උණුසුම පාලනය කරන නගරයක ඉදිවන ලොව දැවැන්තම සාප්පු සංකීර්ණය මෙන්න- video

    July, 7, 2014

    වර්ග අඩි මිලියන 08 ක ඉඩ පහසුකම් සහිත ලෝකයේ විශාලතම සාප්පු සංකීර්ණය ඩුබායිහි ගොඩ නැගීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය සූදානම් වනබව අනාවරණය වේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ උණුසුම පාලනය කළ හැකිලෙස ඉදිකරන දැවැන්ත නගරයක “Mall of The World“ යනුවෙන් හඳුන්වන මෙම සාප්පු සංකීර්ණය ඉදිකරන බවයි.

    මෙම සමස්ත ව්‍යාපෘතිය යටතේ වර්ග අඩි මිලියන 48 ක ඉදිකිරීම් කෙරෙන අතර එයට හෝටල් 100 ක්, සිනමාශාලා, තේමා උද්‍යානයක්, සංචාරක වෛද්‍ය පහසුකම් යන ඒවාද ඇතුළත් වනබව සඳහන්ය.

    මෙම ව්‍යාපෘතිය නිම කිරීමට යන සමස්ත වියදම හෝ ව්‍යාපෘතිය අවසන් කරන දිනය තවමත් ප්‍රකාශයට පත්කර නොමැත.

    මෙම සංචාරක පුරවරය සඳහා වසරකට සංචාරකයින් මිලියන 180 ක් ගෙන්වා ගැනීමට ඉලක්ක කර තිබේ.