uberGO – ශ්‍රී ලංකාවේ ඉතාමත් ලාභදායී ගමන් පහසුකම් UBER හඳුන්වා දෙයි

    January, 20, 2016

    ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන පෞද්ගලික වාහනයක් වෙන් කරවා ගැනීමට සැකසුනු ජංගම දුරකතන මෘදුකාංගය Uber ඔවුන්ගේ නවතම හඳුන්වාදීම uberGO මෑතකදී දියත් කරන ලදී. uberGO මගින් ශ්‍රී ලාංකිකයින්ට අතිශය පහසු මිළගණන් යටතේ විශ්වාසදායීව, ආරක්ෂාකාරීව සහ පහසුවෙන් ගමන් කිරීමට උසස් තත්වයේ කුඩා ප්‍රමාණයේ හැච්බැක් මෝටර් රථ හඳුන්වාදෙනු ලබයි. Uber ශ්‍රී ලංකාවේ වෙළඳ පොළට පිවිසීමෙන් මාස 3 කටත් වඩා අඩු කාලයකදී uberGO හඳුන්වාදීමට හැකිවීම මගින් වඩාත් නැණවත් කාර්යක්ෂම නාගරික ගමන් පහසුකම් මාධ්‍ය සඳහා ශ්‍රී ලාංකික ජනතාවගේ පවත්නා අතිමහත් සහයෝගය තවදුරටත් තහවුරු කරනු ලබයි.

    UberX වලට පසුව හඳුන්වා දුන් දෙවන නිෂ්පාදනය වන uberGO කාණ්ඩයට සුසුකි අල්ටෝ සහ ටාටා නැනෝ වාහන ඇතුළත්ය. මීට සමාන අනෙකුත් සේවාවන් සමග සැසඳීමේදී uberGO හි මිළ ගණන් 15% කට වඩා අඩු අතර මෙමගින් වඩාත් පහසු මිළ ගණන් යටතේ Uber වෙතින් ඔබට ලැඛෙන සුපුරුදු උසස් තත්වයේ සේවාව, පැහැදිලි මිළගණන් අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලබාගත හැකිබව හා ඔබගේ ගමනාරම්භයේ සිට අවසානය දක්වා ඔබගේ ආරක්ෂාව නොවෙනස්ව පවතිනු ඇත.

    මෙම සේවාව හඳුන්වාදුන් Uber හි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන වරුන් මුන්ඩ්කුර් මෙහිදී අදහස් දක්වමින් “කොළඹ නගරයට uberGO හඳුන්වාදීමට හැකිවීම පිළිබඳ අපි මහත් සතුටට පත්වනවා. Uber හි අරමුණ වන්නේ සෑමදෙනාටම සෑම තැනකදීම ආරක්ෂාකාරී, විශ්වාසවන්න පහසු මිළගණන් යටතේ ලබාගත හැකි ප්‍රවාහන සේවයක් සැපයීමයි. ජනතාවට විවිධ මිළ ගණන් යටතේ ගමන් පහසුකම් තෝරා ගැනීමේ අවස්ථාවන් රැසක් ලබාදීමට හැකිවීමත් රියදුරන්ට තවදුරටත් මුදල් උපයාගැනීමට අවස්ථාවන් උදාකරලීමටත් හැකිවීමත් පිළිිබඳව අපි සතුටට පත්වනවා. uberGO මගින් කොළඹ නගරයේ නේවාසිකයින්ට සහ අමුත්තන්ට බොත්තමක් එබූ සැනින් සරලව පහසුවෙන් හා පහසු මිළ ගණන් යටතේ කොළඹ නගරයේ සැරිසැරීමට හැකිවෙනවා” යැයි පැවසීය.

    uberGO භාවිතා කරන්නන් ඔවුන්ගේ ගමන මිතුරන් හෝ පවුලේ අය සමග හවුලේ ඛෙදාගන්නේ නම් සහ ඒ සඳහා මෘදුකාංගයේ ඇති Fare Split යොදාගන්නේ නම් මෙම සේවාව තවදුරටත් ලාභදායී වේ. මෙය ඇත්ත වශයෙන්ම ඕනෑම ආකාරයේ ගමනකට යෝග්‍ය වූවත් විශේෂයෙන්ම බැංකුවට යාමට, රැස්වීම් අතර සිදුකරන කෙටි ගමන්, වෙළඳ පොළට සහ සිනමා ශාලාවට වැනි කෙටි දුරක් ගමන් කිරීම සඳහා ඉතාමත් යෝග්‍යවේ. එදිනෙදා සිදුකරන සාමාන්‍ය වැඩ සඳහා ගමන් පහසුකම් සලසා ගැනීමට වුවද uberGO කදිම ප්‍රවාහන මාධ්‍යයකි. මේ සඳහා වැය වන්නේ ත්‍රී රෝද රථයකින් ගමන් කිරීමටත් වඩා අඩු මුදලකි.

