Volkswagen මෝටර් රථ නිෂ්පාදන කම්හලක් ලංකාවට එන හැඩ

    January, 20, 2015

    ජර්මනියේ Volkswagen මෝටර් රථ නිෂ්පාදන සමාගම මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ලංකාවේ ඉදිකිරීම සඳහා කැමැත්තකින් පසුවන බව මෙරට ජර්මන් තානාපති ජෙර්ගන් මොර්හාර්ඩ් මහතා ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දී තිබේ.

    මෙම හමුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබෙන්නේ ලෝකයේ දෙවන විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන Volkswagen සඳහා අවස්ථාව ලබාදීමට ලංකාව සූදානම් බවත් ජර්මනිය වැනි කාර්මික තාක්ෂණය සඳහා විශාල ධාරිතාවයක් තිබෙන රටක් සමග වඩාත් සුහදත්වයෙන් කටයුතු කිරීමට සූදානම් බවයි.

    2008 වසරේ සිට Volkswagen සමාගම ලංකාවේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට අදහසකින් සිටියත් විවිධ හේතූන් හමුවේ එය සපුරා ගැනීමට නොහැකිවූ බව මෙහිදී ජර්මන් තානාපතිවරයා සඳහන් කර තිබේ.