vivo ශ්‍රී ලාංකික පාරි‍භෝගිකයින් සඳහා වගකීමේ සහතික කාල සීමාව දීර්ඝ කරයි

    April, 3, 2020

    ජාත්‍යන්තර  ප්‍රකට ජංගම දුරකතන සන්නාමයක් වන vivo, ශ්‍රී ලංකාව තුළ COVID 19 වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමත් සමග රජයේ උපදෙස් අනුව යමින්, , ශ්‍රී ලංකාව තුළ පිහිටි සියලු ම පාරිභෝගික සේවා මධ්‍යස්ථාන නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ vivo පාරිභෝගිකයින්ගේ සහ එහි කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කරලනු වස් මෙම පියවර ගෙන තිබේ.

    කෙසේ වෙතත්, මෙමගින් පාරිභෝගිකයින් මුහුණ පාන ගැටලු පිළිබඳ අවධානය යොමු කරන සමාගම, ශ්‍රී ලංකාවේ vivo ස්මාර්ට් ජංගම දුරකතන සඳහා මෙතෙක් වලංගු වගකීම් කාල සීමාව දීර්ඝ කිරීමට ද කටයුතු කර ඇත. ඒ අනුව, 2020 මාර්තු මස 16 වැනිදා සිට මැයි මස 30 වැනිදා දක්වා කාල සීමාව ඇතුළත වගකීම් කාලය ඉක්මවන vivo උපාංග සඳහා වගකීමේ කාල සීමාව 2020 මැයි 31 දක්වා දීර්ඝ කර තිබේ. මෙම දීර්ඝ කිරීම වලංගු වන්නේ ශ්‍රී ලංකාව තුළ මිලදී ගත් vivo ජංගම දුරකතන හා උපාංග සඳහා පමණි. සිය ජංගම දුරකතනයේ IMEI අංකය ඇතුළත් කර, vivo වෙබ් අඩවිය මගින් පාරිභෝගිකයින් හට දුරකතනයේ වගකීම් කාල සීමාව පිළිබඳ විස්තර පහසුවෙන් දැන ගත හැකි වේ. සාමූහික සමාජ වගකීම පිළිබඳ අවබෝධයක් ඇති ජාත්‍යන්තර ආයතනයක් ලෙසින්,‍ මෙලෙස ජංගම දුරකතන සඳහා වන වගකීම් කාල සීමාව දීර්ඝ කිරීම මගින් පාරිභෝගිකයින් හට පහසුවක් සැලසෙන බවට vivo විශ්වාස කරන අතර, #vivocares මගින් ද  ඒ බව පෙන්වා දෙයි.

    “මෙම තීරණාත්මක කාල සීමාව තුළ, අපි නිබඳව ම කැපවීමෙන් කටයුතු කරනවා, ඒ වගේ ම COVID -19 වෛරසය ව්‍යාප්ත  වෙමින් තිබෙන අතරේ, මෙම වගකීමේ සහතික කාල සීමාවන් දීර්ඝ කිරීම මගින් අපගේ වටිනා පාරිභෝගිකයින් හට පහසුවක් සැලසෙනවා.” ශ්‍රී ලංකාවේ vivo ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියෑං මහතා සඳහන් කළේය.

    මෙම දීමනාව නැවත දැනුම් දෙන තුරු වලංගු වන වන අතර, vivo පාරිභෝගිකයින් හට 0115 677 677 යන ක්ෂණික දුරකතන ඇමතුම් මගින් හා servicecenter@lk.vivo.com යන ඊමේල් ලිපිනය මගින් මෙන් ම , www.facebook.com/vivoSriLanka යන ෆේස්බුක් පිටුවෙහි පණිවිඩයක් තැබීම මගින් ද, සේවා පිළිබඳ සියලු ම විස්තර දැන ගැනීමට හැකි වේ. එමෙන්ම, COVID – 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පියවරක් වශයෙන්, vivo ශ්‍රී ලාංකීය කාර්ය මණ්ඩලයට මේ වන විටත්,  සිය පාරිභෝගිකයින් හට සහය වීම පිණිස නිවෙස්වල සිට සේවයෙහි නිරත වන ලෙසට ද දැනුම් දී තිබේ. මෙම අසීරු කාල පරිච්ඡේදය තුළ දී, ශ්‍රී ලංකාවේ vivo පාරිභෝගිකයින්ගේ‍, හවුල්කරුවන්ගේ හා කාර්ය මණ්ඩලයේ මෙන් ම රට වැසියන්ගේ යහපැවැත්ම උදෙසා මුල් තැන දී කටයුතු කිරීම ප්‍රධාන පරමාර්ථය යි.