    uberGO පළමුවෙන් ඉන්දියානු උපමහාද්වීපය සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද අතර 2014 වසරේ අවසාන භාගයේදී එය ඉන්දියාවේ නගරවල ක්‍රියාත්මක කරන ලදී. 2015 වසරේදී මෙය තුර්කිය සහ වියට්නාමය ද ඇතූළට අන්තර්ජාතික වෙළඳ පොළට හඳුන්වාදීමට හැකිවීම තුළින් එහි සාර්ථකත්වය පැහැදිලි වන අතර uberGO හඳුන්වාදුන් සියලූ නගර වලදී ඉහළ මට්ටමේ පාරිභෝගික ප්‍රතිචාරයක් ලැබිණි.

    අපගේ අරමුණ වන්නේ කොළඹ නරයේ නේවාසිකයින් සහ අමුත්තන් වැඩිම දෙනෙකුට මෙම පහසුකම ලබාදීමයි. මේ වන විට අපගෙන් ගමන් පහසුකම් ලබාගන්නා පාරිභෝගිකයින්ට ඒ සඳහා ගෙවීම් කළ හැකි මාධ්‍ය ගණනාවක් (ඩෙබිට් කාඩ් සහ ක්‍රෙඩිට් කාඩ්) හඳුන්වා දී ඇත. uberGO මේ සඳහා වූ තවත් වැදගත් පියවරකි. එසේ වන්නේ එක් බොත්තමක් එබීමෙන් අන් කවරදාටත් වඩා ආරක්ෂාකාරී සහ විශ්වාසදායී ලෙස සහ ඉක්මනින් සහ පහසුවෙන් පෞද්ගලික ගමන් බිමන් අවශ්‍යතා ඉටු කරගැනීමට හැකිවී ඇති බැවිනි.

    uberGO මෙහි පාර්ශවකාරී රියදුරන්ට වැඩිපුර ආදායම් උපයා ගැනීමට අමතර අවස්ථාවන් සැලසීමත් තමන්ගේම ව්‍යාපාරයක හිමිකරුවන් බවට පත්කිරීමත් සිදුකරනු ලබයි. ඉතා කුඩා පරිමානයේ ව්‍යවසායකත්වයන්/ප්‍රජාමට්ටමේ ව්‍යවසායකත්වයන් නංවාලීමට අපි අපේක්ෂා කරන ලබන අතර uberGO මෙම අරමුණ සමග හොඳින් සම්බන්ධවනු ඇත. කුසලතාවලින් හෙබි පුද්ගලයින්ට සහ ඔටෝ රියදුරන්ට ව්‍යවසායකයින් බවට පත්වීමටත් Uber මෘදුකාංග ඔස්සේ උදාකරනු ලබන නම්‍යශීලී අවස්ථාවන් තුලින් ඔවුන්ට කැමැති ආකාරයට රැකියාවේ නියැලෙමින් වඩාත් යහපත් ජීවිතයක් ගතකිරීමට වටිනා අවස්ථාවක් uberGO මගින් උදාකරනු ලබයි.

    uberGO සඳහා මිළ ගණන් - සෑම ගමනක් සඳහාම වේලාව සහ දුරප්‍රමාණය මත ගණනය කරන ලද පැහැදිලි මිළගණන් අය කරනු ඇත. පහත දැක්වෙන ප්‍රවර්ධන* මිළ ගණන් යටතේ uberGO සේවාවන් සපයනු ඇත.

    මූලික ගාස්තුව - රු. 50
    කිලෝමීටරයට - රු. 30
    මිනිත්තුවකට - රු. 2
    අවම ගාස්තුවථ රු. 50

    නිදර්ශක ගාස්තු
    ● රොස්මිඩ් පෙදෙස සිට නවම් මාවත- රු. 111
    ● හෝටල් පාරේ සිට ගාලූ මුවදොර - රු. 458
    ● වේල්ල වීදියේ සිට ජාතික සත්ව උද්‍යානය - රු. 516
    ● සොයිසාපුර සිට දියත උයන - රු. 555

    * ප්‍රවර්ධන කාලසීමාව තුළ පමණි