June, 6, 2019
ලෝක බැංකු සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) හා කාන්තා කළමනාකරණ ආයතනය (Women in Management – WIM) එක්ව 'Top 50' Professional and Career Women Awards 2019 සඳහා නාමයෝජනා කැඳවීම ආරම්භ කරන ලදී. සිය වෘත්තීය හෝ ව්‍යාපාරවල හෝ එදිනෙදා ජීවිතයේ විශිෂ්ටයින් වෙමින් අනෙක් අයට ආදර්ශ සපයන ශ‍්‍රී ලාංකීය කාන්තාවන් ඇගයීම මෙම සම්මාන උළෙළේ දී සිදුකෙරෙන අතර මෙවර එය පැවැත්වෙන්නේ 9 වෙනි වතාවටයි.
Women in Management (WIM) සමඟ එක්ව මෙම විද්වත් හා වෘත්තීය කාන්තා සම්මාන ප‍්‍රදානෝත්සවය සඳහා IFC අඛණ්ඩව සහයෝගය දක්වන පස්වන වසර මෙයයි. සංස්ථාපිත ආයතන, ක්ෂුද්‍ර, සුළු පරිමාණ ව්‍යාපාරවල සේවය කරන හෝ ඒවා සඳහා නායකත්වය ලබා දෙන හෝ ස්වයං රැුකියාවන් කරන කාන්තාවන් සඳහා කුසලතා වර්ධනය සහ පුහුණු අවස්ථාව ලබාදීම වෙනුවන් IFC සහ WIM දිගු කාලයක් පුරාවට සම්බන්ධ වී සිටී. මෙම කර්තව්‍යයන් ඕස්ටේ‍්‍රලියානු රජයේ සහාය ඇතිව ෂත්‍ක් විසින් ක‍්‍රියාවට නංවා තිබෙ Women in Work රන වැඩසටහනේ කොටසකි.
Women in Management හි නිර්මාතෘ/ සභාපතිනි ආචාර්ය සුලෝචනා සෙගේරා මෙහි දී මෙසේ අදහස් දැක්වූවාය. ‘‘Top 50 සම්මාන උළෙලේ 9 වෙනි වසර මේ වසරේ දී සනිටුහන් කෙරෙනවා. මෙහිදී අප කාන්තා වෘත්තීයවේදිනියන් හා ව්‍යවසායිකාවන් සම`ගිින් ඉතා හොඳ සංවාදයක් සහ ඔවුන් අතර ශක්තිමත් ජාලගත වීමක් අපි අපේක්ෂා කරනවා. මෙම කර්තව්‍යයේ එක් පියවරක් ලෙසින් සම්මාන උළෙල පැවැත්වෙන දින උදෑසන භෝජනය සමඟින් Breakfast Networking ඉසව්වක් සංවිධානය කිරීමට අපි පියවර ගත්තා. මීට අමතරව සැප්තැම්බර් 07 දින විශේෂ විලාසිතා සංදර්ශනයක් පැවැත්වෙනවා. Women Top50 Fashion Show ලෙසින් මෙය නම් කර තිබෙන අතර සම්මාන ප‍්‍රදානෝත්සවයේ දී Top 50 ජයග‍්‍රාහකයින්, සිය වෘත්තීය ඇ`ගළුම් සම`ගින් මෙහිදී නිරූපණයේ යෙදෙනවා. ශ‍්‍රී ලංකාවේ නිර්මාණකරුවන් හා කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් විසින් මෙම ඇඳුම් ආයිත්තම් නිර්මාණය කර තිබෙනවා.’’
සේවිකාවන්, ව්‍යවසායිකාවන් හා ව්‍යාපාර නායිකාවන් වශයෙන් ආර්ථිකයට කාන්තාවන් විසින් ලබා දෙන දායකත්වය මේ වන විට වර්ධනය වී ඇති බව පර්යේෂණ වාර්තා පෙන්වා දේ. ඒ හරහා ආදායම් උත්පාදනය හා ආර්ථික ක‍්‍රියාකාරකම්වල ඉහළ යාමක් සිදුවී තිබේ. වඩාත් හොඳ ව්‍යාපාරික ප‍්‍රතිඵල වෙනුවෙන් ඉහළ රැුකියා අවස්ථා සහ යහපත් පුද්ගලික අංශයක් නිර්මාණය කිරීම උදෙසා ශ‍්‍රී ලාංකීය ව්‍යාපාර වෙත මූලෝපායන් හා මෙවලම් ලබා දීම DFAT-IFC Women in Work වැඩහටහනේ අරමුණ වේ.
