මුත්‍රා කරන ලෙනින් ලෝකයම කළඹයි -Photos

    June, 13, 2014

    පෝලන්ත නගරයක් වන Nowa Huta නගරයේ තිබූ විප්ලවීය නායක ව්ලැඩිමීර් ලෙනින්ගේ ප්‍රතිමාව තරුණ විරෝධතා හමුවේ 1989 වසරේ ඉවත් කිරීමෙන් පසුව එම නගරයේ ස්ථාපිත කර තිබෙන ඔහුගේ නව ප්‍රතිමාව පිළිබඳව මුළු ලෝකයේම අවධානය එල්ලවී තිබේ.

    කොළ පැහැයෙන් යුතු මෙම ප්‍රතිමාවෙන් දැක්වෙන්නේ ව්ලැඩිමීර් ලෙනින් මුත්‍රා කරමින් සිටින ආකාරය යැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    මෙම ප්‍රතිමාව නම්කර තිබෙන්නේ “Fountain of the Future“ නමින් වන අතර තවදුරටත් Nowa Huta අඳුරු නගරයක් නොවන බව විදහා දැක්වීම මෙහි අරමුණ බව සඳහන්ය.

    විප්ලවීය නායක ව්ලැඩිමීර් ලෙනින්ගේ පැරණි පිළිරුව තරුණ කැරළිකරුවන් විසින් විනාශ කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් එය 1989 වසරේදී ගලවා ඉවත් කර තිබුණි. පහත දැක්වෙන්නේ පැරණි පිළිරුව ගලවා ඉවත් කරන ආකාරයයි.
    n01n02n03