රාජපක්ෂ ආණ්ඩුව පෙරලුවේ Viber තාක්ෂණයෙන් -චන්ද්‍රිකා

    September, 7, 2015

    වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට ගැනීමට පණිවුඩ හුවමාරු කරගත්තේ වයිබර් ඇප් සේවාව (Viber) ඔස්සේ බවත් ඒ හරහා සිදුකරන පණිවුඩ වලට රහසේ සවන් දීමට බුද්ධි අංශ වලට හැකියාවක් නොතිබූ බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අනාවරණය කර තිබේ.

    “ද හින්දු“ පුවත් පත පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඇයගෙන් විමසා තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා සමග එකළ පණිවුඩ හුවමාරු කර ගැනීම සඳහා ඉන්දියාව විසින් ලබාදුන් චන්ද්‍රිකා දුරකතන භාවිතා කළායැයි රාවයක් තිබෙන බවයි.

    එම පැනයට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව සඳහන් කර තිබේ.

    Viber ඇප් සේවාවට රහසේ සවන් දීමට ලෝකයේ කිසිදු බුද්ධි සේවාවකට ලෙහෙසි කටයුත්තක් නොවන බව හිටපු ජනාධිපතිනිය පවසා ඇත.
    මෙම තාක්ෂණයට රහසේ සවන් දීමට එකළ ලංකාවේ තාක්ෂණය නොතිබූ බවද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.