුතු සිදු කිරීමට අවශ්‍ය අති නවීන උපකරණවලින් සමන්විත වෙනවා. සෑම TATA වාහනයකම අලුත්වැඩියාවන්  සිදු කෙරෙන්නේ NVQ level 4 හා ඊට ඉහළ මට්ටමේ සහතික ලැබූ තාක්ෂණික ශිල්පීන් මගින් හා TATA Motors අනුමත TATA ජෙනුයින් අමතර කොටස් භාවිත කරමින්. ඒ වගේම, සෑම ප්‍රධාන ශාකාවකම, වාහනවල ලිහිසි සේවා, නඩත්තු අලුත්වැඩියා, රිය අනතුරු ටින්කරින් පේන්ට් සම්බන්ධ අලුත්වැඩියා කටයුතු මෙන්ම, එන්ජින්,‍් ගියර් පද්ධතිය ආදී ඒකක සඳහාම වූ TATA අලුත්වැඩියාවන් සේම, TATA Motors India සමාගම මගින් හඳුන්වා දුන් අති නවීන තාක්ෂණය භාවිතයට ගනිමින් අලුත්වැඩියා කටයුතුත් සිදු කෙරෙනවා. TATA වාහන සම්බන්ධ ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වශයෙන් ඩීමෝ හි වගකීම ඉන් පැහැදිලි වෙනවා” ඩීමෝ හි අධ්‍යක්ෂ විජිත බණ්ඩාර මහතා සඳහන් කරයි.

    සේවා ප්‍රවර්ධන වැඩසටහනට සහභාගී වූ පිරිසට TATA ජෙනුයින් අමතර කොටස් පිළිබඳ කළ කෙටි පැහැදිළි කිරීම මගින්, ජෙනුයින් අමතර කොටස් හා ව්‍යාජ අමතර කොටස් මොනවාද යන්න පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. ඩීමෝ හි, Tyre, PickMyLoad, DIMO Digital, WD -40 සහ DIMO Lumin යන අංශ සමගින් LIOC, Amana Takaful, Commercial Bank, Laughs Gas හා Drive Green ආදී ආයතනද සේවා ප්‍රවර්ධන වැඩසටහනට එක්ව සිටි අතර, ඔවුහු සිය වටිනා අදහස් හා දැනුම සහභාගි වූ පිරිස හා බෙදාහදා ගත්හ.

    සේවා ප්‍රවර්ධන වැඩසටහන අවසන් කෙරුණේ, දක්ෂතා ඇගයෙන වැඩසටහනකින් (talent show) හා සම්මාන රාත්‍රියකිනි. TATA මෝටර්ස් සමාගමේ නියෝජිතයින්, ඩීමෝ කාර්ය මණ්ඩලය මෙන්ම, ප්‍රවර්ධන වැඩසටහනට පැමිණි පිරිසගේ සහභාගිත්වයෙන් එහි අවසානය සනිටුහන් කෙරිණි. වැඩිම දුරක් ධාවනය කළ රථයන්හි රියදුරන් හා චිත්‍ර තරගයේ දස්කම් දැක්වූ ජයග්‍රාහකයින් එහිදී සම්මානයට පාත්‍ර වූ අතර, ඩීමෝ හි දීර්ඝ කාලීන සේවයක නිරතවූ කාර්ය මණ්ඩලයද එහිදී ඇගයීමට ලක් වූහ.

    දිවයින පුරා පිහිටි සෑම TATA සේවා මධ්‍යස්ථානයක්ම පාරිභෝගිකයින් හට සියලුම ලිහිසි  සේවාවන් හා නඩත්තු අලුත්වැඩියාවන්, එන්ජින්, ගියර් බොක්ස් හා ඒකක අලුත්වැඩියාවන්, රිය අනතුරු අලුත්වැඩියාවන් මෙන්ම, ටින්කරින් හා පේන්ටින් අවශ්‍යතා ආදි සියලු අවශ්‍යතා එකම වහළක් යටදී ඉටු කර දෙන ස්ථානයක් ලෙස ක්‍රියාත්මක වේ. ඊට අමතරව, කඩුවෙලට ආසන්න සියඹලාපේ ප්‍රදේශයේ පිහිටුවා ඇති ප්‍රධාන ශාකාවෙන්ද Body Manufacturing හා A/C Modifications අවශ්‍යතා සියල්ල ඉටු කර ගත හැකි වේ. එමෙන්ම, සේවා අංශය මගින් පැය විසි හතර පුරා ක්‍රියාත්මක මාර්ගස්ථ උපකාරක සේවා සහයද (RSA), පාරිභෝගිකයින් හට පිරි නැමේ. TATA වාහන හිමියන්ට TATA ජෙනුයින් අමතර කොටස් හා නඩත්තුව විශේෂ වට්ටම් යටතේ ලබා ගත හැකි, Fleet owners club හා DIMO Drivers club යනුවෙන් පාරිභෝගිකයින් හා රියදුරු මහත්ම මහත්මීන් කේන්ද්‍ර කර ගත් වැඩසටහන් දෙකක්ද ක්‍රියාත්මක වේ. පාරිභෝගිකයින්ට සිය TATA වාහන සම්බන්ධ අලෙවියෙන් පසු සේවා අවශ්‍යතා සඳහා මෙන්ම ඩීමෝ ඉංජිනේරුවරුන්ගේ විශිෂ්ට සහය ලබා ගැනීමට 0112449711 යන දුරකතන අංක ඇමතිය හැකිය.