December, 5, 2019
පසුගිය දා සිදුකරන ලද වැට් බදු සංශෝධනවලට අනුව සිගරට්, දුම්කොළ හා මත්පැන් මිලෙහි අඩුවීමක් සිදු නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (05) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,
“සමහර පාර්ශව මතයක් මතු කරලා තිබුණා වැට් අඩුවීමෙන් සිගරට්, දුම්කොළ, මත්පැන් මිල අඩුවීමක් වෙනවා කියලා. එය අවශ්‍යයෙන්ම එසේ වෙන්නේ නැහැ. අඩුවුණු වැට් ප්‍රමාණය නිෂ්පාදන විශේෂ බද්දට එකතු කරලා තියෙනවා. ඒක නිසා වැට් අඩුවෙලා තියෙන එක ඇත්ත. වැට් අඩුවීමෙන් 8%ක් වෙන බදු ප්‍රමාණය මත්පැන් හා සිගරට් වර්ගවලට නිෂ්පාදන බද්දට එකතු කරලා තියෙනවා. ඒ නිසා කිසිදු ආදායම් අඩුවීමක් ඒ තුළින් සිදුවන්නේ නැහැ. මත්වතුර සහ සිගරට් සඳහා මිල අඩුවීමක් සිදුවෙන්නේත් නැහැ. බදු අඩුවීමක් වෙන්නේත් නැහැ.“
Video Story