vivo සිය බෙදාහරින්නන්ගේ සේවා විශිෂ්ටත්වය අගයයි

    February, 6, 2020

    vivo මොබයිල් ලංකා සමාගම සිය 2019 තුන්වන කාර්තුවේ‍ෙ ප්‍රාදේශිය බලයලත් බෙදාහරින්නන්ගේ හමුව පසුගියදා හිල්ටන් කලම්බු රෙසිඩෙන්සීස් හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්වීය. දිවයින පුරා විසිරී සිටින සියලුම ප්‍රාදේශිය බලයලත් බෙදාහරින්නන් මේ සඳහා සහභාගී වූහ.

    “එක්ව විශිෂ්ඨත්වය කරා “ යන තේමාව යටතේ මෙම හමුව පැවති අතර මෙහිදී අත්පත් කරගත් විශිෂ්ටත්වය සහ අලෙවි ඉලක්ක සඳහා එයින් ලැබෙන පිටුබලය පිළිබඳව කරුණු සාකච්ඡා කෙරිණ. තවද ගතවූ කාර්තුව තුළ ඉහළ අලෙවි ශක්‍යතා වර්තා කළ ප්‍රාදේශිය බලයලත් බෙදාහරින්නන්ගේ සේවා විශිෂ්ඨත්වය ඇගයීම ද මෙහිදී සිදුකෙරිණ.

    vivo මොබයිල් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි කෙවින් ජියෑන් මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රාදේශිය බලයලත් බෙදාහරින්නන්ගේ ජාලය vivo හි අතිශය වැදගත්ම සම්පත බවයි. දේශිය පාරිභෝගිකයින් අතරට vivo සන්නාමය රැගෙන යාමේදී සහ ඒ කෙරෙහි ඇති විශ්වාසය තහවුරු කිරීමේදී ප්‍රාදේශිය බලයලත් බෙදාහරින්නන්ගේ ජාලය සිදු කළ මෙහෙවර මිල කළ නොහැකි බව ද හෙතෙම කියා සිටියේය. ජාතික බෙදාහරින්නා වන සිමාසහිත අබාන්ස් පීඑල්සී සිය ශාඛා ජාලය ඔස්සේ දිවයිනේ සෑම නගරයක් වෙතම vivo නිෂ්පාදන බෙදාහැරීමට කටයුුතු කර ඇති බව ද ඒ මහතා මෙහිදී සිහිපත් කළේය. එබැවින් vivo නිෂ්පාදන පාරිභෝගිකයා වෙත හඳුන්වා දීමේ ප්‍රමුඛතම කාර්ය භාරය ඉටුකර ඇත්තේ සිය ප්‍රාදේශිය බලයලත් බෙදාහරින්නන්ගේ ජාලය බව ‍හෙතෙම වැඩිදුරටත් පැවැසීය. ප්‍රාදේශිය බලයලත් බෙදාහරින්නන්ගේ ජාලය විසින් vivo නිෂ්පාදනවල ශිල්පීය හා තාක්ෂණික අංග ප්‍රායෝගිකව අත්හදා බැලීමට පාරිභෝගිකයාට වැඩි අවස්ථාවක් ලබාදී ඇති නිසා කෙටි කලක් තුළ සිය පාරිභෝගික ජාලය පුළුල් කර ගැනීමට vivo මොබයිල් ලංකා සමාගමට හැකිවූ බවද කෙවින් ජියෑන් මහතා සඳහන් කළේය.

    2020 නව දශකය සඳහා vivo හි ‍මෙරට දර්ශනය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ පුරෝකථනයක්ද මෙම නියෝජිත හමුවේදී ඉදිරිපත් කෙරුණු අතර ඒ පිළිබඳ අදහස් දැක්වූූ vivo මොබයිල් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි කෙවින් ජියෑන් මහතා සඳහන් කළේ ගෙවී ගිය දශකයට වඩා පාරිභෝගිකයාට වඩාත් සමීප සේවාවාක් සැපයීම තුළින් මෙරට ස්මාර්ට් උපාංග පරිහරණය කරන්නන් අතර ප්‍රමුඛතම සන්නාමය බවට පත්වීමට vivo සැලසුුම් කර ඇති බවයි.

    vivo මොබයිල් ලංකා හි ජාතික බෙදාහරින්නා වන සීමාසහිත අබාන්ස් පීඑල්සී හි කළමණාකාරීත්වය සහ vivo මොබයිල් ලංකා හි කළමණාකාරීත්වය මෙම හමුව සඳහා එක්ව සිටි අතර vivo සහ අබාන්ස් කාර්ය මණ්ඩලය මෙන්ම ප්‍රාදේශිය බලයලත් බෙදාහරින්නන් මේ සඳහා සහභාගි වූහ.

    ‍ලොව ප්‍රමුඛතම සන්නාමයක් වශයෙන් vivo නව නිර්මාණශීලී තාක්ෂණය හා යාවෙමින් සිය පාරිභෝගික ජීවිත පහසු කරවීම සඳහා නිරන්තර අවධානය යොමුකරමින් කටයුතු කරමින් සිටියි. නව දශකය තුල නව තාක්ෂණය සමඟ නව පාරිභෝගික පරිවර්තනයක් සිදු කිරීම vivo හි අපේක්ෂාවයි. අනිකුත් සන්නාම පරිහරණයේදී පාරිභෝගිකයා පත්වන අපහසුතා පිළිබඳව මැනවින් අවධානය යොමු කරමින් ඒවාට පිළියම් සහිතව නව උපාංග නිර්මාණය කිරීම ප්‍රමුඛ කොට ගනිමින් මීළඟ දශකය තුළ vivo කටයුතු කරනු ඇත. එමෙන්ම ලොව පුරා ස්මාර්ට් උපාංග පිළිබඳව නැගී එන නව තරුණ සංස්කෘතියට අරුතක් එක් කිරීමට vivo අපේක්ෂා කරයි.