UTS ඉන්සර්ච් ශ්‍රී ලංකා තම නව විදුහල්පතිනිය සාදරයෙන් පිලිගනියි

    October, 8, 2019

    නව ස්ථානයක්, නව නායකත්වයක්, නව ඇරඹුමක් 

    යූ. ටී. එස්. ඉන්සර්ච් ශ්‍රී ලංකා තම ප්‍රමුඛ පත් කිරීම සිදුකරන අතර ඒ අනුව ඇලිසන් හිස්කොක්ස් මහත්මිය නව විදුහල්පතිනිය හැටියට අද වැඩ භාරගනු ලැබේ. මෙහි අධ්‍යයන කටයුතු ආරම්භවීම ඉතා ඉක්මනින් සිදුවනු ඇත.
    වෘත්තියෙන් අධ්‍යාපන කළමනාකාරියක් වන ඕස්ටේ්‍රලියානු ජාතික හිස්කොක්ස් මහත්මිය ජාත්‍යන්තර අධ්‍යයාපන කටයුතු සම්බන්ධයෙන් වසර 20කට වැඩි පලපුරුද්දක් ඇති අයෙකි.
    ඇය පවසා සිටින හැටියට “යූ. ටී. එස්. ඉන්සර්ච් ශ්‍රී ලංකා විසින් මෙම අධ්‍යාපන ආයතනය පිහිටුවීමේ මූලික අරමුණ වනුයේ වැඩිදුර අධ්‍යාපනය සඳහා සිඞ්නි නුවරට පිටත්ව යන ශිෂ්‍යයන්ට උසස් මට්ටමේ සහතික විය හැකි වැඩ සටහනක් සම්පාදනය කිරීමයි.”
    ඇය තම පළමු වෘත්තිමය කටයුත්ත හැටියට සිදුකරනුයේ කොළඹ, තර්ස්ටන් මාවතේ පිහිටි නව අධ්‍යාපන ආයතනයේ ඇය විසින් සංවිධානය කරන මාධ්‍ය වටමේස හමුවයි. 
    එයට ඇය සමඟින් සිඞ්නි නුවර සිට පැමිණ සිටින යූ. ටී. එස්. ඉන්සර්ච් ශ්‍රී ලංකා ප්‍රධාන ව්‍යාපාර සංවර්ධන නිලධාරී පීටර් හැරිස් මහතා ද සහභාගී වේ. ඔහු යූ. ටී. එස්. ඉන්සර්ච් වැඩසටහන් දාමය මෙන්ම එහි ගෝලීය සම්බන්ධතාවය භාරව කටයුතු කරන අතර පාත්වේ විදුහල ගොඩනැගීම සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු සිදුකරයි.
    ආසියාව තුළ අධ්‍යාපන කටයුතු සහ නොයෙකුත් ක්ෂේත්‍ර පිළිබඳ මහත් අත්දැකීමක් සහිත හැරිස් මහතා යූ. ටී. එස්. ඉන්සර්ච් ශ්‍රී ලංකා ආයතනය ගැන පවසා සිටින්නේ “මෙම පාසල පිහිටුවීම ශ්‍රී ලංකාව තුල අප විසින් ආයෝජනය කරන ඩොලර් මිලියන 2.1 ක ආයෝජනයේ එක කොටසක් පමණක් බවත් ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික හැකියාවන් පිළිබඳව අප තබා ඇති විශ්වාසය මෙමඟින් ඔබට හොඳින් පැහැදිලි වනු ඇති බවත් ය.”
    යූ. ටී. එස්. ඉන්සර්ච් ශ්‍රී ලංකා හිමිකාරිත්වය හා මෙහෙය වීම සිදුකරන්නේ සිඞ්නි නුවර පිහිටි (යූ. ටී. එස්.) තාක්ෂණික විශ්වවිද්‍යාලය මඟිනි. එය තාක්ෂණය මුල් කරගත් අධ්‍යාපන ආයතනයක් වීමත් එහි තාක්ෂණයට යොමු වූ අධ්‍යයාපනයත් හේතුවෙන් එම විශ්වවිද්‍යාලය ඔස්ටේ්‍රලියාවේ මුල්පෙලේ විශ්වවිද්‍යාලයක් ලෙසට නම් දරා සිටී.
    යූ. ටී. එස්. ඉන්සර්ච් ශ්‍රී ලංකා ආයතනය පළමු වසරේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරන ශිෂ්‍යයන්ට ඕස්ටේ්‍රලියාවට ගොස් සිඞ්නි විශ්වවිද්‍යාලයේ උපාධිය නිම කල හැකි වනු ඇත.
    ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් ඔස්ටේ්‍රලියාවේදී තම වැඩිදුර අධ්‍යයාපන කටයුතු නිම කිරීමට නැඹුරු වීමේ වර්ධනයක් දක්නට ලැබේ. ඔස්ටේ්‍රලියානු වෙළඳ දත්ත වලට අනුව මේ වර්ෂයේ ජූලි මස ඕස්ටේ්‍රලියාව තම වැඩිදුර අධ්‍යාපන ගමනාන්තය හැටියට තෝරාගෙන ඇති ශිෂ්‍ය සංඛ්‍යාව 12,600 කට වැඩි ප්‍රමාණයකි. එය 2018 සමඟ සසඳන කල 25%ක වර්ධනයකි.
    හිස්කොක්ස් මහත්මිය පවසන හැටියට “සිඞ්නි තාක්ෂණික විශ්වවිද්‍යාලය සඳහා පිටත්ව යන ශිෂ්‍යයන්ට මේ මහඟු අවස්ථාවකි. ඔවුනට තම පළමු වසර කොළඹ තම හුරුපුරුදු වටාපිටාවේ සිටම අධ්‍යාපන දැනුම හා හැකියාවන් දියුණු කර ගැනීමට මෙයින් අවස්ථාවක් සැලසෙයි. එමනිසා සිඞ්නි තාක්ෂණිකවිශ්වවිද්‍යාලයට තම දෙවන වසර සඳහා පිටත්ව යෑමේදී ඔවුන්ට එය හොඳ සූදානමකින් සහ විශ්වාසයකින් සිදුකළ හැකි වේ.”
    යූ. ටී. එස්. ඉන්සර්ච් ශ්‍රී ලංකා මඟින් ව්‍යාපාරික ඩිප්ලෝම, ඉන්ජිනේරු ඩිප්ලෝමා, පරිගණක ඩිප්ලෝමා සහ යූ. ටී. එස්. උපාධි අපේක්ෂක පාඨමාලාවන්ට අයදුම් කිරීම සඳහා වන (12 වසරට සමාන) යූ. ටී. එස්. මූලික අධ්‍යාපන වැඩසටහන වැනි පාඨමාලා පැවැත්වේ. 2019 ඔක්තෝම්බර් 14 අධ්‍යයන කටයුතු ආරම්භ වෙයි.