Vitol ගේ ඩීසල් චන්දිම එපා කියයි

    February, 2, 2017

    ගෝලීය බලශක්ති නිෂ්පාදිත හා වෙළඳ භාණ්ඩ අලෙවියේ ලොව දැවැන්තයෙකු වන නෙදර්ලන්තයේ Vitol සමාගමෙන් ආනයනය කරන ලද ඩීසල් ටොන් 40,000 ක් ප්‍රමිති පරීක්ෂණවලින් අසමත්වීම හේතුවෙන් ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත් බව ඛනිජතෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩ් මහතා පවසයි. රොයිටර් පුවත් සේවය සමඟ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටී.

    මේ පිළිබඳව ප්‍රතිචාර දක්වමින්, අදාළ නිෂ්පාදිත ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සිය සේවාදායකයා සමග වැඩිදුර සාකච්ඡා කිරීමට කටයුතු කරනු ලබන බව Vitol සමාගමේ ප්‍රකාශකයෙකු රොයිටර් පුවත් සේවය වෙත පවසා තිබේ.