Worldline ශ්‍රී ලංකාවට

    August, 1, 2016

    යුරෝපයේ ගෙවීම් හා ගනුදෙනු සේවා කර්මාන්තයේ ප්‍රමුඛ ආයතනයක් වන Worldline, සිය ව්‍යාපාරික කටයුතු ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කරන බව නිවේදනය කර සිටී. මේ අනුව සිංගර් ෆිනෑන්ස් ලංකා පීඑල්සී සමඟ එක් වී ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කිරීමට Worldline කටයුතු කරනු ලබන අතර ශ්‍රී ලංකාව තුළ බැංකු නොවන මූල්‍ය ආයතනයක් විසින් ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරනු ලබන පළමු අවස්ථාව ද මෙය වේ.

    Gold, Platinum Domestic හා Platinum International යනුවෙන් ආකාර තුනකින් නිකුත් කරනු ලබන මෙම ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සිංගර් ශ්‍රී ලංකා පාරිභෝගිකයින් හට විශේෂ වරප්‍රසාද ලබා දීමට නියමිත බව වාර්තා වේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Worldline South Asia හා Middle East ප්‍රධාන විධායක නිලදාරී දීපාක් චඳනනි කියා සිටින්නේ ශ්‍රී ලංකාව තුළ මිලියන 16.3 ක් ඉක්මවූ කාඩ්පත් වෙළෙඳපොළක් ඇති බවත්, 27% ක පමණ ගෙවීම් කාඩ්පත් හරහා සිදුකරන බැවින් Worldline සඳහා මෙය හොඳ විභව වෙළෙඳපොළක් බවයි.