TV දෙරණ රියැලිටි වැඩසටහන් 3ක් සඳහා Viber සමඟ හවුල් වෙයි

    September, 16, 2019

    Viber පළමු වරට Voting BOT ශ‍්‍රී ලංකාවේ දියත් කරයි

    ලොව ප‍්‍රමුඛතම සන්නිවේදන ජාලය වන Viber , ශ‍්‍රී ලංකාවේ පළමු අන්තර්ක‍්‍රියාකාරී Voting BOT දියත් කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියම ඩාන්සින් රියැලිටි ටීවී වැඩසටහනක් වන ”Derana City of Dance” සමඟ අත්වැල් බැඳගනී.

    එමගින් රසිකයින්ගේ සිත්ගන්නා සුළු අදහස් සහ ඔවුන්ගේ ප‍්‍රියතම රංගන ශිල්පින් සහ කණ්ඩායම් සඳහා සිය ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව සජීවී විකාශය අතරතුරදීම සිදු කිරීමට අපුර්ව අවකාශයක් ලබා දී ඇත.

    Viber BOT  සමඟ සම්බන්ධ වීමට, රියැලිටි වැඩසටහන් ප‍්‍රිය රසිකයන් විසින් ‘‘Derana City of Dance’’ ස්ටිකර් පැකේජය Download කරගත යුතුය. එමගින් අශ්වාදනිය සහ ශක්තිමත් සම්බන්ධතාවයක් හරහා ඔවුන්ට නිතිපතා Viber BOT  හිතේ හැටියට පරිශීලනය කිරීමට හැකි වේ. පළමු සතිය තුළ පමණක්, පරිශීලකයින් 145,000ක් සහ දළ වශයෙන් 40,000 ක් පමණ ග‍්‍රාහකයින් ප‍්‍රමාණයක් Viber BOT වෙත ආකර්ෂණය කර ගැනීමට එය සමත් වීම ඊට ඇති ඉහළ ඉල්ලූම සහ ජනප‍්‍රියතාවය මනාව පෙන්නුම් කරයි.

    Viber ප‍්‍රකාශක අනුභව් නයාර් මහතා මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින්  “Viber සෑම විටම නව තාක්ෂණයන් භාවිත කරමින් සෑම පාර්ශවකරුවෙක් සමගම එක්ව අපගේ ග‍්‍රාහක ප‍්‍රජාවට විශිෂ්ට විසඳුම් ලබා දීමට උත්සාහ කරනවා පමණක් නොව  අපගේ Viber  පරිශීලකයන්ගේ අත්දැකීම් නිරන්තරයෙන් වැඩිදියුණු කිරීමට කටයුතු කරනවා. Derana Dream Star  Viber  BOT හි ජනප‍්‍රියත්වය දැක ගැනීමට ලැබීම අපට මහත් දිරිගැන්වීමක් වන අතර මෙවැනි අත්දැකීම් රැසක් අඛණ්ඩව ලබා දීමට අපි බලාපොරොත්තු වනවා.’’

    අතිවිශිෂ්ට විනෝදාස්වාදය ගෙන එන ලංකාවේ ප‍්‍රමුඛතම නාලිකාවක් වන TV දෙරණ ජනප‍්‍රිය රියැලිටි වැඩසටහන්වල මහගෙදර ලෙස  දිගු කාලයක් පුරා දේශීය රසික රසිකාවියන්ගේ සිත් දිනා ගෙන ඇත. නාලිකාව ඔවුන්ගේ ප‍්‍රවර්ධන උපාය මාර්ගයේ කොටසක් ලෙස සමාජ මාධ්‍ය භාවිත කරන අතර ස්ටිකර් පැකේජ සහ Viber BOT  ද ඒ සඳහා සක‍්‍රියව භාවිතා කරයි. TV දෙරණ, Viber  හවුල්කාරිත්වය දියත් කිරීමේදීම නරඹන්නන්ගෙන් විශාල ප‍්‍රතිචාරයක් ලබා ඇති අතර එම නිසා පරිශීලකයින්ගෙන් වැඩි ප‍්‍රතිචාර ලබා ගැනීමේ අරමුණින් Viber BOT වෙත තවත් ඉදිරියට පැමිණීමට නියමිත රියැලිටි වැඩසටහන්ද එක් කිරීමට තීරණය කර තිබේ.

    මෙම ස්ටිකර් පැකේජයට මෙම රියැලිටි වැඩසටහනට සහභාගී වන පූජා උමාශංකර්, සතිෂ් හෙට්ටිතන්ත‍්‍රි, සජිත් ඇන්තනි සහ කෙවින් නුගරා වැනි ශ‍්‍රී ලංකාවේ අතිශය ජනප‍්‍රිය පුද්ගලයින් ඇතුළත් වේ. ''Derana City of Dance'' ස්ටිකර් පැකේජය අගෝස්තු 05 වන දින දියත් කරන ලද අතර ඉන් අනතුරුව ''Derana Battle of the Bands’  ස්ටිකර් පැකේජයක් ද නිකුත් විය. මෙම ස්ටිකර් හවුල්කාරිත්වය මාස තුනක කාලයක් සිදු කෙරෙන අතර BOT පුරාම භාවිතා වේ.