ලැජ්ජයි! ලැජ්ජයි! කිව්වත් අමිල රන් මුදුව ලන්ඩනයේදී විකුණයි

    May, 23, 2014

    බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය වාදීන්ට එරෙහි ඉන්දියානු සටනට උරදුන් ටිපූ සුල්තාන් නම් ඉන්දියානු මුස්ලිම් රජුගේ මැණික් එබ්බවූ රන් මුදුව දැඩි ආන්දෝලනයන් නොතකා ලන්ඩනයේදී වෙන්දේසි කර අතැයි වාර්තා වේ.

    18 වන සියවසට අයත් යැයි සැලකෙන කලාත්මක මෙම මුදුව පවුම් 145,000 කට වෙන්දේසි කර තිබෙන්නේ ලන්ඩනයේ ක්‍රිස්ටීස් වෙන්දේසි කරුවන් විසිනි.

    ටිපූ සුල්තාන්වරයා බ්‍රිතාන්‍යයන් සමග සටන් කර මියගිය පසුව ඔහුගේ ග්රෑම් 41.2 ක් බර මුදුව බ්‍රිතාන්‍යය ජෙනරාල්වරයෙකු විසින් එරටට රැගෙන ගොස් ඇතැයි සඳහන්ය.

    මෙම මුදුව ටිපූ සුල්තාන්වරයා 1799 දී ශ්‍රීරන්ගප්පට්ටිනම් සටනෙන් මියගිය පසුව සදාචාරාත්මක නොවන අයුරින් ගලවාගෙන බ්‍රිතාන්‍යයට රැගෙන ගියායැයි චෝදනා එල්ල වී තිබේ.

    සේයාරුවේ දැක්වෙන්නේ මෙම අනර්ග මුදුවයි