Visa සහ MasterCard රුසියාවට සම්බාධක පනවයි

    March, 23, 2014

    ක්‍රිමියා අර්බුදය මූලික කරගනිමින් ඇමරිකානු මාස්ටර් කාඩ් සහ වීසා කාඩ් සමාගම් රුසියානු බැංකු කිහිපයක් සමග කරන ගනුදෙනු අත්හිටුවමින් එරටට ආර්ථික සම්බාධක පනවා තිබෙන බව වාර්තා වේ.

    මේ බව වාර්තා කරමින් බී.බී.සී. ලෝක සේවය සඳහන් කරන්නේ මාස්ටර් කාඩ් හා වීසා කාඩ් විසින් රුසියානු බැංකු වන Bank Rossiya, Sobinbank,
    InvestKapitalBank සහ SMP Bank යන බැංකු සමග සිදුකරන ගනුදෙනු අත්හිටුවා තිබෙන බවයි.

    මෙවැනි තත්ත්වයක් තුළ රුසියානු කොටස් වෙළඳ පොළ විශාල ලෙස පහළ ගොස් තිබෙන බවද සඳහන්ය.