‘‘ශ‍්‍රී ලංකාව සඳහා වඩාත් බලාපොරොත්තු සහගත වසරක් ලෙස මෙම වසර උදාවුවත්, අද එය වඩාත් අභියෝගිකාරී වසරක් බවට පත්වී ඇත. ශ‍්‍රී ලංකා ආර්ථිකය යළි නැගී සිටීම සඳහා පෙර කවරදාටවත් වඩා අද වන විට කාන්තාවන්ගේ දායකත්වය අවශ්‍ය කෙරෙන කාලයක් පැමිණ තිබෙනවා. වඩාත් තිරසාර ලෙසින් ආර්ථිකය යථාතත්ත්වයට පත්වීම සඳහා කාන්තාවන්ගේ සහභාගීත්වය ඉතා වැදගත්. විද්වත් හා වෘත්තීය කාන්තා සම්මාන උළෙල ශ‍්‍රී ලංකා කාන්තාවන්ට සෑම දවසකදීම වැදගත් දායකත්වයක් සපයනවා. එමනිසා ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සැමරීම වෙනුවෙන් WIM සමඟ එක්වීමට ලැබීම පිළිබඳව අප ඉතා සතුටට පත්වෙනවා’’, යැයි ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා IFC කළමනාකාරිණී අමෙනා අරිෆ් පැවසීය.
මෙම ගෞරවාන්විත සම්මාන උළෙල සඳහා නාමයෝජනා කැඳවීම 2019 ජූලි 15 දක්වා සිදුකෙරේ. www.womeninmanagementawards.org වෙත පිවිසීමෙන් නාමයෝජනවා ලබා දිය හැකිය. සම්මාන ප‍්‍රදානෝත්සවය සැප්තැම්බර් 06 දින කොළඹ ෂැංග‍්‍රි-ලා හෝටල් පරිශ‍්‍රයේදී අතිඋත්කර්ෂවත් ලෙසින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
හේමාස් ෆාමාසියුටිකල් (පුද්) සමාගම, හේමාස් ලොජිස්ටික්ස් සහ Maritime Cluster යන සමාගම්වල කළමණාකාර අධ්‍යක්ෂිකා කස්තුරි චෙලේරාජා මෙවර විනිශ්චය මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන අතර එහි සෙසු සාමාජික සාමාජිකාවන් ලෙසින්, අමෙනා අරිෆ් (ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා IFC කළමනාකාරිණී), ආචාර්ය රොහාන්ත අතුකෝරාල (Clootrack Sri Lanka & Maldives හි සභාපති/ ප‍්‍රධාන විධායක නිලධාරී), කුමාර් සමරසිංහ (අධ්‍යක්ෂ - අලෙවි, සිංගර් ශ‍්‍රී ලංකා), නිස්තාර් කාසිම් (ප‍්‍රවීන මාධ්‍යවේදී), රෝස් කුරේ (අධ්‍යක්ෂ - HNB) සහ ජයන්ති ධර්මසේන (කළමනාකාර අධ්‍යක්ෂිකා - හේලීස් ඇග‍්‍රිකල්චර්) කටයුතු කරනු ඇත.
ව්‍යාපාරික මෙහෙයුම්, ඉහළ කුසලතාවන් අර්ථ ගන්වන අගයදාම, ඉහළ ඵලදායීත්වය, වැඩි ගනුදෙනුකරුවන් හා ශක්තිමත් ලාභයක් වෙනුවෙන් පුද්ගලික අංශය විසින් ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය මේ වන විට ඉහළින් පිළිගනු ලැබේ. කෙසේ වෙතත් මෙම ගමන්මඟේ තවදුරටත් යා යුතු දුර බොහෝය. මෙහිදී කාන්තාවන් හට (පාරිභෝගිකයින්, සේවිකාවන්, ව්‍යාපාර නායිකාවන් හා ව්‍යවසායිකාවන් ලෙසින්* ගෝලීය ආර්ථිකයේ පරිවර්තනයක් සඳහා ඉහළ විභවයක් පවතී. රැකියා නිර්මාණය, ඒක පුද්ගල ආදායම වැඩිකරගැනීම හා තිරසාර සංවර්ධනයක් ප‍්‍රවර්ධනය වෙනුවෙන් සහාය වීම හරහා මෙකී අරමුණු කරා ලඟා විය හැකිවේ. සංවර්ධනය වෙමින් පවතින රටවල කාන්තාවන් සඳහා වැඩි ප‍්‍රස්ථාවන් නිර්මාණය කර දෙමින් සමාගම්වල ලාභදායීත්වය, ඵලදායීතාව සහ වර්ධනය ඉහළ නැංවීම සඳහා IFC, සමාගම් සම`ග එක්ව කටයුතු කරනු ලබයි.
Video Story